ඉක්මනින් කෑමක් හදාගන්න තියනවා නම් අපේ මේ බිසී ශෙඩූල් එක්ක කොයිතරම් දෙයක්ද. ඔන්න ඉතින් අමුද්‍රව්‍ය 3කින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් රෙසිපි සෙට් එකක් ගෙනල්ලා තියනවා. බිසී වෙලාවට රසට වගේම ඉක්මනින් හදාගන්න පුලුවන් මේ කෑම ඔයාලත් ට්‍රයි කරලා බලන්න…
1. Peanut Butter Cookies
අවශ්‍ය ද්‍රව්‍ය :-
පීනට් බටර් කෝප්ප 1
බිත්තර 1
සීනි කෝප්ප 3/4
අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගන්න. ඊළඟට වෙනම බෝල් එකකට ඉන්ග්‍ර්‍රීඩියන්ට් සියල්ලම දාලා කලවම් කරගන්න. ට්‍රේ එකකට පාච්මන්ට් පේපර් එකක් එලලා මිශ්‍රණයෙන් ටිකක් අරන් රවුම් කරලා කුකීස් හදාගන්න. ගෑරැප්පුවෙන් අවශ්‍යනම් තද කරගන්නත් පුලුවන්. දැන් මේක විනාඩි 12ක් බේක් කරගන්න.
2. Crepes
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි කෝප්ප 1
කිරි කෝප්ප 1 1/2
බිත්තර 2
මේ සියල්ලම හොඳට විස්ක් කරගන්න. සාදාගත් බැටර් එක නන්ස්ටික් පෑන් එකකට ටික ටික දාලා ක්‍රේප්ස් ටික හදාගන්න.
3. Banana Ice-cream Bites
අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙසෙල් ගෙඩි 4
චොක්ලට් චිප්ස් කෝප්ප 1/4
චොක්ලට් සිරප් ස්වල්පයක්
කෙසෙල් ටික පෙති කපලා ට්‍රේ එකක තියලා පැය 2ක් ෆ්‍රීස් කරගන්න.දැන් මේ ටික එළියට අරන් විනාඩි 5ක් වගේ තියලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක වෙන බෝල් එකකට දාලා චොක්ලට් චිප්ස් එකතු කරලා ස්පැචූලා එකෙන් කලවම් කරන්න. බටර් ගාගත් මිනි මෆින් ට්‍රේඑකකට මේ බැටර් එකෙන් ටික ටික දාලා උඩින් චොක්ලට් චිප්ස් ඉසගන්න.පැය 3ක් ෆ්‍රිජ් එකේ තියන්න. ඊළඟට මේ ටික මෆින් ට්‍රේ එකෙන් ගලවලා චොක්ලට් සිරප් දාලා කෑමට ගන්න.
4. Cauliflower Soup
අවශ්‍ය ද්‍රව්‍ය :-
කෝලිෆ්ලවර් ගෙඩියක්
බටර් මේසහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
කෝලිෆ්ලවර් ගෙඩිය සුද්දකරලා කෑලි කපාගන්න. භාජනයක් ලිපේ තියලා මේ ටික දාලා ලුණු ටිකක් දාලා හොඳට තම්බගන්න. ඊළඟට වතුර ටික පෙරලා මේ කෝලිෆ්ලවර් ටික බ්ලෙන්ඩර් එකට දාගන්න. බටර් ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීමි සුප් එකක් ලැබෙයි. කැමතිනම් ඔලිව්තෙල් හෝ පාමසාන් චීස් උඩින් ඉහලා කෑමට ගන්න.
5. Banana Pudding
අවශ්‍ය ද්‍රව්‍ය :-
පෙති කපාගත් කෙසෙල් ගෙඩි 4
ආමන්ඩ් මිල්ක් කෝප්ප 1/2
චියා සීඩ්ස් ස්වල්පයක්
බ්ලෙන්ඩර් එකට ආමන්ඩ් මිල්ක් හා කෙසෙල් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක ග්ලාස් ට්‍රේ එකකට දාලා ලෙවල් කරලා උඩින් චියා සීඩ්ස් ඉසගන්න. පැය 3-4ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න. උඩි කෙසෙල් පෙති කිහිපයක් තියලා පිළිගන්වන්න.
6. Grilled Chicken Wings
අවශ්‍ය ද්‍රව්‍ය :-
චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
මෙල්ටඩ් බටර් මේසහැඳි 3
චිකන් සීසනින් පව්ඩර් තේහැඳි 3
චිකන් වින්ග්ස් වලට සීසනින් පව්ඩර් තේහැඳි 2ක් දාලා හොඳට මැරිනේට් කරගන්න. දැන් මේ ටික ග්‍රිල් හෝ අවන් කරගන්න. මේ අතරෙ බටර් වලට සීසනින් පව්ඩර් ඉතිරි තේ හැන්ද දාලා කලවම් කරගන්න.දැන් මේකට ග්‍රිල් කරගත් චිකන් වින්ග්ස් ටික දාලා කලවම් කරගන්න. රාන්ච් ඩ්‍රසින් එකත් එක්ක පිළිගන්වන්න පුලුවන්.
7. Shrimp with Ginger Sauce
අවශ්‍ය ද්‍රව්‍ය :-
සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
ග්‍රේට්කරගත් ඉඟුරු මේසහැඳි 1
ඇප්‍රිකට් ප්‍රිසව්ස් හෝ පැණි කෝප්ප 3/4
ලුණු හා ගම්මිරිස්කුඩු
පෑන් එකකට ඇප්‍රිකට් ප්‍රිසව්ස් හෝ පැණි දාලා ඉඟුරු ටික දාගන්න.රස අනුව ලුණු දාලා මද ගින්නෙ විනාඩි 2ක් තියන්න.බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට ඉස්සො එකින් එක තියලා උඩින් ඇප්‍රිකට් සෝස් එක දාලා ලුණු හා ගම්මිරිස්කුඩු ඉහලා සෙල්සියස් අංශක180ට විනාඩි 15ක් බේක් කරගන්න.
Leave a Reply