චීනයෙන් ලෝකයට ලැබුණු හොඳම දේවල්

කාබනික පොහොර සිද්ධිය නිසා චීනය පිළිබඳව අපේ රටේ ජනතාව තුළ තිබුණු සුබවාදී ආකල්පය මේ වන විට නැත්තටම නැතිවෙලා ගිහිල්ලා කිව්වොත් වරදක් නැහැ. චීනය විසින් ඉවක් බවක් නැතුව ලංකාවට ණය දුන්නා කියල කියපු එක විපක්ෂයේ සටන් පාඨයක් වුණත් සාමාන් ජනතාවට ඒක වැඩිපුර දැනුණේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස්

ඒ කතා කොහොම වුණත් ජාත්යන්තර දේශපාලනය තුළදී චීනය කියන්නේ අපිට අමතක කරන්න බැරි සාධකයක්. චීනය සමග නොනවතින තරඟයක නිරත වෙලා ඉන්න බටහිර රටවල් පවා එය පිළිගන්නවා. නිසා අපි හිතුවා චීනය හා සම්බන්ධ අලුත් ලිපි මාලාවක් පටන් ගන්න. ආරම්භයක් විදිහට අපි අද කතා කරන්නේ චීනයෙන් ලෝකයට ලැබුණු හොඳ දේවල් පිළිබඳවයි.

 

1. කඩදාසි නිෂ්පාදනය

දැනට තිබෙන ලිඛිත මූලාශ් වලට අනුව ක්රිස්තු  වර්ෂ 105 දී පමණ පළමුවරට කඩදාසි භාවිතය සිදු වූ බවට සඳහන් වනවා. නමුත් ඇතැම් පුරාවිද්යාත්මක සාක්ෂි අනුව එහි ඉතිහාසය ක්රිස්තු පූර්ව 8 වැනි සියවස දක්වා දිවෙන බවට ඇතැම් පුරා විද්යාඥයන් සඳහන් කරනවා. ශාකවල කෙඳි භාවිතා කරමින් කඩදාසි සකස් කිරීමේ තාක්ෂණය චීනය තුළ තවදුරටත් වර්ධනය වූ අතර සේද මාවත හරහා එම දැනුම ලෝකය පුරා ගමන් කරනු ලැබුවා.

 

2. මුද්රණ ශිල්පය

කඩදාසි නිෂ්පාදනයේ ආරම්භය සහ වර්ධනය සිදු වූයේ චීනයේ වුවත් මුද්රණ  ශිල්පයේ ආරම්භය පමණක් චීනයේ සිදු වුණා. එහි වර්ධනය සිදුවූයේ බටහිර රටවල් වල දීයි. ඊට හේතුව වූයේ චීන අක්ෂර මාලාව අක්ෂර දස දහස් ගණනකින් සමන්විත වීමයි. ආරම්භයේ දී මැටියෙන් සකස් කරන ලද චීන අකුරු වල ස්පර්ශ ලාංඡන ගැනීම මගින්  මුද්රණ කිරීම් සිදු වුණා. ඉන් අනතුරුව එම අකුරු කඩා බිඳ දැමීමට සිදුවූයේ ඊළඟට සකස් කරන ලද සටහන සඳහා එය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.

 

3. මාලිමාව

සාමාන්යයෙන් මාලිමාව භාවිතා කරන්නේ උතුරු දිශාව සොයා ගන්න බවට මතයක් බොහෝ දෙනෙක් තුළ තිබෙනවා. නමුත් චීන වැසියන්ගේ  සොයාගැනීමක් වූ මාලිමාව භාවිතා වුනේ දකුණු දිශාව සොයා ගැනීම සඳහායි. එපමණක් නොව එය භාවිතා වුණේ සුභ දිශාව සොයා ගැනීම වැනි ෆෙංෂුයි වලට අදාළ කටයුතු සඳහායි. පසුව වැඩි දියුණු කරනු ලැබූ මාලිමා මුහුදු තරණය සඳහා භාවිතා කිරීමට පටන් ගත්තා. හරහා නාවික ගමනාගමනයට සිදුවූයේ විශාල මෙහෙයක්.

 

4. වෙඩි බෙහෙත්

දැනට පවතින ජනප්රවාද වලට අනුව වෙඩිබෙහෙත් සොයා ගැනීම අත්වැරැද්දක් බව කියවෙනවා. චීන වැසියන් පිරිසක් අමරණීය වීමට බෙහෙතක් සකස් කිරීමේදී සල්ෆර් භාවිතා කරමින් වෙඩි බෙහෙත් පළමු වරට නිෂ්පාදනය කළ බව කියැවෙනවා. ඉන් අනතුරුව මල්වෙඩි සංදර්ශන වැනි උත්සව කටයුතු සඳහා වෙඩිබෙහෙත් භාවිතාව තිබෙනවා. කෙසේ නමුත් වෙඩිබෙහෙත් පිළිබඳව දැනුම යුරෝපයට යෑමත් සමගම යුද කටයුතු සඳහා වෙඩි බෙහෙත් භාවිතය සිදුවීම ආරම්භ වුණා. 

 

5. මත්පැන්

මෑතක් වනතුරු මත්පැන් යනු  අරාබිකරයේ නිෂ්පාදනයක් බවට පුරාවිද්යාත්මක සාක්ෂි පැවතුණා. කෙසේ නමුත් චීනයේ සොහොන් බිමක් පිළිබඳව ගවේෂණය කරමින් සිටි පුරාවිද්යාඥයන් පිරිසක් වසර 9000 ක් පමණ පැරණි මත්පැන් අඩංගු භාජන කීපයක් සොයා ගනු ලැබුවා. ඒ මත්පැන් නිපදවීම සඳහා විවිධ ධාන් වර්ග භාවිතා කර තිබූ අතර පුරාවිද්යාඥයන් සැක කරන්නේ බීර පානය  ජනප්රියව තිබූ යුගයක් චීනය තුළ  පැවැතී  ඇති බවයි.

 

6. තේ පානය

චීන වැසියන් විසින් අපටත් හඳුන්වා දෙනු ලැබූ ඇබ්බැහියක් විදිහට තේ පානය හඳුන්වන්න පුළුවන්. තේ  පානයේ ආරම්භය පිළිබඳව විවිධ ජනප්රවාද පවතින අතර තේ නිෂ්පාදනය සහ පරිභෝජනය පිළිබඳව සංස්කෘතියක් චීනය තුළ ඇති වුණා. සේද මාවත තුළ හුවමාරු වූ ප්රධාන වෙළඳ භෝගයක් බවට තේ පත්වූ අතර, අද වන විට ලංකාව ඇතුළුටවල් කීපයක ප්රධාන අපනයනය භෝගයක් බවට තේ පත්ව තිබෙනවා.

 

7. සේද

අතීතයේ දී සේද යනු අතිශයින්ම සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව තිබුණා. චීන වෙළෙන්දන් විසින් සේද රෙදි සඳහා දිව්යමය ස්වභාවයක් ආරූඪ කරනු ලැබුවා. සියවස් ගණනාවක් තිස්සේ සේද රෙදි නිෂ්පාදනය චීනයේ ඒකාධිකාරියක්ව පැවැති අතර පසුව බටහිර වෙළෙන්දන් විසින් මල්බෙරි පණුවන් සොරෙන් චීනයෙන් රැගෙනවිත් යුරෝපයේ සේද රෙදි නිෂ්පාදනය ආරම්භ කිරීමට මුල පිරුවා. 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *