දැන් ඔය විලාසිතා ලෝකේ සම්බන්ධයෙන් වගේම, සෙක්ස් ලෝකෙත් එක එක විදියේ ට්‍රෙන්ඩ්ස් එනවනේ. ඇත්තටම ඉතින් ඒක ගොඩක් අයට මගඇරෙන්න පුළුවන් දෙයක්. මොකද, ඔය සෙක්ස් ට්‍රෙන්ඩ්ස් හරියට අල්ලගන්න නම්, සෙක්ස් කරනවා කියන එක ප්‍රජනන අවශ්‍යතාවයක් විදියට නැතුව, සංස්කෘතික දෙයක්, විනෝදාස්වාදයක් විදියට දකින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි එහෙම දකින්න පුළුවන් නම්, සෙක්ස් කියන දේ හොඳ තෘප්තියකින් විඳින්නත් පුළුවන් වෙනවා. ආන්න ඒ නිසාම තමයි අපි හිතුවේ, මේ අවුරුද්දේ අලුතින් ඇවිත් තියෙන සෙක්ස් ට්‍රෙන්ඩ්ස් ගැනත් කතා කරන්න. ඇත්තටම හැමෝම එකම විලාසිතා අනුගමනය කරනවා වගේ, මේ සෙක්ස් ට්රෙන්ඩ්ස්ම අනුගමනය කරන්න ඕන කියලා නියමයක් එහෙම නෑ. අවශ්‍ය නම් තමන්ටම අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ්ස් නිර්මාණය කරන්නත් පුළුවන්. හැබැයි ඒකට වුණත් අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙන ඉන්න එකේ පාඩුවක් නෑ!
1. බීඩීඑස්එම්
මේක දශකයකට දෙකකට කලින් නම් සමාජේ වැඩි දෙනෙක්ට කිසිම අදහසක් එහෙමත් තිබුණේ නැති දෙයක්. ඒ කියන්නේ බීඩීඑස්එම් කියන්නේ මොකද්ද කියලා දැනගන්න කලින්, ඒ ගැන අහලා තිබුණෙත් හරි අඩුවෙන් ගොඩක් දෙනෙක්. පස්සේ අර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ පොත් සෙට් එකයි ෆිල්ම් සෙට් එකයි ආවට පස්සේ ගොඩක් සාමාන්‍ය ජනතාවත් මේ බීඩීඑස්එම් කියන්නේ මොනවද කියලා කතා කරන්න පටන් ගත්තා. එතකොට ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ එකේ පෙන්නන්නේ නං ඇත්තටම බීඩීඑස්එම් නෙවෙයි, වෙන කුණුහරුපයක් වුණාට, ඇත්තටම සැලකිය යුතු තරම් අය තමනුත් බීඩීඑස්එම් ප්‍රැක්ටිස් වලට, අඩු ගාණේ කින්කි සෙක්ස් වලට ආසයි කියලා තේරුම් අරගෙන තිබුණා. ඉතින් මේ වෙනකොට බීඩීඑස්එම් කියන්නේ අමුතු කතන්දරයක් නොවෙන තැනට ඇවිත්. ගොඩක් දෙනෙක් සමහර බීඩීඑස්එම් ප්‍රැක්ටිසස් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකටත් ඇතුළත් කරගෙන තියෙන්නේ.
2. සෙක්ෂුවල් මයින්ඩ්ෆුල්නස්
සෙක්ෂුවල් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ, කරන්න ඕන නිසා ඔහේ සෙක්ස් කරන්නෙ නැතුව, වඩාත් අවබෝධයකින් සහ සැබෑ අවශ්‍යතාවයකින් සෙක්ස් කිරීම කියන එක තමයි. ඒක ඇත්තම කිව්වොත් භාවනාවකට සමාන අත්දැකීමක්. ඇත්තටම ඉස්සර, දැන් පවා ගොඩක් මිනිස්සු සෙක්ස් කරන එක ඔහේ පුරුද්දකට කරන දෙයක් බවට පත් කරගෙන තියෙනවනේ. හැබැයි ඒක අපරාදයක්. මොකද සෙක්ස් කිරීමේ සම්පූර්ණ තෘප්තිය ලබාගන්න නම්, මේ කියන මයින්ඩ්ෆුල් සෙක්ස් කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ, කසාද බැඳපු නිසා සෙක්ස් කරනවා කියන තැනින් එහා ගිහින්, තමන්ට කෙනෙක් එක්ක සෙක්ස් කරන්න සැබෑ ආශාවක් තියෙන නිසා, ඒ ගැන අවබෝධයෙන් සෙක්ස් කිරීම කියන එක. මෙන්න මේක ගැන ලෝකේ සෑහෙන්න කතාබහ ඇතිවෙලා තියෙනව මේ වෙනකොට. තාමත් ඉතින් අර පැයට දෙන රූම් එකකට ගිහින් දඩිබිඩියේ ජිම්නාස්ටික් ටිකක් කරලා එන ඈයො ඉන්නවා තමයි. ඒක නැහැයි කියන්නෙ නෑ. හැබැයි මේ වෙනකොට, හොඳ සූදානමක් එක්ක, සමහර විට හොඳ මියුසික් එකක් දාලා, සුවඳ කූරු පත්තු කරලා, ගාණට ලයිට් ඩිම් කරලා, උපරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න සෙක්ස් කිරීම ගැන වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙනවා කියන්න පුළුවන්.
3. බයිසෙක්ෂුවල්, හෝමෝසෙක්ෂුවල්
දැන් හැදෙන ඔය ෆිල්ම්ස්, ටීවී සීරීස් එහෙම බලන්න. දැක්කද ඒවල ඉන්න ගොඩක් කැරැක්ටර්ස් එක්කෝ ගේ, එක්කෝ ලෙස්බියන්, එක්කෝ බයි සෙක්ෂුවල් කියන එක? ඇත්තටම LGBTQ ප්රජාවන්ටත් සමාජයේ වැඩි හඬක් මේ වෙනකොට හිමි වෙලා තියෙනවා සාපේක්ෂව ඉස්සර එක්ක බලනකොට. ඒ එක්කම, ඔය ෆිල්ම්ස්, ටීවී සීරීස් හදන අයත් එක්කෝ පොලිටිකලි කරෙක්ට් වෙන්න, එක්කෝ සමාජයේ මේකත් සාමාන්‍ය දෙයක් කියන එක පෙන්නන්න ගේ, ලෙස්බියන්, බයි සෙක්ෂුවල් සම්බන්ධතා වැඩි වැඩියෙන් පෙන්නනවා. ඒකේ ලොකු අවුලක් අපිට නෑ. ඇත්තටම දැන් ඔය ටික්ටොක් වගේ ප්ලැට්ෆෝම් එකක් ගත්තත්, තමන් ලෙස්බියන් හෝ ගේ හෝ බයි කියලා ප්‍රසිද්ධියේ කියන අය ඕන තරම් ඉන්නවා. ඉතින් 2022 අවුරුද්දේ මේක තවදුරටත් සාමාන්‍යකරණය වෙයි.
4. නිව් ටෝයිස්
දැන් ඔය සෙක්ස් ටෝයිස් කියලා කිව්වහම, ලංකාවේ නම් ගොඩක් වෙලාවට කාන්තාවන් ගාව තමයි සෙක්ස් ටෝයිස් තියෙන්නේ. හැබැයි ඒ අය ගාවත් තියෙන්නේ ඔය වයිබ්‍රේටර් එකක්, ඩිල්ඩෝ එකක් වගේ දෙයක් විතරයි. ඒත් මේ වෙනකොටත් වෙළඳපොළේ -ලංකාවේ පවා- විවිධාකාරයේ සෙක්ස් ටෝයිස් තියෙනවා. හැබැයි දැන් 2022 වෙනකොට ලිංගික තෘප්තිය ලැබීම සඳහා ඉවහල් වෙන නවතම ආකාරයේ සෙක්ස් ටෝයිස් හඳුන්වලා දීලා තියෙනවා. සමහර ඒවා ෆෝන් එකේ ඇප් එකකින් පාලනය කරන්න පුළුවන් ලෙවල් එකේ හයිටෙක් ගැජට්ස්. මේ රිමෝට් කොන්ට්‍රෝල්ඩ් ටෝයිස් මේ අවුරුද්දේ සෑහෙන්න උනන්දුවක් ඇති කරයි කියලා සෙක්ස් ටෝයිස් නිර්මාණකරුවෝ කියනවා. ඒ එක්කම, වඩාත් පරිසර හිතකාමී සෙක්ස් ටෝයිස් නිර්මාණය කිරීමත් මේ වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා.
ඒ විතරක් නෙවෙයි, ගෙදරම තමන්ට අවශ්‍ය සෙක්ස් ටෝයිස් හදාගන්න එකත් මේ අවුරුද්ද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. යූටියුබ් එකේ DIY Sex toys ගැන සෑහෙන්න වීඩියෝස් පවා තියෙනවා!
5. මේල් ප්ලෙෂර්
දැන් ඔය අපි ගොඩක් වෙලාවට ඉස්සර ඉඳන් කියන දෙයක්නේ, ලෝකේ සෙක්ස් කියන එකත් තනිකරම පුරුෂාධිපත්‍යයට නතුවෙලා තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ, සමහර සම්බන්ධතා වල ගැහැණියගේ තෘප්තිය අදාළ වෙන්නෙත් නෑ. පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගන්න ගැහැණියව ලිංගික වස්තුවක් විදියට පාවිච්චි කරනවා විතරයි කියන කතන්දරේ ගැන මේ කියන්නේ. ඒක බොරු නෙවෙයි. තවමත් ඔය ගැටළුව තියෙනවා. හැබැයි ඇත්තටම ඕකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි, සෙක්ස් ටෝයිස් හදනකොට වුණත් වැඩිපුර අවධානය යොමුවෙන්නේ කාන්තාව සතුටු කරන්න. නිකමට හිතලා බලන්න පිරිමියෙක්ට තමන්ගේ සතුට වෙනුවෙන් යොදාගන්න පුළුවන් සෙක්ස් ටෝයිස් මොනවද තියෙන්නේ කියලා? හැබැයි මේ අවුරුද්ද වෙනකොට, උඩිනුත් කියපු විදියට ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතින්නේ. පිරිමියෙක්ටත් ලිංගික තෘප්තිය සඳහා සක්‍රියව වැදගත් වෙන සෙක්ස් ටෝයිස් සෑහෙන්න මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා වෙළඳපොළට.
6. මස්ටර්බේෂන්
මස්ටර්බේෂන් කියලා කියන්නේ ස්වයං වින්දනයට කියලා දන්නවා ඇතිනේ. එතකොට ස්වයං වින්දනය කියන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ. කොහොමද ඒක අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ් එකක් වෙන්නේ? මෙහෙමයි. ඉස්සරට වඩා දැන් සමාජයේ ස්වයං වින්දනය ගැන තියෙන්නේ ධනාත්මක අදහසක් කියන එක අපි දන්නවනේ. ඉස්සර ඇත්තටම ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි තමයි වැඩි කාන්තාවන්ට වඩා. හැබැයි දැන් නවතම අධ්‍යයනයන්ගෙන් කියවෙන්නේ, මේ ගැහැණු පිරිමි අතර ස්වයං වින්දනයේදී තියෙන ගැප් එක අඩු වෙමින් යනවා කියලා තමයි.
ඒ වගේම, මේ නිව් නෝමල් එක, ඒ කියන්නේ කොවිඩ්-19 එක්ක සංචරණය සැලකිය යුතු විදියට අවම වීමත් නිසා, ලිංගික තෘප්තිය ලබාගන්න ක්‍රමයක් විදියට ස්වයං වින්දනයට ලොකු තැනක් ලැබුණා. ඒ ඇරෙන්න, ලිංගික තෘප්තිය සඳහා සීමාවෙන්නේ නැතුව, ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න, වේදනාව සමනය කරගන්න වගේ දේවලට ක්‍රමයක් විදියටත් ගොඩක් අය මේ වෙනකොට ස්වයං වින්දනය යොදාගන්න පටන් අරගෙන තියෙනවා. සුරතාන්තයකදී වේදනා නාශක ගුණ තියෙන එන්ඩොෆීන් නිකුත් වීම ඒකට හේතුවක්.
7. ඕපන් රිලේශන්ෂිප්
ඇත්තටම විවෘත ලිංගික සබඳතා සහ බහු-ලිංගික සබඳතා කියන්නේ ඉතිහාසය පුරාවටම අමුතු දේවල් නෙවෙයි. ඔය ඕන තරම් රටවල ඉතිහාසයේ, සංස්කෘතීන් වල එක්කෙනෙක්ට වැඩි සහකරුවන් හෝ සහකාරියන් එක්ක ලිංගික සබඳතා පැවැත්වීම ගැන අහන්න ලැබෙනවා. ඉතින් මේ රිලේශන්ෂිප් ඩයිනමික් එක මේ වෙනකොට සම්බන්ධතා ඇතුළේ ආයෙමත් වැඩි වැඩියෙන් දකින්න ලැබෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ඔය අතීත ග්‍රීසියේ වගේ, ආයෙමත් ඒක ප්‍රසිද්ධියේ වුණත් පිළිගන්න ගැටළුවක් නැති භාවිතාවක් බවට පත්වෙයි කියලා සමහරු කියනවා. එතකොට ලංකාව වගේ රටක් ගත්තොත්, ඒත් එහෙම වෙයිද? ඇත්තටම ලෝකේ අනික් රටවල විවෘත ලිංගික සබඳතා සහ බහු-ලිංගික සබඳතා සාමාන්‍ය දෙයක් වුණත්, ඒ ඉක්මනටම ලංකාවේ එහෙම ප්‍රසිද්ධ ට්‍රෙන්ඩ් එකක් එක පාර හැදෙන එකක් නෑ. හැබැයි දැනටමත් ලංකාවේ වුණත් විවෘත ලිංගික සබඳතා සහ බහු-ලිංගික සබඳතා නැහැයි කියලා කියන්නත් බෑ!
Leave a Reply