ගොඩක් අය කියන දෙයක් තමයි, අද කාලේ අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ ෆේක් දේවල් කියන එක. ඒක ඉතින් ඔය බඩුමුට්ටු වලට විතරක් නෙවෙයි, මිනිස්සුන්ටත් අදාළව තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඇත්තටම මොකද්ද ඔය ෆේක් සහ ජෙනුයින් කියන දෙකේ වෙනස? සරලයි. ජෙනුයින් දෙයක් කියන්නේ ඇත්තටම ඇත්ත දෙයක්. ඒ කියන්නේ, බඩුවක් ගත්තොත්, ජෙනුයින් බඩුවක් කියන්නේ, ඒ බඩුවේ තියෙන්න ඕන නියම ප්‍රමිතියට, නියම කොලිටියට, නියම විදියට හදපු දෙයක්. එතකොට ඒ බඩුවේ ෆේක් එක, එහෙම නැතිනම් ව්‍යාජ විදියට හදපු කොපියක් කියන්නේ, ඒ බඩුවේ තියෙන්න ඕන නියම ප්‍රමිතිය සහ කොලිටිය නැතුව, හොරට හදපු, ඒ නිසාම කොලිටියක් සහ කල්පැවැත්මක් නැති, වඩාත් ලාබෙට ගන්න තියෙන හොර කොපියක්. ඕක ඉතින් බඩුභාණ්ඩ වලට විතරක් නෙවෙයි, මිනිස්සුන්ටත් අදාළයි.
හරි, ඇත්තටම අද කාලේ තියෙන ආර්ථික තත්ත්වයන්, ආර්ථික ප්‍රශ්න වගේ දේවල් එක්ක ගොඩක් මිනිස්සු බලන්නේ ටික කාලයක් පාවිච්චි කරලා විසික් කරන්න හරි, ලාබෙට දෙයක් ගන්න. අන්න ඒ නිසා තමයි අද කාලේ ගොඩක් වෙලාවට ෆේක් බඩු උණු කැවුම් වගේ විකිණෙන්නේ. ෂුවර් නැද්ද? නිකමට ෆේස්බුක් එකේ ඔය බඩු විකුණන තැන් වල, එහෙම නැතිනම් ගොඩක් බ්‍රෑන්ඩඩ් බඩු නැති කඩවල් වල එහෙම බලන්න, ජෙනුයින් ඒවල විදියට හදපු ෆේක් බඩු කොයි තරම් විකිණෙනවද කියලා. දැන්, කෙනෙක්ට ලාබෙට ටික කාලෙකට දෙයක් පාවිච්චි කරන්න ඕන නිසා, දැනුවත්වම ෆේක් දෙයක් ගන්න එකේ කිසිම ගැටළුවක් නෑ. හැබැයි ජෙනුයින් විදියටම හදපු ෆේක් එකකට රැවටිලා, ඒ බඩුවට කිසිසේත්ම වටින්නෙ නැති ඉහළ මිලක් ගෙවලා දෙයක් ලබාගන්න වෙනවා නම් අන්න ඒක සැබෑ ගැටළුවක්. ඒ නිසා, කොහොමද ෆේක් දේවල් වලින් ජෙනුයින් දේවල් වෙන් කරලා අඳුනාගන්නේ කියන දැනුම, අපිට සෑහෙන්න අදාළ වෙනවා.
1. ෆේක් ගැජට්
සාමාන්‍යයෙන් ෆේක් ගැජට් වල තියෙන ගැටළුවක් වෙන්නේ, ඒවා ගොඩක් වෙලාවට අර බ්‍රෑන්ඩඩ් ගැජට් වල විදියටම තමයි හදන්නේ. අන්න එතකොට, අපි බ්‍රෑන්ඩඩ් ගැජට් එකක් කියලා ෆේක් ගැජට් එකකට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි, පොඩ්ඩක් විමසිල්ලෙන් ගැජට් එක දිහා බලන එක. ගොඩක් වෙලාවට ජෙනුයින් ගැජට් එකක් හදනකොට ඒකේ තියෙන කොලිටි එක සෑහෙන්න උසස්. ෆේක් ගැජට් එකේ ෆිනිෂින් එක ඇත්තටම බාල තත්ත්වයක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ ඇරෙන්න, ගැජට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක නැතිනම් ලෝගෝ එක දිහා සැලකිල්ලෙන් බලන එකෙනුත් ෆේක් එකක් හොයාගන්න පුළුවන්. මොකද, ගොඩක් වෙලාවට ෆේක් ගැජට් එකක ලෝගෝ එකක සුළු සුළු වෙනස්කම් තියෙනවා. අන්න ඒක ස්පොට් කරලා අපිට ගැජට් එක ජෙනුයින් ද ෆේක් ද කියලා හොයාගන්න පුළුවන්.
2. ෆේක් ඇඳුම්
ඇඳුමක් ඇත්තටම ජෙනුයින් ද නැතිනම් ෆේක් ද කියන එක හොයන එක ඒ තරම් ලේසි නෑ. ඔය ලේසියෙන් හොයාගන්න පුළුවන් බාලම කොලිටි ෆේක් නං හොයන්න පුළුවන්. ඒ කියන්නේ ජෙනුයින් වික්ටෝරියා සීක්‍රට් ඇඳුම් අපිට පිටකොටුවේ පේමන්ට් එකෙන් හොයාගන්න බැහැනේ. ඒක අපි දන්නවනේ. හැබැයි අර යම් විදියක කොලිටි එකක් තියෙන, හැබැයි ඔරිජිනල් නොවෙන ඇඳුමක් හොයාගන්න නම් ටිකක් පරීක්ෂාකාරී වෙන්න සිද්ධ වෙනවා. ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි, ඇඳුමේ මැහුම් කොහොමද තියෙන්නේ කියලා බලන එක. ඔරිජිනල් ඇඳුමක මැහුම් ගහලා තියෙන්නේ නිරන්තරයෙන්ම හරි පිළිවෙලට. හැබැයි ෆේක් ඇඳුමක නම් ගොඩක් වෙලාවට මැහුම් තියෙන්නේ හරිම අපිළිවෙලට වෙන්න පුළුවන්. කොහොම කළත්, අර ඔරිජිනල් එකක තියෙන නීට්නස් එක ෆේක් එකක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ඇරෙන්න, ෆේක් ඇඳුමක තියෙන මැටීරියල් එකේ කොලිටි එක ගොඩක් වෙලාවට අතට දැනෙනවා.
3. ලේබල්ස්
ඕනම දෙයක් ජෙනුයින් ද නැතිනම් ෆේක් ද කියලා හොයාගන්න පුළුවන් තව පහසුම ක්‍රමයක් තමයි ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ ලේබල් එක බලන එක. මේ කතන්දරේ හරියටම හරියනවා ඇඳුම් වලදී. මොකද, ඇඳුම් වල ෆේක් වුණත් ජෙනුයින් වුණත් කර පිටුපස්සේ ලේබල් එකක් එන්න ඕනනේ. හැබැයි අනික් ලේබල් තියෙන ඕනම ප්‍රඩක්ට් එකකට වුණත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඒ තමයි, ලේබල් එක කියවලා බලන එක. ඔරිජිනල් ජෙනුයින් ප්‍රඩක්ට් එකක ලේබල් එකේ හරියට ඒ ප්‍රඩක්ට් එක ගැන තොරතුරු, විස්තර, හොඳ පැහැදිලි භාෂාවකින් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් තියෙනවා නම්, ඒ විස්තර කැඩිච්ච ඉංග්‍රීසියෙන් සඳහන් වෙන්නෙ නෑ. හැබැයි ෆේක් ඒවල නම් තොරතුරු විස්තර හරි විදියට සඳහන් වෙන අවස්ථා ඉතාම අඩුයි. ෆේක් ප්‍රොඩක්ට් එකක ලේබල් එකේ භාෂාව ගැටළුකාරීයි විතරක් නෙවෙයි, හරි හැටි තොරතුරු සඳහන් වෙන ප්‍රමාණයත් අල්පයි. ඒ ඇරෙන්න, ලේබල් එකේ ප්‍රින්ට් කොලිටි එකත් ඔරිජිනල් එකෙක හොඳටම තියෙනකොට, ෆේක් එකක සෑහෙන්න අඩු වෙනවා!
4. ආවරණය
ඕනම ප්‍රඩක්ට් එකක් ඔරිජිනල් ද නැතිනම් ෆේක් ද කියලා හොයාගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි, ඒක රැප් කරලා තියෙන්නේ කොහොමද කියලා බලන එක. උදාහරණයක් විදියට ගත්තොත්, ඔරිජිනල් ෆෝන් එකක් රැප් කරලා තියෙන විදිය නිරීක්ෂණය කළොත්, ඒක බොහොම කොලිටි විදියට, හිරට හොඳ පොලිතින් එකකින් රැප් කරලා තියෙනවා. හැබැයි ෆේක් ෆෝන් එකක් දිහා බැලුවොත්, ඒ විදියේ කොලිටි රැපින් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් එකක් ෆේක් වෙනකොට, රැපින් එකත් බොහොම ලිහිලෙට, ආඩාතාඩෙට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න බොක්ස් එක නිරීක්ෂණය කිරීමෙනුත් අපිට දැනගන්න පුළුවන් බොක්ස් එක ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් එකේ කොලිටිය ගැන. ගොඩක් වෙලාවට ෆේක් ප්‍රොඩක්ට් එකක බොක්ස් එකේ ප්‍රින්ට් කරලා තියෙන දේවල් එතරම් පිළිවෙල නැහැ. කොලිටිය සම්බන්ධයෙනුත් පැහැදිලි වෙනසක් තියෙනවා.
5. ප්‍රයිස් ටූ ගුඩ් ටු බී ටෲ
මේකත් ඉතින් සාමාන්‍ය දැනීමෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් ඔරිජිනල් දේක මිල ගණන් ෆික්ස් වෙලා තියෙන්නේ. ආයෙ අර කඩේ එක ගාණක්, මේ කඩේ තව ගාණක් වෙන්නෙ නෑ. හැබැයි ෆේක් එකක ගණන් කඩෙන් කඩේට වෙනස් වෙනවා විතරක් නෙවෙයි, හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රයිස් අපිට ලැබෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතාගන්න බැරි විදියේ හොඳ ප්‍රයිස් එකක් ලැබෙනවා නම්, අන්න එතකොට ඒ ප්‍රයිස් එකට ලැබෙන ප්‍රඩක්ට් එක ගොඩක් වෙලාවට ෆේක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකට උදාහරණයක් විදියට, ඔය පහුගිය කාලේ සැම්සන්ග් ස්මාට්වොච් එකක් රුපියල් විසිදාහකට දෙන මෙගා ඔෆර් එකක් තිබුණු සයිට් එක පෙන්නන්න පුළුවන්. වෙන්න පුළුවන් දෙයක් ද? බෑනේ.
6. ෆේක් ලිකර්
දැන් කාලේ ඇත්තටම ජෙනුයින් විදියට හදපු ෆේක් විස්කි, වොඩ්කා එහෙමත් තියෙනවනේ. ඉතින් කොහොමද එව්වා ඇත්ත ඒවැයින් වෙන් කරලා හොයාගන්නේ? ඇත්තටම ඒක කරන්න නම්, පොඩ්ඩක් ලිකර් ගැන දැනුමක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත් ෆේක් විස්කි එකක් හොයාගන්න නම්, ජෙනුයින් විස්කි වල සුවඳ කොයි විදියද කියලා දැනගන්න ඕන. මොකද, ෆේක් ලිකර් වල අර ඔජිරිනල් එකේ තියෙන සුවඳ එන්නෙ නෑ. රහත් එහෙමම තමයි. හැබැයි ගැටළුව කියන්නේ, සුවඳ සහ රහ දැනගන්න නම් සීල් එක කඩන්න වෙනවනේ. හැබැයි ලිකර් වල ඔරිජිනැලිටි එක බලන්න පුළුවන් මූඩියෙන් නැතිනම් සීල් එකෙන්. ගොඩක් වෙලාවට ඔරිජිනල් එකේ එන විදියෙන් ෆේක් එකේ සීල් එක වෙනස්. ඒ වගේම, බොක්ස් එක වුණත් සෑහෙන්න තරමටම ඔරිජිනල් එකට සමාන වුණාට, හරියටම ඔරිජිනල් එකේ කොලිටියටම ගන්න අමාරුයි. අන්න ඒ නිසා, හොඳ සුපරීක්ෂාකාරී නිරීක්ෂණයකින් ලිකර් ෆේක් ද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්.
7. ජෙනුයින් පොලිටිකල් ස්පීච්
මේකත් ඉතින් ඔය බඩුභාණ්ඩ වගේම අද කාලෙට අදාළයිනේ. උදාහරණයක් විදියට ගත්තොත්, අද කාලේ දේශපාලයෝ සෑහෙන්න කතා පවත්වනවා. ආයෙ ගෙවල් ගාවට වෙන මොකක් හරි ෂූට් කරගෙන යන්න ටීවී චැනල් එකකින් ආවත්, එළියට බැහැලා වොයිස් කට් එකක් දෙනවා. හැබැයි මේ විදියට දේශපාලකයෝ කතා කරන දේවල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ ඒවා වැඩිහරියක් ටොම් පච, ඇත්ත වගේ හදපු පච, නොමඟ යවන සුළු කරුණු වලින් ගහණ වීම. එතකොට අපි ඕවා ජෙනුයින් කියලා හිතාගෙන ගිල්ලොත්, ආයෙ අපි තව අවුරුදු ගාණකට රැවටෙනවා. එහෙම අපි රැවටෙන විදියට හැමෝම රැවටුනොත්, රටට, ආර්ථිකේට, විදෙස් සබඳතා වලට වගේ සෑහෙන්න දේවල් වලට අබ සරණ වෙනවා. ආන්න ඒ නිසා, පොලිටික්කෙක් කතා කරනකොට, මුලින් අවධානය යොමු කරන්න ඒකේ එයා සඳහන් කරන කරුණු වලට. ඒ කරුණු වල තාර්කික සම්බන්ධතාවයක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඊලඟට, ඒ කරුණු වල කියන දේවල් ඇත්තද නැත්තද කියලා ෆැක්ට් චෙක් කරන්න. උදාහරණයක් විදියට, ජනාධිපති කිවුවොත් අපි ගිය අවුරුද්දේ ඉඳන් මේ අවුරුද්ද වෙනකොට දළ දේශීය නිෂ්පාදිතය අහවල් ප්‍රමාණෙකින් ඉහළ නංවලා තියෙනවා, ඒ කියන්නේ අපි කලින් හිටපු රජයට වඩා සාර්ථකයි කියලා, පොඩ්ඩක් ඔන්ලයින් හරි හොයලා බලන්න ඇත්තටම දළ දේශීය නිෂ්පාදිතය ඔය කියන විදියට ඉහළ ගිහින්ද කියලා. අපි කියපු ඉහළ අගයක් පෙන්නනවා කියලා. හැබැයි ඒ කලින් අවුරුද්දට සාපේක්ෂව කියලා. එතකොට හොයලා බලන්න ඊට කලින් ආණ්ඩුව හිටපු අවුරුදු වලට සාපේක්ෂවත් ඉහළයිද කියලා. එහෙම නැතිනම්, ලොක්කගෙ කතාව ෆේක් කියලා අපිට හිතාගන්න වෙනවා.
ඇත්තටම අද කාලේ ජෙනුයින් දේවල් අඩුයි, ෆේක් දේවල් වැඩියි. අන්න ඒ නිසා, කියවලා බලන්න, අපි කලිනුත් ෆේක් දේවල් අතරින් ජෙනුයින් දේවල් තෝරා ගන්න විදිය ගැන ලියපු ආටිකල් දෙකක්!
එදිනෙදා අපිට හමුවෙන ෆේක් දේවල් අතුරින් ජෙනුයින් එකක් හොයාගන්න උපදෙස්!
ෆේක් වලින් ජෙනුයින් දේවල් වෙන් කරලා අඳුනාගන්නේ මෙහෙමයි! – 2 කොටස
Leave a Reply