තමන් හෙනම සෙක්ස් මාස්ටර් කෙනෙක් කියලා ටෝක්ස් දෙන එකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න!

අර පරණ කතාවක් තියෙනවනේ ජෙන්ට්ල්මන් නෙවර් කිස් ඇන්ඩ් ටෙල් කියලා. ඒ කියන්නේ සරලවම හොඳ මහාත්මයෙක් කෙනෙක්ව සිපගත්තට පස්සේ ආයෙ ඒක තමන්ගෙ වයිෆ්ටවත් කියන්නෙ නෑ කියලනේ! හරි, ඇත්තම කතාවත් ඒක තමයි හැබැයි. ඒ කියන්නේ හොඳ මහාත්මයෙක් තමන් සෙක්ස් කරල තියෙන්නේ කාත් එක්කද, කොහොමද වගේ දේවල් අතිශයින්ම පෞද්ගලික රහස් විදියට තියාගෙන ඉන්නවා මිසක්, කිසිම මොහොතක කියන්න යන්නෙ නෑ. හැබැයි මෙතනදී අපි කතා කරන කාරණාව නතරවෙන්නේ එතනින් විතරක්ම නෙවෙයි. දැන් ඔය ගොඩක් පිරිමි අය සහ සමහර වෙලාවට ගැහැණු අය ඉන්නවනේ තමන්ගේ සෙක්ස් හැකියාවන් සම්බන්ධයෙන් සෑහෙන්න පුරසාරම් කියන. ආයෙ ඔය වගේ මනුස්සයෙක් එක්ක කතා කරල බැලුවොත්, උන්දැට වඩා මාස්ටර් ෆකර් කෙනෙක් නෑ. “ආයෙ මාත් එක්ක බුදියගත්තු ගෑණියෙක් ඒ සැප හොයාගෙන මගෙ ගාවටම එනවා මිසක් පිට යන්නෙ නෑ බ්‍රෝ” ලෙවල් එකෙන් තමයි ආඩම්බරේට ඕක කියන්නේ. අනික් අය ඉතින් කම්මුලේ අතගහගෙන අහගෙන ඉන්නවා අනේ හැබෑට ලෙවල් එකෙන්!

 

ඇත්තටම ඔය කියන ජාතියේ සෙක්ස් ලොරි ටෝක්ස් පුරසාරම් කාරයෝ ජාති දෙකක් මූලිකවම ඉන්නවා. එක කොටසක් ඇත්තටම සෙක්ස් සීන් එකේ ඉන්න පුරසාරම් කාරයෝ. දෙවෙනි කොටස හීනෙන් විතරක් සෙක්ස් කරලා බොරු ටෝක්ස් දෙන පුරසාරම් කාරයෝ. හැබැයි මේ කොටස් දෙකම අතින් වෙන්න පුළුවන් භයානක වැරැද්දක් තමයි, තමන්ගේ ඇත්ත හෝ හිතෙන් මවාගත්තු සෙක්ස් ඉතිහාසයක් දිග අරින එක. ඒ කියන්නේ, මම අරකි එක්කත් නිදාගත්තා, මම අරකටත් ගැහුවා, අරූත් මාත් එක්ක බුදියගත්තා ලෙවල් එකෙන් කතා කරන එක. ඒකෙන් වෙනත් පුද්ගලයින්ට හානි වෙන්න පුළුවන්. 

 

හැබැයි ඒ විතරක් නෙවෙයි, ඔය අරකටත් ගැහුවා මේකටත් ගැහුවා ලෙවල් එකේ ටෝක්ස් වගේම, මම ඇඳේදී අරෙහෙම වැඩ දාන්නේ, මෙහෙම වැඩ දාන්නේ ලෙවල් එකේ ටෝක්ස් දෙන වලත් පුද්ගලික හානියක් තියෙනවා. ඒ කියන්නේ, එහෙම තමන් සෙක්ස් මාස්ටර් කෙනෙක්, සෙක්ස් මැෂින් එකක් කියලා පෙන්නන්න පුරසාරම් දොඩන එකේ හොඳ ප්‍රතිඵල වලට වඩා අනර්ථකාරී ප්‍රතිඵල වැඩියි. මේ කියන්නේ අන්න ඒවා ගැන තමයි!

 

1. ඒක සදාචාරයට පටහැණියි

මේක ගැන ඉතින් ආයෙමත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. තමන් සෙක්ස් කරපු කෙනෙක් කෙනෙක්ගේ වගතුග, එයත් එක්ක කළේ මොනවද කියන එක, එයාගේ අනුදැනුමෙන් තොරව තව කෙනෙක්ට හෙළි කරන එක සදාචාරාත්මක වැරැද්දක්. ඇයි එහෙම කියන්නේ? ශිෂ්ට සමාජයේදී ලිංගික හැසිරීම් කියන දේ සැළකෙන්නේ අතිශයින්ම පෞද්ගලික කාරණාවක් විදියට. ප්‍රයිවට් ලයිෆ්. අන්න එතකොට, ඒ පෞද්ගලික කාරණාව අපිට විතරක් නෙවෙයි අදාළ වෙන්නේ, අපිත් එක්ක සෙක්ස් කරපු අනික් කෙනාටත් අදාළ වෙනවා. එයාගෙත් ප්‍රයිවට් ලයිෆ් එක තමයි මේ. අන්න එතකොට, අපි කොහොමද තව කෙනෙක්ගේ අවසරයකින් තොරව, එයාගේ ප්‍රයිවට් ලයිෆ් එක ගැන කතා කරන්නේ? එතනදී අපිට අපේ ප්‍රයිවට් ලයිෆ් එක ගැන කතා කරන එක ඕකේ වුණා කියලා මදි, අනික් කෙනාටත් ඕකේ වෙන්න ඕන. එහෙම නැතිනම් ඒක සදාචාර විරෝධී කාරණයක්! විශ්වාසය කඩ කිරීමක්!!

 

2. කාන්තාවෝ අකමැතියි ගොඩක් වෙලාවට

තමන්ට ඇඳේ කරන්න පුළුවන් දේවල් ගැන කවුරුහරි ගොඩක් වෙලාවට ලොකු ටෝක්ස් දෙන්නේ, ඒකෙන් තව කෙනෙක්ව පොළඹවගන්න වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, තමන් සෙක්ස් කරන්න ආසාවක් තියෙන ගෑණු ළමයෙක් එක්ක, තමන් ඇඳේදී කොයි වගේ මාස්ටර් ෆකර් කෙනෙක්ද කියලා කවුරුහරි කියන්නේ, ඒ ගෑණු ළමයා ඒක අහලා ආස වෙලා තමන් එක්ක සෙක්ස් කරන්න පෙළඹෙයි කියන බලාපොරොත්තුවෙන් නේ. හැබැයි ඒකේ තියෙන ගැටළුවක් තමයි, ගොඩක් වෙලාවට කාන්තාවෝ ඔය වගේ ඇඳේ කරන්න පුළුවන් දේවල් ගැන ලොරි ටෝක් අහන්න ආස නොවීම. ඇඳේ කරන්න පුළුවන් දේවල් ගැන ලොරි ටෝක්ස් විතරක් නෙවෙයි, තමන්ගේ අහවල් එකේ සයිස් එක ගැන එහෙම දෙන ලොරි ටෝක්ස් වලටත් ගොඩක් කාන්තාවෝ අකමැතියි. ඉතින් එහෙම ටෝක්ස් ඉෂූ කරලා කෙල්ලෙක්ව පොළඹවා ගන්න හදන්නේ, කාන්තාවෝ ගැන මෙලෝ හසරක් නොදන්න ආධුනිකයෙක්ම තමයි!

 

3. නිර්මාණය වෙන බලාපොරොත්තු ලබාදෙන එක කේස් වුණහම

දැන් ඔහොම සෙක්ස් ලයිස් එකේ තමන්ට කරන්න පුළුවන් දේවල් ගැන ලොරි ටෝක්ස් දුන්නයි කියමුකෝ. එතකොට අනික් පැත්තේ කෙනත් බලාපොරොත්තු වෙනවා මෙයා මෙන්න මේ වගේ අමුතුම එක්ස්පීරියන්ස් එකක් ඩිලිවර් කරයි කියලා. දැන් පුතෝ ටෝක්ස් දුන්න වගේ නෙවෙයි, ඒ ටෝක්ස් වලට අනුව වැඩේ තියෙන්නත් ඕන. නැත්තං වෙන්නෙ මොකද්ද, තමන් අනික් කෙනා එක්ක කොයි තරම් තෘප්තිමත් ලිංගික හැසිරීමකට ගියත්, ඒක අර ලොරි ටෝක්ස් වල කියපු දේවල් එක්ක සමපාත නොවුණහම, එයා අපි ගැන කළකිරෙන එක තමයි. හා නැද්ද? ඒක ඉතින් සාමාන්‍ය මිනිස් ලක්ෂණයක්. අපි ෂුවර් සීයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට, අනූවක් ලැබුණහම අපි කළකිරෙනවා. හැබැයි අපිට එහෙම බලාපොරොත්තු මොකුත් නැතුව ඉන්නකොට අසූවක් ලැබුණත් මහමෙරක් වගේ. හා නැද්ද?

 

4. පර්ෆෙක්ෂන් අවුල්

දැන් අපි ඔක්කොම මිනිස්සුනේ. එතකොට අපි හැමදාමත් එකම විදියට ඉන්නෙ නෑ. උදාහරණයක් විදියට කිව්වොත්, අපි කොල්ලො කෙල්ලො කාලෙ ආයෙ හිටු කියලා සෙක්ස් කරන්න පුලුවන් ගායක් තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි ටික ටික අපි තලස්තෑනි වෙනකොට ඒ හැකියාව පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. එතකොට ඔය ඇඟ පත මහත් වෙනකොට, එකතැනම ඉන්න ලයිෆ්ස්ටයිල් එකක් කාලාන්තරයක් පවතින කොට එහෙමත්, කොල්ලො කෙල්ලො කාලේ දාපු සෙල්ලං දාන්න බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය මොනවා නැතත්, ස්ට්‍රෙස් එක නිසාම සෙක්ස් කරන්න ගියහම තමන්ට පර්ෆෝම් කරන්න බැරි වෙන්නත් පුළුවන්! ඕවා ඇත්තටම සොබාවික දේවල්. හැබැයි දැන් අර උඩ කියපු විදියට තමන්ගේ සෙක්ස් හැකියාවන් ගැන පොර ටෝක් දීලා, ලොකු චිත්‍රයක් මවලා, ලොකු බලාපොරොත්තු ඇති කරලා හිටියහම මොකද්ද වෙන්නේ? තමන්ට පර්ෆෙක්ෂන් ලෙවල් එකෙන්, පරිපූර්ණ මට්ටමකින් සෙක්ස් කරන්න වෙනවා. ආයෙ බැරිවෙලාවත් මොකක් හරි අවුලක් වුණොත් අපිට ආයෙ අනික් කෙනාගේ මූණ බලන්නත් නොහිතෙන්න පුළුවන්. ඒ විතරක්ද, අපිම පුදුමාකාර විදියට මානසිකව වැටෙන්නත් පුළුවන්. ආයෙ පවර්ස් නැති වුණු සුපර්මෑන් වගේ තමයි. ඕක ඇත්තටම පුදුමාකාර මානසික පීඩනයක් සෙක්ස් කරන්න ගියහමත්, ඒ කියන්නේ පරිපූර්ණත්වයෙන්, තමන් දීපු ටෝක්ස් වල ලෙවල් එකෙන් සෙක්ස් කරන්න යන එක. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ, සෙක්ස් ගැන පොර ටෝක් එපා, කරන වෙලාවට කරන දේ එන්ජෝයි කරන්න කියලා!

 

5. සර්ප්‍රයිස් නං සර්ප්‍රයිස්

අපි හැමෝම යම්තාක් දුරකට කැමතියිනේ සර්ප්‍රයිස් වෙන්න. ඒ කියන්නේ අපිට උපන්දිනේට සර්ප්‍රයිස් පාටි එකක් දෙනවට අපි කැමතියි. එහෙම නැතිනම් අපිට වැලන්ටයින් එකට සර්ප්‍රයිස් තෑග්ගක් දෙනවටත් අපි කැමතියි. ඒ වගේම තමයි සෙක්ස් කරනකොටත්. ආයෙ කරන කියන දේවල් කලින්ම කියලා කරනවට වඩා, අපි එතනදිත් සර්ප්‍රයිස් වෙන්න කැමතියි. හැබැයි ඉතින් ඇඳේදී සර්ප්‍රයිස් කරන්න යන එකේ පොඩ්ඩක් ට්‍රිකී පැත්තකුත් තියෙනවා. සර්ප්‍රයිස් එක අවුල් වුණොත්? ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි අපි මෙතනදි කියන්නේ, තමන් ඇඳේදී කරන දේවල් ගැන කලින්ම පොර ටෝක් දෙන එකෙන්, අපි ඒ දේවල් වල තියෙන සර්ප්‍රයිස් එක, නැවුම් භාවයත් එහෙම්මම නැති කරල දානවා. හැබැයි ඒක ඊට වඩා මාර ආතල් එකක් වෙයි අපේ පාට්නර්ට, අපි ඒ ගැන පොර ටෝක් දෙන්නෙ නැතුව, ඇඳේදීම කරලා පෙන්නුවා නං!

 

6. චරිතෙට හොඳ නෑ

සෙක්ස් ලයිෆ් එක ගැන පොර ටෝක් දෙන එකේ මෙහෙම අවුලකුත් තියෙනවා තමයි. අර අපි පටන් ගන්නකොටම කිව්වනේ ඒක හරිම අන්එතිකල්, සදාචාරයට පටහැණි දෙයක් කියලා. ඉතින් ඒක එහෙම තමයි. ඒ නිසාම, සෙක්ස් ලයිෆ් ගැන පොර ටෝක් දෙන මනුස්සයෙක් ගැන කිසිම කෙනෙක්ට හොඳ ආකල්පයක් ඇති වෙන්නෙ නෑ. ඒ කියන්නේ ඒ පොර ටෝක් ඇත්ත වුණත්, බොරු වුණත් අදාළ වෙන්නෙත් නෑ. ඒක නොකළ යුතු දෙයක් කියන එක තමයි පොදුවේ ඕනම කෙනෙක්ගේ ඔළුවේ තියෙන ආකල්පය. ආයෙ මළාට එහෙම මනුස්සයෙක්ව හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් විදියට කිසිම කෙනෙක් පිළිගන්නෙත් නෑ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොට, ඇයි අපි අපේ චරිතේ කැත කරගන්නේ සෙක්ස් ලයිෆ් එක ගැන පොර ටෝක් දීලා?

 

7. අලුතෙන් දෙයක් ඉගෙනගන්න බෑ

අන්තිමට මෙහෙම දේකුත් තියෙනවා. ඔය අපි කලිනුත් කියලා තියෙන විදියට, අද වෙනකොට සෙක්ස් කියන්නේ දරුවෝ හදන සීන් එකක් නෙවෙයි. ඊට වඩා සෙක්ස් කියන්නේ මානව සංස්කෘතියේ මිනිස්සු නිර්මාණය කරගත්තු අපූරු කලාවක් කියන්න පුළුවන්. හැබැයි දැන් කාටහරි චිත්‍ර අඳින්න පුළුවන් කියලා, ඌ එතනින් එහාට අලුත් අලුත් චිත්‍ර අඳින ටෙක්නික්ස් ඉගෙන ගන්නෙ නැතුව ඉන්නවද? චිත්‍ර කලාවේ ප්‍රවීණත්වය ලඟා කරගන්න උත්සාහ නොකර ඉන්නවද? නැහැනේ. ආන්න ඒ වගේ තමයි සෙක්ස් වලදිත්. අපි අලුත් අලුත් දේවල් නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. අන්න එතකොට තමයි ලිංගික ජීවිතේ හරි හැටි රසවිඳින්න පුළුවන් වෙන්නේ. හැබැයි තමන් සෙක්ස් මාස්ටර් කෙනෙක් කියලා පොර ටෝක් දෙන මනුස්සයෙක්ට ගොඩක් වෙලාවට මේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න විවෘත වෙන්න අමාරුයි. ඇයි, එයා දැනටමත් තමන්ගැන අධි තක්සේරුවක ඉන්නවා ආයෙ සෙක්ස් සීන් එකේ මට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ කියලා. ඒකෙන් ඇත්තටම තමන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබාගන්න තියෙන ඉඩ තමයි මිස් වෙන්නේ!

 

දැන් එතකොට පිරිමි විතරද ඔහොම ටෝක්ස් දෙන්නේ? ගෑණු එහෙම ලොකු ටෝක්ස් දෙන්නෙ නැද්ද තමන්ගේ සෙක්ස් හැකියාවන් ගැන? එහෙමනම් ඒ ගැන ලියලා නැත්තෙ ඇයි? එහෙමත් කෙනෙක් අහන්න පුළුවන්. ඇත්තටම කාන්තාවෝ වුණත් එහෙම තමන්ගේ සෙක්ස් හැකියාවන් ගැන ටෝක්ස් දෙනවා. එතකොට ඒවාත් වැරදියි තමයි. හැබැයි අපි මෙතනදී ගොඩක් පිරිමින්ගේ පැත්තට බරව පොදුවේ කතා කරන්න උත්සාහ කරනවා මිසක්, කාන්තාවෝ ගැන විශේෂයෙන්ම කියන්න යන්නෙ නෑ ඒක ටිකක් සංකීර්ණ මාතෘකාවක් නිසා. ඒ නිසා ඒ ගැන අපි වෙන දවසක කතා කරමු!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *