පාඩම් කරන විදිය අලුත් කරගමු

පාඩම් කරන විෂයට අදාළ පොත එක්කො දහ දොළොස් පාරක් කියවන්න, නැත්නම් පොතෙන් ශෝර්ට් නෝට් ගහන්න තමයි වැඩි දෙනෙක් හුරු වෙලා ඉන්නෙ. ඒවා ඉතින් සාම්ප්‍රදායික පාඩම් විධිනේ. අපි අපේ පේජ් එකෙන් මීට කලිනුත් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය පාඩම් කරන විධි ගැන කියල දීල තියනව. ඉතින් අදත් අපි හිතුවා ඒ වගේ වෙනස්ම පාඩම් කරන විධි හතක් ගැන ඔයාලව දැනුවත් කරන්න.

 

1. ෆ්ලෑෂ් කාඩ්ස් (Flash Cards) 

Flash Cards ගැන නම් ඉතින් අපි ගොඩක් කතාකරලා තියනවා. ඔයාලා අපේ ලිපි නිතර කියවනවානම් අනිවාර්යයෙන්ම මේ ෆ්ලෑෂ් කාර්ඩ්ස් ගැන නොදන්නවා වෙන්න බෑ. ෆ්ලෑෂ් කාඩ්ස් ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි අද අපි මේ ෆ්ලෑෂ් කාඩ්ස් ගැන කියන්න හිතුවේ. මේක හරි සරලයි. කරන්න තියෙන්නේ පොඩි කාර්ඩ්බෝඩ් කාඩ් එකක් අරන් ඒකෙ එක පැත්තක යම් විෂයකට අදාළ ප්‍රශ්නයත් අනිත් පැත්තේ ඊට උත්තරයත් ලියන එක. ඔය වගේ කාර්ඩ්ස් ටිකක් හදලා, ඒවා ශෆල් කරල, කාඩ් එකක් තෝරල ඔයගේ දැනුම කොහොමද කියලා උරගා බලන්න තමයි තියෙන්නේ. මේක ඉතින් හරිම ලේසි වැඩක්. 

 

2. මයින්ඩ් මැප්ස් (Mind Maps) 

මේකත් ගොඩක් අය දන්න දෙයක්. හැබැයි නොදන්න අයත් සෑහෙන්න ඇති. අපි මේ ගැන විස්තරාත්මක පෝස්ට් එකකුත් දැම්මා ඒකත් ඔයාට පහතින් බලන්න පුළුවන්.

 

මොනවද මේ Mind mapping කියන්නේ? කොහොමද ඒක කරන්නේ?

 

 

සරලවම Mind Maps එහෙම නැත්නම් Concept Map එකක් කියන්නේ ඔයා පාඩම් කරන පාඩම එක ලොකු පිටුවකට සාරාංශකරණය කරන එක. ඒකෙදි ඔයා මැද්දෙන් හෝ උඩින් ටොපික් එක ලියලා ඒ ටොපික් එකට පාඩමේ තියෙන අනිත් දේවල් ලින්ක් වෙන විදියට සටහන් කරන්න ඕනේ. ඉතින් ඔයාට මේ මයින්ඩ් මැප් එකේ එක එක රූප ඇඳලා මේක තව සාර්ථක කරගන්නත් පුළුවන්.

 

3. කවි

සාමාන්‍යයෙන් අපිට තියෙනවානේ පාඩම් කරන්න ටිකක් අමාරු දේවල්. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ දේවල් පාඩම් කරද්දි ඒ දේවල් සිංදුවක් විදියට හරි එහෙමත් නැත්නම් කවියක් විදියට හරි කොළේක ලියාගෙන ඒක පාඩම් කරන්න. ඉතින් මේ ක්‍රමය ගොඩක් ලේසි වෙයි ඔයාට පාඩම් කරන දේ ගොඩක් කල් මතක තියාගන්න. හැබැයි ඉතින් විභාගෙට ඔයා පාඩම් කරපු කවිය ලියන්න නම් එපා.

 

4. මතක රූප

මේකත් ඔයා පාඩම් කරන දේ මතකයේ රඳවාගන්න ගොඩක් උදවු වෙන පාඩම් ක්‍රමයක්. මේකෙදි කෙරෙන්නේ මේකයි… ඔයා පාඩම් කරන දේ තියෙනවා නේද? අන්න ඒ දේ ඔයාගේ හිතේ රූපයක් විදියට මවාගන්න තමයි මේකෙදි කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේක හැම විෂයයටම ගැළපෙන එකක් නම් නෙමෙයි. ඒත් ගොඩක් වැඩිපුර පාඩම් කරන්න තියන විෂයයන් වලට ගැළපෙන එකක්. ඒ වගේමයි මේක ඔයාට අපි කියපු විදියට කරන්න අපහසු නම් ඔයාට ඒ චිත්‍රය කොළේක ඇඳලත් මතක තියාගන්න පුළුවන්. 

 

5. තව කෙනෙක්ට ඉගැන්වීම

මේකත් අපි මීට කලින් සෑහෙන්න වතාවක් කතාකරපු Study Method එකක්. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න දෙයක් ආයේ කාටහරි ඉගැන්වීම මගින් අපිට ඒකේ තියෙන ගොඩක් දේවල් මතක හිටිනවා කියලා විද්‍යාත්මකව පවා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගෙ නංගිට, මල්ලිට එහෙම නැත්නම් ඔයාගේ ටෙඩී කෙනෙක්ට හරි ඔයා ඉගෙන ගන්න දේ උගන්නන්න. ඉතින් මේකත් ගොඩක් වැදගත් වේවි ඔයාට පාඩම සාර්ථක කර ගන්න. 

 

6. පෑන් භාවිතය

 

මේකත් ගොඩක් වටින Study Tip එකක් වෙයි කියලා හිතනවා. මේක මෙහෙමයි, අපි සාමාන්‍යයෙන් පාඩම් කරද්දි ලියන්න පුරුදු වෙලා තියෙන්නේ ප්‍රධානව නිල් , කළු, රතු වගේ පෑන් වලින්නේ. මේවා ඒ නිසා ඇහැට ටිකක් හුරු පාට. ඉතින් අපිට පුළුවන් නම් පාඩම් කරද්දි ඒ සාම්ප්‍රදායික පාට වලට වඩා තැඹිලි, කොළ, රෝස වගේ පාටක් යොදාගන්න, එතකොට අපිට ගොඩක් දුරට පුළුවන් කලින්ට වඩා අපි පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න.

 

7. ඉගෙන ගන්නා දේ ප්‍රායෝගිකව ආදේශනය

මේකත් ගොඩක් දෙනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. අපිට සමහර සිදුවීමක් වුණාම අපිට ගොඩක් වෙලාවට ඒක ආයෙ වුණ දවසක ඒ මුලින් වුණු සිදුවීම මතක් වෙනවා නේ. අන්න ඒ දේමයි මෙතනත් තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයා අද ඉගෙනගන්න Science Method එකක් එහෙම නැත්නම් ගණිත සමීකරණයක් ඔයාගේ ජීවිතයට වෙච්චි සිදුවීම් එක්ක ගැළපීම මගින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වටින දෙයක් වෙයි ඔයාට නිතර අමතක වෙන දේවල් ගොඩක් කල් මතක තියාගන්න.

 

එහෙනම් ඉතින් හැමදාමත් වගේ මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ වැදගත් දේවල් ඔයාගේ යාළුවෝ එක්ක බෙදා ගන්නත්, මේ දේවල් ගැන අදහස් අපිට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *