රුලං වලින් හදන්න පුලුවන් රසවත් කෑම 7ක්

හැමදාමත් වගේ ඔන්න අදත් රස කෑම ටිකක් අරගෙන ඇවිල්ලා තියනවා. මේ තියෙන්නෙ රුලං වලින් හදන්න පුලුවන් කෑම ටිකක්. ඉස්සරහට එන අවුරුදු කාලෙට මේ රෙසිපි ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි…

 

01.රුලං ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය :-

රුලං කෝප්ප 1

උණුවතුර ස්වල්පයක් 

කුඩුකරගත් හකුරු කෝප්ප 1/4

ගාගත් පොල් කෝප්ප 1/4

කුඩුකරගත් කරදමුංගු ඇට 3

මුද්දරස්පලම් ස්වල්පයක් 

චොප්කරගත් කජු ස්වල්පයක් 

 

රුලං ටික රෝස්ට් කරගන්න. දැන් මේ ටික වෙන බෝල් එකකට දාලා උණුවතුර ටිකක් ඉහගන්න. මේක පොඩ්ඩක් අනලා විනාඩි 10ක් වහලා තියන්න. දැන් මේකට හකුරු හා ගාගත් පොල් ටික දාගන්න. කරදමුංගු ටිකත් දාලා හොඳට අනාගන්න. දැන් මේ මිශ්‍රණය හොඳට ග්‍රයින්ඩ් කරගන්න. කජු හා මුද්දරස්පලම් ටික පොඩ්ඩක් රෝස්ට් කරලා මේකට එකතු කරගන්න. ආයෙ අතින් හොඳට කලවම් කරලා බෝල හදාගන්න.

 

02.රුලං උප්පුමා

අවශ්‍ය ද්‍රව්‍ය :-

රුලං කෝප්ප 1

තෙල් ස්වල්පයක් 

අබ තේහැඳි 1

කඩල පරිප්පු තේහැඳි 1

වියළි මිරිස් කරල් 2

චොප්කරගත් ළූණු ගෙඩි 1

චොප්කරගත් අමුමිරිස් කරල් 1

චොප්කරගත් ඉඟුරු තේහැඳි 1

වතුර කෝප්ප 3

සීනි තේහැඳි 1/2

ලුණු ස්වල්පයක් 

ගී ඔයිල් තේහැඳි 1

දෙහි බෑයක යුෂ

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

 

රුලං ටික පෑන් එකකට දාලා පොඩ්ඩක් රෝස්ට් කරගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. කඩල පරිප්පු හා වියළි මිරිස් ටිකත් දාලා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් ළූණු ටික දාගන්න. අමුමිරිස් හා ඉඟුරු එකතු කරන්න. කලවම් කරලා වතුර කෝප්ප 3 එකතු කරන්න. සීනි හා ලුණු ටික දාලා වතුර නටාගන්න. මේකටම ගී ඔයිල් ටිකත් දාලා කලවම් කරගන්න. දැන් මේකට රෝස්ට් කරගත් රුලං ටික ටික දාලා හැඳිගාන්න. කලවම් කරලා විනාඩි 5ක් වහලා පිසගන්න. බාන්න කිට්ටුව දෙහි බෑයක යුෂ හා චොප්කරගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න.

 

03.රුලං පෑන්කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය :-

රුලං ග්‍රෑම් 250

එළවළු තෙල් කෝප්ප 1/4

බේකින් පව්ඩර් තේහැඳි 1

සීනි මේසහැඳි 1

ලුණු පින්චක්

කිරි කෝප්ප 1 1/4

 

රුලං වලට සීනි, බේකින් පව්ඩර් හා ලුණු දාලා විස්ක් කරන්න. මේකට එළවළු තෙල් ටික ටික දාලා හොඳට විස්ක් කරගන්න. ඊළඟට කිරි ටික ටික දාලා ස්මූත් බැටර් එකක් හදාගන්න. ඊළඟට මේක වහලා විනාඩි 15ක් වගේ තියන්න. ඊළඟට පෑන් එකට මේ බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.

 

04.රුලං පොරිජ්

අවශ්‍ය ද්‍රව්‍ය :

රුලං ග්‍රෑම් 50

පොල්කිරි කෝප්ප 2

කුඩුකරගත් හකුරු ග්‍රෑම් 100

වතුර කෝප්ප 1

එනසාල් ඇට 2

මුද්දරස්පලම් ස්වල්පයක් 

ලුණු

කජු ස්වල්පයක් 

 

රුලං ටික රෝස්ට් කරගන්න. ඊළඟට මේකට වතුර ටික දාගන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. තලාගත් එනසාල් ටික එකතුකරන්න. වතුර ටික්ක හිඳුනම කිරි ටික ටික දාලා හැඳිගාන්න. ඊළඟට කුඩුකරගත් හකුරු මේකට එකතු කරන්න. මේක තික් බැටර් එකක් වෙනකල් හැඳිගාන්න. රස අනුව ලුණු දාගන්න. බාන්න කිට්ටුව මුද්දරස්පලම් හා කජු ටික දාලා හැඳිගාලා ලිපෙන් බාගන්න.

 

05.රුලං පුඩින්

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කිරි කෝප්ප 2

රෝස්ට් කරගත් රුලං කෝප්ප 3/4

සීනි කෝප්ප 1/2

 

ටොපින් එකට-

කෝන්ෆ්ලා මේසහැඳි 1 1/2

වතුර මේසහැඳි 5

සීනි කෝප්ප 3/4

රෝස්ට් කරගත් පොල් ස්වල්පයක් 

 

කිරි ටික ලිපේ තියලා රුලං හා සීනි ටික දාගන්න.මේක අඩු ගින්දරේ තික් වෙනකල් හැඳිගාන්න. කැට නැතිවෙනකල් හැඳිගාලා ලිපෙන් බාලා ග්ලාස් ට්‍රේ එකකට දාගන්න.

 

කෝන්ෆ්ලා වලට වතුර දාලා දියකරගන්න. පෑන් එකකට සීනි දාලා අඩු ගින්දරේ කැරමල් කරගන්න. මේකට වතුර මේසහැඳි 2ක්වගේ දාලා කලවම් කරලා කෝන්ෆ්ලා මික්ස් එක දාගන්න. තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාලා පුඩින් එක උඩින් දාගන්න. ස්ප්‍රෙඩ් කරලා උඩින් ‍රෝස්ට් කරගත් පොල් ටික දාලා පැයක් ෆ්‍රිජ් එකේ තියන්න.

 

06.රුලං කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-

රෝස්‍ට් කරගත් රුලං කෝප්ප 1/2

පාන්පිටි කෝප්ප 1

සීනි කෝප්ප 3/4

රේසින් ස්වල්පයක් 

වියළි චෙරි ස්වල්පයක් 

වැනිලා තේහැඳි 1

ලුණු පින්චක්

චොප්කරගත් කජු ස්වල්පයක් 

බටර් කෝප්ප 1/4

කිරි කෝප්ප 1

බේකින් පව්ඩර් තේහැඳි 1

බේකින් සෝඩා තේහැඳි 1

 

රුලං වලට කිරි වලින් 3/4ක් දාලා කලවම් කරගන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර්, බේකින් සෝඩා හා ලුණු දාලා හලාගන්න. මේකට සීනි ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික රුලං මිශ්‍රණයට දාලා විස්ක් කරගන්න. දැන් මේකට ඉතුරු කිරි ටිකත් දාලා විස්ක් කරගන්න. ඊළඟට මිශ්‍රණයට බටර් ටික දාලා විස්ක් කරන ගමන් වැනිලා එකතු කරන්න. ඊළඟට මේකට රේසින්, චෙරි හා කජු ටික දාලා තවත් හොඳට කලවම් කරගන්න. දැන් ඔයිල්පේපර් එකක් දාපු ට්‍රේ එකකට මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180ටවිනාඩි 30ක් බේක් කරගන්න.

 

07.කේසරී

අවශ්‍ය ද්‍රව්‍ය :

ගී ඔයිල් ග්‍රෑම් 150

රුලං ග්‍රෑම් 160

චොප්කරගත් කජු ස්වල්පයක් 

මුද්දරස්පලම් ස්වල්පයක් 

ටින්කිරි ග්‍රෑම් 200

වතුර කෝප්ප 1 1/2

රෝස් වතුර තේහැඳි 1/2

ගී ඔයිල් මේසහැඳි 3

කේසරී පව්ඩර් හෝ කහකුඩු තේහැඳි 1

කුඩුකරගත් කරදමුංගු ඇට 2

 

පෑන් එකකට ගී ඔයිල් ටික දාලා කජු හා මුද්දරස්පලම් ටික දාගන්න. මේ ටික ටිකක් ෆ්‍රයි කරලා ලිපෙන් බාගන්න. වෙනම බෝල්එකකට ටින්කිරි ටික දාලා වතුර හා රෝස් වතුර දාගන්න. පෑන් එකට ගී ඔයිල් ටික දාලා රුලං ටික දාගන්න. හොඳට කලවම් කරලා ටින්කිරි මිශ්‍රණය එකතු කරන්න. මේකට කේසරී හෝ කහකුඩු ටික දාලා කරදමුංගු එකතු කරන්න. දැන් මේකට ෆ්‍රයි කරගත් පළතුරු ටික දාලා කලවම් කරලා මිශ්‍රණය වියළි ගතියට එනකොට ලිපෙන් බාගන්න. ග්ලාස් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා ලෙවල් කරලා කෑලි කපාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *