වෙනස් රසක් විඳින්න කැමති අයට අරාබිකරයේ රසවත් ස්නැක් රෙසිපි 5ක්

අරාබියේ හා මැදපෙරදිග රටවල ප්‍රසිද්ධ, ඒ වගේම බොහොම රසවත් කෑම ටිකක් ගේන්න අපි හිතුවා. එයාලා කෑම හදන විදි පොඩ්ඩක් වෙනස් උනත් හරිම රස කෑම ගොඩක් තියෙනව. ඔයාලත් පොඩ්ඩක් වෙනස් විදියට කන්න කැමතිනම් මෙහෙම හදලා බලන්න. 

 

1. Chicken Musakhan Rolls

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු ගෙඩි 10
  3. ඔලිව්තෙල් කෝප්ප 1
  4. අඹරාගත් සූදුරු තේ හැඳි ½
  5. ලෙමන් යුෂ මේස හැන්දක්
  6. කරදමුංගු කරල් 2ක්
  7. කුරුඳු පොතු කෑල්ලක්
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 
  9. ටෝටියා හෝ කැමති ෆ්ලැට් බ්‍රෙඩ් වර්ගයක් 
  10. රෝස්ට්කරගත් පයින් නට්ස්/ ආමන්ඩ්ස් හෝ කජු ටිකක් 

 

  • චිකන් ටික පොඩි කෑලි කපලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා මැරිනේට් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප් කරගත් ළූණු ගෙඩි 1ක් දාලා තෙම්පරාදු කරගන්න. මේකට චිකන් ටිකත් දාගන්න. කරදමුංගු හා කුරුඳුපොතු කෑල්ල දාලා කලවම් කරලා චිකන් වැහෙන ගාණට වතුර දාගන්න. 
  • චිකන් ටික තැම්බුනාම ලිපෙන් බාලා නිවෙන්න තියලා වතුර ටික පෙරාගන්න. බ්‍රොත් එක තියාගන්න. 
  • චිකන් ටික පොඩි කෑලි වලට ඉරාගන්න. දැන් ඉතුරු ළූණු ටික ඔලිව්තෙල් ටිකක් දාලා ෆ්‍රයි කරගන්න. ළූණු මැලවුණාම චිකන් බ්‍රොත් එකෙන් කෝප්ප 1/4ක් දාලා කලවම් කරගන්න. 
  • මේකට ලුණු, ගම්මිරිස්කුඩු, ලෙමන් යුෂ හා සූදුරු කුඩු දාලා කලවම් කරලා ටිකකින් ලිප නිවාගන්න. දැන් මේකට කඩාගත් චිකන් ටික දාලා කලවම් කරගන්න. 
  • ට්‍රේ එකකට බේකින් ශීට් එකක් දාලා අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. 
  • ෆ්ලැට්බ්‍රෙඩ් එකක් අරන් ත්‍රිකෝණ 4ක් වෙන්න 4ට කපලා ඔලිව් තෙල් තවරගන්න. දැන් ෆිලින් එකෙන් ටිකක් ත්‍රිකෝණයේ පළල පැත්තෙන් තියලා උඩින් රෝස්ටඩ් නට්ස් ටිකක් දාලා දෙපැත්තෙන් නවන ගමන් රෝල් කරගන්න. 
  • දැන් මේක ට්‍රේ එකේ තියලා රන්වන් පාට වෙනකල් බේක් කරගන්න. 

 

2. Fatayer with Spinach and Labneh Fillings 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

Fatayer ඩෝ එකට 

 

  1. පාන්පිටි ග්‍රෑම් 160
  2. ලුණු ටිකක් 
  3. ඔයිල් මේස හැඳි 2

 

Spinach Filling එකට

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. ලියාගත් නිවිති කෝප්ප ග්‍රෑම් 200
  4. ලෙමන් ගෙඩි 1/2 යුෂ
  5. ඔලිව්තෙල් මේස හැන්දක් 

 

Labneh Filling එකට

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1 
  2. කුරුඳු කුඩු පින්ච් එකක් 
  3. Allspice තේ හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. කෑලිමිරිස් ටිකක් 
  6. කපාගත් ලොකු තක්කාලි ගෙඩි 1
  7. යෝගට් කෝප්ප 1 1/2
  8. බටර් තේ හැඳි 1

 

  • Labneh filling එකට මේ ඔක්කොම එකට දාලා හොඳට කලවම් කරගන්න. 
  • Spinach filing එක හදාගන්න බෝල් එකකට ළූණු, ලුණු, ගම්මිරිස්කුඩු දාලා අතින් හොඳට කලවම් කරගන්න. 
  • නිවිති වලට ලුණු දාලා කලවම් කරගන්න. දැන් ළූණු හා නිවිති එකට කලවම් කරගන්න. මේකට ලෙමන් යුෂ හා ඔයිල් දාලා කලවම් කරගන්න. වැඩි යුෂ ගතිය පෙරලා අයින් කරගන්න. 
  • ඩෝ එක හදාගන්න පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. ඊළඟට තෙල් ටික දාලා අනලා වතුර ටික ටික දාලා විනාඩි 3ක් විතර නීඩ් කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. 
  • දැන් මේක තුනී කරලා රවුම් කපාගන්න.  මුලින්ම labneh filling එක දාලා උඩින් ස්පිනෑච් ෆිලින් එක දාගන්න. දැන් මේක ත්‍රිකෝණාකාරව නවාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. නැත්තන් සෙල්සියස් 180°ට විනාඩි 20-25ක් බේක් කරගන්න. 

 

3. Cheese Filled  Pastry Rolls

අවශ්‍ය ද්‍රව්‍ය 

 

Pastry Fingers වලට

 

  1. සමෝසා ශීට්ස් 30
  2. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
  3. රිකොත්තා (Ricotta) චීස් කෝප්ප 1/2
  4. කරදමුංගු කුඩු ටිකක් 
  5. එළවළු තෙල් කෝප්ප 4
  6. පාන්පිටි මේස හැඳි 2
  7. වතුර මේස හැඳි 1

 

ෂුගර් සිරප් එකට

 

  1. සීනි කෝප්ප 2
  2. වතුර කෝප්ප 1
  3. සැෆ්‍රන් ටිකක් 
  4. කරදමුංගු 3
  5. ලෙමන් බෑයක යුෂ

 

  • පෑන් එකකට වතුර හා ෂුගර් සිරප් එකට අදාළ සියල්ලම දාලා බොයිල් කරගන්න. සීනි දියවෙලා වතුර නටනකොට ලිපෙන් බාගන්න. 
  • පේස්ට්‍රි ෆින්ගර්ස් වලට චීස් වර්ග දෙකම කලවම් කරලා කරදමුංගු එකතු කරන්න. පේස්ට්‍රි ශීට් ටික තෙත රෙදි කෑල්ලකින් වහලා තියන්න. 
  • පාන්පිටි වලට වතුර මේස හැන්ද දාලා තික් පේස්ට් එකක් හදාගන්න. 
  • දැන් පේස්ට්‍රි ශීට් එක මැදට චීස් මිශ්‍රණය දාලා දෙපැත්තෙන් වහලා රෝල් කරගන්න. කොණට ආවම සාදාගත් පේස්ට් එක ගාලා සීල්කරගන්න. 
  • මේක ගැඹුරු තෙලේ බැදගන්න. උඩින් ෂුගර් සිරප් එක වක්කරගන්න. 

 

4. Kunafa Cups

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෂුගර් සිපර් එකට

 

  1. සීනි කෝප්ප 1
  2. වතුර කෝප්ප 1/2
  3. ලෙමන් යුෂ තේ හැඳි 1
  4. වැනිලා ටිකක් 

 

Kunafa Crust එකට

 

  1. කපාගත් කුනාෆා ෆිලෝ පේස්ට්‍රි (අරාබි කෑම වර්ග තියෙන කඩ වලින් ගන්න පුළුවන්)
  2. බටර් මේස හැඳි 5
  3. තැඹිලි ෆුඩ් කලරින් ටිකක් 

 

රුලං පුඩින් එකට

 

  1. කිරි කෝප්ප 3/4
  2. විප් ක්‍රීම් කෝප්ප 1/2
  3. සීනි මේස හැඳි 2
  4. රුලං මේස හැඳි 1 1/2
  5. කෝන්ෆ්ලා තේ හැඳි 1/2
  6. වතුර තේ හැඳි 1/2
  7. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් ටිකක් 
  8. සැරසීමට චොප්කරගත් පිස්ටාචියෝ ටිකක් 

 

  • වතුර කෝප්ප 1/2ක් ලිපේ තියලා, ෂුගර් සිරප් එකට අදාළ සියල්ලම දාලා සීනි දියවෙනකල් හැඳිගාන්න. ටිකක් හිඳීගෙන එනකොට ලිප නිවාගන්න. 
  • පුඩින් එක හදාගන්න පෑන් එකකට කිරි ටික දාලා විප්ක්‍රීම්, සීනි හා රුලං දාගන්න. කලවම් කරලා ලිපේ තියලා හැඳිගාන්න. 
  • කෝන්ෆ්ලා වලට වතුර ටිකක් දාලා කලවම් කරලා මේකට එකතු කරන්න. ටිකකින් තික් වෙලා කස්ටඩ් වගේ හැදෙනවා පෙනෙයි. අඩිය අල්ලන්න නොදී හැඳි ගාලා ලිපෙන් බාගන්න. 
  • කුනාෆා ක්‍රස්ට් එක අඟලෙ කෑලි කපලා බෝල් එකකට දාලා බටර් ටික මෙල්ට් කරලා එකතු කරන්න. හොඳට කෝට් වෙනකල් කලවම් කරගන්න. 
  • අවන් එක ප්‍රීහීට් කරගන්න. මෙල්ට් කරගත් බටර් වලට කලරින් බිංදු කිහිපයක් දාලා මෆින් ට්‍රේ එකේ කප්ස් වල හොඳට තවරගන්න. 
  • කුනාෆා පේස්ට්‍රි එක මේ කප්ස් වලට දාලා වීදුරු අඩියකින් හරි පොඩි ලී මෝල් ගහකින් හරි තද කරලා මැද වලක් හදාගන්න.
  • මේ වල මැදට රුලං ෆිලින් එකෙන් ටිකක් හා මොසරැල්ලා චීස් දාලා, උඩින් කුනාෆා ක්‍රස්ට් එක දාල අතින් තද කරලා වහගන්න. 
  • දැන් මේක සෙල්සියස් 180°ට විනාඩි20ක් බේක් කරගන්න. එළියට අරන් උඩින් ෂුගර් සිරප් දාගන්න. චොප්කරගත් පිස්ටාචියෝ ටිකක් උඩින් ඉසගන්න. උණුවෙන්ම පිළිගන්වන්න.

 

5. Meat Filled Pies (Arayes)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඹරාගත් බීෆ් ග්‍රෑම් 500
  2. පීටා බ්‍රෙඩ් 15ක්
  3. පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 4
  4. ලියාගත් ළූණු ගෙඩි 2
  5. චොප්කරගත් සුදුළූණු බික් 6
  6. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1
  7. තක්කාලි සෝස් කෝප්ප 1
  8. Pomegranate molasses මේස හැඳි 2ක් හෝ සීනි මිශ්‍ර දෙළුම් යුෂ
  9. ඔලිව්තෙල් කෝප්ප 1 1/4
  10. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • ෆුඩ් ප්‍රොසෙසර් එකට ළූණු, සුදුළූණු දාලා අඹරගන්න. ඊළඟට තක්කාලි හා බෙල්පෙපර් දාගන්න. ඒකට බීෆ් ටිකත් දාලා තව ටිකක් අඹරගන්න. 
  • මේකට තක්කාලි සෝස්, molasses භාගයක් හා ඔලිව්තෙල් කෝප්ප 1/4ක් දාලා ආයෙ මික්ස් කරගන්න. දැන් මේක පෙනේරෙකට අරන් අමතර තෙත ගතිය ඉවත් වෙන්න විනාඩි 10ක් වගේ තියන්න. 
  • ඊළඟට තවත් ඔලිව්තෙල් මේස හැඳි දෙකක් හා ඉතිරි molasses දාලා කලවම් කරගන්න. 
  • පීටා බ්‍රෙඩ් අරන් මැද්දෙන් පලාගන්න. බ්‍රෙඩ් එක ඇතුළට ඔලිව්තෙල් ගාලා ෆිලින් එක දාගන්න. අතින් පොඩ්ඩක් තලලා පැතලි කරගෙන සෙල්සියස් අංශක 180°ට විනාඩි 20ක් වගේ බේක් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *