පාඩම් කරන එකත් ආසාවෙන් කරන්න හිතෙන නිර්මාණශීලි ටිප්ස් හතක්

ගොඩක් අයට පාඩම් කරන්න කියලා කවුරු හරි කිව්වම නිකන් එපා වෙච්චි මූඩ් එකෙන් පාඩම් කරන්නේ. එක්කෝ තමන්ටම පාඩම් කරන්න ඕනේ කියලා හිතුනම පාඩම් කරද්දි මාර කම්මැලි කමක් දැනෙන්නෙ. ඒකට හේතුව මොකද්ද දන්නවද.. ඔයා පාඩම් කරන විදිය. ඒක ඔයා ආසාවෙන් කරනවා නම් කොහෙත්ම ඔයාට කම්මැලි කමක් ඇති වෙන්නේ නෑ. ඉතින් අපි බලමු අද ඒ වගේ වැඩිය කම්මැලි නොහිතෙන විදියට පාඩම් කරන්න ආස අයට ඉෆෙක්ටිව් ටිප්ස් හතක් ගැන.

 

1. පාට පෑන් පාවිච්චි කරමු

මේක හැබැයි හැමෝටම ගැලපෙන ටිප් එකකුත් නෙමෙයි. හැබැයි මෙහෙමයි දැන් නිල් කළු කියන පාට සාමාන්‍යයෙන් අපේ ඇහැට ගොඩක් හුරු පාටනේ. හැබැයි රතු වගේ පාට අපේ ඇහැට ගොඩක් බරයි. එ වගේ පාට නැතිව දම්, තැඹිලි, කොල වගේ පාට පාවිච්චි කරලා ඔයා ගෙදර පාඩම් කරන ශෝර්ට් නෝට් එක හරි , තනියම කරන පාස් පේපර්ස් වලට හරි පාවිච්චි කරන්න පුලුවන් නම් ගොඩක් ආසාවෙන් ඔයාට ඒ වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මෙහෙම පාටවලට ආස නැති අයට නම් මේක වැඩිය ගැලපෙන්නේ නෑ.

 

2. චිත්‍ර අඳිමු

මේකත් හොඳම හොඳ ස්ටඩි ටිප් එකක්. හැබැයි නම කියද්දි ගොඩක් අය ස්කිප් කරයි අනේ අපිට චිත්‍ර අදින්න බෑනේ කියලා. හැබැයි ඔයා එහෙම හිතුවනම් ඔයා සම්පූර්ණයෙන්ම වැරැදියි. දැන් ඉතින් ඔයා ඔය පාඩම් කරන දේ චිත්‍රයකට ගත්තට ඒක දකින්නේ ඔයා විතරනේ ඉතින් ගොඩක් ලස්සනට නැතුව ඔය දන්න විදියට ඒ පාඩම් කරන දේ චිත්‍රයකට නැගුවොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒක ආයේ ආයේ බලන්නත් ආස හිතෙයි.

 

3. සරල ශෝර්ට් නොට්

දැන් අපි ශෝර්ට් නෝට් එකක් ගහනවා කියලා ගොඩක් වෙලාවට කරන්නෙ ඉතින් ඇත්තටම අච්චු පොතේ තියෙන එකම ආයේ කොපි කරන එකමනේ. ඉතින් ඒක හරිම නිෂ්ඵල දෙයක්. ඉතින් අපිට බැරිද ශෝර්ට් නෝට් එකේ ඒවා අපේ වචනයෙන් ලියලා පුලුවන් තරම් සංකීර්ණ භාවය අඩු කරගන්න. මන් හිතන විදියට එහෙම පාඩම් කලොත් හැමෝම වගේ පාඩම් කරන ශෝර්ට් නෝට් එක ආසාවෙන් පාඩම් කරයි.

 

4. වැඩිදුර අධ්‍යනය 

මේක නම් හැම විෂයකටම යොදාගන්න බැරි ටිප් එකක් හැබැයි පාඩම් කරන්න මාර විදියට උදවු හම්බෙන ටිප් එකක්. සරලවම කිව්වොත් ඔයා පාඩම් කරන දේට අමතරව අච්චු පොතේ තියන ටිකට අමතරම ඔයාම තොරතුරු හොයන්න. ඒකට ඔයාට එක එක පොත් වර්ග පාවිච්චි කරන්න පුලුවන්. එහෙම ත් නැත්නම් ඔයාට පත්තර , ගුරුවරයෙක්ගෙන් අහන්න පුලුවන්. ඊටත් වඩා ලේසිම දේ ඔය අතේ තියන ෆෝන් එක. ඇත්තටම ගොඩක් තොරතුරු ගවේෂණය කරන්න පුලුවන් මේකෙනුත්. එතකොට ඔයාට ගොඩක් ආසවක් ඇතිවෙයි පාඩම් කරන්න.

 

5. Journal එකක් කරමු

වර්තමානයේ නම් ගොඩක්ම ගොඩක් ජනප්‍රිය දෙයක් නේ ජර්නල් එකක් scrap book එකක් කියන්නේ. අපි අපේ සයිට් එකෙත් ඒ ගැන ලිපියක් ලියල තියෙනවා. ඔයා මේ ගැන නොදන්න කෙනෙක් නම් ඒකත් <a target=blank href=”https://www.lifie.lk/2021/07/01/junk-journaling-101/”>කියවන්න</a>. ඉතින් අපිට පුලුවන් නම් අපි පාඩම් කරන ඉතිහාසය , විද්‍යාව , සාහිත්‍ය වගේ විශයකට මේ වගේ ජර්නල් එකක් පාවිච්චි කරන්න ඇත්තටම ඔයා හරිම ආසාවෙන් ඒක හදයි. ඒ වගේම අපි කලින් කිව්ව වැඩිදුර අධ්‍යාපනයත් ඔයාට නොදැනීම හැදෙන්න ලොකූ උදව්වක් වෙයි. 

 

6. ෆ්ලෑශ් කාර්ඩ් , මයින්ඩ් මැප් වගේ ක්‍රම

මේ ටිප්ස් දෙක ගැන අපි හැමතිස්සෙම වගේ කතාකරනවා ඒ හින්දා අද අපි මේ ගැන පොඩි කෙටි සටහනක් තියන්නම්. ඔයාට ඒ වගේම මේවා තුල අපි කලින් කියපු චිත්‍ර , සරල ශෝර්ට් නෝට් වුනත් ගහන්න පුලුවන් . ඔයාගේ නිර්මාණශිලිත්වය අනුව මේක වෙනස් කරගන්න. මේ දේවල් ගැන විස්තරාත්මක ව දැනගන්න ඕනේ නම්. මේ ලිපි දෙක කියවන්න ආරාධනා කරනවා.

මොනවද මේ Mind mapping කියන්නේ? කොහොමද ඒක කරන්නේ?

 

පාඩම් මතක තියාගන්​න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?

 

 

7. යූ ටියුබ් විඩියෝ නොබලා අපිම වීඩියෝ හැදුවොත්

මේක නම් ටිකක් පිස්සු වැඩක් කියලා ඔයාට හිතෙයි. එහෙම නැත්නම් ඔයාට හිතෙයි මේක බොරු වැඩක් කියලා. ඒත් ඇත්තම කතාව මේකයි. දැන් ඔයා මෙහම හිතන්නකෝ. ඔයා මොකක් හරි පොතක් කියවනවා කියලා ගොඩක් ආසාවෙන්. පස්සේ එකේ ෆිල්ම් එක බලනවා. ෆිල්ම් එකේ චරිත ඔයා පොත කියවලා හිතින් මවාගත්තු චරිත වගේ නෙමේනම් ඔයාට ඒ ඔක්කොම එපා වෙනවානේ. අන්න ඒකයි ඒ නිසා ගොඩක් වෙලාවට ඔය යූටියුබ් වීඩියෝ බලලා පාඩම් කරන එකෙනුත් වෙන්නේ අපේ නිර්මාණශිලිත්වය සිමීත වෙන එක. ආයේ අපිට හිතලා දෙයක් කරන එකත් ඒකෙන් සීමාකරනවා. ඉතින් පුලුවන් අය තමන්ගෙම අදහස් පාවිච්චි කරලා විඩියෝ හදන්න. එහෙම නැත්නම් කලින් කිව්වා වගේ චිත්‍රයක් වගෙත් පුලුවන් .

 

ඉතින් අද අපි කතාකරපු ටිප්ස් හතින් සමහර ඒවා ඔයාට නොගැලපෙනවාත් ඇති. සමහර ඒවා වාව් මරුනේ කියලා හිතෙනවාත් ඇති. එහෙමත් නැත්නම් මේ ටික කියවද්දි ඔයාගෙම හිතේ මේ වගේ නිර්මාණශිලි ස්ටඩි ටිප් එකක් මැවෙන්න්ත් ඇති. ඉතින් ඔයාට සුදුසුයි කියලා හිතෙන ස්ටඩි ටිප්ස් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට හොඳම ලකුණකට යන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *