වර්තමානයේ අපේ ආහාර රටාව නිසා බොහෝ ලෙඩරෝග වලට ගොදුරු වෙලා තියනවා. ඒකට ලොකුම හේතුවක් තමා අධික තෙල් භාවිතය. ඉතින් අපි ආහාර ගන්නකොට සමබර වේලක් ගන්න එක සෑහෙන්න වටිනවා වගේම ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් තෙල් එකතු කර ගැනීමයි වටින්නෙ. අපි ගන්න බොහෝ ආහාර වල තෙල් අඩංගු නිසා ඔන්න අද අපි ගෙනාවා තෙල් පාවිච්චි නොකර පිසගන්න පුලුවන් කෑම ටිකක්. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
01. Potato Balls
අවශ්‍ය ද්‍රව්‍ය :-
තම්බාගත් අල ගෙඩි 2
චොප්කරගත් අමුමිරිස් කරල් 1
කහකුඩු තේහැඳි 1/4
මිරිස්කුඩු තේහැඳි 1/4
ගරම් මසාලා තේහැඳි 1/2
තුනපහකුඩු තේහැඳි 1
රස අනුව ලුණු
හාල්පිටි මේසහැඳි 2
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
අල ටික හොඳට මෑශ් කරගෙන බෝල් එකකට දාගන්න.මේකට අනික් සියල්ලම දාලා කලවම් කරලා බෝල හදාගන්න. නන්ස්ටික්පෑන් එකකට දාලා හරවමින් පිසගන්න.
02. Sticky Sesame Cauliflower
අවශ්‍ය ද්‍රව්‍ය :-
තරමක ගෝවාමල් ගෙඩියක්
පාන්පිටි කෝප්ප 2
ගාලික් පව්ඩර් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප 2
සෝස් එකට-
චොප්කරගත් සුදුළූණු බික් 2
සෝයාසෝස් මේසහැඳි 2
හොට් සෝස් මේසහැඳි 2
ටෝස්ට් කරගත් තල ඇට ස්වල්පයක්
ගෝවා මල් තරමක කෑලි කඩලා සෝදගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි, ගාලික් පව්ඩර්, ලුණු හා කිරි දාලා බැටර් එකක් හදාගන්න. දැන් කෝලිෆ්ලවර් ටික දාලා කෝට් කරගෙන බේකින් ට්‍රේ එකකට දාලා ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් සෙල්සියස් අංශක180ට විනාඩි 20ක් බේක් කරගන්න. සෝස් එකට අදාළ සියල්ලම දාලා කලවම් කරගන්න. දැන් මේක පෑන් එකට දාලා රත්වෙනකොට බේක් කරගත් කෝලිෆ්ලවර් ටික දාලා කලවම් කරගන්න. උඩින් තල ඇට ඉහගන්න.
03. Baba Ganoush
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් වම්බටු 2
සුදුළූණු බික් 3
ටහිනි හෝ පීනට් බටර් මේසහැඳි 3
ලෙමන් යුෂ මේසහැඳි 2
සූදුරු කුඩු තේහැඳි 1/2
මිරිස්කුඩු තේහැඳි 1/4
ලුණු ස්වල්පයක්
අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගන්න. බේකින් ට්‍රේ එකකට පාච්මන්ට් ශීට් එකක් දාගන්න. වම්බටු දික් අතට පලලා ට්‍රේ එකෙන් තියලා ගෑරැප්පුවෙන් හිල් ඇනගන්න. සුදුළූණු බික් ටිකත් ට්‍රේ එකට දාලා විනාඩි 10ක් බේක් කරගන්න. මේක නිවුනට පස්සෙ පොත්ත අයින් කරලා ෆුඩ් ප්‍රොසෙසර් එකට දාගන්න. තම්බාගත් සුදුළූණු ටිකත් දාගන්න. ඊළඟට මේකට ටහිනි, ලෙමන් යුෂ, සූදුරුකුඩු, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා තප්පර 30ක් මික්ස් කරගන්න.
04 . Baked Tofu
අවශ්‍ය ද්‍රව්‍ය :-
ටෝෆු ග්‍රෑම් 100
චොප්කරගත් සුදුළූණු බික් 3
ග්‍රේට්කරගත් ඉඟුරු තේහැඳි 1
සෝයාසෝස් මේසහැඳි 2
විනාකිරි මේසහැඳි 2
වතුර මේසහැඳි 2
තල ඇට තේහැඳි 2
ගම්මිරිස්කුඩු ස්වල්පයක්
ටෝෆු වල වතුර අයින් කරලා කිචන් ටවල් එකකින් ඔතාගන්න. විනාඩි 30ක් වගේ මෙහෙම තියලා වතුර සියල්ලම අයින්කරගන්න. ඒ අතරෙ බෝල් එකකට අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. ඊළඟට ටෝෆු ටික කෑලි කපාගන්න. මේක බේකින් ට්‍රේ එකකට දාලා උඩින් සාදාගත් ලික්විඩ් එක දාගන්න. මේක ෆ්‍රිජ් එකේ දාලා රැයක් මැරිනේට් කරගන්න. දැන් බේකින් ට්‍රේ එකකට ශීට් එකක් දාලා මේ ටෝෆු ටික අතුරගන්න. සෙල්සියස් අංශක 190 විනාඩි 15-20ක් බේක් කරගන්න.
05. Moong Dal Ki Chaat
අවශ්‍ය ද්‍රව්‍ය :-
රැයක් පෙඟෙන්න දාගත් මුංඇට කෝප්ප 1/2
ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/2
දෙළුම් ඇට කෝප්ප 1/2
චොප්කරගත් ස්ප්‍රින්ග් අනියන් කෝප්ප 1/2
චොප්කරගත් අමු අඹ ගෙඩියක්
චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
චොප්කරගත් අමුමිරිස් චාට් මසාලා තේහැඳි 1
ලෙමන් යුෂ තේහැඳි 4
මුංඇට ටික සෝදලා ලුණු ටිකක් දාලා හොඳට තම්බගන්න. බෙරි කරගන්න එපා. ඊළඟට වතුර පෙරාගන්න. දැන් මේකට අනික් සියල්ලම දාලා මුං ඇටතැලෙන්නෙ නැතිවෙන්න කලවම් කරලා පිළිගන්වන්න.
06. Hummus
අවශ්‍ය ද්‍රව්‍ය :-
කඩල කෝප්ප 1
ටහිනි හෝ පීනට් බටර් මේසහැඳි 3
කඩල තම්බාගත් වතුර කෝප්ප 1/4
සුදුළූණු බික් 3
ලෙමන් ගෙඩියක යුෂ
මිරිස්කුඩු තේහැඳි 1/2
සූදුරු කුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
තල ඇට ස්වල්පයක්
කඩල තම්බාගත් වතුර වලට ලෙමන් යුෂ, පීනට් බටර්, සුදුළූණු, මිරිස්කුඩු, සූදුරු කුඩු හා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.මේක ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා කඩල ටිකත් දාලා ක්‍රීමි පේස්ට් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. කඩල තැම්බූ වතුර මදිනම් තව ටිකක් දාලා තික් පේස්ට් එකක් හදාගන්න. මේක බෝල් එකකට දාලා උඩින් තල ඇට හා මිරිස්කුඩු ස්වල්පයක් ඉසගන්න.
07. Baked Potato Latkes
අවශ්‍ය ද්‍රව්‍ය :-
ග්‍රේට්කරගත් අල ගෙඩි 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
කඩලපිටි කෝප්ප 1/4
ගාලික් පව්ඩර් තේහැඳි 1/2
බේකින් පව්ඩර් තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
අල ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා වතුර මිරිකාගන්න. ඊළඟට මේකට අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. පාච්මන්ට් පේපර් එකක් දාපු ට්‍රේ එකකට අල මිශ්‍රණයෙන් ටික ටික තියලා අතින් තද කරගන්න. මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් මුලින් බේක් කරලා අනික්පැත්ත හරවලා තවත් විනාඩි 10ක් රන්වන්පාට වෙනකල් බේක් කරගන්න.
Leave a Reply