ලෝකයේ ඉතිහාසයට මෑතකදී විශාලතම බලපෑමක් කළ ත්‍රස්ත නායකයෙක් ලෙස බින්ලාඩන් දැක්විය හැකිය. ඇමරිකානුවන්ගෙන්ම මුදල් රැගෙන, පුහුණුවීම් රැගෙන ඉන් පසු ඔවුන්ටම ප්‍රහාර එල්ල කළ බින් ලාඩන්, අවසානයේදී ඇමරිකානු සීල් භටයින් අතින්ම මරුමුවට පත් විය. සියුම් ලෙස බින් ලාඩන් චරිතය හැදෑරීමේදී බටහිර ලෝකයට පිළිලයක් වූ මේ ත්‍රස්තවාදී න්යායාචාර්යවරු බිහිවීමට බටහිර ලෝකය යහමින් උදව් කර ඇති බව පෙනී යන කාරණයක්. අපි බින් ලාඩන් ගැන තොරතුරු කිහිපයක් බලමු.
1. උපත, විපත සහ පුද්ගලික තොරතුරු
ඔසාමා බින් ලාඩන් 1957 දී මෙලොව එළිය දුටු අතර 2011 මැයි 02 වැනිදා මෙලොවින් තුරන් විය. ඔසාමාට කසාද හයක් තිබී ඇති අතර ඒවායෙන් දරුවන් 24කට වඩා බිහිකර ඇත. මේ දරුවන්ගේ උපන්දින බැලූ කල එක් කසාදයකට පසුව අනෙක් කසාදයේ දරුවන් බිහිවී නැත. ඇතැම් කාලවල ඔසාමා සමග බිරියන් කිහිප දෙනෙක් එකවර වාසය කර ඇත. ඔසාමාගේ පියාද ඔසාමා මෙන්ම දරුවන් හැදීමට දක්ෂයෙක් වී ඇති අතර ඔසාමා බින් ලාඩන් යනු දරුවන් 52ක් සිටින පවුලක 17වෙනි දරුවාය.
2. ඔහුගේ පියාගේ වගතුග
බින් ලාඩන් පවුල යේමනයේ සිට සෞදි අරාබියට සංක්‍රමණය වූ පවුලකි. ඔසාමාගේ පියා සෞදියේ ප්‍රකට ඉදිකිරීම් සමාගමක විධායක නිලධාරියකු විය. ඔසාමාගේ අධ්‍යාපනයද සෞදියේ ජොඩාහි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමකි. උපතින්ම සුන්නි මුස්ලිම්වරයෙකු වූ ඔසාමාගේ පියා ගොඩනැගිලි ඉදිකිරීමෙන්ම බිලියනපතියෙක් විය. ඔසාමා මුල්ම කසාදය කරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 17ක් වූ අතර ඒ මනාලිය සිරියානු ඥාති සහෝදරියක වූ නජ්වා විය.
3. ඇෆ්ඝනිස්ථාන ත්‍රස්තයින්ට උදව් දීමට පටන් ගැනීම
ඇෆ්ඝනිස්ථානයේ 1979 දී සෝවියට් රුසියාවට එරෙහි ශුද්ධ වූ යුද්ධයක් පටන් ගත්තේ ආගමික මුහුණුවරකිනි. එයට සහාය වීමට ඔසාමා බින් ලාඩන් ඇෆ්ඝනිස්ථානයට පැමිණියේය. එහිදී ඔහු සිය පියාගේ මහා ඉදිකිරීම් ව්‍යාපාර වල හයියෙන් මුස්ලිම් ගරිල්ලාවරුන්ට ඇෆ්ඝනිස්ථානයේ දුෂ්කර කඳුකර කලාපයන්හි අගල් සහ තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නේය. එම කාලයේදී ඔහු සටන්කාමීන් පිරිස්වලම ඉදිරිපෙළ සාමාජිකයකු විය. 1988 දී බින් ලාඩන් අල් ක්වයිඩා සංවිධානය හා සම්බන්ධ විය.
4. ඇමරිකානු වෛරයේ මුල
1990 දී පළමු ගල්ෆ් යුද්ධයේදී ඇමරිකානු සෙබළු සෞදියට කඩා වැදුණු අතර එහිදී මක්කාවට සහ මදීනාවට හානියක් වේදැයි බියක් ඉස්ලාමීයයන් අතර විය. ඉන් පසු 1991 දී බින් ලාඩන් සිය සංවිධානය ජාත්‍යන්තරයට ගෙන ගොස් දකුණු සුඩානයේද සිය ත්‍රස්ත ජාලය ව්‍යාප්ත කරගැනීමට ක්‍රියා කළේය. 1991 දී සෞදිය සහ ඇමරිකාව මෙම ත්‍රස්ත කල්ලි වලට මුදල් දීමට කැමති වූ අතර ඒ නිසා ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ලැබී, ඒ හරහා තලේබාන් සංවිධානය බිහි කරන්නට බින් ලාඩන් ඇතුළු පිරිසට හැකි විය.
5. පළමු ප්‍රහාරය
ඇමරිකාවේ 2001 දී සිදුකළ මහා ප්‍රහාරයට කලකට පෙර, එනම් 1993 දී පමණ ලෝක වෙළඳ මධ්‍යස්ථානයටම කාර් බෝම්බයක් එල්ල කරන්නට බින් ලාඩන් ක්‍රියා කළේය. අමරිකාවෙන් ආධාර උපකාර ලබාගත්තත් බින් ලාඩන්ගේ ඇමරිකාව කෙරේ වූ වෛරයේ කිසිදු අඩුවක් වූයේ නැත. 2001 ප්‍රහාරයෙන් මුස්ලිම් ත්රස්තයන්ට එරෙහි ඇමරිකානු මැදිහත්වීම අඩු කරන්නට බලපෑම් කිරීම බින් ලාඩන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණක් වූ නමුත් ඉන් පසු ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණයට ඇමරිකාව පෙළඹීම ඉස්ලාමීය අන්තවාදීන් රැසකට අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කළේය.
6. බින් ලාඩන්ගේ විනෝදාංශ
පාකිස්තානයේ අබ්බොටාබාද් හි සැඟවී සිටියදී බින් ලාඩන්ව සොයාගන්නා විට ඔහු ලෝකයට ටෙලිපෝන් සහ අන්තර්ජාලය හරහා වැඩි සම්බන්ධයක් නැති වුවද සැටලයිට් හරහා රූපවාහිනී නාලිකා නැරඹූ බවට සොයාගෙන තිබුණි. එමෙන්ම බින් ලාඩන්ගේ දරුවන් ඩිස්නි චිත්‍රපට සහ බටහිර දේ නැරඹූ බවද එහිදී හෙළිවුණි. එංගලන්තයේ ජනප්‍රිය පාපන්දු කණ්ඩායමක් වූ ආසනෙල් හි රසිකයෙක් වූ බින් ලාඩන් 1993/94 සමයේ ලන්ඩනයේදී ඒ තරඟ නරඹන්නටද ගොස් තිබෙන බව පැවසේ.
7. බින් ලාඩන් සැඟවී සිට අල්වාගැනීම
ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ 2001 දී වුවත් බින් ලාඩන් අල්ලාගත හැකි වූයේ 2011 දී ය. පාකිස්තානයේ සැඟවී සිටි බින් ලාඩන් ගැන තොරතුරු තමුන් විසින් මනා කොට හැදෑරීමෙන් අනාවරණය කරගත්තා යැයි ඇමරිකානු හමුදා අංශ පැවසුවත්, බින් ලාඩන්ගේ සුවිසල් පවුලේ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් බින් ලාඩන් සැඟවී සිටි තැන අනාවරණය වෙන්නට ඇති බවක්ද ඇතැම් මාධ්‍ය වල වාර්තා විය. කෙසේ වෙතත් පාකිස්තානය වෙනත් රටක් වුවත් එයට කඩා වැදුණු අමරිකානු සීල් භටයින් බින් ලාඩන් එවෙලේම මරා ඔහුගේ මිනිය ගල්ෆ් මුහුදට දැමීමට ක්‍රියා කිරීම නීත්‍යානුකූල සිදුවීමක් බවට ඇමරිකාව විසින්ම සනාථ කරනු ලැබීය.
බින්ලාඩන් මිය ගියද ඉස්ලාමීය ත්‍රස්තවාදය හමාර වූයේ නැති අතර ඉන් පසු අයිසිස් ලෙස එය කලාපයක් පුරා විසිරී පැතිරී පැවතුණි. අදද ලොව කොහේ හෝ කෙළවරක ඉස්ලාමීය අන්තවාදී නායකයින් සිය ආගමේ නාමයෙන් විවිධ අවකල් ක්‍රියාවල නිරත වෙති.
Leave a Reply