2022 අවුරුද්දේ එන අභියෝග වලට දැන්ම මුහුණ දෙන්න සූදානම් වෙමු

2021 අවුරුද්ද කියන්නේ කිසිම තේරුමක් නැතුව ගෙවිල ගිය අවුරුද්දක් කියල තමයි ගොඩක් අය කියන්නේ. කොරෝනා වසංගතය එක්ක මිනිස්සු ගෙවල් වලටම හිර වෙලා, පුද්ගල සම්බන්ධතා එහෙමත් ගොඩක් අඩු වෙලා. ඉතින් 2021 විදිහට ගෙවිලා යද්දී, 2021 අවුරුද්දේ අවසාන භාගයේ මිනිස්සුන්ට පොඩි පොඩි අනතුරු ඇඟවීම් එහෙමත් කළා. නිසාම අපිට තේරුම් ගන්න වෙනවා 2022 අවුරුද්දත් එච්චර හොඳ අවුරුද්දක් නොවෙන්න යන  වග. වගේම විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙන අවුරුද්දක් බව. ඉතින් කොරේ පිටට මරේ කියන්නා වාගේ කොරෝනා මදිවට අපේ ආණ්ඩු කරවන ඇත්තොත් මදි නොකියන්න ජනතාවට ජීවිතේ එපා කරවනවා. ඉතින්  ජීවිතේ කොහොමහරි ගැටගහගන්න, 2022 අවුරුද්දේ එන්න තියෙන අභියෝග අඳුනගෙන ඒවාට දැන්ම ඉඳල මුහුණ දෙන්න සුදානම් වෙමු. තව මේ වගේ අභියෝග එන්න තියෙනවා නම් ඒවත් කොමෙන්ට් එකක් දාල අනිත් අය දැනුවත් කරන්න.

 

 

1. ආහාර අර්බුදය

මේ අවුරුද්දේ එන්න තියෙන ලොකුම අභියෝගයක් වෙන්න පුළුවන් ආහාර හිඟ වීම. ඒකට පොඩි ඉඟියක් කලින් හිටපු කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම්තුමා 2021 අවුරුද්දෙම දුන්නා. විශේෂයෙන් සහල් හිඟයක් එන්න පුළුවන් බව බොහෝ දෙනා කතා වෙනවා. වගේම එළවලු වගේ අනෙකුත් ආහාර වර්ග වලත් හිඟ ඇතිවෙන්න පුළුවන් කියල කතා වෙනවා. විදේශ සංචිත හිඟ නිසා සහ ආනයන සීමාවන් නිසා ආහාර ආනයනය කිරීමත් අපහසු වෙන්න පුළුවන්. ඉතින් කොයිහැටි වුණත් තමන්ගේ වත්තේ පුළුවන් තරම් ආහාරයට ගන්න පුළුවන් දේ වගා කරගන්න එක නම් ඉතාම වැදගත්. දැනටමත් එළවලු වල ගණන් පේනවනේ. ඉතින් ගෙවත්තේ හැකි උපරිම විදිහට සැලසුම් කරලා වගා කටයුත්තකට අත ගහන එක 2022 අවුරුද්දේ එන්න තියෙන මේ අභියෝගයට මුහුණ දෙන්න හොඳ ක්රමයක්.

 

 

2. බලශක්ති අර්බුදය

බලශක්තිය කියන්නේ අද කාලේ ජීවත් වෙන්න අත්යවශ් සාධකයක්. ගෙදරක කටයුතු වලින් 80%ක් විතරම කරගන්න අපිට බලශක්තිය, එහෙම නැත්නම් විදුලි බලය ඕන වෙනවා. ඉතින් දැනට ලංකාවේ මූලික වශයෙන් ජල විදුලි බලාගාර සහ තාප විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය කරනවා. ඉතින් ඉස්සරහට වැහි කාලය අඩු වීමත් එක්ක අපිට තාප විදුලි බලාගාර වලට සම්පුර්ණයෙන් මාරු වෙන්න වුණොත් ඒකට අවශ් ගල් අඟුරු, ඉන්ධන වගේ අමුද්රව් ආනයනය කිරීමේ ගැටළු ඇති වෙන්නත් පුළුවන් ඩොලර් අර්බුදය නිසා. ඉතින් ඔය ගැටළු අවසානයේ එළියට දාන්නේ විදුලි කප්පාදුවකින් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයගේ යොමු වීමක් දකින්න ලැබුනා පහුගිය කාලේ සූර්ය පැනල ගෙවල් වල සවි කරන වැඩේට. නමුත් දැන් දැන් ටිකක් නැඹුරුව අඩු වෙලා වගේ. හැබැයි අපිට පුළුවන් නම් තමන්ගේ ගෙදර සූර්ය පැනල සවි කරගන්න, ඒක තමයි සාර්ථකම විදිහ ඉස්සරහට එන විදුලි කප්පාදුවට මුහුණ දෙන්න. හැබැයි ඊට අමතරව ආරෝපණය කරන්න පුළුවන් විදුලි උපකරණ පාවිච්චිය, විදුලි පාවිච්චිය සඳහා ආදේශක ක්රම වලට යොමු වෙන එක වගේ අසීරු විකල්ප වලටත් යොමු වෙන්න වේවි ඉස්සරහට. ඉතින් තමන්ගේ වැඩ විදුලි කප්පාදුවට අනුව  කළමනාකරණය කරගන්න වේවි අපි හැමෝටම වගේ තත්ත්වයක් උදා වුණොත්. 

 

 

3. උද්ධමනය

උද්ධමනය කියන්නේ ලෝකයේ හැම රටකටම පොදු දෙයක්. සරලවම උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. ඉතින් අපි හැමෝටම තේරෙන දෙයක් තමයි අපේ පොඩි කාලේ ඉඳල ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. හැබැයි උද්ධමනය කියන එක අර්බුදයක් වෙන්නේ ඔය කියපු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉතා සීග්රයෙන් සහ ඉහළ අගයකින් වැඩි වීමයි. දැන් අද අපි මුහුණ දෙමින් යන්නේ වගේ තත්ත්වයකට කියන එක පේන්න තියෙනවා. ඉතින් වගේ තත්ත්වයක් දිගටම පැවතුණොත් මිනිස්සු මුදල් ප්රතික්ෂේප කරන මට්ටමට වුණත් එන්න පුළුවන්. උද්ධමනයේදී සාමාන්‍යයෙන් වෙන දේ තමයි අද රුපියල් සීයකින් කරන්න පුළුවන් දේට හෙට ඊට වඩා වැඩි මුදලක් වැය වෙන එක. ඉතින් වගේ තත්ත්වයක් වර්ධනය වෙද්දී මුදල් විදිහට වත්කම් රැස් කරගන්න එක අඩු කරන එක තමයි හොඳම දේ. ඉඩම්, රත්තරන්, වගේ මිල අඩු නොවෙයි කියල හිතන්න පුළුවන් වත්කම් අත් පත් කරගන්න එක තමයි සුදුසු.

 

 

4. ප්රවාහන අර්බුදය

ප්රවාහනය සම්බන්ධ අර්බුදයක් දැනට අපිට පෙන්න නැති වුණත් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන්  ගැටළුවක් තමයි මේ. විශේෂයෙන් කොවිඩ් තත්ත්වය නිසා කොහොමත් පොදු ප්රවාහනයේදී සීමාවන් පවත්වාගන්න වේවි. අනෙක් අතට වාහන ආනයනය කිරීමේ සීමා තව දුරටත් පවත්වාගෙන යයි කියල හිතන්න වෙනවා මේ ඩොලර් ගැටළුව එක්ක. ඉතින් බ්රෑන්ඩ් නිව් තත්ත්වයේ මෝටර්  සයිකල් එකක් වත් ලංකාවේ ඇතුළේ මිලදී ගන්න විදිහක් නෑ. ඉතින් දැනට රට තුළ තියෙන පාවිච්චි කරන වාහන වලට කෘත්‍රීම වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා මේ නිසා. ඉතින් ඔබ දැනට වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හොඳම දේ තමයි අදහස ටිකක් කල් දාන එක. හැබැයි වාහනයක අවශ්යතාවය ලොකුවට තියෙනවා නම් තමන්ගේ බජට් එක පුළුවන් තරම් අඩු කරලා, යන්න පුළුවන් අඩුම පිරිවැය විකල්පයට යන එක තමයි කරන්න වෙන්නේ. කියන්නේ ලක්ෂ 50ක් වියදම් කරන්න හිතන් ඉන්නවා නම් ලක්ෂ 30කින් ගන්න පුළුවන් වාහනයකට යන එක තමයි මේ වෙලාවේ සුදුසු. තව විකල්පයක් විදිහට ඉලෙක්ට්රික් මෝටර් සයිකල් එකකින් කෙටි ගමන් අවශ්‍යතා සපුරා ගන්න එක සුදුසුයි. මොකද ඉස්සරහට ඉන්ධන මිල ගණන් තව වැඩි වෙන්න පුළුවන්කියල උපකල්පනය කරන්න පුළුවන්.

 

 

5. කොවිඩ් සහ එහි ව්යාප්තිය

කොවිඩ් අර්බුදය දැන් ටිකක් සමනය වෙලා වගේ පේන්න තිබුණට ඒකෙ අවදානම තවම නැති වෙලා නෑ. මේ දවස් වල යුරෝපයේ ආයෙත් කොවිඩ් අර්බුදය සීග්රයෙන් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. වගේම වරින් වර නොයෙකුත් කොවිඩ් ප්රභේද හඳුනාගන්නවා ලෝකයේ එක එක රටවල් වලින්. ඉතින් කොවිඩ් එන්නත ප්රභේද වලට සාර්ථකව මුහුණ දෙයිද නැද්ද කියන එක තවත් ගැටළුවක්. අනික රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ දැන් හොඳටම වැඩියි ලංකාවේ. ඉතින් කොයි හැටි වුණත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2022 අවුරුද්දේ කොවිඩ් මුල් කාලේ හැසිරුණා වගේ ගොඩක් පරෙස්සමින් ඉන්න එක තමයි කළ යුතු වෙන්නේ. මොකද ආයේ කොවිඩ් රැල්ලක් ආවොත් ගෙවල් වලටම කොටු වෙන්න වේවි. මේ තියෙන අර්බුද එක්ක ගෙදරට කොටු වෙන්න වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

 

 

6. රැකියා වියුක්ති අර්බුදය

අපේ රටේ නිෂ්පාදන කටයුතු බොහෝ දුරට සිද්ධ වෙන්නේ විදේශ රටවල් වලින් ආනයනය කරන අමුද්රව් භාවිත කරලා. ඉතින් මේ වෙලාවේ එක පැත්තකින් අමුද්රව් නොලැබීම නිසා කර්මාන්ත කඩා වැටිලා තියෙන්නේ. අනෙක් පැත්තට අනෙකුත් සේවා සපයන ආයතන කඩා වැටිලා නිෂ්පාදන කර්මාන්ත කඩා වැටීම නිසා. මොකද සේවා සපයන ආයතන රඳා පැවතුණේ නිෂ්පාදන කර්මාන්ත නිසා. ඉතින් ඔය තත්ත්වය සෘජුවම බලපානවා ඒ ආයතන වල සේවයේ යෙදිලා හිටපු සේවකයින්ට. කොරෝනා අර්බුදය ආරම්භ වුණු කාලේ ඉඳලා අද වෙනකන් බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වෙලා තියෙනවා. ඉස්සරහටත් මේ තත්ත්වය සමනය වේවි කියල හිතන්න අමාරුයි. ඉතින් තමන්ට රැකියාවට අමතරව වෙනත් අදායම් මාර්ගයක් සකසා ගන්න එක තමයි මේ වෙලාවේ හොඳම විකල්පය. උදාහරණයක් විදිහට තමන්ගේ නිවසේ කොටසක් බදු දෙන එක වගේ දෙයක් සඳහන් කරන්න පුළුවන්.

 

 

7. දේශපාලන අස්ථාවරත්වය

ඔය ඉහතින් සඳහන් කරපු ඔක්කොමත් හරි මේකත් හරි. ඉදිරි කාලයේ දේශපාලන වශයෙන් බොහෝ පෙරළි ඇතිවෙන්න පුළුවන් බව පෙනෙන්නට තියෙනවා කරළියේ සිද්ධ වෙන දේවල් දැක්කම. විශේෂයෙන් පවතින ආණ්ඩුවේ ක්රියා කලාපය සහ ගැන ජනතාවගේ බලවත් අප්රසාදය නිසා විකල්ප දේශපාලන ප්රවේශයකට ඉඩක් හැදිලා තියෙනවා. එක්ක දේශපාලන වශයෙන් පෙරළියක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මිනිස්සු දැන් තමන්ගේ දේශපාලන මත අත හැරලා පොදු අරමුණු වෙනුවෙන් ඉස්සරහට එන ගතියක් පෙනෙන්නට තියෙනවා. ඉතින් ආණ්ඩුවෙන් දේවල් වලට මොන වගේ ප්රතිචාරයක් දක්වයිද, විපක්ෂ මේ වෙලාවේ මොන වගේ පෙරළියක් කරයිද කියන අස්ථාවර හැඟීමත් එක පැත්තකින් තියෙනවා. ඡන්දයක් ළඟ එන බවකුත් පෙනෙන්නට තියෙනවා. ඉතින් මේකට මුහුණ දෙන්න වෙන ක්රමයක් නම් නෑ. තියෙන එකම ක්රමය තමයි ඉස්සෙල්ලම එන ඡන්දයකදී ජනතාව පක්ෂ වලට නොබෙදී, පුද්ගලික වාසි වලට යට නොවී රටේ සහ අපි හැමෝගෙම අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් කණ්ඩායමකට මේ පාලනය භාර දෙන එක.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *