2021 වසරේ අපේ රට​ට සිදු වූ හොඳ දේවල්

2021 අවුරුද්ද අපේ රටට හොඳ  අවුරුද්දක් වුණේ නැහැ. අපේ ජීවිත වල වගේම ජනමාධ් වලත් වැඩි වශයෙන් අපට දැකගන්නට ලැබුණේ ඍණාත්මක ප්රවෘත්ති විතරයි. මේ නිසා අපි හිතුවා 2021 අවුරුද්ද තුළ අපේ රටේ සිදු වෙච්ච හොඳ දේවල් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න. අමතක කරන්න එපා කොතරම් නරක කාලයකදී වුණත් හොඳ දේවල් සිද්ධ වෙනවා. අපිට නරක දේවල් මැද්දේ වුණත් හොඳ දේවල් අගය කරන්න සහ දේවල් වලින් ආඩම්බරයට සහ සතුටට පත්වෙන්න හැකියාව තියෙන්න ඕන. ජීවිතය වගේම රට ඉස්සරහට යන්නේ අන්න එතකොටයි.

 

1. ලෝක උරුමයක් බවට පත් වුණු දුම්බර පැදුරු

දුම්බර රටා කලාල එහෙමත් නැත්නම් සාමාන් භාෂාවෙන් කියනවා නම් දුම්බර පැදුරු සියවස් ගණනාවක් තිස්සේ දුම්බර ප්රදේශයට ආවේණික සම්ප්රදායක්. මේ  කලාල විවිමී කර්මාන්තය ලෝකයේ දස දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ සුවිශේෂී ඇගයීමකට ලක් වුණා. අපේ සංස්කෘතියේ අභිමානනීය උරුමයක් වන මෙම කලාල අද වෙනකොට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් විදිහට පිළි අරගෙන තියෙනවා. දෙසැම්බර් මාසයේ අපිට අහන්න ලැබිච්ච හොඳම ආරංචියක් විදිහට මේ  ප්රවෘත්තිය හඳුන්වන්න පුළුවන්

 

 

2. වජිරා චිත්රසේන මහත්මිය පද්ම ශ්රී සම්මානයෙන් පිදුම් ලැබීම

ලංකාවේ නර්තන ක්ෂේත්රයට නොමැකෙන සේවයක් කරපු යුවළක් විදිහට වජිරා චිත්රසේන යුවළ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම චිත්රසේන මහතා ආරම්භ කළ නර්තන සම්ප්රදාය ආරක්ෂා කරමින් එය නව පරපුරට දායාද කිරීමට වජිරා චිත්රසේන මහත්මිය සිදුකළේ අනුස්මරණීය සේවයක්. ඇය විසින් සිදු කළ එම මෙහෙය අගය කරමින් ඉන්දියාවෙන් පද්ම ශ්රී සම්මානය ඇයට හිමි වුණා. මේ සම්මානය ලංකාවේ නර්තන කලාවට වගේම නර්තනය සඳහා වැඩි කැපවීමක් දක්වන කාන්තා පක්ෂයට දක්වන ලද සුවිශේෂී ගෞරවයක්

 

 

3. මැණිකේ මගේ හිතේ

ලංකාවේ  පොඩි කෙල්ලෙක් මුළු ඉන්දියාව වගේම ලෝකයම එකම එක සිංදුවකින් ග්රහණයට ගන්න සමත් වුණා. ඇගේ නම යොහානි. ඇය  පිළිබඳව තවත් අටුවා ටීකා කියන්න අවශ් නැහැයි කියලා අපි හිතනවා. හැබැයි මීට සති කීපයකට කලින් ඇයට ගෞරවයක් විදිහට බිම්  කැබැල්ලක් ලබා දීමට ශ්රී ලංකා රජය තීරණය කළා. මේ ගැන සමාජ මාධ් වල යම් යම් විවේචන ඇතිවුණා. මේ විවේචන කුහක සහ දේශපාලන ස්වභාවයක් ගන්නා විවේචන බවත් නොකියාම බැහැ.

 

 

4. කළ්‍යාණී රන් පිවිසුම විවෘත වීම

හැමෝම දන්න කැළණි පාලම නවීකරණයට ලක් වෙලා ජනතාව අතරට තිළිණ වුණා. මේ ව්යාපෘතියේ පියවරු  කවුද කියන එක ගැන විවිධ කතාබහ තියෙනවා. යහපාලන රජය අය ආරම්භ කරපු ව්යාපෘතියක් විදිහට මේක සඳහන් කරද්දී වර්තමාන රජය එහි අයිතිය තමන් සතු බව කියනවා. හැබැයි මේ දෙපාර්ශවයම අමතක කරන දේ තමයි මේ සඳහා වැය කරන්නේ තමන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙමෙයි කියන එක. මේ අපේ රටේ ජනතාවගේ බදු සල්ලි ( බදු සල්ලි නිසි ලෙස කළමනාකරණය වෙලා මේ ව්යාපෘතිය සඳහා යෙදුනද කියන එක අපි දන්නේ නැහැ). කොහොම වුණත් මෙම ව්යාපෘතිය හරහා ලංකාවේ ගමනාගමනය වඩාත් පහසු වෙනවා. විශේෂයෙන්ම කොළඹට පිවිසීමේදී ඇතිව තිබූ තදබදයට විශාල අස්වැසුමක් බවට මෙම ව්යාපෘතිය පත්වුණා

 

 

5. ඔලිම්පික් පදක්කම

දිනේෂ් ප්රියන්ත කුමාර නම් වීරයා එතෙක් මෙතෙක් පැරා ඔලිම්පික් උළෙලක පළමු රන් පදක්කම මවුබිමට දිනා දීමට සමත් වුණා. මෙය අපේ රටේ ක්රීඩා ඉතිහාසය තුළ රන් අකුරින් සටහන් විය යුතු දෙයක්. ඔහුට ලැබිය යුතු ඇගයීම් රට තුළින් ලැබුණ බව කියන්නේ ඉතාමත් සතුටු සිතින්

 

 

6. ලංකාවේ ක්රිකට්

 අපි  හිතන විදිහට පහුගිය වසර තුළ අපේ රට ලබපු තවත් විශේෂ ජයග්රහණයක් වෙන්නේ මෙච්චර කල් අපිට එපා වෙලා තිබ්බ ක්රිකට් උණ යළිත් අපේ රටේ මිනිස්සු තුළ ඇතිවීමයි. ක්රිකට් කණ්ඩායමේ නව පරපුර සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. චාමික කරුණාරත්න, දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ වාගේ වයසින් පොඩි වුණාට රට දිනවන්න විතරක් හිතන ක්රීඩකයෝ එක්ක අපේ රටේ ක්රිකට් වසන්තය යළිත් උදා වෙන බව අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.

 

 

7. එන්නත්කරණයෙන් අපි ලැබූ ජයග්රහණය

වර්තමාන රජය ජනතා අප්රසාදයට ලක් වීමත් සමඟම මේ රජය සිදු කරපු එක් හොඳ දෙයක් පිළිබඳව ජනතාවට අමතක වෙලා තියෙනවා. තමයි දකුණු ආසියාවේ කිසිදු රටකට ළඟාකර ගත නොහැකි මට්ටමේ ඉහළ ප්රමිතියකින් යුතුව එන්නත්කරණය සාර්ථකව කරගැනීමට මෙම රජය සමත් වීම. මෙහිදී රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ විරෝධය පවා නොතකා යුද හමුදාවේ දායකත්වය ලබා ගනිමින් එන්නත්කරණය වේගවත්ව සිදු කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එහි ප්රතිඵල අපි අද භුක්ති විදිනවා. අද වෙනකොට ලංකාවේ දෛනික මරණ  අගය ඉතාමත් අඩු අගයකට  පත්වෙලා තියනවා. හැමදේටම රජයට බනින අතරේ මේ හොඳ දේ අගය නොකර ඉන්න තරම් අපි කුහක විය යුතු නැහැ.

 

එහෙමනම් මේ ලැයිස්තුවට තවත් ඇතුළත් විය යුතු හොඳ දේවල් පිළිබඳව මතකය කමෙන්ට් එකේ බෙදාගන්න ගමන් මේ ලිපිය ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *