2022/2023 අවුරුදු වල සුපර් හීරෝ ලෝලීන් එනකල් බලාගෙන ඉන්න සුපර් හීරෝ ෆිල්ම්ස් කීපයක්!

දැන් ඔය් සුපර් හීරෝ ෆිල්ම්ස්, ඒ කියන්නේ සුපිරි බලයන් තියෙන මිනිස්සු ඉන්න, ඒ අය ලෝකේ නැතිනම් විශ්වයම බේරගන්න දුෂ්ටයොත් එක්ක තමන්ගේ සුපිරි බලයන් යොදාගෙන සටන් කරන, එහෙම සටන් කරලා ජයග්‍රහණය කරන විදියේ ෆිල්ම්ස්- බලන්න ගොඩක් දෙනෙක් කැමතියිනේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු වල මේ සුපර් හීරෝ ෆිල්ම්ස් වැඩි වැඩියෙන් නිර්මාණය වුණා. මේ අවුරුද්දෙත් ඒ කියන්නේ 2022 අවුරුද්දෙත් සුපර් හීරෝ ෆිල්ම්ස් සෑහෙන්න රිලීස් වුණා. ඒකට හොඳ උදාහරණයක් තමයි, රොබර්ට් පැටින්සන් බෘස් වේන් නැතිනම් බැට්මෑන් විදියට පෙනී ඉන්න බැට්මෑන් ෆිල්ම් එක. කවුරුත් නොහිතපු විදියට ෆිල්ම් එක සෑහෙන්න ජනප්‍රිය වුණා. හැබැයි මේ අවුරුද්දට එන්න තියෙන සුපර් හීරෝ ෆිල්ම් ලිස්ට් එක ඉවර නෑ. ඒ විතරක් නෙවෙයි, ඊලඟ අවුරුද්දට ඒ කියන්නේ 2023 අවුරුද්දට එන්නත් තව සුපර් හීරෝ ෆිල්ම්ස් ලිස්ට් එකක්ම තියෙනවා. ආන්න ඒ නිසා අපි හිතුවා, සුපර් හීරෝ ෆෑන්ස්ලා දත කට මැදගෙන මග බලාගෙන ඉන්න, 2022/2023 අවුරුදු වල එන්න තියෙන සුපර් හීරෝ ෆිල්ම්ස් ලිස්ට් එකක් හදන්න.

හැබැයි මේ ලිස්ට් එකේ තියෙන්නේ හොලිවුඩ් වලින් එන්න තියෙන සුපර් හීරෝ ෆිල්ම්ස් විතරයි, හරිද!

1. Doctor Strange in the Multiverse of Madness

සුපර්හීරෝ ෆෑන්ස්ලා අතරේ පහුගිය දවස් වල සෑහෙන්න කතාබහට ලක්වුණු ෆිල්ම් එකක් තමයි Doctor Strange in the Multiverse of Madness. අහන්න ලැබෙන විදියට මේ ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් එක්සේවියර්, මිස්ටර් ෆැන්ටෑස්ටික්, ඕල්ටර්නේට් යුනිවර්ස් එකක අයන් මෑන් වගේ චරිතත් දකින්න ලැබෙනවාලු. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් එකට දොරවල් ඇරෙන තහනම් මන්තරේ මතුරලා වෙන අතිදැවැන්ත සංගෙදියක් ගැනලු මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හැබැයි මේ ෆිල්ම් එකේ ප්ලොට් එක සෑහෙන්න ඩාර්ක් සීරියස් එකක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම ඇත්තටම අතිවිශාල සුපර්හීරෝ චරිත ගණනාවක්ම මේ ෆිල්ම් එකේ දකින්න පුලුවන් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මැයි 6 වෙනිදා රිලීස් වෙනවලු මේ ෆිල්ම් එක.

 

2. Black Adam

ඩීසී කොමික්ස් සුපර් හීරෝ ෆිල්ම්ස් වලට අඩු වෙලා හිටි නළුවා ඩ්වේයින් රොක් ජොන්සන් තමයි. දැන් රොක් එන්න ලෑස්තියි බ්ලැක් ඇඩම්ස් විදියට. ඇත්තටම බ්ලැක් ඇඩම් ෆිල්ම් එක Shazam! ෆිල්ම් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. කොමික්ස් වල විදියට බ්ලැක් ඇඩම් කියන්නේ Shazam! පවුලේ සුපිරි වීරයන්ගේ දුෂ්ටයා. හැබැයි බොහොම ප්‍රබල චරිතයක් වෙන බ්ලැක් ඇඩම් වෙනුවෙන් වෙනම ෆිල්ම් එකක් නිර්මාණය කිරීම ඔස්සේ, Shazam ගේ චරිතය සහ පවර්ස් සම්බන්ධයෙන් හොඳ බැක්ග්‍රවුන්ඩ් එකකුත් සපයනවා කියලා කියන්න පුලුවන්. ඔක්තෝබර් 21 තමයි ෆිල්ම් එක එනවා කියලා කියන්නේ.

 

3. Morbius

මාවල් කොමික් පොත් වල ලෝකේ හිතන්නෙත් නැති චරිත ඉන්නවා කියන්න හොඳම උදාහරණයක් තමයි මෝබියස් හෙවත් ජීවමාන වැම්පයරයා. දැන් මේ ඩොක්ටර් මයිකල් මෝර්බියස් කියන දුර්ලභ රුධිරගත රෝගයකින් පෙළෙන ප්‍රාඥයා ඒකට ප්‍රතිකාරයක් හොයාගෙන යනවා. මෝර්බියස් ට ප්‍රතිකාරයක් ලැබෙනවා. හැබැයි ඒ ප්‍රතිකාරයෙන් සිද්ධ වෙන්නේ ඩොක්ටර් මෝබියස් වැම්පයරයෙක් වීම. දැන් සාමාන්‍යයෙන් නම් අපි වැම්පයර්ලා කියලා දකින්නේ ලේ උරා බොන දුෂ්ට සත්ව වර්ගයක්නේ. හැබැයි මේ ෆිල්ම් එකේ විදියට ඩොක්ටර් මෝබියස්, වැම්පයරයන් සතු අධිස්වභාවික සුපිරි හැකියාවන් එක්ක, සුපිරි වීරයෙක් වෙනවා. මේ ෆිල්ම් එක අප්‍රේල් 1 තමයි රිලීස් වෙනවා කියලා අහන්න ලැබෙන්නේ.

 

4. The Flash

අපි මේ වෙනකොට බැරී ඇලන් ලා නැතිනම් ෆ්ලෑෂ් ලා සෑහෙන්න ප්‍රමාණයක් දැකලා තියෙනවනේ ෆිල්ම්ස් වල සහ ටීවී එකේ. හැබැයි DCEU නැතිනම් ඩීසී එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් එකේ ෆ්ලෑෂ් ව මුලින්ම දැක්කේ ජස්ටිස් ලීග් ෆිල්ම් එකෙන්. දැන් හරි නම් පොතේ විදියට මේ ෆ්ලෑෂ් ට වෙනම ෆිල්ම් එකකුත් තියෙන්න ඕනනේ. ආන්න ඒ ෆිල්ම් එක ගැන තමයි මේ කතා කරන්නේ. අහන්න ලැබෙන විදියට මේ ෆ්ලෑෂ් ෆිල්ම් එකේ තියෙන්නේ බැරී ඇලන් තමන්ගේ අම්මගේ මරණය වළක්වන්න කාලය ඔස්සේ ආපස්සට ගිහින්, ඊට පස්සේ සිද්ධ වෙන පිස්සු කොර සිදුවීම් ගැනලු. ඒ කියන්නේ ෆ්ලෑෂ් පොයින්ට් ගැනලු. පේන විදියට නම් මේක සෑහෙන්න ඩාර්ක් ජස්ටිස් ලීග් ඊලඟ ෆිල්ම් එකට පාර කපන්න පුලුවන්. කොහොම වුණත් මේ අවුරුද්දේ නොවැම්බර් වල රිලීස් වෙන්න තිබුණු මේ ෆ්ලෑෂ් ෆිල්ම් එක, 2023 ජූනි 23 වෙනකල් කල් ගිහින් තියෙන්නේ!

 

5. Aquaman and The Lost Kingdom

ඩීසී කොමික්ස් වලින් ආපු, ගොඩක් දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණු සුපර්හීරෝ චරිතයක් තමයි ආතර් කරි හෙවත් ඇක්වමෑන්. දැන් මේ අවුරුද්දේ ඇක්වමෑන්ගේ දෙවෙනි චිත්‍රපටියත් එන්න හැමදේම සූදානම් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ කතාවේ හැටියට ඇක්වමෑන්ට මුහුද යට තියෙන ඇට්ලැන්ටිස් දේශය විතරක් නෙවෙයි, මුළු ලෝකෙම බේරගන්න සිද්ධ වෙනවලු විශාල උවදුරකින්. ඒකට තමන් අකමැති පාර්ශවයක් එක්ක තාවකාලිකව හරි සන්ධානගත වෙන්න සිද්ධ වෙනවලු. එතකොට අපිට හිතන්න වෙනවා ඒ කවුද කියලා. කොහොමත් ඇක්වමෑන් පළවෙනි ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඇක්වමෑන්ගේ හතුරෙක් වෙන බ්ලැක් මන්ටා ඊලඟ ෆිල්ම් එකකදී එන්න නියමිතව ඉන්නවා කියලා. කොහොමහරි මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ රිලීස් වෙයි කියලා හැමෝම බලාගෙන හිටියට, දැන් අහන්න ලැබෙන විදියට ඇත්තටම රිලීස් වෙන්නේ 2013 මාර්තු 17 ලු.

 

6. Black Panther: Wakanda Forever

බ්ලැක් පැන්තර් කියන්නේ සුපර් හීරෝ ෆෑන්ස්ලගේ හිත් වලට කතා කරපු බොහොම ප්‍රබල ෆිල්ම් එකක්. විශේෂයෙන්ම ට්චාලා නැතිනම් බ්ලැක් පැන්තර් විදියට රංගනයෙන් දායක වුණු චැඩ්වික් බොස්මාන් ෆෑන්ස්ලගේ හිත් වල බොහොම තදින් රැඳුනා. අවාසනාවට පිළිකා රෝගයෙන් චැඩ්වික් බොස්මාන් මිය ගියා. එතකොට ඊලඟ බ්ලැක් පැන්තර් ෆිල්ම් එකේ කවුද බ්ලැක් පැන්තර් වෙන්නේ? වාසනාවට, බ්ලැක් පැන්තර් කියන්නේ එක සුපර් හීරෝ කෙනෙක් නෙවෙයි. ඒක තනතුරක් වගේ. ඉතින් ගොඩක් අය විශ්වාස කරනවා, Black Panther: Wakanda Forever ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ වෙන බ්ලැක් පැන්තර් විදියට ට්චාලා කුමරුගේ සහෝදරී වෙන ෂූරී ඉඳී කියලා. සමහරු කියනවා ම්බාකු බ්ලැක් පැන්තර් වෙන්නත් පුලුවන් කියලා. හැබැයි ඒ ගැන හරියටම දැනගන්න නම් නොවැම්බර් 11 වෙනකල් බලාගෙන ඉන්න වෙනවා.

 

7. Thor: Love and Thunder

මාවල් කොමික්ස් වල ෆිල්ම් සීරීස් වල අපි දැකපු අකුණු දෙවියා වෙන තෝර්, මේ වෙනකොට අපි ෆිල්ම්ස් ගණනාවකම දැකලා තියෙනවා. ඇවෙන්ජර් ෆිල්ම් සීරීස් එකේ ඇරෙන්න, තෝර් ෆිල්ම්ස් තුනක් මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා. කොහොම හරි, ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් ෆිල්ම් එකෙන් පස්සේ ස්ථානගත වෙන සිදුවීම් රැගත් Thor: Love and Thunder ෆිල්ම් එක, කෙලින්ම Ragnarok ෆිල්ම් එකෙන් පස්සෙ කොටස කියලා ගත්තත් කමක් නෑ. ගොඩක් ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන විදියට, මාවල් කොමික්ස් වල ඉන්න තෝර් හරිම විදියට දකින්න ලැබෙන්නේ මේ ෆිල්ම් එකේ තමයි. මේ ෆිල්ම් එකේ වල්කයිරී, ජේන් ෆොස්ටර් සහ ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි චරිතත් දකින්න ලැබෙනවා. ඒ වගේම, මයිටි තෝර් හෙවත් අකුණු දේවතාවියක් බවට එමා ෆොස්ටර් පත් වෙනවා දකින්නත් මේ ෆිල්ම් එකෙන් පුලුවන් වෙයිලු. මේ අවුරුද්දේ ජූලි 8 වෙනිදා Thor: Love and Thunder ෆිල්ම් එක තිරගත වෙන්න නියමිතයි.

 

8. Spider-Man: Across the Spider-Verse (Part One)

ස්පයිඩර් මෑන් සම්බන්ධ වෙන ස්පයිඩර්වර්ස් නැතිනම් ස්පයිඩර් මෑන්ලගේ විශ්වය බොහොම පුළුල් විදියට සිනමාවට ගෙනාපු Spider-Man: Into the Spider-Verse ඇනිමේෂන් ෆිල්ම් එක බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වුණු චිත්‍රපටියක්. දැන් ඒ සාර්ථකත්වයත් එක්ක, Spider-Man: Across the Spider-Verse (Part One) චිත්‍රපටියත් තිරගත වෙන්න නියමිතව තියෙනවා. මේක කොටස් දෙකක් විදියට එන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේත් අපිට දකින්න ලැබෙනවා මයිල්ස් මොරෑලේස් ගේ ස්පයිඩර් මෑන් ව. ඒ වගේම ස්පයිඩර් වුමන් වත් දකින්න ලැබෙනවා කියලයි ආරංචිය. ඒ හැරුණහම ස්පයිඩර් මෑන් කොමික්ස් වල දකින්න ලැබුණු බොහොම ප්‍රබල දුෂ්ට චරිත කිහිපයකුත් අපිට දැකගන්න පුලුවන් වෙයි. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිතයි කියලා තමයි ආරංචි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *