ලෝකය වෙනස් කළ ඉන්දියානුවෝ

ඔබට මතක ඇති අපි දිගින් දිගටම ඉන්දියාව සමීප කිරීම සඳහා ලිපි මාලාවක් ඔබ වෙත ගෙන ආවා. එම ලිපි පෙළේ දිගුවක් විදිහට අපි වර්තමාන විද්යාවේ ප්රගමනය සඳහා දායක වූ ඉන්දියානුවන් කීප දෙනෙක් පිළිබඳව කෙටි සටහන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා.

 

1. සී. වී. රාමන් (C. V. Raman)

1930 වසරේදී භෞතික විද්යාව සඳහා වන නොබෙල් ත්යාගය සී. වී. රාමන් විසින් දිනා ගත්තේ සුවිශේෂි  වාර්තාවකටද හිමිකම් කියමින්.   විද්යා ක්ෂේත්රය  සඳහා නොබෙල් තයාගය දිනාගත් පළමු සුදු ජාතික නොවන පුද්ගලයා බවට පත්වෙමින්. එහිදී ඔහු පර්යේෂණ සිදුකළ ආලෝකය විසිර යෑමේ සංසිද්ධිය එම ත්‍යාග ජයග්‍රහණය සඳහා හේතුවක් වුණා. විද්යාවට පමණක් නොව සංගීතයටද එක සේ ප්රිය කළ ඔහු ඉන්දීය සාම්ප්රදායික වාද් භාණ්ඩ වන තබ්ලාව සහනිකුත් සාම්ප්රදායික බෙර වල නාදමාලාව පිළිබඳවද පර්යේෂණ සිදු කළා.

 

 

2. හොමි ජේ බාබා (Homi J. Bhabha)

මහා බ්‍රිතාන්‍යයේ න්යෂ්ටික විද්යාඥයකු ලෙස සේවය කරමින් සිටි හොමි ජේ බාබා, ඉන්දියාව වෙත යළි පැමිණියේ එවකට ඉන්දීය අග්රාමාත් නේරුව න්යෂ්ටික බලය ඉන්දියාවේ ප්රගමනය සඳහා භාවිතා කිරීමේ සැලසුමක් සඳහා එකඟ කරවා ගැනීමෙන් අනතුරුවයි. ඔහු ඉන්දීය න්යෂ්ටික වැඩසටහනේ නියමුවා බවට පත් වූ අතර විශේෂත්වය වන්නේ ඔහු න්යෂ්ටික බෝම්බ නිර්මාණය කිරීමට සිය විරෝධය පළ කර සිටීමයි. ඔහුගේ මතය වූයේ න්යෂ්ටික බලාගාර තුළින් ඉන්දියාවේ දිළිඳුකම මැඩපැවැත්වීම සඳහා විශාල දායකත්වයක් ලබා දිය හැකි බවයි. ජීවිත කාලය තුළ න්‍යෂ්ටික ශක්තිය පිළිබඳව සිදු කළ විවිධ පර්යේෂණ හරහා ක්වන්ටම් භෞතික විද්යාවේ ප්රගමනයට ඔහු ලබා දුන් දායකත්වය අනුස්මරණීයයි.

 

 

3. විස්වේස්වරාය  (Visvesvaraya)

සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින ඉන්දියාවේ ඉංජිනේරු විද්යාව  පිළිබඳව ජාතික දිනය ලෙස සලකනු ලබනවා. ඉන්දියානු ඉංජිනේරු විද්යාවේ පියා ලෙස සැලකෙන විස්වේස්වරාය උපත ලැබූ දිනය වීමයි. ඉන්දියාව සංවර්ධනය කිරීමේ කටයුත්තේදී ව්‍යාපාර වල ඇති වැදගත්කම නිතර නිතර අවධාරණය කළ ඔහු වැඩි වශයෙන් ඉන්දියාවේ වාරි  පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා දායකත්වයක් ලබා දුන්නා. එහිදී ඔහු මුහුණ දුන් දුෂ්කරතා ජය ගැනීම සඳහා සිදුකළ නිර්මාණ සැලකෙන්නේ නූතන ඉංජිනේරු විද්යාවේ පුදුම ලෙසයි. 

 

4. වෙන්කට්රාමන්  රාමක්රිෂ්ණන් (Venkatraman Radhakrishnan)

ආරම්භක පරපුරේ ඉන්දීය අභ්යවකාශ විශේෂඥයෙකු වූ  ‍වෙන්කට්රාමන්  රාමක්රිෂ්ණන්, ප්රායෝගික  සහ න්යායික දායකත්වය මගින් විශ්වයේ රහස් විසඳා ගැනීමට මඟ පාදනු ලැබුවා. තාරකා භෞතික විද්යාව සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඔහුභ්යවකාශ යානා සහ නාවික යාත්රාවල තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සිය නිර්මාණ ශක්තිය මෙහෙයවනු ලැබුවා. 

 

5. එස්. චන්ද්රශේඛර් (S. Chandrasekhar)

සී.වී. රාමන්ගේ ඥාති පුත්රයෙකු වූ එස්. චන්ද්රශේඛර්, රාමන්ව අභිබවා ගිය කෙනෙක්. කළු කුහර පිළිබඳව ඔහු සිදුකළ ගණිතමය  අධ්යයනය කිරීම් සඳහා 1983 වසරේදී විද්යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණා. විශේෂයෙන්ම සුදු වාමන තාරකා පිළිබඳව ඔහු සිදුකළ පර්යේෂණ ලොව  පුරා අවධානයට පාත් වුණා. ඇමරිකාවේ පුරවැසිභාවය ලබා එහි පදිංචිව සිටියත් ඔහු හදවතින් ඉන්දියානුවෙක්. 

 

6. සත්යේන්ද් නාත් බෝස්  (Satyendra Nath Bose)

කොන්ටම් භෞතික විද්යාව පිළිබඳව සත්යේන්ද් නාත් බෝස් විසින් සිදුකරන ලද අධ්යයනයන් භෞතික විද්යාවේ පෙර නොවූ වෙනසකට හේතු වුණා. ඔහු විසින් ලියන ලද පත්රිකාවක් අයින්ස්ටයින්ගේ  අවධානය දිනා ගත් අතර ඔහු විසින් එය ජර්මන් භාෂාවට පරිවර්තනය කොට බෝස් ගේ නම යටතේ පළ කිරීමට කටයුතු කළා. එම පත්රිකාව පසුකලෙක බෝස් අයින්ස්ටයින් සංඛ්යානය බිහි වීමට හේතු වුණා. බෝසෝන පිළිබඳව සිදු කළ ඔහුගේ දායකත්වය කෙතරම් සුවිශේෂී වූවාද කියතොත් එම නම ලැබුණේ ඔහුට ගරු කිරීම සඳහායි.

 

7. මේඝ්නා​ද් සහා (Meghnad Saha)

තාරකා භෞතික විද්යාවේ දී තාරකාවක වර්ණාවලිය විස්තර කිරීම සඳහා භාවිතා වන සහා සමීකරණය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මෙතුමන් හටයි. එසේම සූර්ය කිරණ වල ස්කන්ධය සහ පීඩනය මැනීම සඳහා වන විශේෂ උපකරණයක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවා. මීට  අමතරව ඉන්දියාවේ ගංගා කළමනාකරණය සඳහා වන සැලැස්ම සඳහා ඔහු සිය දායකත්වය ලබා දුන්නා

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *