අද අපි කතාකරන්න හිතුවේ ටිකක් වෙනස් විදියක මාතෘකාවත් ඒ තමයි හරියටම විචාරයට ලකුණු ගන්නේ කොහොමද කියන එක ගැන. මේ මැයි මාසේ එන සාමාන්‍ය පෙළට මුහුණ දෙන අයටත් ගොඩක් වැදගත් වෙන ආටිකල් එකක් වෙයි කියලා හිතනවා.
1. ලියන්න කලින් පොඩි කටුසටහනක්
මුලින්ම පේපර් එක ඔයාට හම්බුනු ගමන්ම එක පාරම විචාරයට උත්තරේ ලියලා දාන්න එපා. ඊට කලින් ටිකක් හිතන්න ඔයා මේකට ඇතුලත් කරන්න හිතෙන දේවල්. එක එක උදාහරණය පැහැදිලි කරන විදිය. තව මේකට තව ඇතුලත් කරන්න පුලුවන් වෙනත් දේවල් ගැන කටු කොලේක ඔයා මුලින්ම ලියාගන්න. ඊට පස්සේ හිමින් සැරේ ඔයාට පුලුවන් ඒ විචාරය ලියන්න. ඒක ගොඩක් ලේසි වේවි. නැත්නම් හිතේ තිබ්බ දේවල් පස්සේ ඔයාට අමතක වෙන්නත් පුලුවන්.
2. උදාහරණ පුලුවන් තරම් විචාරයට ගැලපීම
අපි ගොඩක් වෙලාවට විචාරේ කොල දෙක තුන ලිව්වත් සමහර වෙලාවක් තියෙනවා අපිට සෑහෙන්න ම ලකුණු අඩු වෙන. ඒකට ඍජුවම බලාපාන කාරණය තමයි තෝරගෙන තියෙන උදාහරණ, ප්‍රශ්නයට හරියටම නොගැලපීම. ඉතින් මේ නිසා ඔයා කොච්චර වැඩ කෑලි දාලා ලියන්න ගියත් කොච්චර හොඳට ලිව්වත් ඔයාගේ ලකුණු ඒ විචාරයට ගොඩක් අඩු වෙන්න පුලුවන්. ඉතින් ඔයාට පුලුවන් තරම් ළඟින් යන උදාහරණ පාඩම් කරගන්න. ඒකට ගුරුවරයාගෙන් උපදෙස් ගන්න ඊට අමතරව youtube එකේ පවා එක එක පාඩමට අදාලව සෑහෙන්න විචාර ප්‍රමාණයක් තියෙනවා .
3. වැල් වටාරම්
ඔයාගේ ප්‍රශ්න පත්තරේ බලන උත්තර පරික්ෂකවරයාගේන් ලකුණු අඩුවෙන්නයි ඔයාට පේපර් එකට උත්තර ලියන්න වෙලා මදි වෙන එකටයි ප්‍රධානම හේතුව තමයි මේක. ගොඩක් වෙලාවට අපි මුලින්ම ලියන හැඳින්වීමට ඒ අදාල මුල් මූලාශ්‍රයේ නමයි, කතුවරයා අවශ්‍ය නම් යුගයයි, ප්රශ්නය හැඳින්වීමයි කරානම් ඇත්තටම ඇති. මොකද විභාගෙදි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නෙමේ ඔවුන් බලන්නේ අපි ලියන උදාහරණ හා ඒවා ඇනලයිස් කරපු විදිය. ඉතින් ඒවා බොරුවට විචාරයෙදි ලියන්න අවශ්‍ය නැහැ.
4. කතාකරුවෙකු නොවිය යුතුයි
මේකත් අර උඩ කියපු වැරැද්දම වගේ ගොඩක් අය නිතර දෙවොලේ කරන වැරැද්දක්. ඒ තමයි දැන් විචාරයක් දුන්නම ඒ විචාරය අස්සේ ඔයා දැන් අදාල කවි ටිකේ සියලුම විස්තර හරි ඒ කතාවේ ඔක්කොම විස්තරය ලියන්න ගියොත් ගොඩක් වෙලාවට උත්තර පරික්ෂකවරයටත් එපා වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ඔයාට වෙලාවත් සෑහෙන්න මදි වෙනවා මේ මුලු පේපර් එකටම උත්තර ලියන්න.
5. පැහැදිලි අත් අකුරු
සමහර වෙලාවට කොච්චර හොඳට උත්තරය ලිව්වත් අපිට ලකුණු නැති වෙන අවස්ථා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපැහැදිලි අත් අකුරු. විශේෂයෙන්ම දැන් උත්තර පරික්ෂකවරු ගොඩක් පේපර් බලනවනේ. ඒ එක්කම ඔයාගේ පේපර් එකේ අකුරු අපැහැදිලි නම්, ගොඩක් වෙලාවට ඒ පරික්ෂකවරයටත් විචාරය කියවන එක එපාවෙන්න පුලුවන්. ඒ නිසා ඔයා පැහැදිලි අත් අකුරු පුලුවන් තරම් පාවිච්චි කරන්න. ඒ වගේම උදාහරණ වෙනත් පාටකින් වෙන් කරලා හඳුනගන්න පුලුවන් විදියට ලියන්න.
6. භාෂාව පිලිබඳ දැනුම පෙන්වීම
මේකත් ඔයාට විචාර පේපට් එකට ලකුණු ගන්න කරන්න පුලුවන් හොඳ ටිප් එකක්. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ තියෙනවා ලියන දේ ලස්සන කරගන්න විධි ඕනේ තරම්. උපමා භාවිතය, ප්‍රස්ථාව පිරුලු, කවි, කාව්‍යාත්මක භාෂා රටාවක්, සංකීර්ණ වචන මේ වගේ දේවල් ඔයාට පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඒවා පාවිච්චි කරද්දි ඒ දේ කියවන කෙනාට නීරස නොවෙන්නත් ඔයා වග බලාගන්න ඕනෙ.
7. වචන නොව කරුණු වැඩිකරගන්න
ගොඩක් අය වරද්දම ගන්න තැන තමයි මේක. සාමාන්‍යයෙන් අපි රචනාවක් ලියනවා වගේ නෙමේ මේක. විචාරයක හොඳ ලකුණකට යන්න පුලුවන් වෙන්නෙ පිටු දෙක තුන ලියු පමණින්ම නෙමේ. කරුණු වැඩි සංඛ්‍යාවක් ලිව්වොත් තමයි ඇත්තටම අපිට ලකුණු ලැබෙන්නේ. මේ වචන ගාණ සම්පූර්ණ කරන්න නෙමේ, කරුණු වැඩිකරගන්න උත්සාහ කලොත් අනිවාර්යයෙන්ම විචාරයට හොඳම ලකුණකට අනිවාර්යයෙන්ම ඔයාට යන්න පුලුවන්
ඉතින් අද අපි කතාකලේ විචාරයකට හොඳම ලකුණකට යන්න ආසාවෙන් ඉන්න අයට පොඩි රහස් ටිකක් අපි රචනාවක් ලියද්දි සැලකිය යුතු කරුණු ගැනත් ඉක්මනින් ම ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වේවි සිංහල පේපර් එකට හොඳ ලකුණක් ගන්න..
Thanks a lot, This is very helpful to my term test.