අපි අපේ වෙබ් පිටුව හරහා ගොඩක් වෙලාවට විවිධ භාෂා වල, විවිධ රටවල් වල ඔබ නැරඹිය යුතුම සිනමාපට ගැන දැනුවත් කිරීම් කළා. ඉතින් අද අපි කතා කරමු ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ප්‍රංශ සිනමාපට හතක් ගැන…
01. Amelie
Amelie කියන්නේ හරිම නැවුම් විදිහට දිගහැරෙන කතාපුවතක්. මේ සිනමාපටයට පාදක වෙන්නේ Amelie කියන ලැජ්ජාශීලී සහ කාරුණික තරුණියගේ ගෙදරට සිරවුණු ජීවිතය නිසා වන අත්දැකීම්. ඉතින් ඒකට ලොකුම හේතුව මේ Amelie ගේ දෙමාපියන්. ඉතින් මේ Amelie කොටින්ම කිව්වොත් ඉගෙන ගත්තෙත් ගෙදර. ඒත් ගෙදරත් එක්ක ඇතිවුනු දුරස් බැදීමත් එක්ක ඇය මනක්කල්පිත ලොකයක ජිවට්වෙනවා. ඉතින් ප්‍රංශ චිත්‍රපටයන් අතර ඉහලින්ම රැදෙන විශිෂ්ට චිත්‍රපටයක් විදියට Amelie හඳුන්වන්න පුලුවන්.
02. Blue is Warmest Colour
Blue is Warmest Colour මෙක ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක නැතත් මේකේ විඩියෝ ක්ලිප් එකක් දෙකක් එහෙම ඔයා අනිවාර්යයෙන්ම බලලා ඇති. ඉතින් මේ සිනමාපටය පාදක වෙන්නේ පෙම්වතාගෙන් වෙන්වීමෙන් පසු ඒ පෙම්වතිය වෙනත් ගැහැනු ලමයෙක් සමඟ ඇතිකරගන්න සබඳතාවක්. ඉතින් චිත්‍රපටය අවසානයේදී ඇස් කඳුලින් තෙමන්න පවා මේ කතාව ප්‍රබලයි.
03. Portrait of Lady on Fire
Portrait of Lady on Fire මේක නම් ටිකක් Blue is Warmest Colour අභාෂය ලැබිච්ච චිත්‍රපටයක්. ඒ වුනත් මේ සිනමාපටය හරිම කලාත්මකව ඒ ගැහැනුන් දෙදෙනාගේ ආදරය පෙන්වලා තියෙනවා. සිත්තරියක් හුදකලා දූපතක වෙසෙන කුමරියකගේ ඇගේ මවගේ කැමැත්ත ඇතිව පින්තාරු කිරිමට පැමිනෙනව. ඉතින් ඒ මිත්‍රත්වය කෙමෙන් කෙමෙන් ආදරය ක් බවට පරිවර්තනය වෙන ආකාරය, පස්සේ ඔවුන්ගේ හැලහැප්පීම් මේ සිනමාපටයට පාදක වෙනවා
04. Fat Girl
Fat Girl කියන්නේ 2001 දී නිකුත් වූනු ප්‍රංශ චිත්‍රපටයක්. මෙ ෆිල්ම් එකේ කතාවට පාදක වෙන්නේ එලනා හා ආනාස් කියන සහෝදරියන් දෙදෙනෙකුගේ ජීවිත කතාව. ඔවුන් දෙන්නා නිවාඩු සමය ගත කරමින් ඉද්දි ඔවුන්ගේ ලිංගික ආකල්ප හා හමුවීම් වලට මුහුණ දෙන ආකාරය පිළිබදව කතාව ගලා යනවා. එලනා කියන්නේ ආකර්ෂණීය රූමත් තරුණියක් වන වුනාත් ඇනාස් “මහත” එතරම් සුන්දර නොවූ සහෝදරියක්. ඒ වගේම මේ සිනමාපටය තරමක් ආන්දෝලනාත්මක දර්ශන තියෙන නිසා හැමෝටම ගැලපෙන එකක් නම් නෑ..
05. Amour
වයස අවුරුදු අසූවක් පමන වුනු ජෝර්ජ් සහ ඇනා කියන්නේ විශ්‍රාම සුවයෙන් ජීවත් වුනු යුවලක්. ඒත් එක දවසක් මේ දෙන්නහෙම ජීවිතය අඳුරු වුනු දවසක් වුනා. ඒකට හේතුව ඇනා ට අංශභාගය රෝගය ඇති වෙනවා. ඉතින් මේක තමයි Amour සිනමාපටය ට පාදක වෙන ප්‍රධාන කතා පුවත. ඉතින් ආදරය ගැන වෙනස්ම ආකාරයේ නිර්වචනයක් ඔයාට අනිවාර්යයෙන්ම මේ සිනමාපටය මගින් ලැබෙර්වි.
06. Mademoiselle Chambon
ඉතින් මේක ටිකක් විතර වෙනස් විදියක ආදර කතාවක්. ඒ හින්දා ගොඩක් අය අනිවාර්යයෙන්ම ආස වෙයි කියලා හිතනවා. මේ Mademoiselle Chambon කියන සිනමාපටය ට පාදක වෙන්නේ ටිකක් විතර වෙනස් විදියේ අසම්මත ආදර කතාවක්. මොකද මේක තමන්ගේ දරුවගේ පාසල් ගුරුවරියක් හා පියෙක් අතර ඇතිවෙන ආදර අන්දරයක් වෙන නිසා. ඉතින් මේකත් අපි සාමාන්‍යයෙන් බලන්න ආස ටටිප් විදියක ආදර කතාවක්…
07. Oxygen
Oxygen කියන්නේ මෑතකදී තිරගත වුණු අපි කලින් කතා කරපු චිත්‍රපට හයටම වඩා වෙනස් චිත්‍රපටයක්. මොකද මේ සිනමාපටය ට පාදක වෙන්නෙ පරික්ෂණයකට ලක් කරලා තියෙන කාන්තාවක්. ඉතින් චිත්‍රපටයේ වැඩි හරියක්ම ඉන්න ඇගේ චරිතය කිව්වොත් හරි. තරමක් sci fic psychological thriller ගනයේ සිනමාපටයක් විදියට හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ ටයිප් ෆිල්ම්ස් බලන්න ආස අය නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එකට ආස වේවි.
ඉතින්මීට අමතරව ඔයා බලලා තියෙන විශිෂ්ට ප්‍රංශ චිත්‍රපටි ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා.
Leave a Reply