බර්ලිනයේ රවුමක් යමු

බර්ලිනය කියන්නේ ජර්මනිය අගනුවර. ලෝකයේ කිසිම රටක අගනුවරකට හිමි නොවන අන්දමේ සුවිශේෂ ඉතිහාසයකට බර්ලිනය උරුමකම් කියනවා. අතීතයේදී ප්රශියාව නම් කුඩා ජර්මන් රාජධානියේ අගනුවර විදිහට පැවතුණු බර්ලිනය ජර්මනිය එක්සත් වීමත් සමග සමස්ත ජර්මන් අධිරාජ්‍යයේ අගනුවර බවට පත්වුණා. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ජර්මානු සමූහාණ්ඩුවේ අගනුවර බවට පත්වන බර්ලිනය දෙවැනි ලෝක යුද්ධයේදී අති දැවැන්ත විනාශයකට ගොදුරු වුණා. ප්රතිඵලයක් ලෙස ජර්මනිය බෙදා වෙන් කරනු ලැබුණා. වර්තමානයේ දී යළිත් බර්ලිනය ජර්මානු ජනතාවගේ හදවතේ ඉහළින්ම රැඳී සිටිමින් ලෝකයේ ප්රබල නගරයක් ලෙස නැගී සිටිනවා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ එම නගරය පිළිබඳව සුවිශේෂී තොරතුරු කීපයක්.

 

1. වැස්ස දවසක කෞතුකාගාරයක කරක් ගහමු

සාමාන්යයෙන් අවුරුද්දකින් තුනෙන් එකක පමණ දින සංඛ්යාවක් බර්ලිනයට අතිදැවැන්ත වැසි ඇද හැලෙන බව කියවෙනවා. මේ නිසාම සාමාන්යයෙන් බර්ලින් වැසියන් නගරයට පැමිණෙන සංචාරකයන්ට විහිළුවට වගේ උපදෙස් දෙන්නේ වැස්ස දවසක කෞතුකාගාරයකට ගිහිල්ලා ඉන්න කියලා. මොකද බර්ලිනය තුළ කෞතුකාගාර එකසිය අසූවක් පවතිනවා මේ හැම කෞතුකාගාරයකටම තමන්ටම ආවේණික අනන්යතාවයක් පවතිනවා. මේ නිසා බර්ලිනයට පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවී යන්නේ කෞතුකාගාර නැරඹීමට.

 

2. ලෝකයේ දිගම බියර් උද්යානය

ඔබ ඕනෑතරම් උද්යානවලට ගිහිල්ලා ඇති. හැබැයි  බර්ලින් හිදී  තමයි ඔබට ලෝකයේ දිගම බියර් උද්යානය දැකබලාගන්න පුළුවන්. හැමදාමත් නෙමෙයි, අගෝස්තු මාසයේදී විතරයි. අගෝස්තු මාසයේදී තුන සිට පහ දක්වා දිනයන් තුළ  කාල්මාක්ස් නම් පටුමගේ දිගට විවිධ වර්ගයේ බියර් විකුණන වෙළෙඳසල් ඉදි කරනවා. ඇතැම් අවස්ථාවල ඔබට ලෝකයේ ඉහළම මට්ටමේ බියර් වල සාම්පල රසවිඳීමේ අවස්ථාව මෙහිදී ලැබෙනවා.

 

 

3. මුළු බර්ලිනයේම අසිරිය නරඹන්න

ඔබ පැරීසියට ගියොත් අයිෆල් කුළුණට නැගිලා මුළු  පැරිසියේම සිරි නරඹන්න හැකි වේවි. බර්ලින් තුළ වගේ උස කුළුණක් නම් නැහැ. හැබැයි ඊටත් වඩා උද්වේගජනක අත්දැකීමක් සමග මුළු බර්ලිනයේම සුන්දරත්වය ඔබේ ඇස් වලට නරඹන්න බර්ලිනය තුළදී හැකියාව ලැබෙනවා. මෙම ස්ථානය හඳුන්වන්නේ ALEXANDERPLATZ නමින්. ඔබට කුරුල්ලෙක් වගේ පියාපත් විහිදාලමින් බර්ලිනය කෙතරම් සුන්දර නගරයක් යන වග ප්රත්යක්ෂ කරගන්න මෙහිදී හැකියාව ලැබේවි. කොහොමද කියලා අපි විස්තරාත්මකව කියන්නේ නැහැ. නිකමට ALEXANDERPLATZ කියලා සර්ච් කරලා බලන්න.

 

 

4. පැරීසිය සමඟ තරඟ කරන බර්ලිනය

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට බර්ලිනය පැරිස් නගරය වගේ නව ගුණයක් විශාලයි. හැබැයි ඊට සාපේක්ෂව ජනගහණයෙන් නම් අඩුයි. මේ නිසා පැරිස් නගරයේ තිබෙන කළබලකාරීත්වය බර්ලිනය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී අපි සාපේක්ෂව කියන වචනය අවධාරණය කරනවා. මොකද කියනව නම්  කොළඹ නගරයට වඩා නම් ඉතින් බර්ලිනය කාර්ය බහුලයි.

 

 

5. බර්ලින් බිතුසිතුවම්

ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට විතර කලින් මුළු ලංකාව පුරාම බිත්ති වල චිත් ඇඳලා ලංකාව ලස්සන කරන  රැල්ලක් ඇති වුණා. අද රැල්ලට වුණේ මොකක්ද කියන්න රැල්ලට දායක වෙච්ච පිරිසවත් දන්නේ නැතුව ඇති. හැබැයි බර්ලිනය තුළ තියෙන්නේ  කවදාවත් බැස යන්නේ නැති රැල්ලක්. මේ රැල්ලේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. උදාහරණයක් විදිහට ජර්මානු රජයට අති දැවැන්ත මුදලක් මේ බිතුසිතුවම් ඉවත් කරන්නත් වැය කරන්න වෙලා. නමුත් බොහෝ ජර්මානු වැසියන් විශ්වාස කරන්නේ තමන්ගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසේ එක් දිගුවක් වන්නේ බිතුසිතුවම් බවයි.

 

6. වැනීසියට දෙවැනි තැන

වෙනිස් නගරය ලෝකය පුරා ප්රසිද්ධියට පත් වෙලා තියෙන්නෙ ජල  මාර්ග ආශ්රිතව ගොඩනැගුණු නගරයක් විදිහට. නමුත් වැනිස් නගරයට වඩා ජල මාර්ග රාශියක් බර්ලිනය තුළ පවතිනවා. මේ නිසා බර්ලිනය තුළ ගමනාගමනයේ සුවිශේෂී භූමිකාවක් මෙම ජල මාර්ග මඟින් ඉෂ්ට කරනවා

 

 

7. පොළොව යට නගරය

බර්ලින් නගරයේ පිටතට පෙනෙනවට වඩා වැඩි කොටසක් පොළොව අභ්යන්තරයේ පවතිනවා. අද වන විට දුම්රිය මාර්ග සහ මහාමාර්ග රාශියක් උමං මාර්ග ආශ්රිතව බිහිව තිබෙන අතර දෙවැනි ලෝක යුද සමයේදී සතුරු යුද ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා බංකර සහ ආරක්ෂිත මාර්ග ජාලයක් ජර්මානුවන් විසින් ගොඩනගනු ලැබුවා. වර්තමානයේදී මේ බංකර ජාලය අංක එකේ සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙලා තියෙනවා

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න  අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *