සමර් සීසන් එකේ ඇඟ කූල් වෙන්න බොන්න පුලුවන් පාන වර්ග ටිකක් ගේන්න හිතුවා. ලේසියෙන්ම හදාගන්නත් මේ ඩ්‍රින්ක්ස් ඇඟටත් ගොඩක් ගුණයි. එක එක ෆ්ලේවර්ස් වලින් තියනවා. ට්‍රයි කරලා බලන්න.
01. Lemon Punch
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුඩුකරගත් අයිස් කෝප්ප 1/2
චොප්කරගත් අමුමිරිස් කරල් 1
චොප්කරගත් ඉඟුරු කෑල්ලක්
සීනි තේහැඳි 1
ලුණු පින්චක්
ලෙමන් යුෂ මේසහැඳි 2
ලෙමන් පෙති 2
අමුමිරිස් කරල් 1
කූල්වතුර කෝප්ප 1
ග්ලාස් එකට මුලින්ම කුඩුකරගත් අයිස් ටික දාලා ඊළඟට පිළිවෙලින් චොප්කරගත් අමුමිරිස්, ඉඟුරු, සීනි, ලුණු, ලෙමන් යුෂ, ලෙමන් පෙති, අමුමිරිස් කරලක් පිටින් දාලා කූල්වතුර ග්ලාස් එක පිරෙන්න දාලා හැන්දකින් කලවම් කරගන්න.
02. Wonder Melon
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් කොමඩු කෝප්ප 1
කූල් වතුර කෝප්ප 1
වෙනම කපාගත් කොමඩු කෑලි 4
ලෙමන් යුෂ මේසහැඳි 2
කුඩුකරගත් අයිස් කෝප්ප 1/2
ලෙමන් පෙති 2
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
බ්ලෙන්ඩර් එකට වතුර හා කොමඩු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට කොමඩු කෑලි ටික දාලා ලෙමන් යුෂ දාගන්න. දැන් ලී හැන්දකින් කොමඩු ටික පොඩ්ඩක් ක්‍රශ් කරගන්න. මේකට කුඩුකරගත් අයිස් ටික දාලා ලෙමන් පෙති දාගන්න. රසඅනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා බ්ලෙන්ඩ් කරගත් කොමඩු ජූස් එක දාගන්න. හැන්දකින් කලවම් කරගන්න.
03. Cool Cucumber
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1/2
මින්චි කොළ ස්වල්පයක්
කූල් වතුර කෝප්ප 1
කුඩුකරගත් අයිස් කෝප්ප 1/2
සූදුරු කුඩු තේහැඳි 1/4
ලුණු පින්චක්
සීනි තේහැඳි 1
ලෙමන් යුෂ මේසහැඳි 2
පෙඟෙන්න දැමූ කසකසා ඇට මේසහැඳි 2
බ්ලෙන්ඩර් එකට පිපිඤ්ඤා, මින්චි කොළ හා කූල්වතුර දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට කුඩුකරගත් අයිස් දාලා සූදුරු කුඩු දාගන්න. මේකට ලුණු, සීනි, ලෙමන් යුෂ හා කසකසා ටික දාලා බ්ලෙන්ඩ් කරගත් පිපිඤ්ඤා ජූස් එක දාගන්න. හැන්දකින් කලවම් කරගන්න.
04. Masala Jeera
අවශ්‍ය ද්‍රව්‍ය :-
සූදුරු කෝප්ප 1/4
අයිස්කැට 4-5
ලුණු ස්වල්පයක්
ලෙමන් පෙති 2
ලෙමන් යුෂ මේසහැඳි 2
සූදුරු ටික අඩු ගින්දරේ රෝස්ට් කරගන්න. හොඳට රෝස්ට් උනාම මේ ටික ග්‍රයින්ඩ් කරගන්න. ග්ලාස් එකකට අයිස්කැට ටික දාලාසූදුරු කුඩු ටික දාගන්න. මේකට ලෙමන් පෙති හා ලෙමන් යුෂ දාලා ග්ලාස් එක පිරෙන්න කූල්වතුර දාලා හැන්ඳකින් කලවම්කරගන්න.
05. Mango Frooti

mango in a glass jar Mason on the old wooden background
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඉදුණු අඹ ගෙඩි 1
ලෙමන් බෑයක යුෂ
සීනි මේසහැඳි 3
අයිස්කැට 4-5
බ්ලෙන්ඩර් එකට කපාගත් අඹ ටික දාලා ලෙමන් යුෂ දාගන්න. සීනි ටිකත් දාලා වතුර කෝප්ප 1/2ක් දාලා හොඳට බ්ලෙන්ඩ්කරගන්න. දැන් මේක පෙරලා කූල්වතුර මේසහැඳි 2ක් වගේ දාලා කලවම් කරගන්න. ග්ලාස් එකකට අයිස්කැට ටික දාලා අඹ ජූස් එක දාලා උඩින් කපාගත් අඹ කෑලි ටිකක් දාගන්න.
06. Masala Mint Lemonade
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් ලෙමන් පෙති 3
මින්චි කොළ ස්වල්පයක්
සීනි තේහැඳි 2
දෙහි බෑයක යුෂ
සූදුරු කුඩු තේහැඳි 1/4
ලුණු ස්වල්පයක්
අයිස්කැට 4-5
වංගෙඩියට ලෙමන් පෙති හා මිංචි කොළ දාලා සීනි ටිකත් දාලා හොඳට තලාගන්න. දැන් මේ ටික ග්ලාස් එකකට දාගන්න. වංගෙඩියට වතුර ටිකක් දාලා කලවම් කරලා ඉතිරි යුෂ ටිකත් ග්ලාස් එකට දාගන්න. දැන් මේකට දෙහි යුෂ හා සූදුරු කුඩු ටික දාගන්න. රස අනුව ලුණු දාලා ග්ලාස් එකෙන් 3/4ක් පිරෙන්න වතුර දාලා අයිස්කැට දාලා කලවම් කරගන්න.
07. Iced Tea
අවශ්‍ය ද්‍රව්‍ය :-
තේ කොළ තේහැඳි 2
කුඩුකරගත් හකුරු මේසහැඳි 2
ලෙමන් යුෂ මේසහැඳි 1
ඇට අයින් කරගත් දොඩම් බික් 7-8
අයිස්කැට 4-5
ලුණු හා ගම්මිරිස්කුඩු
රට ඉඳි 2
වතුර ටික ලිපේ තියලා නටනකොට තේ කොළ ටික දාගන්න. මේකට හකුරු ටිකත් දාගන්න. හොඳට නටන්න ඇරලා ලිපෙන්බාගන්න. නිවෙන්න තියන්න. දැන් මේක පෙරලා ග්ලාස් එකකට දාගන්න. මේකට ලෙමන් යුෂ ටික දාගන්න. බ්ලෙන්ඩර් එකට දොඩම්බික් ටික දාලා ලුණු, ගම්මිරිස්කුඩු හා අයිස්කැට 3ක් දාලා රටඉඳි ඇට අයින් කරලා දාගන්න. හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට අයිස්කැට 3ක් දාලා බ්ලෙන්ඩ් කරගත් ජූස් එක දාගන්න. මේකට සාදාගත් තේ ටික දාලා හැන්දකින් කලවම් කරගන්න.
Leave a Reply