මයික්‍රොවේව් අවන් එකේ හදාගන්න පුළුවන් කරි රෙසිපි 7ක්

වැඩ පහසු කරගන්න ලේසියෙන් උයාගන්න ඔන්න අද අපි ගෙනාවෙ සුපිරි අයිඩියා එකක්. මයික්‍රොවෙව් අවන් එකක් ගෙදර තිබ්බත් ඒක හරියට පාවිච්චි නොකරන අයට ඔන්න අපි මයික්‍රොවේව් අවන් එකේ කරීස් හදන හැටි කියලා දෙන්න ආවා. මේක හරිම ලේසියි. ඔයාලත් ට්‍රයි කරන්න. ගෑස් ප්‍රශ්න වැඩි මේ කාලෙ මයික්‍රොවේව් එකක් තියෙන අයට මේක ප්‍රයෝජනවත් වේවි.

 

1. මට්න් මසාලා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මට්න් ග්‍රෑම් 500
  2. චිලී පේස්ට් මේස හැඳි 2
  3. මුදවපු කිරි කෝප්ප 1/2
  4. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  5. චොප්කරගත් අමුමිරිස් කරල් 4
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. ලුණු ටිකක්
  10. තෙල් මේස හැඳි 2
  11. කරදමුංගු ඇට 2
  12. කුරුඳුපොතු කෑල්ලක්
  13. කරාබුනැටි 3
  14. බේලීෆ් කොළ 1

 

  • බෝල් එකකට කපාගත් මට්න් ටික දාලා චිලී පේස්ට්, මුදවපු කිරි, ඉඟුරු සුදුළූණු, චොප්කරගත් අමුමිරිස්, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු දාලා පැයක් මැරිනේට් කරගන්න. 
  • මයික්‍රොවේව් බෝල් එකකට තෙල් ටිකක් දාලා කරදමුංගු, කුරුඳුපොතු, කරාබුනැටි, බේලීෆ් කොළ දාලා ෆුල් පවර් විනාඩියක් මයික්‍රොවේව් කරගන්න. 
  • මේකට මැරිනේට් කරගත් මට්න් ටික දාලා වතුර කෝප්ප 1/2ක් වගේ දාන්න. කලවම් කරලා විනාඩි 30ක් මයික්‍රොවේව් කරගන්න. කරිය හිටින්න අවශ්‍ය නම් තව වතුර කෝප්ප 1/2ක් දාලා කලවම් කරලා තවත් විනාඩි 2ක් වගේ මයික්‍රොවේව් කරගන්න. 

 

2. මයික්‍රොවේව් චිකන් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් චිකන් ග්‍රෑම් 500
  2. තෙල් ටිකක් 
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. තුනපහකුඩු තේ හැඳි 1
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  6. කොච්චි කරල් 5-6
  7. ලියාගත් ළූණු ගෙඩි 1
  8. වයිට් වයින් මේස හැඳි 1
  9. චොප්කරගත් සුදුළූණු බික් 3
  10. විනාකිරි මේස හැඳි 2
  11. ලුණු ටිකක් 
  12. සෝයාසෝස් මේස හැඳි 4

 

  • මයික්‍රොවේව් බෝල් එකකට චිකන් ටික ස​හ අනික් සියල්ලම දාලා පැයක් මැරිනේට් කරගන්න. ඊළඟට මේ ටික විනාඩි 10ක් මයික්‍රොවේව් කරගන්න. එළියට අරන් පොඩ්ඩක් කලවම් කරලා තවත් විනාඩි 15ක් මයික්‍රොවේව් කරගන්න. 

 

3. පොටැටෝ කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් අල ගෙඩි 3
  2. කහකුඩු තේ හැඳි 1/2
  3. සූදුරු තේ හැඳි 2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  6. තෙල් මේස හැඳි 3
  7. ලුණු ටිකක්

 

  • මයික්‍රොවේව් අවන් බෝල් එකක් ගන්න. මේකට තෙල් හා සූදුරු ටිකක් දාගන්න. අවන් එකේ මයික්‍රො මෝඩ් එක ඔන් කරලා 900W වලට විනාඩියක් තියාගන්න. ඊළඟට මේක එළියට අරගෙන මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු දාලා කලවම් කරගන්න. 
  • ඊළඟට අල ටික දාලා කලවම් කරගන්න. දැන් මේකට වතුර කෝප්පයක් දාලා ලිඩ් එකෙන් කවර් කරලා 900W වලට විනාඩි 6ක් මයික්‍රොවේව් කරගන්න. විනාඩි 3ක් යනකොට එළියට අරන් පොඩ්ඩක් කලවම් කරලා ආයෙ දාන්න. එළියට අරන් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. 

