එපා නොවෙන විදියට පාඩම් කරන්නේ කොහොමද?

අපි අදත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ස්ටඩි ටිප්ස් කිහිපයක් ගැන තමයි කතාකරන්න හිතුවේ. ඉතින් අපි මීට කලිනුත් ගොඩක් ස්ටඩි ටිප්ස් ගැන ආර්ටිකල්ස් ලියලා තියෙනවා ඔයාලට ඒවා මිස් වුනා නම් අනිවාර්යයෙන්ම ඒවත් කියවන්න.

 

01. පාඩම් කරන පොත් ප්‍රමාණය අඩු කරමු

දැන් සාමාන්‍යයෙන් පාඩම් මේසේ පුරාවටම, ඔයා අද පාඩම් කරන්න හිතන් ඉන්නේ විද්‍යාව නම් විද්‍යාව ගැන තියෙන ඔක්කොම පොත් ඒකේ පුරෝලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒක පාඩම් කරන්න හිතෙන්නේ නෑ. ඉතින් ඔයා පාඩම් කරන්න කලින් අවශ්‍ය නෝට්ස් විතරක්ම ඒ මේසේ තියාගන්න. අනික් ඒවා ෆයිල් එකකට දාලා අයිනකින් තියන්න. පුලුවන් තරම් පාඩම් කරන මේසේ පොත් ප්‍රමාණය අඩු කරගත්තොත් පාඩම් කරන එක එපා නොවෙන්න කරන්න පුලුවන්.

 

02. නෝට් එකම තනිකොලේකට ගමු

මේකත් කලින් කියපු ටිප් එකට ගොඩක් ළඟින් යන වැදගත් ටිප් එකක්. දැන් අපි පාඩම් කරද්දි ශෝර්ට් නෝට් එකක් ගහනවා නම් පුලුවන් තරම් ඒ පාඩම් කරන දේ තනි කොලයකට ගන්න උත්සහ කරන්න. නැත්නම් මයින්ඩ් මැප් එකක් වගේ හදාගත්තත් අවුලක් නෑ. ඔයාට පහසු විදියකට නැත්නම් පාඩම් කරන කොල ප්‍රමාණය වැඩි වුනොත් ඔයාට පාඩම් කරන එකත් එපා වේවි කලින් කිව්වා වගේ.

 

03. පුංචි පුංචි ගෝල් එක්ක පාඩම් කරමු

මේකත් හොඳ ටිප් එකක් පාඩම් කරද්දි කරන්න පුලුවන්. අපි පොඩි උදාහරණයක් මෙහෙම ගමුකෝ. හිතන්නකෝ ඔයා හිතනවා ගනන් පනහක් හරියටම ඇදුවොත් මම ෆෝන් එක පැයක් බලනවා. එහෙම නැත්නම් මේ පේපර් එකට ලකුනු 75 වඩා ගත්තොත් මම කැමතිම ෆිල්ම් එක බලනවා. මේ වගේ පොඩි පොඩි ගෝල්ස් තියාගන්න පාඩම් කරද්දි. එතකොට ඒක ඔයාට එපාවෙන දෙයක් වෙන්නෙ නෑ.

 

04. පාඩම් පොතට අමතර දේ හොයන්න පුරුදු වෙමු

මේක නම් හැම විෂයකටම වගේ හරි යන්නේ නැති ටිප් එකක්. අපිට පුලුවන් විද්‍යාව ඉතිහාසය වගේ විෂයන් වලට මේ වගෙ ටිප් පාවිච්චි කරන්න. හිතන්නකෝ මෙහෙම, ඔයාගේ පාඩම පළවෙනි ලෝක යුද්ධය කියලා.. ඔයාට පුලුවන් ඒ දේ ගැන පොතට අමතර දේවල් හොයන්න. ඒ වගේම ඒ ගැන තියෙන චිත්‍රපට, පොත් හොයගෙන් බලලා මේ දේට ආස කරන්න. එතකොට ඔයාට ඒ පාඩම් වලට ගේමක් නැතුව උත්තර ලියන්න පුලුවන්.

 

05. පාඩම් කරන තැන පිලිවෙලට තියා ගමු

දැන් අපි පාඩම් කරන තැන කුනු ගොඩක් වගේ වුනොත් කොහෙත්ම අපි පාඩම් කරන දේවල් අපේ මනසට යන්නේ නෑ. ඒ වගේමයි ඕනවට වඩා විච්චූරන තියෙන පාඩම් මේසයක් නම් ඒත් පාඩම් කරන දේ ඔලුවට යන්නේ නෑ. ඉතින් පාඩම් මේසෙ පුලුවන් තරම් බඩු අඩුවෙන් පිලිවෙලට තියාගන්න පුරුදු වෙන්න.

 

06. කියවන්න ආස හිතෙන නෝට් එකක් හදාගන්න

ඉතින් අපි පාඩම් කරලා හදන නෝට් එක අපි පාඩම් කරන්නේ අද විතරක්ම නෙමේනේ. ආයේ වතාවක් අපි ඒක කියවනව. ඉතින් පුලුවන් තරම් පැහැදිලි ව ආකර්ශනීය ව ඒ වගේම වැදගත්ම දේ සරල බස් වහරකින් ලියාගන්න. ඔයාට තේරෙන භාෂාවකින් ඒක හරි නැති භාෂාවක් වුනත් කමක් නෑ. ඔයාගේ නෝට් එක ඔයා විතරමනේ කියවන්නේ. ඉතින් සරලව පැහැදිලි ව නෝට් එක හදන්න.

 

07. රෑ නිදි වරාගෙන පාඩම් කරන්න එපා

ඉතින් ගොඩක් අය රෑට කකුල් වතුරේ දාන් කෝපි බිබි පාඩම් කරනවා. නිදිමත තියෙද්දි ඇත්තටම මේක පොඩ්ඩක් වත් ප්‍රඩක්ටිව් දෙයක් නෙමේ. හැබැයි සමහර අයට ගැලපෙනවා.. ඒකත් කියන්න ඔනේ. ඒත් 90%කට විතර මේ ක්‍රමය ප්‍රඩක්ටිව් නැහැ. ඒකට හේතුව මෙහෙම පාඩම් කරද්දි ඒක අපෙ මනසට බරක්. අපේ මනස එතකොට බලන්නේ මේක කීයටද ඉවර වෙන්නේ කියල. ඉතින් ඒක හරිම බොරු කාලය කා දමන දෙයක්.

 

ඉතින් දැන් විභාග වලට මුහුණදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් දැන් පාඩම් කරන හැමෝටමත් මේ ආර්ටිකල් එක ගොඩක් වැදගත් වුනා කියලා හිතෙනවා ඉතින් මේ වැදගත් තොරතුරු අනිවාර්යයෙන්ම යාලුවො එක්කත් බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *