ඩෙසර්ට් වලට ගන්න සුපිරි ට්‍රයිෆ්ල් රෙසිපි ටිකක් තමයි අද අරං ඇවිල්ලා තියෙන්නෙ. ෆ්‍රෙශ් ක්‍රීම්, මිල්ක්, ෆෘට්ස් දාලා රසට වගේම ලේසියෙන් හදාන්න පුලුවන් මේ රෙසිපි දැන්ම හදන්න බැරිනම් සේව් කරලා හරි තියාගන්න. හදපු දවසක අපිටත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා.
1. Brownie Trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුඩුකරගත් බ්‍රවුනී කෝප්ප 1
කිරි කෝප්ප 3 1/2
සීනි කෝප්ප 1/2
බිත්තර 1
වැනිලා ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
කොකෝවා පව්ඩර් මේසහැඳි 3
කෝන්ෆ්ලා කෝප්ප 1/4
විප්ක්‍රීම් කෝප්ප 1
අයිසින් ශුගර් කෝප්ප 1
ඉන්ස්ටන්ට් කොෆී මේසහැඳි 1
වතුර මේසහැඳි 1
කොෆී කැන්ඩි ස්වල්පයක්
පෑන් එකකට කිරි කෝප්ප 3ක් දාලා සීනි දාලා හැඳිගාන්න. උණුවෙනකොට ලිපෙන් බාන්න. ඉතිරි කිරි කෝප්ප 1/2ට බිත්තරය දාලා වැනිලා එකතු කරන්න. මේකට ලුණු, කොකෝවා පව්ඩර්, කෝන්ෆ්ලා දාලා විස්ක් කරගන්න. දැන් මේකට උණුකරගත් කිරි ටික ටික දාගන්න. දැන් ආයෙ මේක ලිපේ තියලා උණු කරන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න. ටිකක් තික් උනාම ලිපෙන් බාගන්න.
විප්ක්‍රීම්ටික බීට් කරගන්න. අයිසින් ශුගර් ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. කොෆී වලට වතුර මේසහැඳි 1ක් දලා දියකරලා විප්ක්‍රීම් වලට එකතු කරන්න. සිප්ලොක් බෑග් එකකට කොෆී කැන්ඩි ටික දාලා කුඩුකරගන්න.
ඩෙසර්ට් කප් වලට කුඩුකරගත් බ්‍රවුනී ටික ටික දාගන්න. ඊලඟට සාදාගත් කොෆී විප්ක්‍රීම් ටික ලේයර් එකක් වගේ පයිප්කරගන්න.දැන් කුඩුකරගත් කැන්ඩි ටික දාලා චොක්ලට් කස්ටර් ලේයර් එකක් දාගන්න. ආයෙ විප්ක්‍රීම් ලේයර් එකක් දාලා කැමති විදියට ඩෙකරේට් කරගන්න.
2. Berry Trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
බ්ලූබෙරි කෝප්ප 1/2
ස්ට්‍රෝබෙරි ගෙඩි 10
ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1
සීනි කෝප්ප 1/4
කොටු කපාගත් ස්පොන්ච් කේක් ග්‍රෑම් 200
කස්‍ඩට් පව්ඩර් මේසහැඳි 2
කිරි කෝප්ප 2
විප්ක්‍රීම් කෝප්ප 1
චොප්කරගත් නට්ස් ස්වල්පයක්
ජෙලි පැකට් එකට උණුවතුර කෝප්ප 2ක් හා සීනි දාලා ජෙලි එක හදගන්න.මේක පැයක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න. ඒ අතරෙ බ්ලූබෙරි හා ස්ට්‍රෝබෙරි ටික පෙති කපාගන්න. මේකට සීනි මේස හැන්දක් වගේ ඉසගන්න. හොඳට කලවම් කරගන්න. කිරි කෝප්ප 1/2 කස්ටඩ් පව්ඩර් දියකරලා ලිපේ තියන්න. ඉතුරු කිරි ටිකත් දාලා හොඳට හැඳිගාන්න. මිශ්‍රණය තික් උනාම ලිපෙන් බාගන්න.
ඩෙසර්ට් කප් වලට කපාගත් කේක් කෑලි දාලා පළතුරු ටිකක් දාගන්න. ඊලඟට ජෙලි ටිකක් දාගන්න. උඩින් නිවෙන්න තියපු කස්ටඩ් ටික දාගන්න.වි ප්ක්‍රීම් ටික ස්ටිෆ්පීක් වෙනකල් බීට් කරලා උඩින් දාගන්න. චොප්කරගත් නට්ස් දාලා ෆ්‍රිජ් එකේ දාන්න.
3. Chocolate Mousse Trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුඩුකරගත් ඔරියෝ බිස්කට් 7-8
චොප්කරගත් ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
විප්ක්‍රීම් කෝප්ප 1
ඩාක් චොක්ලට් ටික ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2 දාලා ඩබල් බොයිල් කරගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකෙන් භාගයක් මෙල්ට් කරගත් චොක්ලට් වලට දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. දැන් ඩෙසර්ට් ග්ලාස් වලට කුඩුකරගත් ඔරියෝ ටිකක් දාලා චොක්ලට් මිශ්‍රණය ප්‍රයිප් කරගන්න. ඊලඟට විප්ක්‍රීම් ලේයර් එකක් දාගන්න. ආයෙ කුඩුකරගත් ඔරියෝ ටිකක් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාලා පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා සර්ව් කරන්න.
4. Australian Trifle with Custard
අවශ්‍ය ද්‍රව්‍ය :-
ජෙලි පැකට් 1
සීනි කෝප්ප 1/4
කුඩුකරගත් කේක් කෝප්ප 2
කපාගත් අඹ ගෙඩි 1
කපාගත් ඇපල් ගෙඩි 1
කපාගත් අන්නාසි ගෙඩි 1
කස්ටඩ් කුඩු මේසහැඳි 2
කිරි කෝප්ප 2
විප්ක්‍රීම් කෝප්ප 1
කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6-7
බ්ලූබෙරි ස්වල්පයක්
ජෙලි වලට උණුවතුර කෝප්ප 1ක් හා සීනි කෝප්ප 1/4ක් දාලා දිය කරලා නිවෙන්න තියන්න.
බෝල් එකට කේක් කුඩු දාලා හැන්දකින් බෝල් එකේ බිත්ති වැහෙන්න හොඳට තද කරගන්න. ඊලඟට මේකට කපාගත් පළතුරු ටික අතුරලා පැයක් ෆ්‍රිජ් එකේ තියන්න.එලියට අරන් පරිස්සමට ජෙලි එක දාගන්න. ආයෙ පැය 3ක් ෆ්‍රිජ් එකේ තියන්න. ඒ අතරෙ කස්ටඩ් එක හදාගන්න.
කිරි කෝප්ප 1/2කට කස්ටඩ් පව්ඩර් දියකරලා පෑන් එකට දාලා ලිපේ තියන්න. දැන් මේක කැටි නොගැහෙන්න හැඳිගාන්න. ඉතුරු කිරි ටිකත් දාලා හැඳිගාන්න. විනාඩි 5-6ක් යනකොට බුබුළු දාලා නටන්න ගනී. අඩිය අල්ලන්න නොදී දිගටම හැඳිගාන්න. කස්ටඩ් එක තික් උනාම ලිපෙන් බාලා නිවෙන්න තියන්න. නිවෙන්කල් ටිකක් හැඳිගාන්න. දැන් මේ කස්ටඩ් එක ජෙලි ලේයර් එක උඩින් දාගන්න.
විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරලා ඊලඟ ලේයර් එක දාගන්න. දැන් උඩින් කපාගත් ස්ට්‍රෝබෙරි හා බ්ලූබෙරි අතුරලා රැප්කරලා ෆ්‍රිජ් එකට දාගන්න.
5. Banana Trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුකීස් 5-6
ඉදුණු කෙසෙල් ගෙඩි 4
විප්ක්‍රීම් කෝප්ප 1
අයිසින් ශුගර් ස්වල්පයක්
මුලින්ම විප්ක්‍රීම් ටික බීට් කරන්න. වැනිලා හා අයිසින් ශුගර් දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. කුකීස් ටික ග්‍රයින්ඩ් කරගන්න. කෙසෙල් පෙති කපාගන්න. ඩෙසර්ට් කප් අරගෙන මුලින්ම කුකීස් කුඩු දාලා ඊලඟට විප්ක්‍රීම් ටික දාගන්න. කෙසෙල් පෙතිවලින් ටිකක් දාලා ඊලඟට ආයෙ කුකීස් කුඩු දාලා විප්ක්‍රීම් දාගන්න. උඩින් කුකීස් කුඩු දාලා ෆ්‍රිජ් එකට දාගන්න.
6. Christmas Trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
ජෙලි ලේයර් එකට-
ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1
සීනි මේසහැඳි 4
ස්පොන්ච් කේක් ග්‍රෑම් 500
කස්ටඩ් එකට-
බිත්තර කහමද 5
සීනි මේසහැඳි 4
කෝන්ෆ්ලා මේසහැඳි 2
කිරි කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 10
බ්ලූබෙරි ස්වල්පයක්
විප්ක්‍රීම් කෝප්ප 1
අයිසින් ශුගර් කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
ජෙලි පැකට් එක කඩලා උණුවතුර කෝප්ප 2ක් දාලා සීනි ටිකක් දාලා දියකරගන්න. නිවෙන්න තියන්න. ස්පොන්ච් කේක් එක පොඩි කෑලි වලට කපාගන්න. බෝල් එකකට කේක් කෑලි ටික දාල ජෙලි වලින් භාගයක් දාගන්න. දැන් මේක පැයක් ෆ්‍රිජ් එකේදාගන්න. වෙනම බෝල් එකකට බිත්තර කහමද, සීනි හා කෝන්ෆ්ලා දාලා විස්ක් කරගන්න. කිරි ටික ලිපේ තියලා වැනිලා ටිකක් දාගන්න. නටනකොට ලිපෙන් බාලා කස්ටඩ් එකට ටික ටික මික්ස් කරන්න. හොඳට විස්ක් කරන්න. දැන් මේක ආයෙ කිරි උණු කරගත් භාජනයට දාලා ලිපේ තියන්න. දිගටම විස්ක් කරන්න. ටික ටික තික් වෙයි. සාමාන්‍ය තරමක තික් උනාම ලිපෙන් බාගන්න. නිවෙන්න තියන්න. ෆ්‍රිජ් එකෙන් කේක් බෝල් එක අරන් කස්ටඩ් එක දාගන්න. දැන් මේක හා නිවෙන්න තියපු ඉතිරි ජෙලි ටික පැයක් ෆ්‍රිජ්දාගන්න. දැන් ඩෙසර්ට් බෝල් එක හා ජෙලි එක අරන් භාගෙට සෙට් උන ජෙලි හැන්දකින් කස්ටඩ් එක උඩට දාගන්න. මේකට කපාගත් ස්ට්‍රෝබෙරි වලින් ටිකක් අතුරලා පැය 3ක් ෆ්‍රිජ් දාගන්න. ඒ අතරෙ විප්ක්‍රීම් ටික බීට් කරගන්න. අයිසින් ශුගර් ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. ෆ්‍රිජ් එකෙන් ගත්තු ට්‍රයිෆ්ල් එකට උඩින් විප්ක්‍රීම් දාලා කපාගත් පළතුරු ටික දාලා අයිසින් ශුගර් ටිකක් ඉහගන්න.
7. Nutella trifle
අවශ්‍ය ද්‍රව්‍ය :-
නියුටෙලා බ්‍රවුනී එකට-
නියුටෙලා ග්‍රෑම් 400
බිත්තර 2
පාන්පිටි කෝප්ප 1/2
චොක්ලට් කස්ටඩ් එකට-
කිරි කෝප්ප 2
බිත්තර 2
සීනි මේසහැඳි 4
පාන්පිටි මේසහැඳි 3
බටර් මේසහැඳි 2
වැනිලා ස්වල්පයක්
ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 2
මිල්ක් චොක්ලට් ග්‍රෑම් 100
ඩාක් චොක්ලට් ග්‍රෑම් 50
භාජනයකට නියුටෙලා ටික දාලා බිත්තර 2ක් දාගන්න. මේකට පාන්පිටි ටික දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. මේක බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න.
කිරි වලට බිත්තර 2 දාලා සීනි හා පාන්පිටි දාලා කලවම් කරගන්න. දැන් මේක පෑන් එකට දාලා ලිපේ තියන්න. තික් වෙනකල් හැඳිගාන්න. මේකට බටර් හා වැනිලා එකතු කරගන්න. තව ටිකක් තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
ෆ්‍රෙශ් ක්‍රීම් ටික බෝල් එකකට දාගන්න. මේකට ඩාක් චොක්ලට හා මිල්ක් චොක්ලට් ටික දාලා මයික්‍රොවේව් කරගන්න. හොඳට කලවම් කරගන්න.
බ්‍රවුනි එක නිවෙන්න තියලා තරමක කෑලි කපාගන්න. මේකට චොක්ලට් කස්ටඩ් එක දාගන්න. ඊලඟට ෆ්‍රෙශ් ක්‍රීම් තැනින් තැන දාලා ආයෙ බ්‍රවුනි ටිකක් දාගන්න. ඔයවගේ ලේයර්ස් කිහිපයක් දාලා ෆ්‍රිජ් එකට දාන්න.
Leave a Reply