දැන් ඕනම තැනක බොරු කියන ඩයල් ඉන්නවනේ. ඒ තත්වය ඔෆිස් එකකදී වුණත් එහෙමම තමයි. දැන් සාමාන්‍යයෙන් බොරු කියන ඩයල් නිසා ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට කරදරයක් අවැඩක් සිද්ධ වෙන්නෙ නැහැනේ. ඕන නම් තමන් ගැන පොඩි පොර ටෝක් එකක් කියයි. හැබැයි ඔෆිස් එකට සම්බන්ධ, ඔෆිස් වැඩ වලට අදාළ දේවල් වලදී බොරු කියන එක නම් ටිකක් කේස්. ඒ වගේ දේවල් නිසා සමහර වෙලාවට ඔෆිස් එකක වැඩ කටයුතු, ඔෆිස් එකෙන් කරන ප්‍රොජෙක්ට් වගේ දේවල් සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පුලුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මොකක් හරි වැඩක් කරන්නෙ නැතුව කළා කියලා බොරු කියන එක. ඔෆිස් එකේ කරන්න තියෙන දෙයක් තමන්ට ඇත්තටම කරන්න හැකියාවක් නැති වුණත්, තමන්ට පුලුවන් කියලා පොර ටෝක් ටිකක් බොරුවෙන් මවලා පෙන්නලා, ඒ වැඩේ අල කරන එක වුණත් ඔෆිස් වැඩ වලට බලපානවා.
ඒ ඇරෙන්න ඉතින් ඔය එක එක්කෙනා ගැන බොරු කේලාම් කියන එක වුණත්, අනුන් කරපු වැඩක් බොරුවෙන් තමන්ගේ වගේ පෙන්නලා ලකුණු දාගන්නවා වගේ වැඩ වුණත් ඇත්තටම ඔෆිස් වැඩ වලට නරකට බලපාන්න පුලුවන්. විශේෂයෙන්ම ටීම් වර්ක් වලට කෙළවෙලා යන්න, ඔෆිස් එකේ කීර්තිනාමය නැතිවෙන්න වගේ අකටයුතුකම් සිද්ධ වෙන්න ඔය වගේ බොරු බලපාන්න පුලුවන්.
මෙන්න මේ නිසා තමයි, සාමාන්‍යයෙන් ඔෆිස් එකක ඉන්න බොස් කෙනෙක්ට වුණත්, වෙනත් කළමනාකරුවෙකුට වුණත් තමන් යටතේ ඉන්න අය බොරුද කියන්නේ නැතිනම් ඇත්තද කියන්නේ කියන එක අල්ලගන්න හොඳ හැකියාවක් අවශ්‍ය වෙන්නේ. මේ කියන්නේ බොරු කියනකොට ඇස් එහෙ මෙහෙ යනවද, බොරු කියනකොට ශරීර අභිනයන් මොනවගේද වගේ කාරණා වලින් බොරු අල්ලන එක නෙවෙයි. ඊට වඩා කෙනෙක්ගේ කතාවෙන් බහෙන්, හැසිරීමෙන්, කෙනෙක් කියන දේවල් හරියට විමසා බැලීමෙන් බොරුකාරයන්ව සහ බොරු අල්ලගන්න පුලුවන්. අන්න ඒ නිසා අපි හිතුවා, ඒකට වැදගත් වෙන ටිප්ස් සහ ට්‍රික්ස් කීපයක් ගැන කියලා දෙන්න.
1. බේස්ලයින් එකක්
සාමාන්‍යයෙන් ඕනෑම මනුස්සයෙක් රිලැක්ස් එකේ ඉන්නකොට අපිට එයාගෙ සැබෑ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එහෙම රිලැක්ස් එකේ ඉන්නකොට මනුස්සයෙක් කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, ඒ මනුස්සයා බොරුවක් කියනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න එතකොට රිලැක්ස් එකේ ඉන්නකොට මනුස්සය කතාබහ කරන විදිය හැසිරෙන විදිය තමයි එයාගේ බේස්ලයින් එක විදියට ගන්න පුලුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි එක්ක වැඩ කරන ගනුදෙනු කරන මනුස්සයෙක්ගේ ඔන්න ඔය බේස් ලයින් එක අඳුනගෙන ඉන්නකොට, ඒ මනුස්සයා බොරුවක් කියනකොටත් අපිට ස්පොට් කරගන්න පහසුයි. අන්න ඒ නිසා හොඳම දේ තමයි අපිත් එක්ක වැඩ කටයුතු කරන අයගේ සාමාන්‍ය හැසිරීම කතාබහ ක්‍රියාකලාපය ගැනත් සාමාන්‍යයෙන් අවබෝධයකින් ඉන්න එක.
2. ෆැක්ට්ස් එක්ක ගනුදෙනු
සාමාන්‍යයෙන් ෆැක්ට්ස්, එහෙම නැතිනම් කරුණු කාරණා, බොරු කරන්න ටිකක් අමාරුයි නේ. අන්න ඒ නිසා අපිත් හැකිතාක් දුරට ඔෆිස් කටයුතු වලදී එහෙම කරුණු කාරණා එක්ක වැඩ කරන්න ගණුදෙනු කරන්න ඉගෙන ගන්න ඕන. අන්න එතකොට අපිත් එක්ක වැඩ කරන අනිත් අයටත් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි සරළ උදාහරණ දෙකකින් මේ කාරණාව පැහැදිලි කර ගමු. ඔන්න ඔෆිස් එකේ එක ටීම් එකකට බාර වෙලා තියෙනවා ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් කීපයක් නියම කරලා තියෙනවා. දැන් අපි කියමු අදාළ කාලයට අදාළ වැඩ ඉවර කරගන්න බැරුව මේ ඩෙඩ්ලයින් පහුවුණා කියලා. අන්න එතකොට අපි ටීම් එකෙන් ඒ ගැන විමසනකොට, අනං මනං බයිලා බෑ. ඇයි ඩෙඩ්ලයින් පහුවුණේ කියන එක කරුණු සාධක එක්ක පැහැදිලි කරන්න ඕන. ඒ කරුණු සාධක තාර්කික සහ ප්‍රායෝගික වෙන්න ඕන. අපි මෙතනදී ප්‍රොජෙක්ට් එකේ ප්‍රොසෙස් එකට අදාළ ෆැක්ට්ස් එක්ක කතා කරනවා නම්, කෙනෙක්ට මේ සම්බන්ධයෙන් බොරු කියන්න තියෙන ඉඩ තවත් අඩු වෙනවා.
අපි තව උදාහරණයක් ගමු. ඔන්න අපිට යම්කිසි නිෂ්පාදනයක් සම්පූර්ණ කරන්න තියෙනවා. එතකොට ඒ නිෂ්පාදනය සම්පූර්ණ කරගන්න බැරි මොනවහරි ප්‍රශ්න මතු වුනොත්, අපි කතා කරන්න ඕන ඇයි එහෙම බැරිවුනේ කවුද වැරදිකාරයා කියන තැන ඉඳන් නෙවෙයි. ඒ වෙනුවට අපි කතා කරනවා ඒ නිෂ්පාදනය සම්බන්ධ සංඛ්‍යාලේඛන එක්ක. අන්න එතකොට එතන තියෙන ගැටලුව ගැන අනිත් පැත්තෙන් කරුණු පැහැදිලි කරන්න වෙන්නෙත් සංඛ්‍යාලේඛන එක්ක තමයි. එතැනදී බොරු කියන්න ටිකක් අමාරුයි.
3. හරි විනිවිදභාවයක්
සමහර වෙලාවට බොස් කෙනෙක්ට ආයතනයේ රහස් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා, ඒක හරි. හැබැයි බොස් කෙනෙක් තමන් යටතේ වැඩ කරන අය එක්ක මනා විනිවිද භාවයකින් කටයුතු කරනකොට, ඒ යටතේ වැඩ කරන වැඩකරන සේවකයන්ටත් යම්තාක් දුරකට ඒ විනිවිද භාවයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, බොස් තමන්ගේ සේවකයන්ට උසස්වීම් ලබා දෙන කොට අනුගමනය කරන නිර්ණායක පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා නම්, කෙනෙක්ට බැහැ බොස් හැඳුනුම්කමට තමන්ගෙ කෙනෙක්ට උසස්වීම් දුන්නා මාව මග ඇරලා, මගේ හැකියාවන් එක්ක මම තමයි තැනට පත් වෙන්න හිටියේ වගේ කතන්දර කියන්න බැහැ. ඒ විතරක් නෙවෙයි, උසස්වීම් සම්බන්ධයෙන් එහෙම විනිවිදභාවයක් තියෙනකොට, සේවකයෙක්ට වුණත් ඒ උසස් වීම් වලට තරඟ කිරීම වෙනුවෙන් බොරු කරන්න විදියකුත් නැහැ.
4. විවෘත ප්‍රශ්න වඩාත් ප්‍රයෝජනවත්
ඇත්තටම බොරුවක් අල්ලලා කාවහරි වැරදිකාරයෙක් කරනවට වඩා, බොරුවක් අල්ලගෙන, අපිත් එක්ක බොරු කියන්න අමාරුයි කියලා කෙනෙක්ව අධෛර්යමත් කරන එක වඩා හොඳයි. අපි දේවල් ගැන විවෘත ප්‍රශ්න අහන එකෙන්, බොරුවක් අල්ලගන්න වගේම, ඔය උඩ කියපු කාරණාවත් ඉෂ්ට කරගන්න මග පෑදෙනවා. උදාහරණයක් ඔස්සේ පැහැදිලි කරගනිමු. කෙනෙක්ගෙන් අපිට අහන්න පුලුවන්, “මාර්තු 3 වැනිදා හවස 5න් පස්සේ ඔයා කොහෙද හිටියේ?” කියලා. එතකොට එතන ප්‍රශ්නකාරි දෙයක් තියනවනම්, අපිට හොඳට ගොතපු බොරුවකින් පිළිතුරු ලැබෙන්න පුළුවන්. හැබැයි අපිට ඔය ප්‍රශ්නෙම අහන්න පුළුවන්, ” ඉතින් මොකෝ පෙරේදා හවස වුණේ?” කියලත්. බැලූ බැල්මට එකම ප්‍රශ්නෙ වෙනත් විදියකට අහල තියෙන්නෙ. හැබැයි දෙවනි විදියට ප්‍රශ්න ඇහුවහම ඒකට බොරුවක් නැතුව උත්තර ලැබෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලා මතක තියා ගත්තහම හරි.
5. අර්ධ සත්‍යයන් ප්‍රශ්න කරන්න
හොඳට මතක තියාගන්න, ඕනම දෙයක්, කතන්දරයක් විදිහට කියනවනම්, ඒක කියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අන්න එතනදි බොරුකාරයො ප්‍රයෝජනයට ගන්න සාර්ථක දෙයක් තමයි අර්ධ සත්‍යයන් කියන්නේ. එහෙම නැතිනම් කතන්දරේ බාගයක් කියලත් ගන්න පුලුවන්. උදාහරණයක් ගමු. “අපේ මාකට් ෂෙයාර් එක යම් තරමකින් පහුගිය කාර්තුවේදී අඩුවෙලා තියෙනවා, ඒත් මේ වෙනකොට මාකටින් ටීම් එක ඒ තත්වයට පිළියම් යොදාගෙන යනවා” කියලා ඔන්න මීටින් එකකදි කියනවා. ඒ කියන්නේ බැලූබැල්මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා, හැබැයි ඒ ප්‍රශ්නය නිවැරදි කරන්නත් කටයුතු සිද්ධ වෙලා තියෙනවා, ඒ නිසා ගැටලුවක් නෑ. එහෙම නේද පේන්නේ? හැබැයි පේනවද එතන නොකියන කතන්දරේකුත් තියෙනවා කියන එක? කොහොමද මාකට් ෂෙයාර් එක අඩුවුණේ, මොකක්ද හේතුව කියන එක එතනදී කියවෙන්නේ නෑ. අන්න ඒ කාරණය ප්‍රවේශමෙන් වසන් කරලා තියෙනවා. හැබැයි අපිට ඒ වගේ ගැටළුවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න, අන්න ඒ හේතුවත් වැදගත්. එතකොට අපි අර කියපු කතන්දරේ පිළිඅරගෙන ඉන්නවාට වඩා, හේතුව මොකක්ද කියන එකත් අහල බලන්න ඕන.
ඒ වගේම තව දෙයක් මතක තියාගන්න. අර්ධ සත්‍යයන් කියනකොට, කතාවෙන් 50%ක් ඇත්ත, 50%ක් බොරු වෙන්නත් පුලුවන්. හැබැයි දක්ෂ බොරු කියන්නෙක් අපිට කියන්න අර ඇත්ත බාගේ විතරයි. අන්න එතනදි අපි කරන්න ඕන දේ වෙන්නේ, ඕනම දේකට සැලකිල්ලෙන් සවන් දීලා, නිරන්තරයෙන් ප්‍රශ්න අහලා දේවල් පැහැදිලි කරගන්න එක.
6. කරුණු සටහන් කරගන්න
අපි කලිනුත් කිව්වනේ වෘත්තිය මට්ටමේ වැඩ කටයුතු කරන කොට කරුණු කාරණා සංඛ්‍යාලේඛන එක්ක වැඩ කරන, ගනුදෙනු කරන තරමට සේවකයෙක්ට බොරු කියන්න හෝ බොරු කරන්න ඉඩක් නෑ කියලා. ඇත්තටම බොරු අල්ලනවට වඩා, බොරු කියන්න තියෙන ඉඩකඩ අඩු කරන එකත් හොඳ ක්‍රමයක් නේ. ඒකට කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි හැමදේම සටහන් කර ගැනීම. බොස් උනාට කමක් නැහැ, නෝට්පොතක් හැමවෙලේම ළඟ තියාගෙන, මීටින් වල ඉඳලා ඔෆිස් එක ඇතුලෙදි කරන කියන හැම දෙයක්ම සටහන් තබා ගැනීමෙන්, කිසිම කෙනෙක්ට යම් කිසි දෙයක් නොකියා පස්සෙ “ඇයි මම මෙහෙම කිව්වේ?” කියන්න හරි, අපේ මතකය ප්‍රශ්න කරන්න හරි ලැබෙන්නේ නෑ. ඒ වගේම ඇත්තටම ඒක අපේ වැඩට ලොකු පහසුවක්.
7. ෆලෝ අප්!
දැන් අපි කාට කාටහරි යම් කිසි වැඩක් පවරනවා නේ. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් බොස්ලාට පවා තියෙන නරක පුරුද්දක් තමයි, එතනින් එහාට මතක් වෙනකන් ඒ වැඩේ ගැන කිසිම හොයා බැලීමක් නොකිරීම. ඊට පස්සේ මතක් උනහම එකපාරම ගහෙන් ගෙඩි එන්නා වගේ, අර වැඩේ ට මොකද උනේ කියලා අහනවා. හැබැයි එහෙම නැතුව, වෘත්තිය කාරණා වලදී අදාළ හැම දෙයක්ම හැම විටකම ෆලෝ අප් කරන්න, ඒ කියන්නේ වැඩේ වුණාද, වැඩේ ප්‍රගතිය මොකද, මොකක්ද තත්ත්වය, කියන දේවල් හොයා බලන්න පුහුණුවක් තියෙනවා නම්, අපිත් එක්ක වැඩ කරන කෙනෙක්ට, පවරපු වැඩක් සම්බන්ධයෙන් බොරු කියන්න තියෙන හැකියාව සහ බොරු කියන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. හේතුව, මූලිකවම ඒ අය දන්නවා බොස් ඕනම දෙයක් නිරතුරුවම ෆලෝ අප් කරනවා කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් බොරුවක් කිව්වත්, ඒ බොරුවට තියෙන ආයුෂ ඉතාම අඩුයි. මොකද අද ෆලෝ අප් එකේදී ඒ ගැන බොරුවක් කිව්වත්, හෙට ආයෙමත් ෆලෝ අප් වෙනකොට තව බොරුවක් කියන එක අමාරු නිසා. අනික් අතට පවරන වැඩක් ගැන එහෙම නිරන්තරයෙන් සොයා බැලීමකට ලක් වෙනකොට, බොරුවක් කියලා ඒක කල් දානවට වඩා, ඒක ඉවර කරන්න ඇතිවෙන අනුප්‍රාණයත් බලවත් වෙනවා.
තව දෙයක් මතක තියාගන්න ඕන. අපේ ඔෆිස් එකේ අපේ යටතේ ඉන්න සේවකයෙක් හරි අපිත් එක්ක වැඩ කරන කෙනෙක් හරි බොරු කියනවා නම්, ඒක අපි අල්ලගන්න නෙවෙයි ඇත්තටම මහන්සි වෙන්න ඕන. ඊට වඩා ඔෆිස් එකේ වැඩ වලට නරකට බලපවත්වන විදියට, කණ්ඩායම් හැඟීමට ප්‍රශ්නයක් වෙන විදියට ඒ බොරු කීම දිගින් දිගටම සිද්ධ වෙන එක නවත්තන්නයි මහන්සි වෙන්න ඕන. එතනින් එහාට, කවුරු හරි මනුස්සයෙක් තමන්ගේ පුද්ගලික ජීවිතය ගැන එහෙම නැතිනම් වෙනත් පුද්ගලික දේවල් ගැන බොරු කියනවා නම්, ඒක අපිට අදාළත් නෑ, අපි අදාළ කරගත යුතුත් නෑ. අපි බොරු අල්ලන පොලිසිය නෙවෙයිනේ. මිනිස්සු යහමගට ගන්න පූජකයොත් නෙවෙයි. ආන්න ඒක මතක තියාගන්නම ඕන!
Leave a Reply