කලිනුත් අපි ටෝස්ටර් එකේ හදන්න පුළුවන් කෑම වර්ග ගැන ගෙනාවා. එදා කියන්න බැරිව ඉතිරි වුණ රෙසිපි සෙට් එක ඔන්න අද ගෙනාවා. අවන් දානවටත් වඩා ලේසියට කෑම වර්ග බේක් කරගන්න ටෝස්ටර් එකෙන් පුළුවන්. ඔයාලත් අදම ට්‍රයි කරන්න.
1. ටෝස්ටර් බටර් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- සීනි කෝප්ප 1/4
- කිරි මේස හැඳි 2
- තෙල් කෝප්ප 1/4
- වැනිලා ටිකක්
- පාන්පිටි කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- සීනි හා බිත්තර ටික විස්ක් කරගන්න. සීනි ටික හොඳට විස්ක් උනාම ටිකකින් කිරි හා තෙල් දාලා හොඳට විස්ක් කරගන්න.
- වැනිලා ටිකත් දැම්මට පස්සෙ පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලලා මේකට එකතු කරන්න. ස්පැතූලා එකෙන් කලවම් කරගන්න.
- ටෝස්ටර් එක හීට් කරලා ඔයිල් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා විනාඩි 10ක් ටෝස්ට් කරගන්න.
2. ටෝස්ටර් යීස්ට් රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි 250g
- සීනි තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- යීස්ට් තේ හැඳි 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- පාන්පිටි වලට කිරි දාලා විස්ක් කරගන්න. යීස්ට් වලට සීනි දාලා පිපෙන්න තියන්න. මේක කිරි මිශ්‍රණයට දාලා අනික් සියල්ලම දාගන්න.
- කැට නැති වෙනකල් කලවම් කරලා වහලා පැය කාලක් තියන්න. දැන් ටෝස්ටර් එකට තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා ස්ප්‍රෙඩ් කරගන්න.
- දැන් මේක විනාඩියක් ටෝස්ට් කරලා මැද්දෙන් කැමති ෆිලින් එකක් දාලා හෝ නැතුව දෙකට නවලා තවත් විනාඩි 2ක ටෝස්ට් කරගන්න. ෆිලින් එකක් නොදා හදනව නම් ඕනම කරි එකක් එක්ක කන්න පුළුවන්.
3. ටෝස්ටර් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- තෙල් මේස හැඳි 4
- අයිසින් ෂුගර් කෝප්ප 1/2
- ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- බෝල් එකකට තෙල් හා අයිසින් ෂුගර් දාලා විස්ක් කරගන්න. මේකට බ්ලෙන්ඩ් කරගත් ඩෙසිකේටඩ් කොකනට් ටික දාලා පාන්පිටි ටික දාගන්න. කලවම් කරලා බේකින් පව්ඩර් ටික දාගන්න. හොඳට අනලා ඩෝ එකක් හදාගන්න.
- මේක පැය කාලක් පිපෙන්න තියලා අතින් බෝල හදාගන්න. දැන් ඩෙසිකේටඩ් කොකනට් වල තවරලා රත් කරගත් ටෝස්ටර් එකට දාලා බේක් කරගන්න.
4. ටෝස්ටර් පීසා
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
- පාන්පිටි ග්‍රෑම් 250
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- ලා රස්නෙ වතුර
ටොපින් එකට
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- පෙති කපා බැදගත් සොසේජස් 2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1
- පීසා සෝස් ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔරිගානෝ ටිකක්
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් ටිකක්
- ඩෝ එකට අවශ්‍ය සියල්ලම දාලා හොඳට නීඩ් කරලා ඩෝ එක හදාගන්න. මේක පැය කාලක් වහලා තියන්න. මේක තුනී කරලා ටෝස්ටර් එකේ සයිස් එකට කොටු කපාගන්න.
- ටෝස්ටර් එකට ඔයිල් ගාලා මේ ශීට් එක තියලා පීසා සෝස් ගාගෙන ටොපින් එකට අවශ්‍ය සියල්ලම දාලා උඩින් ලුණු, ගම්මිරිස්කුඩු හා ඔරිගානෝ ඉහගන්න.
- අන්තිමට මොසරැල්ලා චීස් දාලා උඩින් තව ශීට් එකකින් වහලා, ටෝස්ටර් එකේ විනාඩි 7-8ක් ටෝස්ට් කරගන්න.
5. ටෝස්ටර් ස්නැක්
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1/2
- මුදවපු කිරි මේස හැඳි 1
- ලුණු ටිකක්
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- කහකුඩු පින්ච් එකක්
- තුනපහ කුඩු පින්ච් එකක්
- චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි ½ (පාට 3න්)
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- ස්වීට් කෝන් මේස හැඳි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- රුලං වලට කර්ඩ්, ලුණු, මිරිස්කුඩු, කහකුඩු හා තුනපහකුඩු දාලා වතුර ටික ටික දාලා තික් පේස්ට් එකක් හදාගන්න.
- දැන් මේකට එළවළු හා අනික් සියල්ලම දාලා කලවම් කරගන්න.
- ටෝස්ටර් එක හීට් කරලා තෙල් ටිකක් ගාලා මේ බැටර් එකෙන් ටික ටික දාලා විනාඩි 5ක් ටෝස්ට් කරගන්න
Leave a Reply