 

4. බෙල්පෙපර් ගෝවා කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ගෝවා ගෙඩි ½
  2. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  3. තෙල් ටිකක් 
  4. අබ තේ හැඳි 1/2
  5. අමුමිරිස් කරල් 2
  6. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  7. ලුණු ටිකක් 
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. සීනි ටිකක් 

 

  • මයික්‍රොවේව් බෝල් එකට තෙල් ටිකක් දාලා 800W වලට විනාඩි 2ක් හීට් කරගන්න. මේකට අබ, අමුමිරිස්, ඉඟුරු සුදුළූණු පේස්ට් හා ලුණු ටිකක් දාලා කලවම් කරලා 900W වල​ට විනාඩි 2ක් මයික්‍රොවේව් කරගන්න.
  • ඊළඟට මේකට කපාගත් බෙල්පෙපර් ටික දාගන්න. කහකුඩු ටික දාලා රස අනුව සීනි හා ලුණු දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරලා 900W වලට විනාඩි 6ක් මයික්‍රොවේව් කරගන්න. ඊළඟට මේකට ගෝවා ටික දාලා කලවම් කරගන්න. දැන් මේක විනාඩි 8ක් වගේ ආයෙ මයික්‍රොවේව් කරගන්න. 

 

5. පරිප්පු කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදාගත් පරිප්පු කෝප්ප 1/2
  2. ලියාගත් ළූණු ගෙඩි 1/2
  3. කරපිංචා ටිකක් 
  4. ‍රම්පෙ කෑල්ලක්
  5. ලියාගත් සුදුළූණු බික් 2
  6. කපාගත් අමුමිරිස් කරල් 2
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. තුනපහකුඩු තේ හැඳි 1/4
  9. ලුණු රස අනුව
  10. මිටිකිරි කෝප්ප 1

 

  • මේ සියල්ලම අවන් බෝල් එකට දාලා හොඳට කලවම් කරගන්න. විනාඩි 12ක් වගේ මයික්‍රොවේව් කරගන්න. 

 

6. ෆිෂ් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් මාළු ග්‍රෑම් 250
  2. කපාගත් තක්කාලි ගෙඩි 2
  3. තෙල් ටිකක් 
  4. ‍රස අනුව ලුණු
  5. මසාලා පව්ඩර් තේ හැඳි 1
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  8. මිරිස්කුඩු තේ හැඳි 1

 

  • මයික්‍රොවේව් බෝල් එකකට තෙල් ටිකක් දාලා තක්කාලි, මසාලා පව්ඩර්, මිරිස්කුඩු හා අනික් පහේ සියල්ලම දාගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරලා විනාඩි 2ක් මයික්‍රොවේව් කරගන්න. 
  • දැන් මේක පොඩ්ඩක් කලවම් කරලා මාළු ටික දාලා මසාලා පේස්ට් එක මාළු වල තැවරෙන විදියට කලවම් කරගන්න. මේකට උණුවතුර කෝප්ප 1/4ක් වගේ දාලා පැය 1/2ක් සීසන් වෙන්න තියලා හයි පවර් එකේ විනාඩි 4ක් මයික්‍රොවේව් කරගන්න. 

 

7. බෙන්ගාලි එග් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 8
  2. තෙල් ටිකක් 
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. යෝගට් 1

 

  • බෝල් එකකට යෝගට්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා වතුර මේස හැඳි 2ක් දාගන්න. හොඳට කලවම් කරලා මයික්‍රොවේව් ට්‍රේ එකකට දාගන්න. 
  • මේකට තම්බාගත් බිත්තර දෙකට පලලා දාලා උඩින් ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. මේක විනාඩි 5ක් මයික්‍රොවේව් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *