පහුගිය කාලේ අපි Law of Attraction ගැන වගේම මේ විශ්වයේ ආකර්ෂණ නීතියෙන් ප්‍රයෝජන ගන්න උදව් වෙන අපූරු ක්‍රම ගැනත් කතා කළා.
හිතන දේ හැබෑ කරන විශ්වයේ නීතිය – Law of Attraction ගැන ඉගෙනගමු
අද කතා කරන්න යන්නෙ මේ විශ්වීය නීතියට අනුව අපිට ලබාගන්න පුළුවන් දේවල්, අපිට ලබාගන්න ඕන කියල හිතෙන දේවල් ලැබීම වේගවත් කරන්න උදව් වෙන පුංචි ක්‍රම ටිකක්. මේවට කියන්නෙ Manifestation Methods එහෙමත් නැත්තම් Manifestation Techniques කියලා. සිංහලෙන් කිව්වොත් ප්‍රකාශන ශිල්පීය ක්‍රම. ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ විශ්වයට දැනෙන, ප්‍රකාශ කරන වේගය වැඩිකරන පුංචි පුංචි ශිල්පීය ක්‍රම. විශ්වීය නීතිය විශ්වාස කරන හැමෝටම හුඟක් වැදගත් වෙයි මේ ගැන දැනගෙන ඉන්න එක.
මේ ප්රකාශනය එහෙමත් නැත්තම් Manifestation කියන්නෙ කෙනාගෙන් කෙනාට වෙනස්වෙන ක්‍රමවේදයක්. ඒ කියන්නෙ හොඳම ක්‍රමය මේකයි කියලා නියතයක් නැහැ. තමන්ට හොඳටම ගැලපෙන, ප්‍රතිඵල ලැබෙන ක්‍රමය තෝරාගන්න පුළුවන්.
1. Vision Boards
මේ ක්‍රමය හුඟක් දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව දැනටමත් භාවිතා කරන ක්‍රමයක්. මේකෙදි කෙරෙන්නේ ඔබේ සිහිනය, ඔබට කරන්න අවශ්‍ය දේවල් පිළිබඳව සිහිපත් කෙරෙන පින්තූර, වැකි වගේ දේවල් නිතර ඇස ගැටෙන තැන්වල ප්‍රදර්ශනය කිරීම. කාමරයේ, සාලයේ වගේ ගෙදර ඕනෑම තැනක වගේම ඔබේ කාර්යාල මේසය අසල වුණත් මේ විදිහට බෝර්ඩ්ස් තබාගන්න පුළුවන්. නිතරම දකිද්දී අදහස ප්‍රකාශ වෙනවා වගේම ඔබේ සිහිනය ඔබටම නැවත නැවත මතක් වීමත් සිදුවෙනවා.
2. Visualization
මේක manifestation ක්රමයන් අතරින් ඉතාම ප්‍රසිද්ධ වගේම ඉතාම සාර්ථක ක්‍රමයක් කිව්වොත් වැරදි නැහැ. මේ ක්‍රමයේදී කරන්න ඕන ඔබට ලබාගන්න අවශ්‍ය දේ පිළිබඳව නිරන්තරයෙන්ම චිත්තරූප දැකීම. ඒ සිහිනයේ ජීවත් වීම. උදේ අවදිවුණ ගමන්, රාත්‍රී නින්දට යද්දී වගේ විවේක හැම වෙලාවකම ඔබ දකින සිහිනය තුල මනසින් ජීවත් වෙන්න. ඒ සතුට මනසින් විඳින්න. එය විශ්වයට දැනෙනවා වගේම ඔබට පෙරලා ඒ දේ විශ්වයෙන් ලැබෙනවා.
3. Gratitude Journals
මිනිස්සු කියන්නෙ ස්වභාවයෙන්ම මැසිවිලි නගන්න බොහොම දක්ෂ ජීවීන් කොට්ඨාසයක්. හැබැයි මේ මැසිවිලි නැගීමෙන් අපිට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. හැබැයි “ඇයි මටම වුණේ?, “ඇයි මෙහෙම වුණේ?” කියලා හිතනවා වෙනුවට අපිට ලැබෙන පුංචිම දේවල් වෙනුවෙන් පවා විශ්වයට, ස්වභාවධර්මයාට, ඔබ අවට සිටින අයට නිරන්තරයෙන් මනසින් වගේම වචනයෙනුත් පුළුවන්නම් ස්තුති කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දිනපතා උදෑසන හෝ රාත්‍රී නින්දට පෙර ඔබ එදා දවසේ ස්තූතිවන්ත වෙන කාරණා ගැන පොතක සටහන් තබන්න.
4. Two Cups Method
මේ ක්‍රමය අනුගමනය කරන්න අවශ්‍ය සාමාන්‍ය වීදුරු දෙකක් පමණයි. එක වීදුරුවකට වතුර පුරවා ඔබේ වර්තමාන තත්ත්වය (තනිකඩ, රැකියා විරහිත, ශෝකී…) වගේ ඕනම දෙයක් සඳහන් ලේබලයක් අලවන්න. අනෙක් වීදුරුව හිස්ව තබා ඔබට ලබාගන්න අවශ්‍ය තත්ත්වය ගැන (හොඳ සහකරුවෙක්, රැකියාවක්, ප්‍රීතිමත් ජීවිතයක්…) සඳහන් ලේබලයක් අලවන්න. දැන් වීදුරු දෙක ඔබ ඉදිරිපස තබාගෙන ඔබ දැනට සිටින තත්ත්වය ගැන මොහොතක් සිහිකරන්න. ඊළඟට ඔබට අවශ්‍ය දේ ලැබුණු පසුව ඔබ සතුටින් සිටින හැටි සිහිකරන්න. ඒ සතුටු සිතුවිලි එක්කම අර වීදුරුවේ ඇති වතුර හිස් වීදුරුවට පුරවන්න. ඒ ගැන හිතමින්ම දෙවන වීදුරුවේ වතුර පානය කරන්න. පළමු වීදුරුවේ සෘණාත්මක ලේබලය ඉරාදමන්න. දෙවන වීදුරුවේ ධනාත්මක ලේබලය අතින් අල්ලාගෙන ඒ ගැන සිහිකරමින් තව සුළු මොහොතක් ගතකරන්න.
5. 55×5
මේ ක්‍රමය සටහන් තැබීමේ ක්‍රමයක්. ඔබට ලබාගැනීමට අවශ්‍ය දේ එක දිනයක 55 වතාව බැඟින් දින 5ක් එක දිගට සටහන් කිරීම තමයි ක්‍රමය. හැබැයි වැදගත් වෙන්නේ සටහන් තබන විදිහයි. උදාහරණයක් ලෙස සිතමු ඔබට නව රැකියාවක් අවශ්‍ය බව. සටහන තැබිය යුත්තේ “මට නව රැකියාවක් ලබාදෙන්න” හෝ “මට නව රැකියාවක් අවශ්‍යයි” කියා නොවෙයි. ඊට වඩා පැහැදිලි, ධනාත්මක වැකියක් තෝරාගන්න අවශ්‍යයි. “මට නව රැකියාවක් ලබාදුන්නාට විශ්වයට ස්තුතුයි” වැනි අනාගත කාල, ධනාත්මක වාක්‍යයකින් සටහන් තබන්න මතක තියාගන්න.
6. 369
මේ ක්‍රමයත් සටහන් තැබීමේ ක්‍රමයක්. කලින් වගේම ධනාත්මක වැකියක් සෑම දිනකම උදෑසන තුන් වතාවක්, දහවල් හය වතාවක් සහ රාත්රියේදී 9 වතාවක් පොතක හෝ කොළයක සටහන් තැබිය යුතුයි. ඔබට අවශ්‍ය දේ ලැබෙන තෙක් හෝ, ඒ සම්බන්ධව කිසියම්ම හෝ ප්‍රගතියක් ලැබෙන තෙක් මේ ක්‍රියාව සිදුකළ හැකියි. සටහන් තබන අතරවාරයේදී visualization ක්‍රමයට සිහිනය ගැන දකින්නත්, ඒ සතුට විඳින්නත් අමතක කරන්න එපා.
7. 77×7
මේ ක්‍රමය ටිකක් වෙනස් ක්‍රමයක්. හරියටම කිව්වොත් self-talking ක්‍රමයක්. ඔබට ලබාගන්න අවශ්‍ය සිහිනය ගැන කලින් කිව්වා වගේම ධනාත්මක වැකියක් තෝරාගන්න. එය ඔබට හොඳින්ම දැනෙන වැකියක් වීමත් වැදගත්. මේ වැකිය දිනපතා උදේ 7 වතාවකුත් හවස 7 වතාවකුත් බැඟින් එකදිගට දින හතක් ඔබටම පවසන්න. සිහිනය ලඟාවීම වේගවත් කරගන්න ඉතාම හොඳ ක්‍රමයක් තමයි මේ.
8. The Pillow Method
මේ ක්‍රමයත් හුඟ දෙනෙක් දන්න ක්‍රමයක්. හැබැයි ඒකෙ විශේෂ වාසි දන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. ක්‍රමය මේකයි. ඔබේ සිහිනය ගැන සටහන් කළ පුංචි තුණ්ඩුවක් දිනපතා රෑ ඔබ නිදන කොට්ටය යටින් තබාගන්න. මේ මඟින් ඔබ නින්දට වැටෙන විට ඔබේ සිතුවිලි රටාව පාලනය කරන්න උදව් ලැබෙනවා. දවසේ අවසාන සිතුවිල්ල යහපත් නිසා රාත්‍රියේ සිතුවිලි බොහොම යහපත්. ඒ කියන්නෙ අනවශ්‍ය නරක සිහින දකින්නේ නැහැ. සිහිනය පිළිබඳව ඔබේ මනසින්ම නොදැනුවත්ව හෝ ඇතිවෙන ප්‍රතිරෝධය පහසුවෙන්ම මඟහරවාගන්න මේ ක්‍රමය මඟින් පුළුවන්.
Leave a Reply