පේර වලින් හදන්න පුලුවන් රසවත් කෑම

ගහෙන් කඩලා කන පේර ගෙඩියෙන් ඔයාලා කවදාවත් මේ වගේ කෑම හදලා තියනවද බලන්න. පේර වලින් හදන්න පුලුවන් කෑම අතරෙ ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑම ටිකක් තමා මේ අරගෙන ආවේ. බලන්න හොඳද කියලා.ට්‍ රයි කරලා බලන්නත් අමත කකරන්න එපා.

 

01. Guava Jam

අවශ්‍ය ද්‍රව්‍ය :-

හොඳින් ඉදුණු පේර ගෙඩි 5

සීනි ග්‍රෑම් 300

ලෙමන් යුෂ මේසහැඳි 2

 

පේර ටික කෑලි කපාගන්න. භාජනයකට වතුර ලීටර් 1 1/2ක් වගේ දාලා පේර කෑලි ටික දාලා ලිපේ තියන්න. විනාඩි 30ක් විතරහොදට තම්බගන්න. ඊළඟට පේර කෑලි අයින් කරලා වතුර වෙන් කරගන්න. දැන් මේ පේර තැම්බූ වතුර ආයෙ ලිපේ තියලා අඩු ගින්දරේ උණු කරගන්න. මේකට සීනි එකතුකරන්න. විනාඩි 30ක් විතර හැඳිගාමින් පිසගන්න. ඊළඟට ලෙමන් යුෂ ටිකදාගන්න. ද්‍රාවණයේ පාට වෙනස් වෙනවා පෙනෙයි. පැයක් වගේ යනකොට මේක ටිකක් තික් වෙනවා පෙනෙයි. උඩ පාවෙන බුබුළු හෙමින් අයින් කරගන්න. මිශ්‍රණය හොඳටම තික් උනාම ලිප ඔෆ් කරලා  නිවෙන්න තියන්න. පැය 6ක් මේ විදියටම තියලා ආයෙ හැඳිගාලා ලිපේ තියන්න. අඩු ගින්දරේ විනාඩි 5ක් විතර හැඳිගාන්න.දැන් ලිප නිවලා නිවෙන්න තියන්න. රසවත් ජෑම් එකක් කන්න පුලුවන් ඔයාලට.

 

02. Guava Rings

අවශ්‍ය ද්‍රව්‍ය :-

පේර ගෙඩියක්

කෝන්ෆ්ලා මේසහැඳි 3

පාන්පිටි මේසහැඳි 2

කඩලපිටි මේසහැඳි 1

මිරිස්කුඩු තේහැඳි 1

ලුණු ස්වල්පයක් 

බිස්කට් කුඩු කෝප්ප 1

බැදීමට තෙල්

 

පේර ගෙඩිය රවුම් පෙති කපාගන්න. දැන් මේකෙ ඇට සහිත මදේ කොටස අයින් කරගන්න. කෝන්ෆ්ලා වලට පාන්පිටි, කඩලපිටි, මිරිස්කුඩු හා ලුණු දාලා වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න. දැන් මේ පේර රින්ග්ස් මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

 

03. Guava Sandwich 

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

තරමක් ඉඳුණු පේර ගෙඩි 2

මින්චි කොල කෝප්ප 1

අමුමිරිස් කරල් 2

ඉඟුරු කෑල්ලක්

සූදුරු තේහැඳි 1/2

කොත්තමල්ලි කුඩු තේහැඳි 1/2

චාට් මසාලා තේහැඳි 1/2

ලුණු ස්වල්පයක් 

පාන්පෙති කිහිපයක් 

තක්කාලි පෙති කිහිපයක් 

 

පේර වල ඇට කොටස් අයින් කරලා අනික් ටික ග්‍රේට් කරගන්න. ග්‍රයින්ඩර් එකට මින්චි කොළ, අමුමිරිස්,  ඉඟුරු හා සූදුරු දාලා ග්‍රේට්කරගත් පේර මේසහැඳි 1ක් හා වතුර මේසහැඳි 2ක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ ටික බෝල් එකකට දාලා ග්‍රේට්කරගත් ඉතිරි පේර ටික හා කොත්තමල්ලි කුඩු ටික දාගන්න. මේකට චාට් මසාලා හා රස අනුව ලුණු දාලා හොඳට කලවම් කරගන්න. දැන් පාන් පෙත්තක් අරන් මේක ගාලා උඩින් තක්කාලි පෙති තියලා අනික් පෙත්තෙන් වහගන්න.

 

04. Guava Pancakes 

අවශ්‍ය ද්‍රව්‍ය :-

ඇට අයින් කර කපාගත් පේර ගෙඩි 2

පාන්පිටි කෝප්ප 1

කුඩුකරගත් සීනි කෝප්ප 1/2

බේකින් පව්ඩර් තේහැඳි 1/2

බිත්තර 2

ලුණු ස්වල්පයක් 

 

පේර ටික වතුර ටිකක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක පෙරලා ජූස් එක අරන් ඒකට පාන්පිටි ටික හලලා එකතු කරන්න. කුඩුකරගත් සීනි, ලුණු හා බේකින් පව්ඩර් ටිකත් දාගන්න. බිත්තර 2 දාලා හොඳට විස්ක් කරගන්න. දැන් තෙල් ගාගත් පෑන් එකකට බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.

 

05. Guava Chutney 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපාගත් පේර ගෙඩි 3

කොත්තමල්ලි කොළ කෝප්ප 1

සුදුළූණු බික් 5

ඉඟුරු කෑල්ලක්

අමුමිරිස් කරල් 2

සූදුරු තේහැඳි 1

දෙහි බෑයක යුෂ

ලුණු ස්වල්පයක් 

 

ග්‍රයින්ඩර් එකට පේර හා අනික් සියල්ලම දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා දෙහි යුෂ දාගන්න. හොඳට කලවම්කරගන්න.

 

06. Guava Milkshake 

අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉදුණු පේරගෙඩි 3

සීනි කෝප්ප 1/2

කූල් කිරි කෝප්ප 1

කජු 5-6

අයිස්කැට 3

චොප්කරගත් ආමන්ඩ් ස්වල්පයක් 

ග්‍රේට්කරගත් පේර ස්වල්පයක් 

 

පේර ටික කෑලි කපාගන්න. බ්ලෙන්ඩර් එකට පේර, සීනි හා කිරි කෝප්ප 1/2ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෙරාගන්න. පෙරාගත් ජූස් එක නැවත බ්ලෙන්ඩර් එකට දාලා කජු හා ඉතිරි කිරි ටික දාගන්න. මේකට අයිස්කැට ටිකත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක ග්ලාස් එකකට දාලා උඩින් ආමන්ඩ් හා ග්‍රේට්කරගත් පේර ටික දාගන්න.

 

07. Masala Guava

අවශ්‍ය ද්‍රව්‍ය :-

කෑලි කපාගත් පේර ගෙඩි 2

චොප්කරගත් අමුමිරිස් කරල් 2

චොප්කරගත් ඉගුරු කෑල්ලක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

ලුණු හා ගම්මිරිස්කුඩු 

මස්ටඩ් සෝස් තේහැඳි 1

මිරිස්කුඩු තේහැඳි 1

 

වංගෙඩියට අමුමිරිස්, ඉඟුරු හා කොත්තමල්ලි කොළ දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට තලාගන්න. මේක කපාගත් පේර වලට දාලා මස්ටඩ් සෝස් දාගන්න. මේකට මිරිස්කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *