අපි කලින් කතාකලා ඔයාලට මතක ඇති විචාරයකට හොඳම ලකුණකට යන්න පුලුවන් ටිප්ස් ටිකක්. අද අපි කතාකරන්න හිතුවේ රචනාවකට හොඳ ලකුණකට යන්න පුලුවන් ටිප්ස් ටිකක්. ගොඩක් අය විභාගෙදි අතහරින ප්‍රශ්නයක්. ඒත් ඇත්තටම හරියට ලියනවා නම් විභාගේ ලේසිම ප්රශ්නය.
1. ලියන්න කලින් පොඩි කටුසටහනක්
මේ ටිප් එක නම් අපි කලිනුත් මතක් කලා ඔයාලට මතක ඇති. ඒ, විචාරය ගැන ලියපු ලිපියෙදි. ඉතින් මේකෙත් පුලුවන් ඔයාට ලියන්න කලින් පොඩි කටුසටහනක් ගහගන්න. ඒ වගේම මාතෘකාවක් නොදී පේපර් එකේ දෙන ඡේදයෙන් ඔයාට පුලුවන් මේ රචනාව ඡේද කිහිපයකට බෙදන්න. බෙදලා ඒ ඒ අදාල කරුනු අමතක වෙන්න කලින් කටුවට ලියාගන්න. මේකෙන් ඔයාට එකම දේ නැවත නැවත ලියවෙන එකත් අඩුකරගන්න පුලුවන්.
2. සිත් ගන්නා සුලු මාතෘකාව
ඉතින් අපි කෙලින්ම රචනාව කියවද්දි මුලින්ම ඇහැ යොමු වෙන්නේ රචනාවේ මාතෘකාවට. මේක විභාගේ ලකුණක් ලැබෙන දෙයක්. ඉතින් පුලුවන් තරම් සාමාන්‍යයෙන් භාවිතා වෙන මාතෘකාවක්ම නැතිව ටිකක් නිර්මාණශිලි හැබැයි මේකට ගොඩක් ගැලපෙන මාතෘකාවක් භාවිතා කරන්නත් පුරුදු වෙන්න.
3. වැල්වටාරම් නොමැති වීම
ඉතින් දැන් ගොඩක් අය මේ රචනාව ලියද්දි ගොඩක් වෙලාවට පෙන්නන්නේ තමන්ගේ සාක්ෂරතාව මිසක් නිර්මාණශිලි බව නෙවෙයි. ඉතින් ගොඩක් අය මේ නිසාම එකම දේ ආයේ ආයේ ලියනවා. කිසිම හරයක් නැති වාක්‍ය ලියනවා. මේ නිසා මේ රචනාව කියවන අයට මේ රචනාව නීරස වෙනවා. ඒ නිසා ඔයාගේ රචනාව ට ලකුණු අඩුවෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි.
4. Quotes භාවිතා කිරීම
දැන් ඔයා නිතරම පොත් පත්තර කියවන කෙනෙක් නම් මේ රචනාව ඔයාට හරි සිම්පල් දෙයක් වෙයි. හැබැයි එහෙම කියවන්න අකමැති අයට නම් මේක ටිකක් අමාරුයි. ඉතින් පුලුවන් තරම් ඔයා පොත් පත්තර කියවන්න. ඉතින් ඒවා වලින් ලැබෙන් එක එක වාක්‍ය, ඔයා පොතක ලියාගන්න. පස්සේ ඔයාට පුලුවන් මොකක් හරි රචනාවකට සුදුසු වාක්‍යක් පාවිච්චි කරන්න. ඉතින් උදාහරණයක් ගත්තොත් රචනාව ‘පොත්වල අගය’ නම් ඕන තරම් පොත් වල මේ දේට අදාල වාක්‍ය තියෙනවා. ඒවා ඔයාට පාවිච්චි කරලා ඔයාගෙ දැනුම මේ රචනාව තුල පෙන්නන්න පුලුවන්.
5. තමන්ගේ හැකියාව පෙන්වීම
මේ අපි කලින් කියපු දේම තමයි මේකෙදි පෙන්නන්නේ. ඔයාගේ නිර්මාණශිලිත්වය මිසක් සාක්ෂරතාව නෙමේ. ඉතින් පුලුවන් තරම් මේ රචනාව තුල නිවැරැදි අක්ෂර වින්‍යාසයක් වගේම නිර්මාණශීලි වෙන්න තමන්ගේ හැකියාව පෙන්වන්න ලියන්න පුලුවන්. ඒ වගේම අනවශ්‍ය විදියට දික්කරන්නත් එපා.
6. භාෂාව
අපේ භාෂාව තුල තියෙනවා ඕනේ තරම් ලස්සන කරන්න පුලුවන් දේවල් ගොඩක්. උදාහරණ ටිකක් කිව්වොත් උපමා උපමේය, කවි, යුගල පද, රූඩි, ප්‍රස්ථාව පිරුලු, ආප්තෝපදේශ, රූපක, කාව්‍යාත්මක භාෂා, සංකීර්ණ නිතර භාවිත නොකරන වචන.. ඉතින් ඔයාට පුලුවන් මේ දේවල් රචනාව ලියද්දී පුලුවන් තරම් පාවිච්චි කරන්න. රචනාව නීරස නොවෙන්න. ඒ වගේම වැදගත් ම දේ තමයි මේක එකපාරම ලියන්න බෑ. පුලුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න රචනා ලියලම. එතකොට ඒ නිර්මාණශිලිත්වය ඉබේම හැදෙනවා.
7. පැහැදිලි අත් අකුරු
ඉතින් අපි අපේ විචාරය ගැන ආටිකල් එකෙත් කිව්වා ඇත්තටම මේක ගොඩක් වැදගත් මේ වගේ දෙයක් ලියද්දී. මොකද අකුරු අපැහැදිලි වුනොත් උත්තර පරික්ෂකවරයාට ඒක ප්‍රශ්නයක්. ඔයාට ලස්සනට අකුරු ලියන්න බැරි වෙන්න පුලුවන්.. ඒත් පුලුවන් තරම් පිලිවෙලට ලියන්න. ඒ වගේම කොලේ පිරිසිදු කම, ඡේද බෙදීම, මාතෘකාවට ඉරක් ගැසීම වගේ දේවල් පාවිච්චි කරන්න.
ඉතින් මේ රචනාවක් ලියද්දි සැලකිය යුතු දේ ගැන ඔයා දැන් දැනුවත්. මේකේ විභාග පරික්ෂකවරයා වැඩියෙන්ම බලන්නේ ඔයාගේ සාක්ෂරතාව නෙමේ ඔයාගෙ නිර්මාණශිලිත්වය. ඉතින් පුලුවන් තරම් ඒක් ප්‍රගුණ කරගන්න.
Leave a Reply