අද කොරියා යන්නෙ එහෙ තියන ඩෙසර්ට් රෙසිපි ටිකක් හොයාගෙන. එක එක රටවලට ආවේණික කෑම වර්ග අතරෙ කොරියන් කෑම කියන්නෙ විශේෂත්වයක් හිමිවෙන දෙයක්. ඉතින් අපි බලමු මේවයෙ රස කොහොමද කියලා..
01. Yaksik – Korean Rice Cake
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල් කෝප්ප 2
රතු සීනි කෝප්ප 1
සෝයාසෝස් කෝප්ප 1/4
සෙසමි ඔයිල් කෝප්ප 1/4
සිනමන් පව්ඩර් තේහැඳි 1/2
මික්ස් නට්ස් කෝප්ප 1/2
මික්ස් ඩ්‍රයිඩ් ෆෘට් කෝප්ප 1/2
වතුර කෝප්ප 2
හාල් ටික පැය 2ක් පෙඟෙන්න දාලා වතුර පෙරාගන්න. බෝල් එකකට රතු සීනි ටික දාලා සෝයාසෝස් හා සෙසමි ඔයිල් ටිකදාගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා සිනමන් පව්ඩර් ටිකත් දාලා කලවම් කරගන්න.
දැන් හාල් ටික භාජනයකට දාලා සාදාගත් සෝස් එකත් දාලා මික්ස් නට්ස් හා ෆෘට්ස් ටික දාගන්න. දැන් මේක වහලා පිසගන්න. බත් එක ඉදුණම කලවම් කරගන්න. දැන් ට්‍රේ එකකට දාලා ලෙවල් කරගන්න. දැන් අනික්පැත්ත හරවලා අන්මෝල්ඩ් කරලා කෑලිකපාගන්න.
02. Creamy Redbean Popsicles
අවශ්‍ය ද්‍රව්‍ය :-
රෙඩ්බීන් කෝප්ප 1/2
කිරි කෝප්ප 1
ටින්කිරි කෝප්ප 1/2
රෙඩ්බීන් ටික පැය 3ක් පෙඟෙන්න තියන්න. ඊළඟට දැන් මේ ටික පෙරලා වතුර දාලා හොඳට තම්බගන්න. දැන් මේ ටික සෝදලා බ්ලෙන්ඩර් එකට දාලා කිරි දාලා බ්ලෙන්ඩ් කරන්න. ඊළඟට ටින්කිරි ටිකත් දාලා නැවත ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. තප්පර 5කට සැරයක් නවත්තලා පටන් ගන්න. දැන් මේක පොප්සිකල් මෝල්ඩ් වලට දාලා ස්ටික්ස් දාලා ෆ්‍රීස් කරගන්න.
03. Korean Pear Dessert
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොරියන් පෙයාස් ගෙඩි 1
වතුර කෝප්ප 3
පැණි මේසහැඳි 2
ඉඟුරු පෙති 2-3
ගම්මිරිස් ඇට 24
පයින් නට්ස් ස්වල්පයක්
වතුර ටික භාජනයකට දාලා ඉඟුරු පෙති ටික දාලා විනාඩි 8ක් බොයිල් කරගන්න. පෙයාස් ගෙඩිය පෙති කපලා පිට පැත්තටගම්මිරිස් ඇට ඔබ්බවාගන්න. දැන් ඉඟුරු පෙති අයින් කරලා ඒ භාජනයට පැණි ටික දාලා විනාඩි 10ක් තව බොයිල්කරගන්න. ඊළඟට මේක නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාගන්න. සර්ව් කරන්න කලින් මේ ලික්විඩ් එකට පයින් නට්ස් දාගන්න. කූල් එකේ පිළිගන්වන්න.
04. Patbingsu – Korean shaved ice dessert
අවශ්‍ය ද්‍රව්‍ය :-
අයිස්කැට 10-12
රෙඩ්බීන් පේස්ට් මේසහැඳි 2
ටින්කිරි මේසහැඳි 2
චොප්කරගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 4
චොප්කරගත් කිවි ගෙඩි 2
බ්ලූබෙරි ස්වල්පයක්
කපාගත් අන්නාසි කෝප්ප 1
වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2
අයිස්කැට ටික ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා කුඩු කරගන්න. ඩෙසර්ට් කප් එකට මේකෙන් ටිකක් දාලා ෆෘට්ස් තැන් තැන් වලින් තියලා රෙඩ්බීන් පේස්ට් එකෙන් ටිකක් තියාගන්න. අයිස්ක්‍රීම් ස්කූප් එකක් තියලා උඩින් ටින්කිරි දාලා පිළිගන්වන්න.
05. Hodugwaja – Korean Walnut Pastry
බැටර් එකට:-
පාන්පිටි කෝප්ප 1
බේකින් පව්ඩර් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප 1
සීනි මේසහැඳි 3
මෙල්ට් කරගත් බටර් මේසහැඳි 1
බිත්තර 1
ෆිලින් එකට:-
රෙඩ්බීන් පේස්ට් ග්‍රෑම් 200
වෝල්නට්ස් 15 පමණ
බටර් ස්වල්පයක්
බැටර් එකට අදාල සියල්ලම දාලා තික් බැටර් එකක් හදාගන්න. වෝල්නට් කේක් පෑන් එකක් අරගෙන බටර් ගාගන්න. දැන් බැටර් එක මේකෙ හෝල්ස් වලින් 60% වගේ පිරෙන්න දාගන්න. ඊලඟට මේක මැදට රෙඩ්බීන් පේස්‍ට් හා වෝල්නට්ස් ටික ටික දාලා තව බැටර් ටිකක් දාලා පෑන් එක වහලා ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් පිසගන්න. උණුවෙන්ම පිළිගන්වන්න.
06. Injeolmi – Sweet Rice Cake
අවශ්‍ය ද්‍රව්‍ය :-
මොචිකො පිටි කෝප්ප 2
සීනි මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප 1 1/4
සෝයාබීන් පව්ඩර් කෝටින් එකට:-
රෝස්ටඩ් සෝයාබීන් පව්ඩර් කෝප්ප 1/2
සීනි තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
ට්‍රේ එකකට සෝයාබීන් පව්ඩර් අතුරගන්න. බෝල් එකකට මොචිකො පව්ඩර්, සීනි හා ලුණු දාලා විස්ක් කරගන්න. වතුර ටික ටිකදාලා පේස්ට් එකක් හදාගන්න. මේක වහලා විනාඩි 2ක් මයික්‍රොවේව් කරගන්න. කලවම් කරලා තවත් විනාඩි 2ක් මයික්‍රොවේව් කරගන්න. මයික්‍රොවේව් අවන් එක හයි දාලා තවත් විනාඩියක් තියාගන්න. ස්පැචූලා එක කූල් වතුරෙ ඩිප් කරලා මේක කලවම්කරගන්න. මේ වගේ 3-4 වතාවක් කරන්න. රයිස් මිශ්‍රණය නොඇලෙන පදමට ගන්න. දැන් මේ මිශ්‍රණය සෝයාබීන් අතුරපු ට්‍රේ එකටදාලා ස්ප්‍රෙඩ් කරගන්න. උඩිනුත් සෝයාබීන් පව්ඩර් ඉහලා කෑලි කපාගන්න.
07. Redbean Porridge
අවශ්‍ය ද්‍රව්‍ය :-
රෙඩ්බීන් කෝප්ප 2
ලුණු ස්වල්පයක්
සීනි කෝප්ප 1
පිසගත් බත් කෝප්ප 2
වතුර කෝප්ප 1 1/2
රෙඩ්බීන් ටික පැයක් පෙඟෙන්න තියලා වතුර දාලා තම්බාගන්න. දැන් මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ්කරගන්න. මේ පේස්ට් එක ආයෙ පෑන් එකකට දාලා ලුණු, සීනි හා පිසගත් බත් දාලා කලවම් කරන්න. තික් වැඩි නම් වතුර ටිකක් දාගන්න. නටනකොට ලිපෙන් බාගන්න.
Leave a Reply