සාමාන්‍යයෙන් කඩවුණු පොරොන්දුවෙන් පටන් ගත්ත සිංහල සිනමාව ( කතානාද ) චිත්‍රපට කරුවන් ගොඩක් නිර්මාණය කරන්න යොමු වුනේ කලාත්මක සිනමාවට වඩා වාණිජමය අරමුණකින් යුතු චිත්‍රපට. ඒ හින්දා ගොඩක් වෙලාවට චිත්‍රපට නිර්මාණය වැඩි වශයෙන් වුනේ ප්‍රේම කතා නැත්නම් වීරයෙක් ඉන්න චිත්‍රපට වගේ ගොඩක් වෙලාවට සුදු චිත්‍රපට. පස්සේ ඔය රටාව වෙනස් වුනා 2000 දශකයේ මුල වගේ නිර්මාණය වෙන්න පටන් ගත්ත නිර්මාණ ගොඩක් යුද්ධය අලලා නිර්මාණය වූ චිත්‍රපට. ඉතින් අද අපි හිතුවා මේ සිංහල චිත්‍රපට ඉතිහාසයෙන්ම නැවුම් මාතෘකාවකින් ම නිර්මාණය වූ චිත්‍රපට හතක් ගැන කතාකරන්න.
01. දුහුළු මලක්
දුහුළු මලක් චිත්‍රපටය අපේ රටෙත් අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ චිත්‍රපටයට පාදක වෙන කතාපුවතත් ඒ කාලයේ චිත්‍රපට එක්ක බලද්දි සෑහෙන්න නැවුම් තරමක් ආන්දෝලනාත්මක මාතෘකාවක්. ඒ තමයි අනියම් ප්‍රේමය. විවාහ සහකරු හැර තවත් පුරුෂයෙකු සමග ආදරය ක පැටලෙනවා. ඉතින් මේ චිත්‍රපටය අතිශයින්ම ජනප්‍රිය වුනා විශේෂයෙන්ම සංගීතය. පසු කාලිනව මෙවැනි අනියම් ප්‍රේමය මූලික කරගත්තු චිත්‍රපට බිහිවුනා. උදාහරණයක් විදියට හංස විලක් චිත්‍රපටය අපිට හඳුන්වන්න පුලුවන්.
02. තුන්වෙනි යාමය
හංස විලක්, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම වගේ විශිෂ්ට ගනයේ නිර්මාණ බිහිකරපු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ තවත් විශිෂ්ට ගනයේ නිර්මාණයක් විදියට අපිට තුන්වෙනි යාමය චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. මේක ඇත්තටම හොලිවුඩ් චිත්‍රපටයකට හා සමාන චිත්‍රපටයක් කිව්වොත් වැරැදි නෑ. රංගන ශිල්පින් පවා ගොඩක් දුරට වෙස්ටර්න් ලුක් එකක් තියෙන රංගන ශිල්පින්. මේකට පාදක වෙන්නේ ලිංගිකත්වයේ යෙදීම වරදක් විදියට දකින් මිනිසෙකුගේ කතාවක්.
03. මලට නොඑන බඹරු
මේ චිත්‍රපටත් අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටයක්. මේක තමයි ලංකාවේ බිහිවෙච්ච පලවෙනි සමලිංගික තේමාවක් රැගත් චිත්‍රපටය. මේකේ හැබැයි එහෙම බරපතළ ලිංගික දර්ශනයක් වත් අන්තර්ගත වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ චිත්‍රපටය තුල ජෝ අබේවික්‍රමයන්ගේ රංගනය හරිම ප්‍රබල විශිෂ්ට ගනයේ රංගනයක් අපිට දකින්න පුලුවන්.
04. පාර දිගේ
මේක ධර්මසිරි පතිරාජයන්ගේ විශිෂ්ට චිත්‍රපටය ක්. ඒත් වැඩිය කතාබහකට නම් ලක් නොවුනු චිත්‍රපටය ක්. හරිම අඩුවෙන් ජනප්‍රිය වුනේ මේ චිත්‍රපටය. මේ චිත්‍රපටය ට පාදක වෙන්නේ ගබ්සාව කියන මාතෘකාව මූලිකවම. ඊට අමතරව මේ චිත්‍රපටය අනෙක් චිත්‍රපට වලින් වෙනස් වෙන්නේ මේක ටිකක් විතර road trip ආකෘතියේ නිර්මාණය ක් වීම. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන විජය කුමාරතුංගයනුත් තමන්ගේ ප්‍රියතම රංගනය විදියට හඳුන්වන්නෙත් මේ රංගනය.
05. මංගල තෑග්ග
මේක වාණිජමය අතිනුත් අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපටක්. ඒ වගේම මේ චිත්‍රපටය තුල දිවෙන කතාවත් හරි නැවුම් පැය කිහිපයක දිවෙන කතා පුවතක් මේ චිත්‍රපටය ට පාදක වෙන්නේ ලංකාවේ ඒ වගේ නිර්මාණය වෙලා තියෙන්නේ හරිම සීමිත චිත්‍රපට ප්‍රමාණයක් හුස්ම චිත්‍රපටය ත් එක්තරා විදියක එවැනි සිනමාපටයක් . ඒ වගේමයි මංගල තෑග්ග චිත්‍රපටය හොලිවුඩ් ත්‍රිලර් චිත්‍රපටය කට පවා නොදෙවෙනි විශිෂ්ට චිත්‍රපටය ක්. විවාහයට පෙර දින මිතුරන් කිහිප දෙනෙක් විවාහ වීමට නියමිත මිතුරාට දෙන අපූරු මංගල තෑග්ග එක්ක වෙන හරිම කුතුහලය දනවන සිදුවීම් පෙලක් මේ චිත්‍රපටය ට අන්තර්ගත වුනා.
06. අක්ෂරය
මේ චිත්‍රපටය නම් ඇත්තටම වාරණයකටත් ලක් වුනු චිත්‍රපටයක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ට පාදක වුනු කතාවත් කුඩා දරුවෙක් හා ඔහුගේ මවගේ නිරුවත් දර්ශන එකට හේතුවක්. නමුත් හරිම විශිෂ්ට ගනයේ නිර්මාණයක්. තම දරුවගෙන් සිදු වූ වැරැද්ද නීතිය ඉදිරියට ගෙන ඒමට අකමැති මහේස්ත්‍රාත් වරියක් වන මවක් වටා තමයි චිත්‍රපටය දිව යන්නේ. ඉතින් හැමෝටම එක වගේ රසවිදින්න පුලුවන් චිත්‍රපටයකුත් නෙමෙයි කියලා මතක් කරනවා.
07. නිම්නයක හුදෙකලාව
මේකත් මෑතකදී නිර්මාණය වුනු අමුතුම තේමාවකින් නිර්මාණය වුනු චිත්‍රපටය ක්. සරලවම කිව්වොත් හොලිවුඩ් ෆිල්ම් වල තියෙන mindfuck ගනයේ චිත්‍රපටය ක් තරමටම විශිෂ්ට ගනයේ නිර්මාණය ක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටය ටිකක් විදියක සංකීර්ණ චිත්‍රපටය ක්. පලවෙනි පාරම බැලුවට හරියට නොතේරෙන්න පුලුවන්.
අද අපි කතාකරන්න උත්සාහ කරපු මාතෘකාව නම් තරමක් දුරකට ලොකු පරාසයක විහිදෙන මාතෘකාවක් ඒ නිසා අපිට කොහෙත්ම බෑ මේ මාතෘකාව චිත්‍රපට හතකට ලගු කරන්න. ඉතින් අපි උත්සාහ කරන්වා ඉදිරියෙදිත් කතාකරන්න මේ මාතෘකාව ගැන.
Leave a Reply