කෙල්ලෙක්ව පිස්සු වට්ටන විදියට තොල් සිප ගන්න දක්ෂයෙක් වෙන්නේ කොහොමද?

මේ ආටිකල් එක විශේෂයෙන්ම අපි ලියන්නේ පිරිමි පාර්ශවය වෙනුවෙන්ම තමයි. හැබැයි එහෙමයි කියලා කාන්තා පාර්ශවයට කියවන්න කිසිම තහනමක් නෑ. කියෙව්වා කියලා කිසිම පාඩුවක් වෙන්නෙත් නෑ. මොකද, සිප ගැනීමේ කලාවේ දක්ෂයෙක් වෙන එක පිරිමි පාර්ශවයට වගේම කාන්තා පාර්ශවයටත් එක වගේ වැදගත් වෙන නිසා.

දැන් නිකමට හිතලා බලන්න, කිස් එකක් දෙනවා කියන එක බැලූබැල්මට අමාරු වැඩක් නෙවෙයිනේ. හැබැයි කෙනෙක්ට කිස් එකක් දෙන්න ගියහම, එක එක අය එක එක විදියට කිස් කරනවා. සමහරු නිකම්ම නහය තියලා හුස්ම අදිනවා, තවත් සමහරු තොල් යන්තම් ගාවලා කිස් එකක සද්දයක් දානවා. එහෙම බලනකොට, සරල කිස් එකක් දෙන එක වුණත් ඉගෙන ගන්න ඕන වැඩක්. දැන් ඔය තොල් වලට තොල් තියලා කරන ප්‍රංස කිස් එකක් එහෙම ගත්තහම වැඩේ තවත් අමාරුයි. හැබැයි ඉගෙන ගත්තොත්, වැඩේ ලේසියි.

දැන් ඇයි අපි ඔහොම හොඳ තොල් සිපගන්නෙක් වෙන්න ඉගෙන ගන්න ඕන කරන්නේ? සරලයි. හොඳට කිස් කරන්න පුලුවන් මනුස්සයෙක්ට, ලං වෙන ඕනම කෙනෙක් ආස වෙයි. ඒක ඒ මනුස්සයාගේ ලිංගික ආකර්ෂණය වැඩිවෙන්නත් හේතුවක් වෙනවා. ආන්න ඒ නිසා, අපි බලමු පොඩි ටිප්ස් කීපයකින් හොඳ කිසර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුලුවන් වෙයිද කියලා!

 

1. සූදානම්ව සිටින්න


දැන් සාමාන්‍යයෙන් නම් අපි දන්නවා අපි කාවහරි සිප ගන්න ඉන්නවා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි පෙම්වතිය මුණගැහෙන්න යනවා නම්, අනිවාර්යයෙන්ම කිස් එකක් හුවමාරු වෙනවනේ. හැබැයි අපිට ෂුවර් පිට කාවහරි කිස් කරන්න්න මෙන්න මේ වෙලාවෙදී වෙයි කියලා කියන්න ටිකක් අමාරු, හදිසියේම එහෙම අවස්ථා එන වෙලාවලුත් තියෙනවා. අන්න එහෙම වෙලාවකදී වුණත් සූදානමින් ඉන්න තරමට, අපිට හොඳ කිසර් කෙනෙක් වෙන්න පුලුවන්. මූලිකම කාරණාව තමයි හොඳ දන්ත සෞඛ්‍යයක් තියාගන්න එක. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දිනපතා දිනකට දෙවරක් දත් මැදලා, මුඛය පිරිසිදුව තියාගෙන ඉන්න එක ගැන තමයි මේ කියන්නේ. එහෙම නැතිවුණොත් තමයි ඔය මුඛයෙන් දුගඳ හමන්න ගන්නේ එහෙම. ඒ වගේම, නිතරම මුඛය නැවුම්ව තියාගෙන ඉන්න එකත් වැදගත්. ඒකට අවශ්‍ය නම් හොඳ මවුත් වොෂ් එකක් එහෙම පාවිච්චි කරන්න පුලුවන්. කෑම කාපු ගමන් නම් කට හොඳට හෝදලා, බ්‍රෂ් කරන පුරුද්දක් ඇති කරගන්න එකත් හොඳයි. එතකොට ඔය සුදුළූණු, ලූණු වගේ දේවල් අඩංගු කෑම කාලා ඉන්නවා නම්, කිස් දෙන්න නොයා ඉන්න එක හොඳයි.

 

2. තෙතමනය සහිත සිප ගැනීමක්


ඇත්තටම හොඳ කිස් එකකට මේක අත්‍යාවශ්‍යයි. තොල් වේලිලා නැතුව හොඳ තෙතමනයකින් යුතුව තියෙනකොට, ලස්සනට, දැනෙන විදියේ කිස් එකක් දෙන්න පුලුවන්. එහෙම තෙතමනයෙන් යුතුව තියෙන දෙතොල් වලින් සිපගන්න කොට, අපිටත්, අපි කිස් කරන කෙනාටත් ඒක දැනෙන ප්‍රමාණය වගේම කිස් එකේ තෘප්තියත් ඉහළ යනවා කියලා කිස් කරලා පළපුරුද්ද තියෙන අය දන්නවා ඇති. දැන් සාමාන්‍යයෙන් අපේ තොල් වල තෙතමනය පවත්වා ගන්න ස්වභාවිකවම ඛේටය උදව් වෙනවනේ. හැබැයි සමහර වෙලාවට ඒ මදි. දෙතොල් වල තෙතමනය පවත්වා ගන්න හොඳ ක්‍රමයක් තමයි හොඳට වතුර බොන එක. ඒ ඇරෙන්න අවශ්‍ය නම් ලිප් බාම් එකක් එහෙම පාවිච්චි කරන්නත් පුලුවන්.

කොහොම වුණත්, කිස් එකක් දෙන්න කලින් වතුර ටිකක් බීලා හරි, දිවෙන් දෙතොල් පිරිමැදලා දෙතොල් හොඳට තෙත් කරලා හරි වැඩේ පටන් ගන්න එක හොඳ ක්‍රමයක්. එහෙම දෙන කිස් එකක සරාගී බවත් වැඩියි.

 

3. හොඳ ෆ්‍රෙන්ච් කිස් එකක්


ෆ්‍රෙන්ච් කිස් එකක් දෙන්න සමහර වෙලාවට අත්දැකීම් අඩු කෙනෙක් බය වෙන්න පුලුවන්. හැබැයි බය වෙන්න දෙයක් නෑ. පටන් ගන්නකොට සුමුදුව තමන්ගේ තොල් තමන්ගේ පාට්නර්ගේ තොල් වල ස්පර්ෂ කරලා පටන් ගන්න පුලුවන්. ඊට පස්සේ පොඩි ඈන්ගල් එකකට පාට්නර්ගේ තොල් තමන්ගේ තොල් වලින් දැනෙන විදියට ස්පර්ෂ කරන අතරේ, කිස් එකට දිවත් ක්‍රමානුකූලව යොදාගන්න පුලුවන්. එතනදී අපේ දිවෙන් පාට්නර්ගේ දිව ස්පර්ෂ කරන එක, සමහර වෙලාවට ඒ කිස් එක ඇතුළෙම දිවෙන් පාට්නර්ගේ දෙතොල් ස්පර්ෂ කරන එක එහෙමත් කරන්න පුලුවන්. මෙතනදී මතක තියාගන්න ඕන දේ තමයි, හොඳ ෆ්‍රෙන්ච් කිස් එකක් කියන්නේ ගලාගෙන යන්න ඕන දෙයක් කියන එක. හිත හිතා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වගේම, ෆ්‍රෙන්ච් කිස් එකක් පටන් ගත්තු ගමන් පාට්නර්ගේ දිව හොයාගෙන යන්න හොඳ නෑ. ඒක මුලින් තොල් වලින් පටන් අරගෙන, ක්‍රමානුකූලව තමයි දිව භාවිතා කරන්න පටන් ගන්න ඕන.

ඇත්‍තටම හොඳ ෆ්‍රෙන්ච් කිස් එකක් දෙන්නේ කොහොමද කියන එක තාමත් ෂුවර් නැතිනම්, පොඩි වීඩියෝ එකක් එහෙම බලලා ඉගෙන ගන්නත් පුලුවන්. මෙන්න මේ වීඩියෝ එක ඒකට හොඳ උදාහරණයක්.

 

4. සොෆ්ට් ද? හාඩ් ද?


මෙන්න මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. කිස් එකක්, විශේෂයෙන්ම ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනකොට ඒක සොෆ්ට් විදියටද දෙන්න ඕන, එහෙම නැතිනම් ටිකක් හාඩ් විදියටද? ඕකට උත්තර දෙනකොට කියන්න ඕන, සමහරු ඉන්නවා කිස් එක බොහොම සොෆ්ට් වෙන තරමට එන්ජෝයි කරන. ඒ වගේම තවත් සමහරු ඉන්නවා ටිකක් හාඩ් විදියට ෆ්‍රෙන්ච් කිස් කරන එකට ආස වෙන. හැබැයි එකක්. ෆ්‍රෙන්ච් කිස් එකක් සොෆ්ට් තැනකින්, රිලැක්ස් එකේ පටන් ගන්න තරමට හොඳයි. ඊට පස්සේ දෙන්නම ඉන්න මූඩ් එකේ විදියට අවශ්‍ය නම් ෆ්‍රෙන්ච් කිස් එක ටිකක් ආක්‍රමණශීලී විදියට ඒ කියන්නේ අනික් කෙනාගේ තොල් ආක්‍රමණයක් වෙන විදියට කරන්න පුලුවන්. හැබැයි දෙන්නා ආස දෙවිදියකට නම්, හොඳම දේ තමයි යම් කිසි මැද තැනක ඉන්න එක. මෙතනදී ඉතින් පොඩි ට්‍රයල් ඇන්ඩ් එරර් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. තමන් සිප ගන්න ආස කොහොමද කියලා කලින් කතාබහ කරලා ඉන්න පුලුවන්. එතකොට, කිස් කරලා තමන් කැමති කොයි විදියටද කියන එක පාට්නර්ට සන්නිවේදනය කරන්න පුලුවන්.

 

5. දෑත් යොදාගන්න


දැන් අපි කිස් එකක් දෙනකොට අපි කියමු තොල් වලට තොල් එකතුවෙන ෆ්‍රෙන්ච් කිස් එකක් කියලා අපේ දෑත් නිදහස් නේද? එතකොට අත් යොදාගන්න ඕනෙද? නැත්නම් තොල් විතරක් වැඩේට යොදාගත්තහම ඇතිද? නෑ. අපි බොහොම සරාගී විදියට අනික් කෙනාව සිපගන්න කොට, අපිට සමහර වෙලාවට දන්නෙම නැතුව අපේ අත් වලින් අනික් කෙනාව ස්පර්ෂ වෙනවා නේද? ආන්න ඒක තමයි වෙන්න ඕන. හොඳ ලිප් ලොක් එකක නිරත වෙනකොට, අපිට පුලුවන් එක් අතකින් අනික් කෙනාගේ මුහුණ ස්පර්ෂ කරන්න. කොහොමත් හොඳ ෆ්‍රෙන්ච් කිස් එකකට යනකොට යම් කිසි විදියක වැළඳ ගැනීමකුත් කරන්න පුලුවන් නම් හොඳයි. හැබැයි ඔතනදී ස්පර්ෂ කරන්න ඕන මුහුණ විතරයි කියලා නියමයක් නෑ. පාට්නර්ගේ බෙල්ල, පිට, තට්ටම් වගේ හැම තැනකටම අපේ අත් ගෙනියන්න පුලුවන්. අවශ්‍ය නම් කිස් එක තව සරාගී පැත්තට ගෙනියන්න පියයුරු එහෙම ස්පර්ෂ කරන්නත් පුලුවන්. කොහොම වුණත් අවවාදය මේකයි, හොඳ ෆ්‍රෙන්ච් කිස් එකකදී දෙතොල් වගේම දෑත් යොදාගන්න කියන එක.

 

6. පැත්තෙන් පැත්තට


දැන් හොඳ ෆ්‍රෙන්ච් කිස් එකක් හුවමාරු කරගන්නකොට, ගලක් වගේ එකම විදියට එකම තැනක ඉඳන් ඒක කරන්න යන්න එපා. තමන්ගේ තොල් එක් කෝණයක ඉඳන් තව කෝණයකට ගෙනියන්න. අනික් කෙනාගේ තොල් ඔස්සේ තමන් සිප ගන්න දිශාව වෙනස් කරන්න. ඒක ගාණට වෙනකොට, අනික් කෙනාත් නොහිතාම ඒ රිදම් එකට අනුගත වෙනවා. අවශ්‍ය නම් අපිට අනික් කෙනාගේ රිදම් එක අනුව යන්නත් පුලුවන්. ඇත්තටම දෙන්නෙක් තොල් සිපගන්න කොට, එක මොහොතක එක්කෙනෙක් ලීඩ් එක ගන්නකොට, ඊලඟ මොහොතේ අනික් කෙනා ලීඩ් එක ගන්න පුලුවන්. කොහොම වුණත්, එකම කෝණයක, එකම තැනක ඉඳන් සොම්බි කෙනෙක් වගේ සිප ගන්න එපා කියන එක තමයි මේ කියන්නේ.

 

7. තොල් උරා බීම්


දැන් ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනකොට අපි කරන්න ඕන තොල් වලින් අනික් කෙනාගේ තොල් ස්පර්ෂ කරන එක විතරක් නෙවෙයි. එතනින් එහාට ගිහින් අනික් කෙනාගේ තොල් උරාබොන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න අපි අර සොෆ්ට් ද හාඩ් ද කියන පොයින්ට් එකේදී කතා කරපු දේ. මේක කරන්නේ කොයි තරම් සුමුදු විදියටද, එහෙම නැතිනම් ටිකක් රළු වෙනවද කියන එක තීරණය වෙන්නේ දෙන්නම ආස විදිය සහ දෙන්නම ඉන්න මූඩ් එක අනුව. ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ච් කිස් එකක් අතරවාරයේ තොල් උරාබොනකොට, තොල් දෙකටම එක පාර ඒ විදියට ට්‍රීට් කරන්න අමාරුයි. බැරි නෑ. හොඳම දේ තමයි එක වතාවක උඩු තොල, තවත් වතාවක යටි තොල විදියට මාරුවෙන් මාරුවට ඒක කරන එක. ඒ වගේම, පාට්නර්ටත් ඒක කරන්න ඕන නම්, තමන්ගේ තොල් උරා බොන්න ඉඩ දෙන්න. අවශ්‍ය නම් මේකට දිවත් එක්කත් කරන්න පුලුවන්.

ඇත්තටම අපි මේ කිස් කරන විදිය කියන ආටිකල් එක පිරිමි උදවියට විශේෂ කරලා කිව්වට, කාන්තා පාර්ශවයටත් වැදගත් වෙන්නේ මේ කියන ටිප්ස් ටිකම තමයි. එතකොට මේ අපි කතා කරලා තියෙන්නේ ෆ්‍රෙන්ච් කිස් ගැනනේ. එතනින් එහාට තියෙන තව කිස් කිරීම් වර්ග වලට වැදගත් ටිප්ස් අපි තව දවසක කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *