කැට් ෆුඩ් රෙසිපීස් 7ක්

ගෙදර සුරතලේට හදන පූස් නෝනා මහත්වරුන්ගේ ආහාර වේල පෝශ්‍යදායීව සකසගන්න රෙසිපි ටිකක් කියලා දෙන්න හිතුවා. මේ උන්දැලාගෙන් වැඩක් නොතිබුණාට මොකද වෙලාවට කෑම ටික සපයන්න එපැයි. ඒක පූස් සුරතලුන් ගෙදර ඇති කරන අය හොඳටම දන්න දෙයක්. ඔන්න එහෙනම් ඔයාගෙ සුරතලා ආසම විදියට කෑම ටිකක් හදලා දෙන්න මෙන්න මේ රෙසිපි ටික ෆලෝ කරන්න.

 

1. ලෝ බජට් කැට් ෆුඩ්

අවශ්‍ය ද්‍රව්‍ය :-

චිකන් ෆීට්ස් ග්‍රෑම් 100

චිකන් තයි ග්‍රෑම් 50

චිකන් හාට් ග්‍රෑම් 50

කපාගත් අල ගෙඩි 2

 

චිකන් ෆීට්ස් වල නේල්ස් ටික කපාගන්න. මේ ටික හා අනික් ඔක්කොම භාජනයකට දාලා වතුර දාලා තම්බගන්න. තම්බාගත් ෆීට්ස් වල කටු අයින් කරගන්න. චිකන්,අල,චිකන් ෆීට්ස් වෙන වෙනම කුඩු කරගන්න. දැන් චිකන් තම්බාගත් වතුර වලින් කෝප්පයක් වගේ බ්ලෙන්ඩර් එකට දාලා චිකන් ෆීට්ස් ටික දාගන්න. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට අල හා අනික් චිකන් ටිකත් දාලා චිකන් ස්ටොක් මදිනම් තව දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ටිකක් තික් පේස්ට් එකක් හදලා කන්න දෙන්න.

 

2. චිකන් ටූනා රයිස්

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

පිසගත් බත් කෝප්ප 1

තම්බාගත් චිකන් ග්‍රෑම් 100

තම්බාගත් ටූනා ග්‍රෑම් 50

 

බත් මේස හැන්දක් වගේ ග්‍රයින්ඩර් එකට දාලා වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට තම්බාගත් ටූනා හා චිකන් ටික දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ පේස්ට් එක ඉතිරි බත් වලට කලවම් කරලා කෑමට දෙන්න.

 

3. ටෝෆු මික්ස් කැට්ෆුඩ්

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපාගත් චිකන් ග්‍රෑම් 30

කපාගත් ටෝෆු ග්‍රෑම් 20

බතල කෑල්ලක්

කැරට් අලයක්

එළවළු තෙල් ටිකක්

මාළු ග්‍රෑම් 50

රාබු අල 1/2

 

බතල ,කැරට් හා රාබු ටික කෑලි කපාගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා මාළු හා ටෝෆු ටික දාගන්න. මේ ටික ෆ්‍රයි උනාම චිකන් ටික දාගන්න. ඊළඟට වතුර කෝප්ප 1/4ක් වගේ දාගන්න. මේ ටික හොඳට තැම්බුනාම එළවළු ටිකත් දාලා හොඳට තම්බගන්න. දැන් මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරලා කෑමට දෙන්න.

 

4. ක්‍රිස්පි චිකන් රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

අඹරාගත් චිකන් ග්‍රෑම් 200

තල ඇට ස්වල්පයක් 

 

චිකන් වලට තල ඇට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේකෙන් බාගයක් අරන් බටර් ගාගත් සර්ෆේස් එකකට දාලා උඩින් ලන්ච් ශීට් එකක් දාලා තුනී කරගන්න. ෆොයිල් වලින් අඟල් කාලක් වගේ මහත බට ටිකක් හදාගන්න. තුනීකරගත් චිකන් උඩින් මේ එක බටයක් තියලා චිකන් රවුමට රෝල් කරගන්න. ස්ටික් වගේ දැන් මේ වගේ ෆොයිල් බට එකින් එක තියලා රෝල් කරලා චිකන්රෝල් ටික හදාගන්න. බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක180ට විනාඩි 30ක් බේක් කරගන්න. නිවුනට පස්සෙ ෆොයිල් එක ගලවගන්න.

 

5. චිකන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය :-

චිකන් ග්‍රෑම් 100

කපාගත් කැරට් කෑල්ලක්

සැල්දිරි ස්වල්පයක් 

ග්‍රීක් යෝගට් ස්වල්පයක් 

 

චිකන් ටික පොඩියට කපාගන්න. සැල්දිරි හා කැරට් ටිකත් කපාගන්න. චිකන් වලට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න. මේකට කැරට් ටිකත් දාගන්න. දැන් කැරට් හා චිකන් තැම්බුනාම වතුර පෙරාගන්න. මේකට සැල්දිරි ටික චොප් කරලා උඩින් දාගන්න. ග්‍රීක් යෝගට් ටිකක් දාලා කෑමට දෙන්න.

 

6. බේබි කැට් ස්ටාටර්

අවශ්‍ය ද්‍රව්‍ය :-

චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 50

චිකන් ගිසාඩ් ග්‍රෑම් 50

බ්‍රොකොලි කෑලි 2

කැරට් අල 1/2

 

චිකන් ටික හොඳට තම්බගන්න. මේකට කැරට් ටිකත් දාලා තැම්බෙන්න අරින්න. දැන් මේ ටික පෙරලා ග්‍රයින්ඩර් එකට දාලා බ්‍රෝකොලි සහ කැරට් එක්ක ග්‍රයින්ඩ් කරගන්න.

 

7. හෝම්මේඩ් එග් ඩයට්

අවශ්‍ය ද්‍රව්‍ය :-

බිත්තර 1

සුකිනි ගෙඩි 1/2

අල ගෙඩි 1

 

අල හා සුකිනි පොඩියට කපාගන්න. භාජනයකට වතුර ටිකක් දාලා අල හා සුකිනි ටික හොඳට තම්බගන්න. දැන් මේ ටික අයින්කරලා මේ වතුර භාජනයටම බිත්තරය දාලා තම්බගන්න. තම්බාගත් බිත්තරය හා එළවළු ටික මෑශ් කරගන්න. මේකට වතුර ටික ටික දාලා තික් පේස්ට් එකක් වගේ වෙනකල් මෑශ් කරලා කන්න දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *