චීන කෑම ගැන දැනගනිමු

සාමාන්යයෙන් කතාවක් තියෙනවා අපේ රටේ චීනයටත් වඩා චීන කෑම කඩ තියෙනවයි කියලා. කතාව ඇත්ත. හැබැයි මේ කඩවල කෑම කොයිතරම් දුරට චීන කෑම වලට සමානයි කියන එකනම් ප්රශ්නයක්. අපි අද ඔබට කියන්න යන්නේ චීන කෑම වල ස්වභාවය මොන වගේද කියලායි.

 

 

1. සෞඛ්යසම්පන්නම ආහාර වේලක්

චීන කෑම සැළකෙන්නේ ලෝකයේ තිබෙන සෞඛ් සම්පන්න ආහාර වේල් අතරින් එකක් විදිහට. මෙහෙම කිව්වම ඔබ හිතන්න පුළුවන් මේ මොනවද මේ කියන්නේ කියලා. මොකද චීන කෑම කියපු මම ඔබේ ඔළුවේ ඇඳෙන්නේ තෙල්  ගොඩක් දාලා හදපු ෆ්රයිඩ් රයිස්  එකක් වගේ කෑමක්. හැබැයි චීන වැසියෝ නම් මෙහෙම කන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ආහාර වේලට එළවළු, ඖෂධීය කොළ වර්ග, මස් මාළු සහ කුළුබඩු වැඩිපුර එකතුකර ගන්නවා. ඇත්තටම කියනවා නම් බත් එකට වඩා දේවල් තමයි වැඩිපුර කන්න තියෙන්නේ. 

 

2. කෑම හදන විදි වෙනස්

චීන වැසියන් බොහෝ වෙලාවට එකම කෑම වුණත් දිනපතා ආහාරයට ගනිද්දී විවිධ ක්රමවලට සකස් කරලා තමයි කෑම මේසයට එකතු කරන්නේ. උදාහරණයක් ගත්තොත් අපේ රටේ කුකුල් මස් ගොඩක් වෙලාවට කන්නේ බැදලා හෝ හොදි විදිහට හදලා. නමුත් චීන වැසියන් නම් මේ කුකුල් මස් විධි ගණනාවකට හදනවා. තම්බලා, බාගෙට තම්බලා, සෝයා සෝස් එකතු කරලා, පැණි රස ආකාරයට, කුකුල් මස් අඹරා සකස් කරලා ආදී වශයෙන්. මේ නිසා චීනය තුළ එකම කෑම දෙපාරක් කන්න හම්බ වෙන්නේ නැහැයි කියලත් කතාවක් හැදිලා තියෙනවා.

 

 

3. කෑම හදන සම්ප්රදායන්

අපේ රටේ ගත්තොත් එහෙම උතුරුකරයේ ඉඳන් දකුණුකරේ වෙනකල් කෑම අතර ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් චීනය තුළ මේ තත්ත්වය වෙනස්. රට විශාල වීම ඊට එක හේතුවක්. දැනට පර්යේෂකයන් චීනය තුළ ආහාර සම්ප්රදායයන් අටක් හඳුනාගෙන තිබෙනවා. ලංකාවේ තාමත් චයිනීස් කඩ තිබ්බත් අද වෙනකොට මේ සම්ප්රදායයන් අනුව යමින් විදෙස් රටවල නම් සිෂුවාන්, කැන්ටන් ආදී වශයෙන් කෑම විකුණන කඩ බිහිවෙමින් පවතිනවා. චීනයේ ප්රදේශයෙන් ප්රදේශයට කෑම සකස් කරන ආකාරය මෙන්ම රස අනුව වෙනස් වීම ඊට හේතුවයි.

 

 

4. උතුරු දකුණු භේදය

සීතල කාලගුණයක් සහිත උතුරු දිග චීනයේ ජනතාව තම ආහාරයට ඩම්ප්ලින් (Dumpling), හුමාලයේ තම්බා ගනු ලැබූ විවිධ පිටියෙන් තැනූ ආහාර, නූඩ්ල්ස් වැනි දෑ වැඩි වශයෙන් එකතු කර ගන්නවා. උෂ්ණ කාලගුණයක් සහිත දකුණු චීනයේ ජනතා බත් තම ප්රධාන ආහාරය ලෙස භාවිතා කරනවා. ඔවුන් නූඩ්ල්ස් සකස් කර ගැනීම සඳහාත් භාවිතා කරන්නේ විවිධ සහල් වර්ගයි. නමුත් තිරිඟු පිටි පරිභෝජනය නම් ඔවුන් අතර සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙන්.

 

 

5. චීස් බටර් නෑ

ලංකාවේ චීන කෑම කඩවල නම් චීස් වර්ග ආහාර වලට එකතු කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවනවා. නමුත් චීනය තුළ නම් එවැන්නක් සිදුවන්නේ නැහැ. සාම්ප්රදායික චීන ආහාර සැකසුම් කලාව තුළ චීස්, බටර් වැනි දෑ එකතු කිරීමක් වන්නේ නැහැ. කෙසේ නමුත් වර්තමානය වන විට බටහිර රටවල ආහාර සම්ප්රදායන් අනුව යමින් චීස් ආදිය ඇතැම් කෑම වර්ග වලට එකතුවීම නාගරිකව සිදුවුණත් එය සිදුවන්නේ ඉතාමත් අඩුවෙන්.

 

 

6. චොප්ස්ටික්ස්

චීන වැසියන් ආහාර ගැනීමේදී චොප්ස්ටික්ස් භාවිතා කරනවා. චීන ආහාර හැඳි ගෑරැප්පු භාවිතා කර ආහාරයට ගැනීම අශිෂ්ට සම්පන්න දෙයක් ලෙස චීන වැසියන් සලකනවා. කෙසේ නමුත්  චොප්ස්ටික්ස් භාවිතය නිසා පිළිගන්වන ලද මස් කපා ගැනීම සිදු කිරීම පහසු කාර්යයක් වන්නේ නැහැ. නමුත් එයට පිළිතුර චීන ආහාර සම්ප්රදාය තුළ තියෙනවා. ඔවුන් මස් මාළු සකස් කිරීමේදී චොප්ස්ටික්ස්වලට අහු වන තරමේ කුඩා කැබලි වලට ඒවා කපා ආහාර සකස් කරගත යුතු බවට නිර්දේශ කර තිබීමයි.

 

 

7. ඇස්වලින් කනවා

චීන වැසියන් ආහාර පිස ගැනීම පිළිබඳව මෙන්ම පිළිගැන්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනවා. එහිදී ඔවුන් විවිධ අතිරේක එළවළු සහ පළතුරු භාවිතා කරමින් ආහාර පරිභෝජනය කරන්නාගේ නෙතට ප්රිය දර්ශනය මැවීමට තම උපරිම උත්සාහය දරනවා. ඊට හේතුව වන්නේ යම් ආහාරයක් පළමුව භුක්ති විදින්නේ අදාළ පුද්ගලයාගේ ඇස බව ඔවුන් විශ්වාස කිරීමයි.

 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *