ප්‍රාග් නුවර රවුමක් යමු

චෙක් ජනරජයේ අගනුවර වන ප්රාග් නුවර ලෝකය පුරා සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වීමට පටන්ගෙන තවම දශක තුනක් වත් ඉක්මවා නැහැ. ඊට එක් හේතුවක් වූයේ සෝවියට් රුසියාව විසින් චෙකොස්ලෝවැකියාවේ බලය අත්පත් කර ගැනීමත් සමග ඇතිවූ දේශපාලනික වාතාවරණයයි. මේ නිසා බටහිර රටවල සංචාරකයන්ට ප්රාග් නුවරට යෑමට විශාල ආයාසයක් දැරීමට සිදුවුණා. කෙසේ නමුත් දැන් තත්ත්වය වෙනස්. ලෝකය පුරා සංචාරක රසවතුන් විශ්වාස කරන ආකාරයට යම් පුද්ගලයෙකු ජීවිතයේ එක් වතාවක් හෝ ප්‍රාග් නගරය ගවේෂණය කළ යුතුයි. මේ  නිසා අපි හිතුවා ඔබට යම් දවසක ප්රාග් නගරයේ සංචාරය කරනවනම් නගරය තුළ දැක බලා ගත යුතු ස්ථාන හතක් පිළිබඳව තොරතුරු ගෙන එන්න.

 

 

1. චාල්ස් බ්රිජ් (Charles Bridge)

පැරණි ප්රාග් නගරය ආශ්රිතවයි මේ පාලම පිහිටා තිබෙන්නේ. ප්රාග් නගරයට ජීවය ලබාදෙන වල්ටාවා නදිය මතින් දාහතර වැනි සියවසේදී පමණ ඉදිකර තිබෙන මෙම පාලම කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගන්නවා. උදාහරණයක් විදිහට මෙම පාලම දිගේ  සාන්තුවරයන් තිස් දෙනකුගේ ප්රතිමා ස්ථාපනය කොට තිබෙනවා. මීට අමතරව මෙම පාලම දිගට විවිධ කලාකරුවන් තමන්ගේ නිර්මාණ විකිණීමට කටයුතු කරනවා. වගේම වීදි සංගීතඥයන් විවිධ ප්රසංග මෙම පාලම ආශ්රිතව පවත්වාගෙන යනවා. 

 

 

2. ප්රාග් මාළිගය (Prague Castle)

සාමාන්  ව්යවහාරයේ දී ප්රාග් මාළිගය ලෙස මෙය හැඳින්වූවත්, වඩා නිවැරදි ව්යවහාරය වන්නේ මාළිගා සංකීර්ණයක් යන්නයි. මාළිගා හතරකින්, දේවස්ථාන හතරකින් සහ ගොඩනැගිලි සමූහයකින් මෙය සමන්විත වෙනවා. මෙම මාළිගයේ ආරම්භය 9 වන සියවස දක්වා දිව යන අතර වර්තමානයේ දී එය චෙක් ජනරජයේ ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස භාවිතා වනවා. ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ දැනට සංරක්ෂණය වී ඇති පැරණිතම රජමාළිගය වන්නේද මෙම මාළිගයයි. වාර්ෂිකව මාළිගය නැරඹීම සඳහා මිලියන 1.8 පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙන බවට ගණන් බලා තිබෙනවා.

 

 

3. වෙන්සෙස්ලාස් චතුරශ්රය (Wenceslas Square)

ප්රාග් නගරයේ පිහිටා තිබෙන මේ චතුරශ්රය සැලකෙන්නේ එම නගරයේ හදවත ලෙසයි. විවිධ සැමරුම්, විරෝධතා, ප්රසංග සඳහා මෙම  චතුරශ්රය භාවිතාව තිබෙනවා. චෙක් ජනරජයේ ආරක්ෂක ශාන්තුවරයා නමින් මෙම චතුරශ්රය නම් කොට තිබෙන අතර උන්වහන්සේගේ එනම් ශාන්ත වෙන්සෙස්ලාස්ගේ  ප්රතිමාවක් මෙහි මධ්යයේ  ස්ථාපනය  කොට තිබෙනවා. වෙල්වට් විප්ලවය ලෙස හැඳින්වෙන චෙකොස්ලෝවැකියාවේ  කොමිනියුස්ට්වාදය පලවාහැරීමේ ව්යාපාරයේප්රධාන භූමිකාවක් මෙම චතුරශ්රය විසින් ඉෂ්ට කරනු ලැබුවා.

 

4. ස්පාඤ්ඤ සිනගෝගය (Spanish Synagogue)

ප්රාග් නගරයේ යුදෙව්වන් වාසය කරන කොටසේ පිහිටා තිබෙන මෙම සිද්ධස්ථානය දෙවන ලෝක යුද්ධය සමයේදී විනාශයට පත් නොවුණු එක් යුදෙව් සිද්ධස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ හිට්ලර් විසින් මෙම  සිද්ධස්ථානය ආශ්රිතව යුදෙව්වන් වෙනුවෙන් කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමට සැලසුම් කළ බවයි. කෙසේ වෙතත් වාර්තාවලට අනුව පැරැණි යුදෙව් සිද්ධස්ථානයක් මත එක්දහස් අටසිය ගණන්වල පමණ මෙම සිද්ධස්ථානය ගොඩනඟා තිබෙනවා. සඳහා භාවිතා කළ ගෘහ නිර්මාණ ශිල්පය ස්පාඤ්ඤය ආශ්රිතව ප්රභවය වූ එකක් නිසා මෙම සිද්ධස්ථානය ස්පාඤ්ඤ සිනගෝගය  ලෙස නම් කළ බව කියැවෙනවා. 

 

5. ජාතික නෘත්යගාරය (National Theatre)

18 වන සියවසයේ දී මෙම නෘත්යගාරයේ  ඉදිකිරීම් ආරම්භ වූයේ එවකට ජර්මානු සංස්කෘතියේ තර්ජනයට ලක් වෙමින් පැවති චෙක් ඉතිහාසය සහ කලාව සුරක්ෂිත කිරීමේ අරමුණින්. එතැන් පටන් චෙක් ජනරජයේ සංස්කෘතික ජීවිතය තුළ මෙම නෘත්යගාරය විශේෂ ස්ථානයක් හිමිකර ගන්නවා. වර්තමානයේදී මෙම නෘත්යගාරය තුළ බැලේ නර්තන, ඔපෙරා සහ නාට් රඟ දැක්වීම සිදු කරනවා. එහිදී නවීන පරම්පරාවට මෙන්ම චෙක් ජනරජයේ ඉතිහාසය සම්බන්ධ පැරණි පරම්පරාවලට එක හා සමාන ඉඩකඩ වෙන් කර දීමට මෙහි පරිපාලනය කටයුතු කර තිබෙනවා. 

 

 

6. කැම්පා කෞතුකාගාරය (Museum Kampa)

වල්ටාවා  නදියේ  පිහිටා  තිබෙන කැම්පා නම් දූපතේ නැගෙනහිර ඉවුර ආශ්රිතව මෙම කෞතුකාගාරය පිහිටා තිබෙනවා. මෙහි ඉඩකඩ වෙන් වන්නේ නවීන කලාවන් සඳහායි. මෙම කලා නිර්මාණ අතරින් වැඩ ඉඩකඩක් චෙක් ජන රජයේ කලාකරුවන් සඳහා වෙන් වුණත්, මධ්‍යම යුරෝපීය කලාකරුවන් සඳහා සැලකිය යුතු අවස්ථාවක් මේ තුළින් හිමි වෙනවා.

 

 

7. නිරීක්ෂණ කුළුණ (Lookout Tower)

මෙම  කුළුණ  ඉදිකර තිබෙන්නේ පැරීසියේ අයිෆල් කුළුණ ආදර්ශයට ගනිමින්. ප්රාග්  නගරයේ සැලකිය යුතු ප්රදේශයක දර්ශනය දැකබලා ගැනීමට මේ මතට නැගුණු පුද්ගලයෙකුට හැකියාව ලැබෙනවා. ඇතැම් නගරවාසීන් පවසන්නේ මුහුදු මට්ටමේ සිට උස සැලකීමේදී මෙම කුළුණඅයිෆල් කුළුණටත් වඩා උසින් යුක්ත බවයි. 

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *