කිහිප වරක් විවාහ වුණු ඉන්දියානු නළුවන්

කසාදයක් පවතින්න හේතු සාධක නැති තැන දික්කසාදයක් කරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක බොලිවුඩ් තරුවලටත් ඒ විදියටමයි බලපාන්නේ. ඉතින් අද අපි කතා කරමු ඒ වගේ කිහිපවරක් විවාහ වූ බොලිවුඩ් තරු හතක් ගැන.

 

01. අමීර් ඛාන්

අමීර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය වුණු නළුවෙක් කියලා ආයේ අමුතුවෙන් හඳුන්වන්න ඕනේ නැහැනේ. අමීර් ඛාන් මුලින්ම විවාහ වෙන්නේ රීනා දත්තා සමග. නමුත් පසු කාලයක ඒ යුවළ දික්කසාද වෙනවා. ඉන්පසුව ඔහු කිරන් රාඕ සමඟ විවාහ ජීවිතයක් අරඹනවා. අවාසනාවකට ඒ විවාහයත් මෑතකදී දික්කසාදයකට හැරවුණේ වසර පහළොවක විවාහ ජීවිතයකට තිත තබමින්.

 

02. සයිෆ් අලි ඛාන් 

බොලිවුඩයේ තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සයිෆ් ලී ඛාන් කියන්නේ. රොමැන්ටික්, කොමඩි, ත්‍රිලර් වගේ හැම ශ්‍රානරයකම සිනමා නිර්මාණ රැසකට ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඔහු මුල් වරට 1991 වසරේ අම්‍රිතා සිං නම් නිලිය සමඟ විවාහ වෙනවා. පසුව එය බිඳ වැටෙනවා. පසුව ඔහු දිගු කලකට පසු බොලිවුඩයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කරීනා කපූර් සමඟ විවාහ වෙනවා. ඔහුගේ හා අම්‍රිතා සිං ගේ විවාහයේ දියණිය වන සාරා අලි ඛානුත් වර්තමානයේ අතිශය ජනප්‍රිය නිලියක්…

 

03. දර්මේන්ද්‍ර

60-70 දශකවල බොලිවුඩයේ අතිශය ජනාදරයට පත් වුනු රංගන ශිල්පියෙක් තමයි දර්මේන්ද්‍ර කියන්නේ. ඔහු පළමුවර ප්‍රකාශ් කෞර් සමග විවාහ වුනත් පසු ව ඇයව දික්කසාද කර බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන හේමා මාලිනි සමඟ විවාහ වෙනවා. ඔහුගේ හා ප්‍රකාශ්ගේ දරුවන් වන බොබී ඩියෝල් සනී ඩියෝල් වගේම ඔහුගේ හා හේමා මලිනිගේ දියණිය වන ඊශා ඩියෝල් කියන්නෙත් බොලිවුඩය වර්ණවත් කරපු තවත් ජනප්‍රිය කලාකරුවන්…

 

04. කමල් හසන්

කොලිවුඩයේ නැතුවම බැරි රංගන ශිල්පියෙක් විදියට අපිට කමල් හසන්ව හඳුන්වන්න පුලුවන්. ඔහු මුල් වරට විවාහ වෙන්නේ වනි ගනපති නම් නර්ථන ශිල්පිනිය සමඟ. පසුව ඒ විවාහය විරසක වෙනවා. පසුව ඔහු සරීකා නම් නිලියක් සමඟ විවාහ වෙනවා. අවාසනාවකට ඒ විවාහයත් 2004 වසරේ බිඳ වැටෙනවා .ඉතින් ඇගේ දියණියන් වන ශෘති හසන් වගේම අක්ශරා හසන් කියන්නේත් සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියන් දෙපලක්.

 

05. සන්ජේ දත්

බොලිවුඩයේ තවත් එක් යුගයක ආදරණීය පෙම්වතෙක් තමයි සන්ජේ දත් කියන්නේ. සාජන්, කල් නායක් වගේ සිනමා නිර්මාණ නරඹපු අයට කවමදාවකවත් අමතක වෙන සිනමා නිර්මාණ නම් නෙමෙයි. ඒ වගේම විවිධ හේතුකාරනා නිසා මොහු සිරගතත් වෙනවා. කොහොම හරි ඔහු ප්‍රථම වරට රිචා දත් සමඟ විවාහ වෙනවා. පසුව ඇය පිළිකාවක් හේතුවෙන් මිය යනවා. කොහොමහරි පසුව ඔහු සමඟ විවාහ වෙනවා රීහා පිලායි. 2008 වසරේ එය බිඳ වැටෙනවා. පසුව ඔහු මන්‍යතා දත් සමග විවාහ වුනා.

 

06. විනෝද් කන්නා

70, 80 දශකවල බොලිවුඩයේ තවත් එක් ජනප්‍රිය නළුවෙක් තමයි විනෝද් ඛන්නා කියන්නේ. ඉතින් jurm වගේ චිත්‍රපට නරඹපු අයට නම් මේ නම අමතක වෙන එකක් නම් නෙමේ. ඔහු මුලින්ම 1971 වසරේ ගීතාංජලී කන්නා සමඟ විවාහ වුනා පසුව ඒ විවාහයත් බිඳ වැටෙනවා. පසුව ඔහු විවාහ වෙනවා කවිතා කන්නා සමග. ඒ විවාහය 2017 වසර වෙනතෙක් ඔහුගේ මරණය තෙක් පැවතුනා..

 

07. කරන් සින් ගෝවර්

කර්න සිං ගෝවර් කියන්නේ මෑතකදි අතිශය ජනප්‍රිය වුනු රංගන ශිල්පියෙක්. Alone, hate story 3 වැනි සිනමා නිර්මාණ හරහා ඔහු අතිශය ජනප්‍රිය වුනා. ඔහු මුල්වරට ශද්දා නිගම් සමඟ විවාහ වෙනවා. පසුව ඒ විවාහත් විරසක වෙනවා. ඔහු දෙවනවර විවාහ වෙන්නෙ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක් වන ජෙනිෆර් වින්හේට් සමඟ. පසුව ඒ කසාදයත් බිඳ වැටෙනවා. පසුව ඔහු තවත් බොලිවුඩ් චිත්‍රපට නිලියක් වන බිපාශා බාසු සමඟ විවාහ වුනා.

 

එහෙනම් මීට අමතරව ඔයා දන්න කිහිප වරක් විවාහ වුනු බොලිවුඩ් නළුවන් ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *