සෙක්ස් මැෂින් එකක් වෙන්නේ කොහොමද?

 

මොකද්ද සෙක්ස් මැෂින් එකක් කියන්නේ? සරලවම කිව්වොත් මිනිස්සුන්ට සෙක්ස් කරන්න උදව් කිරීම, එහෙම නැතිනම් සෙක්ස් කරන එක උද්දීපනය කරලා සහාය වීම සඳහාම නිර්මාණය කරපු මොකක් හරි යන්ත්‍රයක්. ඔව්, එහෙම එව්වා මේ ලෝකේ තියෙනවා. එතකොට කවුරුහරි මනුස්සයෙක්ට තව කවුරුහරි කියනවා නං “යූ ආර් අ සෙක්ස් මැෂින්” කියලා, ඒක අපහාසයක් ද? අපොයි නෑ. සෙක්ස් මැෂින් කියල එතනදී අදහස් කෙරෙන්නේ, බොහොම ඉහළ මට්ටමකින් සෙක්ස් කරන්න දක්ෂ, සෙක්ස් කරලා තව කෙනෙක්ව තෘප්තිමත් කරන්න හොඳ හැකියාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්, ලිංගිකව ආකර්ෂණීය මනුස්සයෙක් කියන එක තමයි. හැබැයි ඔය කියන්නේ තමන් ෆක් මාස්ටර් කෙනෙක් කියලා පම්පෝරි ගහන උන්දැලා ගැන නං නෙවෙයි. ඇත්තටම රති කෙළියේ දක්ෂ, හොඳ රති ආකර්ෂණයක් තියෙන මනුස්සයෙක් ගැන කතා කරද්දී තමයි සෙක්ස් මැෂින් කියලා කියන්න පුළුවන් වෙන්නේ!

 

හරි, දැන් ඕන කෙනෙක්ට එතකොට සෙක්ස් මැෂින් එකක් වෙන්න පුළුවන් ද? අන්න ඒක තමයි හොඳම කාරණාව. ඇත්තටම ඕනම කෙනෙක්ට සෙක්ස් මැෂින් එකක් වෙන්න බැරි කමක් නෑ. කොහොමද සෙක්ස් මැෂින් එකක් වෙන්නේ? ආන්න ඒ ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ!

 

1. ශරීර සෞඛ්‍යය අංක එකට

හොඳ සෙක්ස් මැෂින් එකක් කියන්නේ, හැම අතින්ම හොඳ පර්ෆෝමන්ස් තියෙන එන්ජින් එකක් වගේ. ඉතින් එහෙම හොඳ එන්ජින් එකක් වෙන්න නම්, හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න අවශ්‍යයි. සරලම උදාහරණයකින් කියනවා නම්, ටිකක් වෙලා සෙක්ස් කරනකොට හති හලනවා නං, පොඩ්ඩක් වත් ඇඟේ නම්‍යශීලී බවක් නැති නම්, ඇඳේ ඇල වෙලා ඉන්නවා මිසක් පොඩ්ඩක් නැගිටලා කරලා, දඟලලා සෙක්ස් කරන්න අමාරුයි නං, සෙක්ස් මැෂින් එකක් වෙන්න හිතන්නවත් බෑ. ආන්න ඒ නිසා, හොඳ සුඛනම්‍ය ශරීරයක්, හොඳ දරාගැනීමේ ශක්තියක්, හොඳ සවිශක්තියක් තියෙන එක හොඳට සෙක්ස් කරන්න නම් අවශ්‍යයි. අපි කියන්නේ ඇඟේ ප්‍රමාණය ගැනවත්, ඇඟේ හැඩය ගැනවත් නෙවෙයි. ශාරීරික හැකියාවන් වැඩිදියුණු කරගැනීම ගැන. ඒ ඇරෙන්න ඉතින් හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්නවා කියන්නේ ඔය බෝ නොවෙන ලෙඩ රෝගත් අඩුයි කියන එකනේ. මොකද, ඔය බෝ නොවෙන ලෙඩ රෝග එහෙමත් සෙක්ස් පර්ෆෝමන්ස් වලට බලපානවා.

 

ඒ ඇරෙන්න ඉතින් ක්ලීන් එකට, පිළිවෙලට ඉන්න එක, ශරීරය සහ පෙනුම පවත්වා ගන්න එක එහෙමත් ප්ලස් පොයින්ට් එකක් මිසක් වෙන මොකුත් නෙවෙයි, කවුද කැමති හොඳටම පර්ෆෝමන්ස් තියෙන එන්ජිමක් වුණත්, දැලි කුණු තෙල් වලින් වැහිලා කළු වෙලා තියෙනකොට කවුද කැමති වෙන්නේ!

 

2. ප්‍රකාශනයේ හැකියාව

සෙක්ස් මැෂින් එකක් වෙන්නේ කොහොමද කියන ආටිකල් එකක මේ වගේ කෑල්ලක් දැම්මහම ටිකක් කොයිල් වගේද? ගණන් ගන්න එපා. හැබැයි ඇත්තටම මේක ඉතාම වැදගත් කාරණාවක්. දැන් ගැහැණු ආස වෙන්න පුළුවන් පිරිමියෙක්ගේ පෙනුමට සහ පෞරුෂත්වයට. හැබැයි හරියට ආකර්ෂණීය විදියට කතා කරන්න දන්නෙ නැති පිරිමියෙක්ගේ පෙනුම කොයි තරම් තිබුණත් ඒකෙන් ලොකු වැඩක් වෙන්නෙ නෑ. ඇත්තටම කාන්තාවක් ලිංගිකව පවා ආකර්ෂණය වෙනවා ආකර්ෂණීය විදියට කතාබහ කරන්න දන්න පිරිමියෙක්ට. දැන් කාලේ හැටියට ගත්තොත් ඕක කතාබහ කරන්න තියෙන හැකියාව වගේම, ලියන්න තියෙන හැකියාව විදියටත් කියන්න පුළුවන්. ඇයි, දැන් කාලේ වැඩි හරියක් අපි මැසෙන්ජර් සේවාවන් වලින් චැට් කරන එකනේ කරන්නේ. සමස්තයක් විදියට කිව්වොත්, හොඳ සෙක්ස් මැෂින් එකක් වෙන්න නම්, පිරිමියෙක්ට හොඳ ප්‍රකාශනයේ හැකියාවක් තියෙන්න ඕන.

 

3. ඕරල් සෙක්ස් එක්ස්පර්ට්

සාමාන්‍යයෙන් සෙක්ස් කරන කෙනෙක් දන්නවා, බොහෝමයක් දෙනෙක් සෙක්ස් කිරීමේදී එක්ස්පර්ට් විදියට සැලකෙන දේවල් තියෙනවා. සමහරු අති විශිෂ්ට සිපගන්නෝ, තවත් සමහරු අතිවිශිෂ්ට විදියට ස්පර්ෂ කරන්න දන්නවා. ඔන්න ඔහොම. එතකොට ඕරල් සෙක්ස් එක්ස්පර්ට්? ඔව්, එහෙම අයත් ඉන්නවා. ඇත්තටම ඕරල් සෙක්ස් වලට එක්ස්පර්ට් කෙනෙක් වෙන එකේ සෑහෙන්න වාසි තියෙනවා. මොකද, සෙක්ස් කරන්න ගියහම අපි හිතනවට වඩා සෑහෙන්න ලොකු කාර්යභාරයක් අපේ මුඛයෙන් සිද්ධ වෙන නිසා. සාමාන්‍යයෙන් ඕරල් සෙක්ස් නැතිනම් මුඛ සංසර්ගය කියලා කියන්නේ ලිංගේන්ද්‍රියන් මුඛයෙන් උද්දීපනය කිරීම වුණත්, මෙතනදී අපි ඕරල් සෙක්ස් කියලා කියන්නේ ඒකට විතරක් නෙවෙයි. ඊට අමතරව තන පුඩු ඇතුළු මුළු ශරීරයම මුඛයෙන් උද්දීපනය කරන්න තියෙන හැකියාව අපි මෙතනදී ඕරල් සෙක්ස් යටතට ගන්නවා. ආන්න ඒකට එක්ස්පර්ට් වෙනවා කියන්නේ, සෙක්ස් ගේම් එකේදී සෑහෙන්න ලකුණු ප්‍රමාණයක් ස්කෝර් කරන්න පුළුවන් කියන එක තමයි.

 

4. කින්කි වයිබ්ස්

සෙක්ස් මැෂින් එකක් විදියට සැලකෙන මනුස්සයෙක්ට, පොඩ්ඩක් සාම්ප්‍රදායිකව දන්න කියන සෙක්ස් කිරීමෙන් එහාට හිතන්න පුළුවන් කම තිබීම අත්‍යාවශ්‍යයි. එහෙම නැතිනම් ඉතින් ඇත්තටම ඒ මනුස්සයට සෙක්ස් මැෂින් එකක් කියන එකේ තේරුමකුත් නෑ. මේ කියන්නේ කෙලින්ම බීඩීඑස්එම් ප්‍රැක්ටිස් වලින් පටන් ගන්න කියන එක නෙවෙයි. ඒවා ඉතින් එක එක පාට්නර්ගේ කැමැත්ත මත තීරණය වෙන දේවල්නේ. හැබැයි ඉතින් කිසිම විදියකට ඉරි ගහලා වෙන් නොකළත්, තමන්ට අවුට් ඔෆ් බොක්ස් හිතලා කින්කි දේවල් ඇඳේදී කරන්න පුළුවන් නම්, ආන්න ඒක මරු. ඇත්තටම ඇඳේ විතරයි සෙක්ස් කියන ආකල්පයෙන් අයින් වීම පවා එතනට ඇතුළත්. අපි සරල උදාහරණයක් ගමු. සෙක්ස් මැෂින් එකක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් සෙක්ස් කරන්න කලින් තමන්ගේ පාට්නර්ට හොඳ සෙක්සි ඔයිල් මසාජ් එකක් දෙන්න. වෙනස්, කින්කි දෙයක්. ඒ වගේම, ඊලඟට වෙන සෙක්ස් ප්ලේ එකට ඒක ඉතාම හොඳ උද්දීපනයකුත් සපයනවා!

 

5. ලබාගැනීමට වඩා ලබාදීමට ප්‍රමුඛතාව

ඇත්තටම කෙනෙක්ව සෙක්ස් මැෂින් එකක් විදියට හඳුන්වන්නේ ඇයි? ඒ කෙනා තමන්ගේ පාට්නර්ට විශිෂ්ට තෘප්තියක් ලබාදෙන නිසා, හා නැද්ද? ආන්න එතකොට, තමන්ගේ සතුටට විතරක් ෆෝකස් වෙන, එහෙම නැතිනම් තමන්ගේ සතුටට වැඩිපුර ෆෝකස් වෙන මනුස්සයෙක්ට සෙක්ස් මැෂින් එකක් කියන ප්‍රශංසාව ලබාගන්න පුළුවන් වෙයිද? ආන්න ඒක නම් ප්‍රශ්නකාරීයි. ඒ නිසා තමයි අපි කියන්නේ, සෙක්ස් මැෂින් එකක් වෙන්න නම්, තමන්ගේ පාට්නර්ගේ සතුට ගැන වැඩිපුර ෆෝකස් කරන්න කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, පාට්නර් අපිට සැලකිය යුතු වෙලාවක බ්ලෝ ජොබ් එකක් දෙනවා නම්, අපි නිකම් ඇපෙන් බේරෙන්න වගේ විනාඩියක් දෙකක් මුඛ සන්තර්පණයක් ලබාදීලා අපේ වැඩේට මාරු වෙන එක කැතයි. ඊට වඩා, සෙක්ස් මැෂින් එකක් විදියට සලකන්න පුළුවන් මනුස්සයෙක්, ඇත්තටම තමන්ට සන්තර්පණයක් බලාපොරොත්තු නොවීම තමන්ගේ පාට්නර්ව සන්තර්පණය කරන්න කටයුතු කරනවා. හැබැයි ඉතින්, අර බණේ තියෙනවා වගේ, දෙන තරමට ලැබෙනවා!

 

6. රූටීන් එකට නොවැටෙන්න

මේක ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. ඒ තමයි, හැමදෙයක්ම පුරුද්දකට යන්න දෙන එක. මොකද, සෙක්ස් මැෂින් කියන ටයිට්ල් එක නිකම් 2018 ලෝක රූ රැජිණ වගේ ආයෙ වෙනස් නොවෙන ටයිට්ල් එකක් නෙවෙයි. උදාහරණයක් විදියට, බැඳපු අලුත තමන්ගේ හස්බන්ඩ් සෙක්ස් මැෂින් එකක් කියලා වයිෆ් හිතුවට, බැඳලා අවුරුදු පහක් වෙන්න ඇවිල්ලත් හස්බන්ඩ්ට පෙන්නන්න තියෙන්නේ එදා හනිමූන් එකේදී පෙන්නපු වැඩ කෑලි ටික විතරයි නම්, අවුරුදු පහකට පස්සෙත් හස්බන්ඩ් සෙක්ස් කරන්නේ අර හනිමූන් එකේදී සෙක්ස් කරපු රූටීන් එකටම නම්, වයිෆ් තව දුරටත් හස්බන්ඩ්ව සෙක්ස් මැෂින් එකක් විදියට හඳුන්වන එකක් නෑ. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට වයිෆ්ට සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙලා තියෙන්න තියෙන ඉඩකඩත් සෑහෙන්න වැඩියි. ආන්න ඒ නිසා, හැම වෙලේම වෙනස කියන දේට අවධානය යොමු කරන්න. හැමදාම සෙක්ස් කරන විදිය නැතුව, කාලෙන් කාලෙට සෙක්ස් කරන රූටින් එක වෙනස් කරන්න. කාලෙන් කාලෙට අලුත් සෙල්ලං හොයාගන්න. කාලෙන් කාලෙට අලුත් දේවල් කරන්න. කොටින්ම කියනවා නම්, රූටින් එකකට වැටෙන්නෙ නැතුව, කාලෙන් කාලෙට තමන්ගේ සෙක්ස් ගේම් එක ඇතුළේ අලුත් වෙන්න!

 

7. ඇඩ්වෙන්චර්, රිසර්ච්, එක්ස්ප්ලොරේෂන්

නිකමට හිතාගන්න, තමන් සෙක්ස් ගේම් එකේ ඉන්ඩියානා ජෝන්ස් කියලා. දැන් ඉන්ඩියානා ජෝන්ස් ලොස්ට් ආක් එක හොයාගත්තා කියලා, ඊට පස්සෙ ගෙදරට වෙලා පයිප්පෙ බිබී නිකම් හිටියද? නෑනේ. මනුස්සයා ඊලඟට යනවා ටෙම්පල් ඔෆ් ඩූම් හොයාගෙන. එහෙම නැතිනම් ලාස්ට් කෘසේඩර් හොයාගෙන. ආන්න ඒ වගේ, තමන්ටත් සෙක්ස් මැෂින් එකක් වෙන්න ඕන නම්, මේ අලුත් දේවල්, අලුත් දැනුම, අලුත් තැන් ගවේෂණය කියන එක වැදගත්.

පළවෙනි කාරණාව, තමන් සෙක්ස් ගැන හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න එපා. ඊට වඩා අලුතින් දේවල් ගැන වගේම, තමන් නොදන්න පැරණි දේවල් ගැන පවා රිසර්ච් කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, අලුතින් මාකට් එකට ඇවිත් තියෙන සෙක්ස් ටෝයිස් මොනවද කියලා හොයනවා වගේම වැදගත්, කාමසූත්‍ර පොතේ සෙක්ස් ගැන කියලා තියෙන්නේ මොනවද කියලා හොයන එක.

 

ඊලඟට, අලුතින් සෙක්ස් කරන්න පුළුවන් ක්‍රම, තමන්ගේ පාට්නර්ගේ ශරීරයේ තියෙන තමන් කලින් හිතුවේ නැති ශෘංගාරාත්මක කලාප, අලුත් සෙක්ස් ට්‍රික්ස්, අලුත් සෙක්ස් ගේම්ස් ගැන හිතන්න, හොයන්න.

 

ඒ වගේම, සෙක්ස් ඇඩ්වෙන්චර් වලට බය නොවෙන්න. ඇත්තටම අපි කින්කි වයිබ්ස් ගැන කියනකොට අවුට් ඔෆ් බොක්ස් හිතන්න කිව්වෙත් අන්න ඒකම තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීම, ඩර්ටි ටෝක්ස් වගේ දෙයක් අත්හදා බලන්න පැකිළෙන්නෙ ඇයි? එතකොට, එක්කෙනෙක්ව ඇඳේ ගැටගහලා තියලා සෙක්ස් කරන්න ට්‍රයි එකක් නොදෙන්නේ ඇයි?

 

සෙක්ස් මැෂීන් එකක් වෙන්න නම්, ඔය කියපු හැමදේම වැදගත්!

 

දැන් මේ ටිප්ස් කියවනකොට ඕනම කෙනෙක්ට පැහැදිළි වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, ඇත්තටම සෙක්ස් මැෂින් එකක් වගේ මනුස්සයෙක් වෙනවා කියන්නේ පම්පෝරි ගහන්න දෙයක් නෙවෙයි කියන එක. ඊට වඩා ඒක තමන්ගේ හොඳ සෞඛ්‍ය තත්ත්වය, විශිෂ්ට ලිංගික සෞඛ්‍ය තත්ත්වය සහ ලිංගිකත්වය කියන කලාවේ ප්‍රවීණයෙක් වීම සම්බන්ධ දෙයක්. ඇත්තටම ඕක තේරුම් ගත්තොත්, සෙක්ස් කියන දේ තවත් සුන්දර දෙයක් වෙයි!

 

Leave a Reply

Your email address will not be published.