කොළඹ අවට ජපන් රසට කෑමක් කන්න යන්න පුළුවන් තැන් 7ක්

ජපන් කෑම කන්න ජපානෙටම යන්න ඕනේ නෑ. ඒ අත්දැකීම ඒ විදියටම විඳගන්න පුළුවන් රෙස්ටෝරන්ට් ලංකාවේ ගොඩක් තියනවා. ඒ අතරින් කිහිපයක් අද අපි ඔයාලට ගෙනල්ලා තියනවා. කියවලා බලලා ජපන් කෑමක රස බලන්න ආස අය මේ තැන්වලට යන්නත් අමතක කරන්න එපා.

 

1. Salmon and Maki

අගනුවරට කිට්ටුව පිටකෝට්ටෙ පිහිටලා තියන මේ රෙස්ටෝරන්ට් එක සතියෙ දවස් 7ම උදේ 11 ඉදලා රෑ 10. 30 වෙනකල් විවෘතව තියනවා. සුශී, සැලඩ්, මීසෝ සුප් ඇතුළු එකී මෙකී නොකී සියළුම ජපන් කෑම වර්ග මෙතන තියනවා. හැබැයි තැන නම් පොඩ්ඩක් පොඩියි. ලංකාවෙ තියන ජපන් රෙස්ටෝරන්ට් අතරින් පොඩිම රෙස්ටෝරන්ට් එකක් කිව්වොත් නිවැරදියි. මේකෙ ගණනුත් සාධාරණයි. රෙස්ටෝරන්ට් එකට ගිහින් මේ අයගේ විවිධ පරාසයක කෑම බීම රස බලන්න වගේම් ළඟ පාත අයට නම් ඌබර් ඊට්ස් හරහා මෙයාලගෙ කෑම බීම ඇනවුම් කරගන්නත් පුළුවන්කම තියනවා.

 

තැන මෙතන 👇

 

 

2. Sushi Kai

තලවතුගොඩ පාරෙ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ කිට්ටුව වගේම තිඹිරිගස්යාය ජාවත්ත රෝඩ් එකෙත් සුශි කායි රෙස්ටෝරන්ට් ‍තියනවා. වැඩිය ලොකු නැති උනත් මේකෙ කෑම වර්ග ගොඩක් තියනවා. තලවතුගොඩ රෙස්ටෝරන්ට් ‍එකනම් හරිම නිස්කලංක තැනක පිහිටලා තියෙන්නෙ. මෙයාලගෙ මකී රෝල්ස් ගැන විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරන්න ඕනෙ. මිල ගණන් තරමක් ඉහළ වුණත් පවුලෙ අයත් එක්ක නිවාඩු වෙලාවක ජපන් කෑමක් රස බලන්​න යන්න හොඳ​ම තැනක් හැටියට අපිට මේ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන්.

මෙන්න තැන 👇

 

 

3. Kuuraku Japanese Restaurant

ගංගාරාමෙ පන්සල කිට්ටුව තියන මේ කුරාකු රෙස්ටෝරන්ට් එක හරිම ලස්සන සිත් ඇදගන්නාසුළු විදියට නිර්මාණය කරලා තියනවා. සෑහෙන තරමෙ ඉඩකුත් තියන මෙතනට ගියාම රාමෙන්, රයිස් බෝල්, සුප්, සුශී, ටෙරියාකි සැමන් වගේ ගොඩක් ජපන් කෑම රසවිඳින්න පුළුවන්. හැමදාම දවල් 12 -2 වෙනකල් හා හවස 6-10 තමා මේක විවෘතව පවතින්නෙ. ගිය කෙනෙක්ට ආයේ යන්න හිතෙන මේ තැන තියෙන්නෙ මෙන්න මෙතැනයි. 👇

 

 

4. Yumi

ටාජ් සමුද්‍රා හෝටලයේ තියන මේ රෙස්ටෝරන්ට් එක ගොඩක්ම ප්‍රසිද්ධ රසවත් සුශී වලටයි. සුශී කියන්නෙ බොහොම ප්‍රවේසමෙන් හදන්න ඕනෙ කෑමක්. ඒ වගේම ඒකට ගන්න අමුද්‍රව්‍යත් වෙනස් සහ අලුත්ම මාළු තමයි ඕන වෙන්නෙ. ඉතින් මේ සුශී රස හරියටම ගන්න මේ රෙස්ටෝරන්ට් එක ප්‍රසිද්ධයි. ස්ටාර් හොටෙල් එකක තියන නිසාම ක්ලාසි ලුක් එකක් තියනවා. ඉඩත් හොඳට තියනවා. හැබැයි ගණන් නම් ටිකක් වැඩි බවත් සඳහන් කරන්න ඕ​න.

මෙන්න තැන 👇

5. Nihonbashi

මේ නමේ ජපන් තේරුම ජපානයට පාලමක් යන්නයි. සැබැවින්ම ජපානයට ගියාම දැනෙන හැඟීමක් මේ රෙස්ටෝරන්ට් එක ඇතුළට ගියාම දැනෙනවා. මේකෙ තියන විශේෂත්වය වෙන්නෙ ප්‍රයිවට් ඩයිනින් ඒරියා එකක් අපිට ඕනෙනම් තෝරගන්න පුළුවන්කම. දෙදෙනක්ට වගේම 10 දෙනෙක්ට උනත් වෙනම තැනක් ගන්න පුළුවන්. ජපන් කෑම වර්ග බොහොමයක් ඉතා රසවත් විදියට වගේම සිත් ඇදගන්නාසුළු විදියට ඉදිරිපත් කරන්න මෙයාලා දක්ෂයි. දවල් 12 – 2.30 වෙනකල් හා හවස 6-10.30 වෙනකල් මේ රෙස්ටෝරන්ට් ‍එක විවෘතව තියනවා.

මෙන්න තැන 👇

 

6. Zen Japanese Restaurant

රොස්මන්ඩ් ප්ලේස් වල තියන මේ රෙස්ටෝරන්ට් එකත් සෑහෙන ඉඩ කඩ තියන තැනක්. Zylan Luxury Villa එකේ දෙවෙනි තට්ටුවේ තමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නෙ. මේකෙ ඒරියාස් 3ක් තියනවා. ඕපන් එයා ටෙරස් එකක්, ප්‍රයිවට් ඩයිනින් ඒරියා වගේම සුශී බා‍ර් එකකුත්. මෙයාලගේ මෙනූ එකත් සෑහෙන පරාසයක කෑම වලින් සමන්විත ලොකු මෙනූ එකක්. නිස්කලංක පරිසරයක ඉඳගෙ​න කොලිටි සුශී එකක් රස විඳින්න තෝරගන්න තියන හොඳ​ම තැනක් තමයි මේක.
දවල් 12-2. 30 හා හවස 6-10 තමයි රෙස්ටෝරන්ට් එ​ක විවෘතව තියෙන්නෙ.

තැන මෙතනයි 👇

 

7. Tempura Shikisen

ජපන් කෑම වේලක අත්දැකීම් ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් තවත් හොඳ​ම තැනක් තමයි මේ. පෙනුම උනත් ඒ විදියට තමා හදලා තියෙන්නෙ. ඒ වගේම මේකෙ හිමිකරු ජපන් ජාතිකයෙක්. ඉන්න චෙෆ්ලා සහ ස්ටාෆ් එක ජැපනීස් හා ශ්‍රී ලංකන් දෙගොල්ලොම. මෙතනට යන අයට මිත්‍රශීලි සේවයක් දෙන්න එයාලා ගොඩක් උත්සහ කරනවා. මේකෙ ගොඩක්ම විශේෂ වෙන්නෙ ටෙම්පුරා එක. තැන නම් ටිකක් පොඩියි. නමුත් ජපන් කෑම කන්න ආසා අය යන්නම ඕනෙ තැනක්. ගිහින් බලන්න.

මෙන්න තැන 👇

Leave a Reply

Your email address will not be published. Required fields are marked *