කවුරුත් බොන්න කැමති මිල්ක්ශේක් රස කිහිපයකින් ගෙනාවා. විනාඩි 2කකටත් වඩා අඩු කාලෙකින් හදාගන්න පුලුවන් මේ මිල්ක්ශේක් උදේ ආහාරයක් විදියටත් ගන්න පුලුවන්. එහෙනම් මේ රෙසිපි ටික ට්‍රයි කරලා රසවත් මිල්ක්ශේක් ටිකක් හදාගන්න.
01. Chocolate Banana Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
චොක්ලට් සිරප්
චොක්ලට් ස්ප්‍රින්කල් ස්වල්පයක්
කෙසෙල් ගෙඩි 1
කිරි කෝප්ප 1
චොක්ලට් අයිස්ක්‍රීම් ස්කූප් 4
විප්ක්‍රීම් කෝප්ප 1/2
- ග්ලාස් එකේ කට චොක්ලට් සිරප් වල ඔබලා අරන් ස්ප්‍රින්කල් තවරගන්න.
- ඊළඟට ග්ලාස් එකේ ඇතුල් පැත්ත චොක්ලට් සිරප් වලින් සරසගන්න.
- බ්ලෙන්ඩර් එකට කෙසෙල්, කිරි හා අයිස්ක්‍රීම් දාලා විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ඊළඟට මේක ග්ලාස්එකට දාගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බ්ලෙන්ඩ් කරලා උඩින් පයිප් කරගන්න.
- උඩින් තව චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහගන්න.
02. Oreo Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඔරියෝ කුකීස් 5
කිරි කෝප්ප 1/2
වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 4
විප්ක්‍රීම් කෝප්ප 1/2
කුඩුකරගත් ඔරියො ස්වල්පයක්
- බ්ලෙන්ඩර් එකට ඔරියෝ ටික දාලා කිරි හා අයිස්ක්‍රීම් එකතු කරගන්න.
- දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- විප්ක්‍රීම් ටික ස්ටිෆ් වෙනකල් බීට් කරලා උඩින් පයිප් කරගන්න.
- උඩින් කුඩුකරගත් ඔරියො ටිකක් දාගන්න.
03. Peanut Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
පීනට් කෝප්ප 1/4
පීනට් බටර් මේසහැඳි 1
ඇට අයින් කල රටඉඳි 6-7
කිරි කෝප්ප 1
අයිස්කැට 4-5
කපාගත් පීනට් ස්වල්පයක්
- පීනට් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කුඩු කරගන්න.
- මේකට පීනට් බටර්, රටඉඳි හා කිරි ටික දාලා ආයෙ හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ග්ලාස් එකකට අයිස් කියුබ් ටික දාලා බ්ලෙන්ඩ් කරගත් ශේක් එක දාලා උඩින් කපාගත් පීනට් ටික දාගන්න.
04. Strawberry Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
සීනි තේහැඳි 2
පිස්ටාචියෝ මේසහැඳි 1
ස්ට්‍රෝබෙරි සිරප් මේසහැඳි 1
කිරි කෝප්ප 1
විප්ක්‍රීම් කෝප්ප 1/2
අයිස්කැට 4-5
පෙතිකපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩියක්
- බ්ලෙන්ඩර් එකට ස්ට්‍රෝබෙරි, සීනි,පිස්ටාචියෝ, ස්ට්‍රෝබෙරි සිරප් හා කිරි දාලා විනාඩියක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට්කරගන්න.
- දැන් ග්ලාස් එකකට අයිස්කැට ටික දාල ශේක් එක වක්කරලා උඩින් විප්ක්‍රීම් පයිප් කරගන්න.
- පෙති කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක් ගහලා ස්ට්‍රෝබෙරි සිරප් වක්කරගන්න.
05. Date Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඇට ඉවත්කළ රටඉඳි 6-7
කරදමුංගු කුඩු තේහැඳි 1/4
කිරි කෝප්ප 1
අයිස්කැට 5-6
- බ්ලෙන්ඩර් එකට රටඉඳි, කරදමුංගු කුඩු හා කිරි දාලා කෑලි නැතිවෙනකල් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් අයිස්කැට දාපු ග්ලාස් එකකට මේක දාලා උඩින් කෑලි කපාගත් රටඉඳි ටිකක් දාගන්න.
06. Dry Fruit Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
පීනට් මේසහැඳි 1
කජු මේසහැඳි 1
ආමන්ඩ් මේසහැඳි 1
පිස්ටාචියෝ මේසහැඳි 1
රේසින් මේසහැඳි 1
වියළි චෙරි මේසහැඳි 1
ඇට ඉවත්කළ රටඉඳි 3
ඩෙසිකේටඩ් කොකනට් මේසහැඳි 1
කිරි කෝප්ප 1 1/2
කරදමුංගු කුඩු තේහැඳි 1/4
මී පැණි මේසහැඳි 1
කුඩුකරගත් ආමන්ඩ්, කජු වැනි නට්ස් ස්වල්පයක්
අයිස්කැට 5-6
- බෝල් එකකට පීනට්, රටකජු, ආමන්ඩ්, පිස්ටාචියෝ, රේසින්, වියළි චෙරි, රටඉඳි, ඩෙසිකේටඩ් කොකනට් හා කිරි කෝප්ප 1/2ක් දාලාකලවම් කරලා පැය 2ක් පෙඟෙන්න තියන්න.
- ඊළඟට මේකට කරදමුංගු කුඩු, මී පැණි හා ඉතිරි කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ග්ලාස් එකකට අයිස්කැට දාලා මිල්ක්ශේක් එක දාලා උඩින් කුඩුකරගත් නට්ස් ටික දාගන්න.
07. Mango Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් අඹ කෝප්ප 1
සීනි තේහැඳි 2
කරදමුංගු කුඩු තේහැඳි 1/2
කිරි කෝප්ප 1
කපාගත් අඹ කෑලි ස්වල්පයක්
අයිස්කැට 3-4
- බ්ලෙන්ඩර් එකට අඹ, සීනි, කරදමුංගු කුඩු හා කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- මේක ග්ලාස් එකකට දාලා අයිස්කැට ටිකත් දාලා උඩින් කපාගත් අඹ කෑලි දාලා සරසගන්න.
Leave a Reply