මෑතකදී දිවි රඟමඩලට සමුදුන් අ​පේ කලාකරුවෝ

පහුගිය කාලය පුරාවටම අපේ කලා ලෝකය පැත්තෙන්  එතරම් සුබදායක ප්රවෘත්ති නෙමෙයි ආරංචි වුණේ. දිගින් දිගටම ඔවුන්ගේ සමුගැනීම පිළිබඳ  ප්රවෘත්තිවලින් අපේ සමාජ මාධ් ජාලා පිටු පිරී ගියා. ඇතැම් කලාකරුවන් වෙනුවෙන් විශේෂ සටහන් ගෙන ඒමට අපට හැකියාව ලැබුණා

නීලා වික්‍රමසිංහගේ ජීවන මතකය

 

 

නමුත් සියළුම කලාකරුවන් වෙනුවෙන් දීර්ඝ සටහන් තැබීම ප්රායෝගික වශයෙන් අපහසු නිසා ඔවුන් වෙනුවෙන් කෙටි සටහනක් තියන්න අපි තීරණය කළා.

 

 

1. ඩෙස්මන්ඩ් සිල්වා

“ලෝකල් එල්විස් ප්රෙස්ලි” යන අනවර්ථ නාමයෙන් හඳුන්වපු ඩෙස්මන් සිල්වා මෙල්බර්න් නුවර දී අභාවප්රාප්ත වන විට හැත්තෑ නම වන වියේ පසු වුණා. තම ජීවිත කාලය පුරාවටම එකම ආකාරයේ ජනප්රියත්වයක් තබා ගැනීමට ඔහු සමත් වුණා. ඔහුගේ සංගීත ආර ඇතැම් ප්රබුද්ධයන්ට නම්   තරම් රුචි වුණේ නැහැ. නමුත් සාමාන් ජනතාව  ඔහුගේ ගී ආර ඉතා ආශාවෙන් වැළඳ ගත්තා. සඳහා පන්ති භේදයක් තිබ්බේ නැහැ. විනෝදමත් වෙන ඕනම තැනක ගී හඬත් එක්ක ඩෙස්මන් සිල්වා කියන නම අමරණීය බව අපිට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.

 

 

2. රොබින් ප්රනාන්දු

ලංකාවේ ඇත්තටම සටන් අධ්යක්ෂණය කරපු අය  ඉන්නේ හරිම අල්ප වශයෙන්. අතරින් රොබින් ප්රනාන්දුගේ නම ඉහළින්ම සඳහන් වෙන්න ඕන නමක්. තාක්ෂණය නොදියුණු කාලේ ප්රේක්ෂකයන්ගේ රසාස්වාදනය සඳහා ඔහු ඇතැම් කැප කිරීම් කළේ තමන්ගේ ජීවිතය ගැන පවා නොතකමින්. ඔහු එලෙස ගන්නා ලද ​ඇතැම් අභියෝග වල ප්රතිඵල ඔහුගේ මරණය දක්වාම රෝගාබාධ විදිහට ඔහු සමගින් හිටියා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් වූ රොබින් ප්රනාන්දු සමුගැනීම අපේ සිනමාවේ එක් යුගයක නිමාව සනිටුහන් කරනවා.

 

3. කුමාර රණේපුර

තමන්ගේ ජීවිතයේ අවසාන සමය තුළදී සටන් නළු කුමාර රණේපුර දැඩි දුක්ඛිත ජීවිතයක් ගත කළා. ​සමාජ මාධ් හරහා තමන්ට විඳීමට සිදු වී ඇති මෙම තත්ත්වය පිළිබඳව ඔහු රසිකයන්​ව දැනුවත් කළා. ඇතැම් රසිකයන් ඔහුට උදව් පදව් කළ බවත් කිව යුතුමයි. හදිසි අනතුරක් හේතුවෙන් සුසුම්නාව සම්බන්ධව ඇතිවූ රෝගී තත්ත්වය​ට විවිධ ප්රතිකාර ක්රම සොයාගෙන ගිය ඔහු අවසානයේ දී පසුගිය වසරේ දී සිය සටන අතහැරියා.

 

 

4. සුනිල් සෝම පීරිස්

චිත්රපටි අධ්යක්ෂකවරයෙක් විදිහට සුනිල්සෝම පීරිස්ගේ භූමිකාව විවාද සම්පන්නයි. බාල බොළඳ චිත්රපටි යුගයක් ආරම්භ කිරීම පිළිබඳව ඇතැම් විචාරකයන් ඔහුට දෝෂාරෝපණය එල්ල කරද්දී ඇතැම් පිරිස් පවසන්නේ වැසී යාමට තිබූ චිත්රපටි කර්මාන්තයට ජීවයක් පිඹින ලද්දේ සුනිල්සෝම පීරිස් විසින් නිර්මාණය  කරන ලද චිත්රපටි බවයි. ක්ෂේත්රය තුළ හිත හොඳ මිනිසෙකු ලෙස ප්රසිද්ධව සිටි ඔහු බොහෝ පිරිස් වලට උදව් පදව් කළ බව ප්රසිද්ධ රහසක්.

 

5. ගාමිණී අම්බලන්ගොඩ

වේදිකා නාට් ක්ෂේත්රය තුළ ගාමිණී අම්බලන්ගොඩ කියන නම අමතක කරන්න බැරි නමක්. “රජගහේ නාඩගම” වැනි වේදිකා නාට් ඔහුගේ කලා ජීවිතය තුළ විශේෂයෙන් සඳහන් කළ යුතු මතක විදිහට නම් කරන්න පුළුවන්. ඇතැම් කලාකරුවන් වේදිකාව  වැනි ක්ෂේත් සඳහා යොමු වුණාම තමන්ගේ මුල අමතක කරද්දී, රූකඩ නිර්මාණකරුවෙකු ලෙස තමන් පටන් ගත් තැන ගාමිණී අම්බලන්ගොඩ කිසිදා අමතක කළේ නැහැ.

 

6. භද්රා නන්දනී ගුණරත්න

ඇය  වේදිකා නාට් නිළියක් වගේම අපේ රටේ ටෙලි නාට් ක්ෂේත්රයේ මුල්කාලීන නිළියක්. “ලා හිරු දහසක්” ටෙලි නාට්යයේ ඇගේ රඟපෑම ගැ​න විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් පසු කලකදී නම් ඇගේ රඟපෑම අපිට දකින්නට ලැබුණේ නැහැ. ‍ප්රවීණ  සිනමා මාධ්යවේදී සුසිල් ගුණරත්න ඇගේ සැමියායි. භද්‍රා නන්දනී ශිල්පිණිය සමුගන්නා විට 62 වැනි වියේ පසුවුණා.

 

7. චතුර ප්රමෝද් රත්නායක

“යකඩ දියණියෝ”  චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ මේ කඩවසම් තරුණ නළුවා එම චිත්රපටය තමන්ගේ ප්රථම සහ අවසාන චිත්රපටි රංගනය වනු ඇතැයි කිසිලෙසකත් සිතන්නට නැතුව ඇති. හදිසියේ  ඇති වූ ආබාධයක් නිසා ඔහු මියයන වන විට ඔහු​ට වයස අවුරුදු 25ක් පමණයි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *