ඔස්කාර් හි අමතක නොවන සිදුවීම් හතක්

පසුගිය දවසක පැවැත් වුනු ඔස්කාර් සම්මාන උළෙල තුල ගොඩක් අය කතාකලේ ඒ සම්මාන බෙදිලා ගිය ගැනවත් නලු නිලියන්ගේ ඇඳුම් පැලඳුම් ගැනවත් නෙමේනේ. විල් ස්මිත් ගේ කම්මුල් පහර, මේක තමයි ඉතින් ගොඩක් අයගේ අවධානයට ලක් වුනේ. ඉතින් අපි හිතුවා ඔස්කාර් සම්මාන ඉතිහාසය තුල සිදුවෙච්චි අමතක නොවෙන සිද්ධි හතක් ගැන කතාකරන්න.

 

01. විල් ස්මිත් ගේ කම්මුල් පහර

අපි මුලින්ම පටන් ගමුකෝ මේ අපි උඩදිත් කතා කරපු සිදුවීම ගැන. විල් ස්මිත් තම බිරිඳව හාස්‍යට ලක් කිරීම නිසා ක්‍රිස් රොක්ට පහර දුන්නා. ක්‍රිස් රොක්, විල් ස්මිත්ගේ බිරිඳ වුනු ජාඩා පිංකට්-ස්මිත්ගේ හිසකෙස් ගැලවී යාම ගැන විහිළුවක් කරපු එක තමයි හේතුව. ඉතින් ඊට පස්සේ තමයි හොඳම සිදුවීම වෙන්නේ King Richard  චිත්‍රපටය වෙනුවෙන් විල් ස්මිත් හොඳම නලුවාට හිමි සම්මානය දිනගත්තෙත් ඔහුමයි.

 

02. La La Land vs Moonlight 2017

වසරේ හොඳම චිත්‍රපටය ප්‍රාකාශයට පත් කරද්දි ඒ මොහොතේ සම්මාන නාමය ප්‍රකාශ කල Warren Beatty සහ Faye Dunaway වැරදීමකින් ප්‍රකාශ කරන්නේ La La Land චිත්‍රපටය. පස්සේ කොහොම හරි ඒ චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට හොඳම චිත්‍රපටය සඳහා Oscar සම්මානය පිරිනැමුවා. පස්සේ ඒ සම්මානය වැරදීමකින් ඔවුන් අතට ගිය බවත් ප්‍රකාශ කරමින් සම්මානය Moonlight චිත්‍රපටය ට හිමි වෙනවා. හැබැයි පසේ ගොඩක් අය මේ සිදුවීම විවේචනය කලේ මේක සිතාමතාම කල දෙයක් විදියට යි.

 

03. ජෙනිෆර් ලෝරන්ස් ගේ ලැජ්ජාව

ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය 2013 දී හොඳම රංගන ශිල්පිනිය විදියට ඇගේ නම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඈ කෙතරම් විස්මයට පත් වූනාඩ කිව්වොත් ඇය සම්මානය ලබා ගන්න එද්දි පඩිපෙළ මැදින් වැටිලත් තියෙනවා. ඉතින් පස්සේ ඇය මේ සිදුවීම ගැන ලැජ්ජාවටත් පත් වුනා කියලා සම්මානය ගනිද්දිත් කියනවා අපිට දකින්න පුලුවන්.

 

04. වචන අමතක වූ සම්මානය

මේ සිදුවීම වෙන්නේ 2011 වසරේ. Melissa Leo කියන්නේ හොලිවුඩ් වල ඉන්න අතිශයින්ම දක්ෂ ‍රංගන ශිල්පිනියක්. ඉතින් ඇය 2011 වසරේ හොඳම සහය නිලිය ට හිමි සම්මානය දිනාගත්තා. ඒ Fighter චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්  ඉතින් සම්මානය ලබාගැනීමන් අනතුරුව ඇගේ අධික සංතෝෂය නිසාම ඇය කල කතාවෙදි අත්වැරදීමකින් f* word එක පිටවෙනවා. පසුව ඇය ඒකට සමාව ඉල්ලුවා ප්‍රේක්ෂකයන් ගෙන්.

 

05. නිරුවත් වූ ඔස්කාර්

මේකත් ඇත්තටම ඔස්කාර් ඉතිහාසය තුල සිදුවුනු ටිකක් විදිහක හාස්‍යජනක සිදුවීමක්. කලාකරුවෙකු සහ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන රොබට් ඔපෙල් 1974 දී සම්පූර්ණයෙන්ම නිරුවතින් ඔස්කාර් සම්මාන උලෙල පවත්වපු වේදිකාවට කඩා වැදුනා. ඒ මොහොතේ වේදිකාව තුල සිටි ඔපෙල් ප්‍රේක්ෂකයින් දෙස බලා ප්‍රකාශ කළේ: “මිනිහට තමන්ගේ ජීවිතයේ කවදා හරි ලැබෙන එකම හිනාව ඔහුගේ අඩුපාඩු ඉවත් කර පෙන්වීමෙන් කියලා හිතන එක සිත් ඇදගන්නාසුළු නැද්ද ?” කියලා.

 

06. ප්‍රතික්ෂේප වූ ඔස්කාර්

ගෝඩ්ෆාදර් චිත්‍රපට මාලාව අදටත් ගොඩක් අය හඳුන්වන්නේ masterpiece එකක් විදියට. ඉතින් එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනු මාලන් බ්‍රැන්ඩෝ ඒ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම කිව්වොත් ඒ අවස්තාවට පැමිනීමත්. ඔහු ඒ වෙනුවට, ස්වදේශික ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන සචීන් ලිට්ල්ෆෙදර්ට වේදිකාවේ තම ස්ථානය ලබා දුන්නා. ඔහු ඒ සම්මානය ප්‍රතික්ෂේප කලේ චිත්‍රපට කර්මාන්තය විසින් “ඇමරිකානු කලු ජාතිකයින්ට නිසි ලෙස නොසැලකීම” නිසා බව ඔහු ලිට්ල්ෆෙදර්ට ලබා දුන් ලිපියේ සඳහන් වුනා.

 

07. අමුතු සිපගැනිම

අපි අන්තිමේදි කියන්න යන මේ සිදුවීම නම් අතිශයින්ම ජනප්‍රිය වුනු සිදුවීමක්. මේ සිදුවීම වෙන්න වසරකට කලින් ඒ කියන්නේ 2002 වසරේ හොඳම නිලිය වුනු Halle Berry තමයි 2003 වසරේ හොඳම නලුවා ට හිමි සම්මානය ප්‍රධාන කරන්න එක් වුනේ. ඉතින් The Pianist චිත්‍රපටයේ Adrien Brody මේ සම්මානයට හිමි කම් කිව්වා. ඉතින් ඔහු අධික සන්තෝශයත් එක්ක Halle ගේ දෙතොල් තදින් සිප ගත්තා. ඇත්තටම ඒක අධික සන්තෝශයත් එක්ක සිද්ධ වුනු දෙයක් කියලයි ගොඩක් අය කියන්නේ නම්. 

 

ඉතින් මීට අමතරව ඔයාලා දන්න ඔස්කාර් සම්මාන ඉතිහාසය තුල සිදුවෙච්චි මේ වගේ අමතක නොවෙන සිදුවීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *