නීලා වික්‍රමසිංහගේ ජීවන මතකය

පහුගිය සතියක නීලා වික්රමසිංහගේ හදිසි මරණය ගැන ආරංචි වීමත් එක්ක මුළු ලංකාවම කම්පනයට පත් වුණා. ඇගේ ගී හඬට ප්රිය නොකරපු කිසිම පුද්ගලයෙක් ලංකාවේ ඉන්න බැරි තරමට ඇය අපිට සමීප ගායිකාවක්. කොහොම වුණත් දේශපාලන මත වලින් ඔළුව කුරුවල් වුණු පිරිස් විතරක්  ඇගේ මරණය ගැන අනවශ් ප්රකාශ කරලා තිබ්බා කියන එකත් සමාජ මාධ් පරිහරණය කරන අය දන්නවා. මේ නිසාම අපි හිතුවා ඇගේ මතකය ඔබ වෙත යළි අවදි කරන්න. මෙහිදී මධ්යස්ථ ස්ථාවරයක  ඉඳන් ඇගේ ජීවිතය සහ නිර්මාණ ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා

 

 

1. නීලා හැමදාම කෘතඥ වුණු කලාකාරිනිය

නීලා තමන්ගේ ජීවිතයේ හැමදාම කෘතඥ වුණු කලාකාරිනියක් තමයි ඉන්ද්රාණි පෙරේරා මහත්මිය. ඔබ කවුරුත් දන්නවා ඇති නීලා වික්‍රමසිංහ මහත්මිය පෝලියෝ තත්ත්වය නිසා පීඩා විඳි තැනැත්තියක් බව. ඉතින් දවසක් ඉන්ද්රාණි පෙරේරා මහත්මිය දකිනවා නීලා වික්රමසිංහ බොහෝම අමාරුවෙන් ඇවිද යන ආකාරය. ඉන් පසු දින ඇය ඇගේ සැමියා සමග නීලාව විශේෂ සපත්තු සකස් කරන තැනකට එක්කන් ගිහිල්ලා ඇගේ කකුලට ගැළපෙන ආකාරයේ විශේෂ සපත්තුවක් සකස් කර දෙනවා. මේ නිසා නීලාට ඇවිද යෑම වඩාත් පහසු වී තිබෙනවා. 

 

 

2. නීලාගේ විවාහය

නීලා වික්රමසිංහ සහ ප්රියානන්ද විජේසුන්දර අතර පැවති විවාහය බිඳ වැටීමත් කණින් කොණින් මේ අවස්ථාවේදී කතාබහට ලක්වෙනවා අපි දැක්කා. ඔවුන් දෙදෙනා පාසල් වියේ සිට පෙම්වතුන්ව සිටි බව කියවෙනවා. එසේම ප්රියානන්දගේ පාර්ශවයේ දැඩි විරෝධය මත මෙම විවාහය සාර්ථක කරගත් බවත් සඳහන් වෙනවා. ඉන් අනතුරුව නීලා විසින් ගායනා කළ බොහෝ ගී පද ප්රියානන්ද විසින් රචනා කරනු ලැබුවා. කෙසේ නමුත් පසුකලෙක එම විවාහයේ අර්බුදයක් මත එම විවාහය බිඳ වැටෙනවා

 

 

3. පෝලියෝ රෝගය මෙරටින් තුරන් කිරීම

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මගින් ලංකාව තුළ ක්රියාත්මක කෙරුණු පෝලියෝ රෝගය මර්දනය කිරීමේ වැඩසටහනට විශාල දායකත්වයක් නීලා වික්රමසිංහ ලබා දුන්නා. ඇය වේදිකාව මතට අපහසුවෙන් ඇවිද එමින් රුදුරු පෝලියෝ රකුසාගෙන් තමන්ගේ දරුවා බේරා ගන්නා ලෙස දෙමව්පියන්ට ඉල්ලීමක් කරනු ලැබුවා. ඇගේ මෙම සංවේදී ඉල්ලීමට මුළු රටෙන්ම ප්රතිචාර ලැබුණා. එහි ප්රතිඵලය වූයේ වසර කීපයක් ගත වන්නටත් පෙර ලංකාව පෝලියෝ රෝගය තුරන් කළ රටක් බවට පත්වීමයි.

 

 

4. The Mother සංවිධානය සහ නොමිලේ සිදු කළ සංගීත ප්රසංග

ස්ටැන්ලි පීරිස් කලාකරුවා දැඩි ලෙස රෝගාතුරව සිටි අවස්ථාවේදී ඔහු  වෙනුවෙන් දැවැන්ත සංගීත ප්රසංගයක් පවත්වා ඉන් ලැබුණු සියලු මුදල් නීලා වික්රමසිංහ ඔහුට ලබා දුන්නා. එය “The Mother” නම් සංවිධානයක් හරහා සිදුකළ බව කිව්වත් එහි සම්පූර්ණ බර දැරුවේ නීලා වික්රමසිංහ බව ප්රසිද්ධ රහසක්. ඒ වගේම අවස්ථා ගණනාවකදීම ඇය ගීත ප්රසංග පවත්වා එහි මුදල් පිළිකා රෝගීන් ඇතුළු අවශ් පුද්ගලයන් වෙනුවෙන් වෙන් කළා.

 

5. නීලාගේ දේශපාලනය 

නීලා වික්රමසිංහ වසර ගණනාවක් තිස්සේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උද්යෝගිමත් සාමාජිකාවක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වෙන පළමු ජනාධිපතිවරණයේ වේදිකා වලටත් ඇය නැග්ගා. අවස්ථාවේදී මාලිනී ෆොන්සේකා පවා සිටියේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින්. පසුව එළඹුණු ජනාධිපතිවරණවලදීත් මහින්ද රාජපක්ෂගේ වේදිකාවලට ඇය නැග්ගත් ඇය කිසිම තනතුරක් හෝ වරප්රසාදයක් ලබා ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වුණු එක්සත් ජාතික පක්ෂයට හිතෛෂී කලාකරුවෝ ඇති තරම් ලාභ ප්රයෝජන ඔහුගෙන් ලබා ගත්තා. නීලා වික්රමසිංහ පරාජයෙන් පසුවත් මහින්ද රාජපක්ෂව අත්හැරියේ නැහැ.

 

 

6. ගහලා හරි ගන්න තිබ්බේ

නීලා වික්රමසිංහව දැඩි ලෙස විවේචනය කරන්න හේතු වුණු ප්රධානම චෝදනාව තමයි ඇය මහින්ද රාජපක්ෂ ඉදිරියේ ඔහුගේ පරාජයෙන් පසුවමරල හරි ගන්න තිබ්බෙ” කියලා ප්රකාශයක් කළා කියන එක. නමුත් අදාළ වීඩියෝව නැරඹුවොත් ඔබට පැහැදිළි වෙයි ඇය ප්රකාශ කරන්නේඇයි සර් ගහලා හරි ගන්න තිබ්බේ” කියලා බව. මරල හරි ගන්න තිබ්බෙ කතාව කියන්නේ මැදමූලන ප්රදේශයේ කෙනෙක් වෙනත් අවස්ථාවක. නමුත් සමාජ මාධ් තුළදී මරල හරි ගන්න තිබ්බෙ කියන ප්රකාශය කළේ ඇය කියලා තමයි ප්රචාරය වුණේ. ඇගේ එම “ගහලා හරි ගන්න තිබ්බේ” ප්රකාශයත් අපි අනුමත කරන්නේ නැහැ. නමුත් යම් පුද්ගලයෙකුට ආවේගයට කියවෙන ප්රකාශයක් පදනම් කරගෙන ඔහුව හෝ ඇයව සීමා විරහිතව විවේචනය කරමින් ඔහු හෝ ඇය විසින් සිදු කරන ලද සේවය සපුරා අමතක කරනවා නම් එතන ලොකු ප්රශ්නයක් තියෙනවා කියන එක නම් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි

 

 

7. නීලාට ලැබුණු තනතුර

ඉතාලියේ මිලානෝ නුවර කොන්සල්  ධුරය තමයි ඇයට හිමි වුණේ. කියන්නේ තානාපතිවරයෙකුට හා සමාන බලතල තියෙන ධුරයක්. නමුත් එම තනතුර තානාපති ධූරය හා එක සමානව සළකන්නේ නැහැ. කලාකරුවන් මෙවැනි තනතුරු සඳහා පත් කරපු අවස්ථා ගණනාවක් මෙරට සහ විදේශ රටවල ඉතිහාසය තුළ හමු වෙනවා. බොහෝ දෙනෙක් හිතන දේ තමයි තානාපති  සේවය කියන්නේ නිලධාරීන්ට පමණක් වෙන්වුණු ක්ෂේත්රයක් කියන එක. නමුත් ඒක වැරදියි. තානාපති සේවය කියන්නේ ගරු කටයුතු සේවයක්. නිසා අවශ් නම් හමුදා නිලධාරීන්, කලාකරුවන් වැනි රට වෙනුවෙන් සේවය කළ ඕනෑම පුද්ගලයෙකු එම තනතුරක් සඳහා පත් කිරීමේ අවස්ථාව පවතිනවා. තමන්ගෙ ජීවිතේ කිසි දිනක තනතුරක් පසුපස හඹා නොගිය නීලා වික්රමසිංහට මෙම තනතුර ලැබීම පිළිබඳව වැරැද්දක් කියන්න පුළුවන් දේශපාලනය නිසා ඒක වැරදියි කියලා දකින පුද්ගලයෙකුට විතරයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්නත් අමතක කරන්න එපා. මේ ලිපිය පිළිබඳව ඔබේ අභියෝගතා තියෙනවා නම් ඒ පිළිබඳවත් සඳහන් කරන්න. ඒ සඳහා ඉඩ දෙන්න අපි සූදානම්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *