විශිෂ්ට නිපැයුම් රැසකට පාර කැපූ නිකොලා ටෙස්ලා

තෝමස් අල්වා එඩිසන් ගැන ඔබ අනිවාර්යයෙන් අහලා තියෙනවා. අපේ අධ්‍යාපනික පොතපත වලත් එඩිසන් ගැන බොහෝ කරුණු සඳහන් වනවා. ඒ වුණත් එඩිසන්ගේ සමකාලීනයෙක් වුණු නිකොලා ටෙස්ලා ගැන එඩිසන් තරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ. ඉතින් අද අපි හිතුවා මහ ලොකුවට ඇගයීමට ලක් නොවුණු ඒ විශිෂ්ට විද්‍යාඥයා ගැන කතාකරන්න…

 

01. කුඩා කල සිට පෙන්වූ දක්ෂතාව

ඉතින් මේ අසිමිත බුද්ධියකින් සපිරුණු මේ විශිෂ්ට විද්‍යාඥයා උපත ලැබුවේ 1856 ජුනි දහවෙනිදා ඔහු ඉපදුන දවසේ ගොඩාක් අකුණු ගහපු දවසක්ලු. ඒ නිසා ඔහුව පොඩි කාලේ විදුලියෙන් උපන් දරුවා කියලත් හැඳින්වුවා. ටෙස්ලාගේ පියා පූජකවරයෙක් ඒ වගේම මව ගෘහණියක්. පොඩි කාලේ ඉඳලම පුංචි ටෙස්ලා අම්මට උදවු කරන්න පුංචි පුංචි උපකරණ නිපදුවා. තමන්ගේ පූසගේ ලෝම වලින් හටගත් ස්ථිති විද්‍යුතය දුටු මේ ටෙස්ලා විදුලිය ගැන ඉගෙන ගන්න උනන්දු වුණා…

 

02. එඩ්සන් හමුවීම හා විරසකවීම

තෝමස් අල්වා එඩිසන් ගැන නම් ඔබ අනිවාර්යයෙන් දන්නවනේ. විදුලි බල්බයේ නිර්මාතෘ කියලා අපි ඉගෙනගත්තේ. ඉතින් මේ ටෙස්ලා එක දවසක් තීරණය කරලා ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. මොහු යන්නේ එඩිසන්ගේ විද්‍යාගාරයට. මොහු එඩිසන් සමග එක් වී සරළ විදුලි ධාරා ව්‍යාපාරයේ යෙදී අධික ලාභ ලබමින් සිටිනවා. මේ අතරේ ටෙස්ලාට විශාල මුදලක් පොරොන්දු වී ඔහුගෙන් විශිෂ්ට සේවාවන් ගත් එඩිසන් ඒ පොරොන්දුව කඩකරනවා. ඊට පස්සේ ටිකින් ටික මේ දෙන්නා විරසක වෙලා ටෙස්ලා තනියම විද්‍යාගාරයක් ආරම්භ කරනවා…

 

03. AC විදුලියේ ආරම්භය 

ඉතින් මේ විරසක වීමෙන් පස්සේ ටෙස්ලා AC එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය ලොවට ගෙන එනවා. ඒ ජල විදුලිය ගැන පොඩිම අදහසක් නොතිබුණු යුගයක. මේ විද්‍යුත් ධාරා තමයි අදටත් ගොඩක් දුරට අපි භාවිතා කරන්නේ. ඉතින් එඩිසන් මේ ටෙස්ලා හමුවේ අධික ලෙස පාඩු ලබනවා. ඒ හින්දා මේ විදුලිය අහිතකර යැයි පවසලා එඩිසන් සතුන් කිහිපදෙනෙක්ව ප්‍රසිද්ධියේ පුළුස්සලා දනවා. ඒත් පස්සේ ටෙස්ලා විදුලියට ඔරොත්තු දෙන ඇඳුමක් සාදා ප්‍රසිද්ධියේ මේ විදුලිය වද්දගන්නවා. ඒත් ඔහුට මුකුත්ම වෙන්නේ නෑ . මේ ජල විදුලිය ගොඩක් වියදමින් අඩු නිසාත් තව පහසු නිසාත් ලෝකයේම ජනප්‍රිය වෙනවා …

 

04. රෙඩියෝවේ නිපැයුම

ඔය අතර වාරයේ එඩිසන් මේ ටෙස්ලාගේ විද්‍යාගාරය මුළුමනින්ම පුළුස්සා දානවා. මෙතනින් පෙන්නන්නේ ටෙස්ලා සතු වූ ඒ විශිෂ්ට මොළය හමුවේ එඩිසන් ගේ මොළය ළදරු බවයි. ඒත් ටෙස්ලාගේ මතකයේ ඒවා සියල සටහන් මතකයේ රැඳිලා තිබිලා තියෙනවා. ඔය අතරේ මේ එඩිසන්ගේ අනුග්‍රහය හමුවේ ගුග්ලි එල්මෝ මාකෝනි රෙඩියෝව සොයාගන්නවා .ඒත් ඇත්තටම එයත් ටෙස්ලාගේ සොයාගැනීම් වලින් තනන ලද්දක් කියලා ගොඩක් අය දන්නේනෑ. මෑතකදී සිදු වු නඩුතීන්දුවකින් අනතුරුව මේ රෝඩියෝවේ නිර්මාතෘ හැටියට ටෙස්ලව නම් කරනවා…

 

05. බෝල අකුණු හා ටෙස්ලා කුළුණ

බෝල අකුණු නිර්මාණය වන අකාරය ගැන කියන්න කිසිම විද්‍යාඥයෙක් සමත් නෑ. ඒත් 1890 වසරේ මේ ටෙස්ලා බෝල අකුණු නිපදවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වගේ ඔහු තව භූමිකම්පාත් නිපදවලා තියෙනව කියලා වර්තා වෙනව. ටෙස්ලා අවසානයට ලොවට දායාද කළේ ටෙස්ලා කුළුණ මෙයි මෑන්හැටන් දූපතේ ඉදිකරලා තියෙනවා ඒ ව්ගේම මෙයින් මුළු ලොවටම වුනත් රැහැන් රහිතව නොමිලේ විදුලිය සපයන්න පුළුවන් කියල වාර්තා වෙනවා..

 

06. ප්‍රචලිත නොවුයේ ඇයි?

රේඩාර්, දුරස්ථ පාලකය, නියෝන් ලයිට්, රැහැන් රහිත සන්නිවේදනය, AC මෝටරය මේ කියු නොකියූ සියළුම දේවල් වල මුල් නිර්මාතෘ මේ ටෙස්ලා. ඉතින් හරි නම් ඔහු ලොව ශ්‍රේෂ්ඨතම විද්‍යාඥය යනුවෙන් හදුන්වන්න ඕනේනේ . ඒත් එහෙම වුනේ නැ. මොකද මේ ටෙස්ලා ගොඩාක් සහන මිලට සේවාසපයන්න කටයුතු කරපු කෙනෙක් නිසා ආයෝජකයන් මොහුව ප්‍රතික්ෂේප කළා. අවසානයේ මොහුගේ නිර්මාණ රැසක් වෙනත් අය සොරාගත්තා. කාලතරණය කළ හැකි උපකරණයක් මොහු තනා ඇත්දැයි කියලත් සමහරු කියනවා…

 

07. සුපිරි විද්‍යාඥයාගේ මරණය

ඉතින් අවාසනාවන්ත විදියට මේ විශිෂ්ටතම විද්‍යාඥයා අවාසනාවන්ත විදියට 86 වියේදි මිය යනවා. ජීවිතයට වඩා තාක්ෂණය ලැදි නිසා මොහු විවාහ වෙන්න ලැබෙන්නෙත් නෑ. ඉතින් වංචනිකයන් නිසා මුළු ලොවටම වටිනා මිනිසකු අහිමිව ගියේ ඒ විදියට. 

 

ඉතින් මේ දෙයින් ඔබ ගොඩාක් දෙවල් දැනගත්තා කියලා විශ්වාස කරනවා. මේ දේවල් යාළුවොත් එක්ක බෙදාගන්නත් වෙන ඔබ දන්නා තොරතුරු අපිට කමෙන්ටුවකින් කියන්නත් අමතක කරන්න එපා….

One response to “විශිෂ්ට නිපැයුම් රැසකට පාර කැපූ නිකොලා ටෙස්ලා”

  1. A very important website. I run an educational whatsapp group. This website helps a lot to find a post to put on it. Thank you so much for your work❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *