සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. මේ භාෂාවේ අකුරු විදිහට සංගීත භාණ්ඩ හඳුන්වන්න පුළුවන්. ලෝකය පුරා සංගීත භාණ්ඩ දස දහස් ගණනක් පවතිනවා. ඇතැම් සංගීත ගවේෂකයෝ විශ්වාස කරන ආකාරයට මේ ලෝකයේ තිබෙන සියලුම සංගීත භාණ්ඩ සුචි ගත කිරීමට කිසිවෙක් සමත් වෙලා නැහැ. හැම සංගීත භාණ්ඩයකටම ඊටම ආවේණික හඬක් පවතිනවා. පුදුමෙකට වගේ අපේ රටේ නර්තන කලාව දියුණුව පැවතුණත් සංගීත භාණ්ඩ ඊට සාපේක්ෂව දියුණු මට්ටමක ගියේ නැහැ. අපි අද ඔබට කියන්න යන්නේ ලෝකෙ වැඩි දෙනෙක් අහලා නැති සංගීත භාණ්ඩ කීපයක් පිළිබඳව.
1. රාවණා හත්ත (Ravanahatha)
රාජස්ථාන් ප්රාන්තයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම සංගීත භාණ්ඩය භාවිතා කරන්නේ වීදී සංගීතඥයන් විසින්. ඒ වටා ගොඩ නැගී ඇති ජනප්රවාද වලට අනුව රාවණා රජු විසින් මෙම සංගීත භාණ්ඩය නිර්මාණය කොට ඇති අතර වීණාව සහ වයලීනය ප්රභවයව තිබෙන්නේ මෙම සංගීත භාණ්ඩයෙන්මයි. පොල් කටු සහ සත්ව කෙඳි මෙම සංගීත භාණ්ඩය සකස් කිරීම සඳහා භාවිතා වෙනවා. රාජස්ථාන ජන සංගීත සම්ප්රදාය තුළ මෙම සංගීත භාණ්ඩය සඳහා ඉතා ඉහළ ස්ථානයක් හිමිවනවා.
2. ඇල්ප් හෝර්න් (Alphorn)
මෙම සංගීත භාණ්ඩයේ උපත ස්විස්ටර්ලන්තය කඳු පන්ති අතර සිදුව ඇති බවට විශ්වාස කෙරෙනවා. මේ වන විට ප්රංශය, ජර්මනිය වැනි රටවල කඳු ආශ්රිතව ජීවත්වන ජනතාව අතර ද මෙම සංගීත භාණ්ඩය ඉතා ජනප්රියයි. අතීතයේ එඬේරුන් විසින් තම බැටළුවන් පාලනය කිරීම සඳහා විවිධ සංඥා ලබා දීම සඳහා මෙම නලා විශේෂය භාවිතා කළ බවට සාධක හමු වනවා. පසුව ආගමික උත්සව සඳහා ද මෙම සංගීත භාණ්ඩය කෙමෙන් කෙමෙන් භාවිතාව තිබෙනවා.
3. පෙපා (Pepa)
ඇසෑම් ප්රාන්තයට ආවේණික මෙම සංගීත භාණ්ඩය වර්තමානයේ දී භාවිතා කරනු ලබන්නේ පූජකයන් විසින් පමණයි. ජනප්රවාදයේ කියැවෙන පරිදි අතීතයේදී මීහරක් අඟකින් මෙම සංගීත භාණ්ඩය නිර්මාණය කෙරී තිබෙනවා. කෙසේ නමුත් වර්තමානයේදී ඒ සඳහා උණ බම්බු සහ වේවැල් භාවිතා වනවා. සාම්ප්රදායික උත්සව සඳහා මෙම සංගීත භාණ්ඩය වැඩි වශයෙන් භාවිතා වනවා.
4. ඖඩ් (Oud)
සංගීත ඉතිහාසඥයන් විශ්වාස කරන ආකාරයට පුරාතනයේ සිට අද දක්වාම භාවිතා වන එකම සංගීත භාණ්ඩය වන්නේ මෙම සංගීත භාණ්ඩයයි. ඔවුන්ට අනුව මෙහි අතීතය පුරාණ මෙසපොතේමියා ශිෂ්ටාචාරය දක්වා දිව යනවා. පුරාණ මෙසපොතේමියාව එනම් මැදපෙරදිග ආශ්රිතව උපත ලැබූ මෙම සංගීත භාණ්ඩය ජනවර්ගවල සංක්රමණය වීම් සහ වෙළඳ කණ්ඩායම් මගින් බෝල්ටික් ප්රදේශ දක්වා ව්යාප්ත වූ බවට සාධක හමු වනවා. මැන්ඩලීනය සහ ගිටාරය මෙම සංගීත භාණ්ඩයේ මී මුණුබුරන් බවට තවත් විශ්වාසයක් පවතිනවා.
5. චෙලෝ හෝර්න් (Cello Horn)
අනෙකුත් සියළුම සංගීත භාණ්ඩ වලට වඩා මෑත කාලයේ නිෂ්පාදනය වුණු සංගීත භාණ්ඩයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි නමින්ම හැඟී යන පරිදි චෙලෝවක සහ හෝර්න් සංගීත භාණ්ඩයක සුසංයෝගයෙන් මෙය නිර්මාණය කොට තිබෙනවා. ඇතැම් රසිකයන් විශ්වාස කරන පරිදි විසිවෙනි සියවසේ නිර්මාණය කරන ලද විශිෂ්ටතම සංගීත භාණ්ඩය වන්නේ ද මෙයයි.
6. චෙන්ඩා (Chenda)
කේරළේ කතකලී නර්තන සම්ප්රදාය සඳහා නැතුවම බැරි සංගීත භාණ්ඩයක් වන්නේ චෙන්ඩා නමින් හැඳින්වෙන බෙර විශේෂයයි. ඇතැම් ප්රදේශවල මෙම බෙර විශේෂය සඳහා චන්ඩ යන නමද භාවිතා වනවා. ඊට හේතුව වන්නේ ඉන් නික්මෙන රෞද්‍ර ශබ්දයයි. කේරළය උපන් බිම කරගත් මෙම සංගීත භාණ්ඩය වර්තමානය වන විට තමිල්නාඩුව සහ කර්ණාටක ප්රාන්තය තුළද ජනප්රියව පවතිනවා.
7. ඔක්ටබාස් (Octobass)
මෙම යෝධ සංගීත භාණ්ඩය බටහිර සංගීත වෘන්ද සඳහා භාවිතා වීම ඇරඹුණේ 1850 දී පමණ වනවා. මෙම සංගීත භාණ්ඩයේ දැවැන්ත ස්වභාවය නිසා අතකින් පමණක් වාදනය කිරීම අතිශයින් අපහසු එකක් වුණා. මේ නිසාම අද වන විට සංගීත වෘන්ද සඳහා මෙම සංගීත භාණ්ඩය දකින්නට ලැබෙන්නේ දුර්ලභ වශයෙන්.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply