පහුගිය කාලේ පුරාවටම අපේ රටේ වැඩ වාසය කරපු ප්රධාන පෙළේ හිමිවරුන් කීප නමක්ම අපවත් වී වදාළ බව දැක්වුණු දුක්මුසු පුවත් අපිට අහන්න ලැබුණා. කොරෝනා ප්රශ්නය නිසා ඇතැම් අවස්ථාවල උන්වහන්සේලාගේ අපවත් වීම සඳහා ලැබිය යුතු නිසි මාධ්‍ය ප්රචාරණය ලැබුණෙත් නැහැ. ඒ නිසා අපි හිතුවා මෑත කාලයේදී අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා කීප නමක් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න.
1. පිඹුරේ උදිත හිමි
කල්යාණි සාමග්රී සභාවේ මහා නායක ධූරය දරමින් හිටපු පිඹුරේ උදිත හාමුදුරුවෝ පසුගිය මාසයේ අපවත් වී වදාළා. උන්වහන්සේ අගලකඩ ප්රදේශයෙහි වාසය කරමින් ප්රදේශයේ සමාජයීය සහ ශාසනික කටයුතු සඳහා නායකත්වය ලබාදුන් හිමිනමක්. උන්වහන්සේ කාලයක් ගුරු සේවයේ යෙදෙමින් දුෂ්කර පළාත්වල සේවය කරන අතරතුර තමන් වහන්සේගේ ගුරු වැටුප පවා දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා යොදවනු ලැබුවා. එසේම කිසි දවසක උන්වහන්සේ ජනප්රියතාවය පසුපසින් හඹා ගියේ නැහැ. උන්වහන්සේ වෙත සියළුම ශාසනික ගෞරව ලැබුණා.
2. මුරුංගස්යායේ ඤාණිස්සර හිමි
දීර්ඝ කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කළ උන්වහන්සේ ලංකාවේ වඩාත් ප්රකටව හිටියේ ලංකාවේ දුවා දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කළ හිමිනමක් විදිහට. අපේ රටේ ජනතාවට වැඩි වශයෙන් දන් දුන්න භික්ෂූන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේව රටම අඳුන ගත්තා. උදෑසනම ලංකාවේ පත්තර බලන උන්වහන්සේ පිහිටක් ලැබිය යුතු පිරිස් සොය සොයා යමින් සරණ වුණා. උන්වහන්සේ හදිසියේ අපවත් වෙන්නේ කොරෝනා තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව සඳහා උපකාරී කිරීම සඳහා ලංකාවට වැඩම කළ කර සිටි අවස්ථාවකදීයි.
3. හිඟුල්වල සරණංකර හිමි
විද්යාලංකාර පිරිවෙනින් බිහි වුණු ප්රමුඛතම පඬිරුවනක් විදිහට හිඟුල්වල සරණංකර හිමියන් සඳහන් කරන්න පුළුවන්. පාණ්ඩිත්යයෙන් බැබලුනත් උන්වහන්සේ ගත කළේ නිහඬ ජීවිතයක්. ගමේ පන්සලේ වාසය කරමින් තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ නිම්වළලු පුළුල් කිරීම උන්වහන්සේගේ ජීවිතයේ ප්රමුඛතම කාර්යය වුණා. මල්වතු පාර්ශවයේ වර්තමාන අනුනායක ධුරන්ධර නියංගොඩ විජිතසිරි හිමියන් තමන් වහන්සේගේ ධර්මාචාර්ය වහන්සේ ලෙස සලකන ලද්දේ සරණංකර හිමියන්වයි.
4. මලඟනේ අත්ථදස්සී හිමි
බිංගිරිය දේවගිරි ටැම්පිට විහාරයේ විහාරාධිපතිව වැඩ වාසය කළ මලඟනේ අත්ථදස්සී හාමුදුරුවෝ සත්කෝරලය ප්රදේශයේ පමණක් නොව මුළු ලංකාවේම ගෞරවාදරයට පත්වූ සුවිශේෂී හිමිනමක්. උන්වහන්සේගේ සම්පූර්ණ ජීවිත කාලයම වැය වුණේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහායි. විශේෂයෙන්ම සත්කෝරලය ප්රදේශය ආශ්රිතව පවතින ශාසනික උරුමය චිරස්ථායී කිරීම සඳහා උන්වහන්සේ සුවිශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ වගේම උන්වහන්සේ බෞද්ධයා සතු උරුමය පැහැදිළි කරමින් විශාල ලිපි ප්රමාණයක් රචනා කළා.
5. වීරපොකුණේ උපරතන හිමි
අපේ රටේ මුළු මහත් සාහිත්යය කියලා දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් එහි සම්පූර්ණ ගෞරවය අපේ රටේ භික්ෂූන් වහන්සේලාට හිමිවෙන්න ඕන. මෙරට භික්ෂූන් වහන්සේලාට උරුමව තිබුණු එම සම්ප්රදාය ඉදිරියට ගෙන ගිය තවත් එක් චරිතයක් විදිහට වීරපොකුණේ උපරතන හිමියන් සඳහන් කරන්න පුළුවන්. උන්වහන්සේ රචනා කළ “පැලෑනෙන් වෙන් කළ ඉඩම්” සහ “ජීවක කුලයක්” යන නවකතා රාජ්‍ය සම්මානවලින් පවා පිදුම් ලැබුවා. තම ජීවිත කාලය තුළ නිතරම මරණානුස්සතිය වැඩි උන්වහන්සේ තම ආදාහනය පවා සරල උත්සවයක් බවට පත් විය යුතු බවට දැනුම් දී තිබුණා.
6. බුද්ධංගල ආනන්ද හිමි
ඇතැම් අයට අනුව උන්වහන්සේ ආන්දෝලනාත්මක චරිතයක්. ගිහි කාලයේ ජනරාල් ආනන්ද වීරසේකර නමින් ප්රකට වෙලා හිටපු උන්වහන්සේ පැවිදි වීමෙන් පසුව ග්රන්ථ පරිවර්තකයෙක් විදිහට සහ විචිත්‍ර ධර්ම කථිකයෙක් විදිහට ලංකාවේ ප්රසිද්ධියක් උසුලනු ලැබුවා. ආරණ්‍ය සේනාසනයක වාසය කරමින් උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ නිවීම සොයා ගියා
7. පුජ්‍ය පන්නල ඤාණාලෝක හිමි
පසුගිය වසරේ දී කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසුව ඇතිවුණු අසාත්මිකතාවයක් නිසා පන්නල ඥානාලෝක හිමියන් අපවත් වී වදාළේ කිසිවෙකුත් නොපැතූ ලෙසයි. කාව්යමය ධර්ම දේශනා සඳහා උන් වහන්සේ මහත් ප්රසිද්ධියක් උසුලනු ලැබුවා මේ නිසාම විදේශ රටවල ශ්රී ලාංකිකයන් පවා උන් වහන්සේව එම රටවලට වැඩම කරවා ගැනීම සිදු වුණා.
මේ ලිපියට ඇතුළත් වෙන්න ඕන තවත් භික්ෂූන් වහන්සේලාගේ නම් තියෙනවා නම් උන්වහන්සේලා ගැන කමෙන්ට් එකකින් සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙම නම් වෙනදා වගේම මේ ලිපිය ෂෙයාර් කරන්න කියලා ඉල්ලීමක් කරන්නත් අපි කැමතියි.
Leave a Reply