ලස්සන දිගු නිය පෙළක් කියන්නෙ බොහෝ යුවතියන්ගෙ සිහිනයක්. නේල් ආර්ට්ස් වලින් ලස්සන කරගත්ත, දිගු ශක්තිමත් නියපොතු සහිත සිහින් අතැඟිලි යුවතියකට ආභරණයක්. ඔය නියපොතු වවන් ඉන්න ගෑණුළමයින්ට ගෙදර දොරක වැඩක් පළක් කරගන්න බෑ කියන එක අමූලික බොරුවක්. ලස්සන නියපෙළක් පවත්වගෙන යන ගමන් ඕනතරම් වැඩ කරගන්න පුළුවන් පරිස්සමෙන් නියපොතු හසුරුවන යුවතියන්ට.
ඉතින් ලයිෆි බියුටි ටිප්ස් වලින් අපි අද අරගෙන ආවෙ දිගු නිය ඇති යුවතියන්ට නියපොතු ලස්සන කරගන්න විවිධ හැඩ 10ක්. බලන්න දැනටමත් ඔයාල නියපොතු කපන්නෙ මේ හැඩ වලින් එකකටද කියල?
1. Square Nails
වඩාත් ප්‍රසිද්ධ සහ වැඩි දෙනෙක් නියපොතු කපන ස්ටයිල් එකක් මේ. නිය අග කොටු හැඩයට එන මේ ස්ටයිල් එක දිගු වගේම සාමාන්‍ය කෙටි නිය ඇති යුවතියන් අතරන් ජනප්‍රියයි.මේ ස්ටයිල් එකේදි නිය අග උල් හැඩයෙන් නැතුව තනි කෙලින් කපන අතර නිය දොකොණ තියුණුයි.
2. Round Nails
සම්ප්‍රදායික රවුම් නිය හැඩයත් බොහෝ දෙනෙක් කැමති ස්ටයිල් එකක්. මේක ගොඩක්ම ප්‍රසිද්ධ කෙටිවෙන්න නියපොතු සකසන යුවතියන් අතරයි. කලින් කිව්ව හතරැස් නිය අග වගේම නිය දෙකොණ තියුණුවත් නිය අග රවුමටත් තමා මේ ස්ටයිල් එකේ එන්නෙ. නිය වල ශක්තිමත් බව රඳවාගන්න වඩාත් සුදුසු ශේප් එකක්.
3. Ballerina Nails
නේල් ආර්ට්ස් කරන යුවතියන් වඩාත් කැමති නේල් ශේප් එකක් තමා මේ බැලරිනා ශේප් එක. බැලරිනා කෙනෙක් නැත්නම් බැලේ නැටුම් වල පාවිච්චි කරන සපත්තුවේ හැඩයට නිය කපන නිසයි මේකට බැලරිනා කියන්නෙ. මේ නිය හැඩය කපන්නෙ දිගු නියපොත්තක අග හතරැස් හැඩයට එන විදියට. නියපොත්තේ මුල සිට අගට එනකම් දෙපසින් සිහින්වත් අග කොටස හතරැස්වත් තමා එන්නෙ.
4. Almond Nails
ආමන්ඩ් ඇටයක හැඩයට කැපෙන මේ නිය හැඩයත් ගොඩාක් දිගු නිය ඇති යුවතියන් අතර ජනප්‍රියයි. ආමන්ඩ් ඇටයක හැඩයෙන් එන මේ නියපොතු වල හැඩය බොහෝ වෙලාවට ස්වභාවික නියපොත්තෙන්ම සකසගන්න අමාරුයි. නේල් ආර්ට්ස් වලදි මේ හැඩයට නියපොතු සකසන්න ජෙල් සහ හැඩගන්වනයන් පාවිච්චි කරනව. දිගු ඕවලාකාර නිය අගක් එන විදියට තමා මේ නේල් ස්ටයිල් එක කපන්නෙ.
5. Squoval Nails
කොටු හැඩයේ නිය වලට කැමති ඒත් තියුණු නිය කෙළවරවල් වලට අකමැති යුවතියන්ට වඩාත් ගැලපෙන ස්ටයිල් එකක්. නිය අග හතරැස් උනත් දෙපැත්තෙන් ඕවලාකාර හැඩයක් ගන්න නිසා තියුණු කෙළවරවල් නැහැ. ඕවලාකාර සහ හතරැස් ස්ටයිල් දෙකේ එකතුවක් මේ.
6. Oval Nails
ඕවල් හැඩයේ නියපොතු රවුම් හැඩයෙන් වෙනස් වෙන්නෙ දෙපැත්තෙ තියුණු කෙළවරවල් නැතුව සම්පූර්ණ නියපොත්තම සුමට කරන නිසා. මේ හැඩයට නියපොතු කපන එකෙන් අතැඟිලි වලට වඩාත් දිගු බවක් එක් කරනව. ටිකක් මහත ඇඟිලි තියෙන යුවතියන්ට මේ ඕවල් හැඩයට නියපොතු කපන එකෙන් ඇඟිලි වලට දිගු සිහින් පෙනුමක් එක් කරගන්න පුළුවන්.
7. Stiletto Nails
මේ හැඩය ගැලපෙන්නෙ වෙනස්ම විදියට ස්ටයිල් කරන්න සහ කැපී පෙනෙන්න කැමති යුවතියන්ට. දෙපැත්තෙන් ආමන්ඩ් හැඩයේ නියපොතු වගේම සිහින්ව කැපුවට මේ ස්ටයිල් එකේ නිය අග තියුණු උල් හැඩයක් ගන්නව. නේල් ආර්ට්ස් වලට ප්‍රිය කරන යුවතියන්ට කැපී පෙනෙන නේල් ආර්ට්ස් කරන්න පුළුවන්.
8. Lipstick Nails
ලිප්ස්ටික් නේල්ස් නමින්ම තේරෙනවනෙ මේ නේල් ස්ටයිල් එක ගැන. ලිප්ස්ටික් කූරක අග වගේ එක පැත්තකින් උසටත් අනෙක් පැත්තෙන් කොටසක් අඩුවෙනුත් හිටින්න නිය අග හැඩ කරන එක තමා මේ ස්ටයිල් එකේදි කරන්නෙ. මේක වෙනස්ම සහ කැපී පෙනෙන නේල් ස්ටයිල් එකක්.
9. Edge Nails
එජ් නේල් ස්ටයිල් එක වඩාත් විචිත්‍ර නිය හැඩයක්. නියපොත්තේ දෙපසින් කෙලින් කපා කෙරවලවල් තුනක් සිටින විදියට තමයි මේ ස්ටයිල් එක කපන්නෙ. ස්වභාවික නියපොත්තෙන්ම පමණක් හැඩය ගන්නෙ නැතුව නිය හැඩගන්වනයන් පාවිච්චි කරනව නම් මේ ස්ටයිල් එක ටිකක් 3D පෙනුමක් එන්න නියපොත්ත මැදින් ඉස්සුණ ත්‍රිකෝණාකාර හැඩයක් සකසනව.
10. Mountain Peak Nails
නමේ අර්ථයෙන්ම කන්දක හැඩය පේන විදියට තමා මේ ස්ටයිල් එක කපන්නෙ. ස්ටිලෙට්ටෝ ස්ටයිල් එකේ තරම්ම තියුණු නිය අගක් නැති මේ ස්ටයිල් එක වඩාත් ගැලපෙන්නෙ කෙටි නිය ඇති යුවතියන්ට. ඔයාල හැමෝම දන්න ගායිකාවක් වෙන ලේඩි ගගාගෙ ප්‍රියතම නේල් ස්ටයිල් එකත් මේකලු.
Leave a Reply