අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කියන්නෙ සමාජයේ ඉන්න හැම තරාතිරමකම පුද්ගලයින්ට, ඒ වගේම ආයතන වලට ගොඩක් වැදගත් වෙන පහසුකමක්/ සේවාවක්. අන්තර්ජාලය බිහි වුණ කාලෙට වඩා අද වෙද්දී මේ පහසුකම ගොඩක් දියුණුවට පත්වෙලා තියෙනවා. අන්තර්ජාලය කියන දේ හරි සරල සුන්දර දෙයක් වගේ තමයි අපිට පෙනෙන්නට තියෙන්නෙ. හැබැයි අපි හොඳින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි අන්තර්ජාලය කියන්නෙ ලෝකයේ නීතිවිරෝධී දේවල් ක්‍රියාත්මක වෙන ප්‍රධානම වේදිකාව කියන එක. අපි හිතුවොත් අන්තර්ජාලය කියන්නෙ මහ මුහුදක් කියලා, ඒ මුහුද කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ මතුපිට මුහුද (Surf/ Open Web), ගැඹුරු මුහුද (Deep Web) සහ ඉතා ගැඹුරු මුහුද (Dark Web) කියන කොටස් තුන. මතුපිට මුහුද එහෙම නැත්නම් අපි එදිනෙදා භාවිතා කරන අන්තර්ජාලය (Surf/ Open Web) ඒ මුහුදේ මුළු ධාරිතාවෙන් 1%-5% ත් අතර ප්‍රමාණයක්. ඉතිරි 95% කියන්නෙ ඒ මුහුදේ ගැඹුරු සහ ඉතා ගැඹුරු කොටස එහෙම නැත්නම් අන්තර්ජාලයේ සැඟවුණු කොටස. ගැඹුරු මුහුද ඒ කියන්නෙ Deep Web කියන කොටස සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයකින් ඇතුල් වෙන්න බැරි, ඒ වුණාට 100%ක් නීති විරෝධී නොවන කොටස. හැබැයි ඉතා ගැඹුරු මුහුද ඒ කියන්නෙ Dark Web කියන්නෙ 99%ක්ම නීතිවිරෝධී කටයුතු සිද්දවෙන සහ නීතිවිරෝධී වෙබ් අවකාශයක්. කොටින්ම කිව්වොත් ලෝකයේ psycho කාරයෝ එකතු වෙච්ච තැනක් තමයි Dark Web කියන්නෙ. ඒ නිසා මේ කොටසට ඇතුල් වෙන්න තියා හිතන්නවත් එපා කියන පණිවිඩය මුලින්ම දෙන්න ඕනේ. ඉතින් මේ Dark Web ගැන ඔයාලා දැනගන්න ඕන කාරණා ටිකක් මේ එක්කම අපි කතා කරමු.
1. වැඩි වෙමින් පවතින ප්රවේශවීම්
අපි කලින් කිව්වා වගේ Dark Web කියන්නෙ සාමාන්‍ය පුද්ගලයින් ඇතුල් නොවිය යුතු කොටසක්. හැබැයි මෑත කාලීනව පර්යේෂණ වලින් හෙළිවෙච්ච දෙයක් තමයි මේ Dark Web එකට ප්‍රවේශ වෙන පුද්ගලයින්ගේ සැලකිය යුතු වැඩි වීමක් තියෙනවා කියන එක. දවසකට මිලියන දෙකකට ආසන්න පිරිසක් ඊට අදාළ වෙබ් බ්‍රව්සර් ආධාරයෙන් Dark Web එකට ඇතුල් වෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රමාණයෙනුත් 26%ක් දෙනා උතුරු ඇමරිකානු රටවල් වල අය බවත් අඳුනගෙන තියෙනවා. කොටින්ම Dark Web භාවිතා කරන පිරිස 300% කින් වැඩි වෙලා තියෙනවලු පහු ගිය අවුරුදු තුනේ.
2. කොරෝනාවෙන් තල්ලුවක්
කොරෝනා කියන්නෙ ලෝකයේ හැම ක්ෂේත්රයකටම බලපාපු හැම ආයතනයකටම බලපාපු ගෝලීය වසංගතයක්නෙ. ඉතින් Dark Web එකටත් කොරෝනාවෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවලු. ආරංචි වෙන විදිහට කොරෝනා සම්බන්ධ ඩොමේන් 1400කට වඩා 2020 අවුරුද්දේ පළවෙනි කර්තුවේම ලියාපදිංචි කෙරිලා තියෙනවලු. ඒක 738%ක වැඩි වීමක් විදිහටත් වාර්තා වෙනවා.
3. මිනී මස් වෙළඳාමේ පාරාදීසය
කිව්වමත් පොඩ්ඩක් ඇඟ හිරිවැටිලා යනවා නේද? ඔව් ලෝකයේ අදටත් මිනීමස් කන්න අධික ආශාවක් තියෙන පුද්ගලයින් ඉන්නවා. මස් කිව්වට විශේෂ ශරීර අවයව කිව්වොත් වඩා හරි. උදාහරණයක් විදිහට පුරුෂ ලිංගික අවයව සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මිනී මස් කන්න ආස අය වගේම මිනී මස් අලෙවි කරන අයගෙත් පාරාදීසයක් තමයි මේ Dark Web එක. Dark Web එකේ ඒ වගේ මිනී මස් විකුණන වෙබ් අඩවි බොහොමයක් තියෙනවා. ඉතින් මේ වගේ වෙබ් අඩවි කරගෙන යන අය සමහර අවස්ථා වල නීතියේ රැහැනට කොටු වෙලා තියෙනවා වුණත් Dark Web එකේ මේවට තියෙන ජනප්‍රියත්වය සහ ඉල්ලුම නම් නැති වෙලා නෑ.
4. බිට්කොයින් වලින් දුවන Dark Web
Dark Web කියන්නෙ බොහෝ දුරට කළු වෙළෙඳපොළක්. මේකට ගොඩක් මිලදීගන්නන් සහ විකුණුම්කරුවන් ඇතුල් වෙනවා දිනපතා. ඒ නීතිවිරෝධී දේ මිලදී ගන්න සහ විකුණන්න. සරලවම ඔයාට ඕනේ නම් කාවහරි මරන්න, ඒකට කුලී ඝාතකයෙක් පවා මේ Dark Web තුළින් හොයාගන්න ලේසියෙන් පුළුවන්. ඉතින් මේ සම්පුර්ණ පද්ධතිය තුළ නොයෙකුත් වර්ගයේ Cryptocurrency වලින් තමයි ගනුදෙනු සිදු කරන්නෙ. ඉතාම බහුලව බිට්කොයින් කියන කරන්සි වර්ගය සහ වෙනත් Cryptocurrency වර්ග වලින් Dark Web ඇතුළේ මහා පරිමාණ වශයෙන් ගනුදෙනු සිද්ධ වෙනවා. ඉතින් ඒ හරහා අනන්‍යතාවය හෙළිකරන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන් වෙලා තියෙන එක තමයි Dark Web වල ඒ වගේ Cryptocurrency ජනප්‍රිය වෙන්න හේතුව.
5. වැඩිම Dark Web භාවිතය ඉන්දියාවෙන්
Dark Web ගැන කරපු නවතම පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා වැඩිම ඒක පුද්ගල Dark Web භාවිතය ඇති රට ඉන්දියාව විදිහට. ඉන්දියාව ගොඩක් තාක්ෂණිකව දියුණු වීමත් එක්ක ගොඩක් තරුණ තරුණියන් මේ Dark Web තුළට පිවිසීමේ ප්‍රවණතාවයක් දකින්නට තියෙනවා. සයිබර් ආරක්ෂණ ආයතනයක් හොයාගෙන තියෙනවා ඉන්දියානු ශිෂ්‍යයෝ 21,000 කට වඩා වැඩි පිරිසකගේ සංවේදී තොරතුරු Dark Web තුළ අලෙවි වෙනවා කියලා.
6. නීත්‍යානුකූල බව සහ අවදානම
Dark Web කියන්නෙ Deep Web එකේම කොටසක් කියල අපි කිව්වනේ. ඉතින් Deep Web තුළ තියෙන්නෙ Index නොකරපු වෙබ් අඩවි එකතුවක්. ඒකයි Deep Web එකට පිවිසෙන්න වෙනම බ්‍රව්සරයක් ඕන වෙන්නෙ. ඉතින් ඒ වෙබ් බ්‍රව්සරය භාවිතා කිරීම වත්, Index නොකරපු වෙබ් අඩවි වලට ඇතුල් වීම වත් නීති විරෝධී වෙන්නෙ නෑ. නමුත් නීති විරෝධී ගනුදෙනුවල යෙදෙන එක, දත්ත හොරකම් කරන එක වගේ දේවල් තමයි නීතිවිරෝධී වෙන්නෙ. ඒ වගේම නොදන්න කෙනෙක් මේ Dark Web තුළට යන එක ඉතාම අවදානම් වැඩක්. සාමාන්‍යයෙන් කියන්නෙ Dark Web එකට ඇතුල් වුණොත් ඊට පස්සේ කොම්පියුටර් එක ෆෝර්මැට් කරන්න කියලයි. විශේෂයෙන් නොයෙකුත් වයිරස සහ රැන්සම්වෙයා එහෙම ඉතාම පහසුවෙන් ඔයාගේ කොම්පියුටර් එකට ඇතුල් වෙන්න පුළුවන් Dark Web තුළදී.
7. Dark Web වලින් ආරක්ෂා වීම
කරන්න තියෙන හොඳම දේ තමයි මේ ගැන හිතින් අමතක කරන එක. ඒ වගේම මොනම හේතුවකටවත් Dark Web තුළට ඇතුල් වෙන්න නොහිතන එක තමයි කරන්න ඕන මූලිකම දේ. සමහරවිට ඔයා නොදැනුවත්වම මේ Dark Web තුළට පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමන් OK කරන හැම මැසේජ් එකක්ම හොඳින් කියවලා බලලා OK කරන්න. විශේෂයෙන් නොයෙකුත් Pop-up හරහා මේ අවදානම එන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පරිගණකයේ තියෙන දත්ත වලට විශේෂ ආරක්ෂාවක් සපයාගන්න එක තුන්වෙනුව කරන්න පුළුවන්. විශේෂයෙන් පුද්ගලික තොරතුරු, ණය කාඩ්පත් අංක, විදේශ ගමන් බලපත්‍ර තොරතුරු හැඳුනුම්පත් තොරතුරු වගේ දේවල් ගොඩක් පරෙස්සමින් තියාගන්න.
Leave a Reply