Facebook ‘හොර ව්‍යාපාර’ හඳුනා ගන්නේ මෙහෙමයි

පහුගිය කොවිඩ් කාලේ අපි හුඟක් වෙලාවට online බඩු ගන්න පුරුදු වුණා නේ. ඒ අතරේ එදිනෙදා අවශ්‍යතා වගේ ම විශේෂ බඩුමුට්ටුත් තිබුණා. විශේෂයෙන් ම රටේ පිළිගත් ආයතවල වෙබ් පිටු වගේ ම, දන්න – නො දන්න අය Facebook පිටු හරහා පවත්වාගෙන යන ව්‍යාපාර එකත් අපි හුඟ දෙනෙක් ගනුදෙනු කළා. ඒ වගේම, කොවිඩ් තත්ත්වයත් එක්ක online ව්‍යාපාර සඳහා ඇතිවුණු ඉල්ලුමත් එක්ක, අලුතෙන් මේ වගේ online ව්‍යාපාර කරන පොඩි පොඩි ආයතනත් හුඟක් බිහි වුණා. ඒ අයට, ව්‍යාපාරයට ම විශේෂ වුණු වෙබ් පිටු නො තිබුණත් Facebook පිටු හරහා ඔවුන් තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන ගියා.

මේ එක්ක ම අතවැල් බැඳගෙන ආ දෙයක් තමයි ව්‍යාජ ව්‍යාපාර. 

“මම සල්ලිත් ගෙව්වා හැබැයි බඩු ආවේ නැහැ.. ඒ ගැන ඇහුවම page එකෙන් මාව block කළා” වගේ කතා ඔබටත් ඇහිලා ඇති. එහෙමත් නැත්නම් ඔබත් ඒ වගේ ව්‍යාජ ව්‍යාපාරයකට අහුවෙලා පාඩු සිදුකරගෙන ඇති. 

මේ ලිපිය මගින් අපි ඔබට කියන්නේ, ඔබ ගනුදෙනු කරන්න යන්නේ එහෙම ව්‍යාජ ව්‍යාපාර කරගෙන යන Facebook පිටුවක් එක්ක ද කියලා හඳුනාගන්න පුළුවන් කරුණු ටිකක. බලන්න මේ රතු එළි ඔබටත් පේනවද කියලා.

 

1. Photos

Facebook page එකේ ඡායාරූප තමයි පළවෙනියටම වැඩේ ‘හරි වැඩක්’ ද ‘හොර වැඩක්’ ද කියල හොයාගන්න තියෙන සංඥාව. හුඟක් වෙලාවට ව්‍යාජ ව්‍යාපාරයක නම්, මේ පින්තුර ඉතාම පැහැදිළියි. වෙනත් වෙබ් අඩවියකින් ලබාගත් බව පෙනෙනවා. හැබැයි සමහර විට හරියට ම කෙරෙන ව්‍යාපාරයක වුණත්, ඔවුන් භාණ්ඩ ආනයනය කරන වෙබ් අඩවියෙන් ගත් ඡායාරූප භාවිතා වෙනව වෙන්න පුළුවන්. 

 

ඒ නිසා එහෙම සැකයක් එන පළමු වෙලාවෙම, ඔබ මිලදී ගන්න බලාපොරොත්තු වෙන භාණ්ඩයේ තවත් ඡායාරූප ඉල්ලා සිටින්න ඔබට පුළුවන්. උදාහරණයකට ඔබ මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ අත් බෑගයක් නම්, ඒ බෑගයේ ඇතුළත ඡායාරූප ආදිය ඉල්ලා සිටින්න ඔබට පුළුවන්. ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් ඔබට ටිකක් සැළකිලිමත් වෙනවා.

 

2. Cash On Delivery ද? Bank Transfer Only ද? 

මුදල් ගෙවන විදිහ අනුවත් යම් යම් සැක උපදවාගන්න පුළුවන්. හුඟක් ආයතනවල භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවීම වගේ ම බැංකු තැන්පතුත් භාර ගන්නවා. හැබැයි ව්‍යාජ ව්‍යාපාරයක නම් ඔබට දෙන්නේ බැංකු තැන්පතු හෝ easy cash ගෙවීමේ option එක විතරයි.  මොකද භාණ්ඩය ලැබුණු පසු මිඋදල් ගෙවන්න කියන්න ඔවුන් සතුව භාණ්ඩ නැහැ. 

නමුත් කලාතුරකින් සමහර ව්‍යාජ නොවන ව්‍යාපාරවලත් බැංකු තැන්පතු ගෙවීමේ ක්‍රමය පමණක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඒත් එහෙම අනම් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඇත්තටම මේ ව්‍යාපාරයට වංචාවක් ද නැද්ද කියල දැනගන්න මේ ලිපියේ අනෙක් කරුණු ඔබට උදව් වෙයි. 

 

3. Reviews! Reviews!! Reviews !!!

දැන් මේ Page එකට ලැබිල තියෙන Reviews බලමු. 5 න් 5 ම ලැබිලා තියෙනවා කියන්නේ පොඩි කොළ එළියක් දැල්වෙනවා තමයි. හැබැයි මේ Reviews ව්‍යාජ ගිණුම්වලින් බොරුවට දාන්නත් පුළුවන්. ඒ නිසා ඒ Reviews දාල තියෙන ගිණුම් දිහාත් ටිකක් බලන එක වටිනවා. මේ ඔක්කොම Reviews දාල තියෙන්නේ ව්‍යාජ ගිණුම්වලින් නම්, ඔන්න ඔබට ඒ page එක එක්ක ව්‍යාපාර කරන එක ගැන කිහිප වතාවක් ම හිතන්න වෙනවා. 

 

4. Comments අමතක කරන්න එපා 

Page එකේ post වලට වැටෙන comments බලන්න. Negative comments වැඩි නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේ ම හුඟක් comments page එක විසින් ම delete කරලා නම් ඒ තියෙන්නේ රතු එළියක්. 

 

5. Customer Feedback ගැනත් බලන්න 

සමහර මේ වගේ Pages Customer Feedback වෙන ම post විදිහට දාන්න කටයුතු කරනවා. ඒවා සමඟ ඇති photos දිහා උනන්දුවෙන් බලන්න. සමහර photos මේ රටේ අයගේවත් නො වන බව ඔබට වැටහෙයි.

සැක සහිත ම නම්, මේ ඡායාරූප download කරගෙන Google image search එකකට දාලා බලන්න. ඒවා තවත් තැන්වලින් අරගෙන ඔබව රවට්ටන්න භාවිතා කරලා තියෙනවා නම්, ඉතාම ඉක්මනින් ඔබට එය සොයාගන්න පුළුවන් වෙයි. 

 

6. ඔයාගේ යාලුවොත් ඉන්නවද?

මේ page එකට like කළ අය අතරේ ඔයාගේ යාලුවොත් ඉන්න පුළුවන්. ඒ අයගෙන් මේ page එක ගැන අහල දැනගන්න. ඒ අය නිකමට වගේ මේ page එකට like කළා වෙන්නත් පුළුවන්. හැබැයි මේ page එක කරන්නේ කවුද, මේ ව්‍යාපාරය ඇත්තද කියල දන්න යාලුවොත් ඒ අතරේ ඉන්නවා වෙන්න පුළුවන්. 

 

7. දුරකථන අංකය ගැන විමසිලිමත් වෙමු

අදාළ ආයතනය ඔබට සපයන දුරකථන අංකය ‘Truecaller’ හෝ එවන් වෙනත් App එකක් ඔස්සේ search කර බලන්න. මෙයට පෙර මෙම පුද්ගලයා මේ දුරකතන අංකයම යොදාගෙන වංචාවක් කර තිබේ නම්, එයට අහුවුණු කෙනෙක් ඔහුව ‘scammer’ හෝ ඊට සමාන නමකින් save කර තිබෙනවා වෙන්න ඉඩ තිබෙනවා. මේක ටික long shot එකක් තමයි. හැබැයි හොයල බලන එක වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *