තිබහට බොන තැඹිලි වතුර වලට වෙනසක් ගෙන එ​න රෙසිපි 5ක්

කාශ්ඨක අව්වේ තැඹිලි වතුර එකක් බොන්න තිබ්බා නම් කොහොමද සනීපෙ? තැඹිලි වතුර අපි කොහොමත් බොන එකේ අද අපි තැඹිලි වතුර තවත් රසවත් විදියට හදාගන්න විදිය කියලා දෙන්න හිතුවා. නිකන්ම බොනවට වඩා මෙහෙම හදලා බලන්​න. මාරම රසයි. 

 

1. තැඹිලි මොක්ටේල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැඹිලි වතුර කෝප්ප 1ක්
  2. දෙහි පෙති 3-4
  3. මින්චි කොළ ටිකක් 
  4. අයිස්කැට කෝප්ප 1ක්
  5. සෝඩා කෝප්ප 1ක්
  6. සීනි තේ හැඳි 2ක්

 

  • ග්ලාස් එකට දෙහි හා මින්චි කොළ දාලා, සීනි ටිකත් දාලා හොඳට තලාගන්න. 
  • ඊළඟට තැඹිලි වතුර ටික දාගන්න. අයිස්කැට ටිකත් දාලා අන්තිමට සෝඩා ටික දාලා කලවම් කරගන්න. 

 

2. තැඹිලි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැඹිලි වතුර ලීටර් 3ක්
  2. සීනි කිලෝ 1 1/4ක්
  3. කරදමුංගු 7-8ක්
  4. කරාබු නැටි 7-8ක්
  5. කුරුඳු පොතු 
  6. ඊස්ට් තේ හැඳි 2 1/2ක්
  7. දෙහි ගෙඩි 3ක යුෂ

 

  • මුලින්ම කියන්න ඕනේ ස්ටීල් මිශ්‍ර භාජන නම් කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න බෑ මේ වැඩේට. 
  • මුලින්ම ලා රස්නෙ වතුර මිලිලීටර් 200ක් වගේ අරගෙන ඒකට ඊස්ට් හා සීනි තේ හැඳි 3ක් කලවම් කරලා දිය කරලා පිපෙන්න තියන්න. 
  • තැඹිලි වතුර වලට සීනි කිලෝ 1ක් දියකරගන්න. 
  • තලාගත්තු කරදමුංගු, කරාබුනැටි, දෙහි යුෂ පිපෙන්න තියපු ඊස්ට් එක්ක කලවම් කරලා තැඹිලි වතුරට දාගන්න. 
  • මැටි මුට්ටියකට මේ තැඹිලි වතුර ටික දාලා, හොඳට රෙදි කෑල්ලකින් කට ගැට ගහලා සති 2ක් පැහෙන්න තියන්න. 

 

සති 2කට පසු

 

  • රෙදි කෑල්ලක් හරි ෆිල්ටර් පේපර් එකක් හරි පාවිච්චි කරලා පෙරාගන්න. ෆිල්ටර් පේපර්ස් නම් වඩාත් හොඳයි. 
  • දැන් මේක වීදුරු බෝතල් වලට දාලා හෙලවෙන්නෙ නැති වෙන්න සතියක් තියන්න. මන්ඩි අඩියට බැහැලා තියනවා පෙනෙයි.  
  • සතියකින් පස්සේ මන්ඩි මික්ස් නොවෙන්න ආයෙම පෙරාගන්න. දැන් පුනීලයකට පුළුන් හිර කරලා වරකට බිංදුවක් වගේ වැටෙන්න පෙරන්න දාන්න. 
  • පෙරුණට පස්සෙ සීනි ග්‍රෑම් 100ක් වගේ අරන් කැරමල් කරලා වයින් එකට දාගන්න. කැමති නම් තව පාරක් පෙරන්න. කල් යන්න යන්න තමයි සැර වැඩි වෙන්නෙ. 

 

3. තැඹිලි ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැඹිලි වතුර කෝප්ප 2ක්
  2. තැඹිලි ලොඳ කෝප්ප 1ක්
  3. අගර් අගර් ග්‍රෑම් 7ක්
  4. සීනි මේස හැඳි 3ක්

 

  • තැඹිලි වතුර ටික ලිපේ තියලා සීනි එකතු කරන්න. ගින්දර අඩු කරලා අගර් අගර් ටික දාලා දියවෙනකල්  හැඳිගාන්න. මේක නිවෙන්න තියන්න. 
  • ඒ අතරෙ බෝල් එකකට බටර් ටිකක් ගාලා ලොඳ ටික කඩලා කඩලා දාගන්න. ඒකට තැඹිලි වතුර ටික දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න. 

 

4. තැඹිලි ඩ්‍රින්ක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැඹිලි වතුර කෝප්ප 1ක්
  2. දෙහි ගෙඩියක යුෂ
  3. තැඹිලි ලොඳ කෝප්ප 1/2ක්
  4. ලුණු ගා ගම්මිරිස්කුඩු 
  5. සීනි තේ හැඳි 3ක්

 

  • බ්ලෙන්ඩර් එකට තැඹිලි වතුර හා අනික් සියල්ලම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක ග්ලාස් එකකට දාලා කූල් කරලා බොන්න. 

 

5. තැඹිලි ශේක්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තැඹිලි ගෙඩියක වතුර
  2. සීනි තේ හැඳි 4ක්
  3. වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2ක්
  4. අයිස් කියුබ් 5-6ක්
  5. ටින්කිරි මේස හැඳි 2ක්

 

  • බ්ලෙන්ඩර් එකට තැඹිලි වතුර ටික දාලා සීනි හා අයිස්ක්‍රීම් ටික දාගෙන එක පාරක් බ්ලෙන්ඩ් කරගන්න.
  • ඒකට අයිස් කියුබ් හා ටින්කිරි ටික දාලා ආයෙ හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *