අපිට වැඩිය දකින්න නොලැබෙන අවුරුදු කැවිලි 5ක්

ළඟ ළඟම එන අවුරුදු කාලෙට අපේ උදවිය ලැහැස්ති වෙන වෙලේ අපි කියන්න හදන්නෙ වෙනදා හදන කැවුම් කොකිස්ගැන නම් නෙමෙයි. මේ අපිට නිතරම කන්න ලැබෙන්නෙ නැති, ඒත් බොහොම රසවත් අපේ පැරණි අවුරුදු කෑම වල තියන කෑමවර්ග ටිකක්. ඔයාලටත් හදන්න ඕනෙ නිසා ඔන්න ගෙනාවා. මේ සැරේ අවුරුදු මේසේ මේ කෑම වලිනුත් සරසන්න අමතක කරන්නඑපා.

 

01. කොමල වටන්

අවශ්‍ය ද්‍රව්‍ය :-

තෙත හාල්පිටි කෝප්ප 2

කිතුල් පැණි කෝප්ප 1

තෙල්

 

පැණි පොල් වලට:-

පොල් කෝප්ප 2

පැණි කෝප්ප 1

එනසාල් ඇට 2

ලුණු ස්වල්පයක් 

 

මුලින්ම පැණි ටික ලිපේ තියලා උණුකරගන්න. ඊළඟට මේකට පොල් හා එනසාල් ඇට ටික කුඩු කරලා එකතු කරන්න. පොල් ටිකහොඳට මැලවුනාම ලිපෙන් බාගන්න. පැණි ගතිය වැඩිපුර තිබ්බට කමක් නෑ. ඊළඟට මේ ටික නිවෙන්න තියලා පොඩි බෝලහදාගන්න.

හාල්පිටි වලට පැණි දාලා කලවම් කරගන්න. පැණි මදි වගේ නම් තව වතුර ටිකක් දාලා ටිකක් තික් බැටර් එකක් හදාගන්න. ඊළඟට මේක පැය 4ක් වහලා තියාගන්න. ඊළඟට තෙල් රත්වෙනකොට මිශ්‍රණයෙන් ටිකක් දාලා ඒක මැදට සාදාගත් පොල්පැණි බෝලයක්තියන්න. ඊළඟට හැන්ඳෙන් වටෙන් තද කරන්න. මැද බෝලය වගේම වටෙනුත් තද කරන්න. ඊළඟට උඩින් පොල්පැණි බෝලය වැහෙන්න බැටර් එක දාලා තෙල් ගගහා කොමලවටන් පිසගන්න.

 

02. විබර

අවශ්‍ය ද්‍රව්‍ය :-

කැකුළු හාල්පිටි ග්‍රෑම් 500

මිටිකිරි කෝප්ප 2

ලුණු ස්වල්පයක් 

බිත්තර 1

සීනි කෝප්ප 1/4

කැමති වර්ණකයක්

 

හාල්පිටි ටික හලාගන්න. මේ ටික හොඳට බැදගන්න. පොල්කිරි වලට බිත්තර හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න. බැදගත් හාල්පිටි වලට පොල්කිරි ටික ටික දාලා ඉඳිආප්ප මිශ්‍රණයේ පදමට අනාගන්න. ඉඳිආප්ප වංගෙඩියට මුරුක්කු මෝල්ඩ් එකදාගන්න. කෙසෙල් කොලේකට තෙල් ටිකක් ගාලා මිශ්‍රණය ඉඳිආප්ප වංගෙඩියට දාලා ලස්සනට රටා වලට පයිප් කරගන්න. දැන් තෙල්තාච්චියක් ලිපේ තියලා මේ මල් රටා රන්වන්පාට වෙනකල් බැදගන්න. අවුරුද්දට දවස් 5-6කට කලින් හදලා තියනවනම් එලියටගන්න දවසෙ ආයෙම බැදගන්න.

 

භාජනයකට සීනි ටික දාලා වතුර කෝප්ප 1/4ක් වගේ දාලා ලිපේ තියන්න. මේකට කලරින් ටිකක් දාගන්න. පැණි ටික පදම එනකන් හැඳිගාන්න. මිශ්‍රණය ටිකක් තික් වේගෙන එනකොට හැන්දෙන් නූලක් වගේ පහලට එනවනම් පදම හරි. දැන් ලිපෙන් බාගන්න. දැන් දගත්‍තු විබර උඩින් මේ පැණි දාලා නිවෙන්න තියන්න.

 

03. පුස්නාම්බු

අවශ්‍ය ද්‍රව්‍ය :-

තෙත හාල්පිටි ග්‍රෑම් 500

මිටිකිරි කෝප්ප 2

සීනි කෝප්ප 1/2

ඊස්ට් තේහැඳි 1

ලුණු ස්වල්පයක් 

 

තෙත හාල්පිටි වලට පොල්කිරි දාලා අනාගන්න. මේකට යීස්ට් දාලා හොඳට අනලා මැටි මුට්ටියක දාලා වහලා පැය 8-9ක් පිපෙන්න තියන්න. ඊළඟට මේ මිශ්‍රණයට සීනි හා ලුණු ස්වල්පයක් දාලා කලවම් කරගන්න. පොඩි සිල්වර් කප්ස් වලට බටර් ගාලා භාගයක් වෙන්න මේ මිශ්‍රණය දාලා විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න.

 

04. ඇඟිටි බෝල

අවශ්‍ය ද්‍රව්‍ය :-

කබලෙ බැදගත් හුනුසහල් ග්‍රෑම් 500

කිතුල්පැණි කෝප්ප 1

හීනියට ගාගත් පොල් කෝප්ප 1

සීනි කෝප්ප 1/2

ලුණු ස්වල්පයක් 

 

බැදගත් හුනු සහල් ටික ග්‍රයින්ඩ් කරගන්න. පැණි ටික ලිපේ තියලා රත් කරගන්න. කුඩුකරගත් හුනු සහල් වලට පොල් ටික දාලා පැණිටික ටික දාලා අනාගන්න. මේකට ලුණු ටිකකුත් දාගන්න. දැන් මේක අග්ගලා වගේ බෝල හදාගන්න. සීනි ටිකක් පීරිසියකට දාලා බෝල ටික දාලා සීනි තවරගන්න.

 

05. සව් පට්ටා

අවශ්‍ය ද්‍රව්‍ය :-

සව් ග්‍රෑම් 200

ගාගත් පොල් කෝප්ප 1

සීනි ග්‍රෑම් 250

හාල්පිටි ග්‍රෑම් 250

ලුණු ස්වල්පයක් 

 

සව් ටික සෝදලා හොඳට වේලගන්න.

හාල්පිටි වලට පොල් දාලා වතුර ටිකක් දාලා පිට්ටු කැට වගේ හදාගන්න. දැන් මේ ටික පිට්ටු බම්බුවකට දාලා තම්බගන්න. දැන් මේටික ආයෙ කැට විදියට කඩාගන්න. සීනි ටික උණු කරලා පැණි හදාගන්න. දැන් පැණි ටික කඩාගත් පිට්ටු කැට වලට දාලා සව් ටිකත්එකතු කරගන්න. හොඳට අනලා කොළපතක මේ මිශ්‍රණය දාලා තුනී කරලා වසාගන්න. නිවුනට පස්සෙ දිගෑරලා කෑලි කපාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *