ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපේ අපේ රටේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම නිළියන් පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන ආවා. ඒ හරහා අපි උත්සාහ කළේ ඒ සුවිශේෂී කාන්තාවන් සුජීවත්ව සිටින කාලය තුළදීම යම්කිසි ඇගයීම් ලබාදීමයි. ඔවුන් මිය ගියාට පස්සේ මාගල් දිග පෝස්ට් ලියනවට වඩා එහෙම සටහනක් ලියන එක වැදගත් කියලා අපි හිතුවා. මේ නිසාම එම ලිපි මාලාවෙම දිගුවක් විදිහට අපේ රටේ දැනට සුජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම නළුවන් පිළිබදව සටහනක් ගෙන එන්න අපි තීරණය කළා.
1. රෙක්ස් කොඩිප්පිලි
රෙක්ස් කොඩිප්පිලි කියන්නේ අද දක්වාම ප්රේක්ෂකයන් සමග රංගනය හරහා අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නළුවෙක්. අද වෙනකොට ඔහු ප්රධාන පෙළේ මාලානාටකයක සීයාගේ චරිතය රඟපානවා. නමුත් සිංහල සිනමාවේ ඔහු වඩාත් ප්රකට දුෂ්ටයෙක් විදිහට. ඒ වගේම චිත්රපටි නිෂ්පාදනය හරහා සිංහල සිනමාවට සුවිශාල සේවයක් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම “මුවන්පැලැස්ස”, “හුලවාලි” වැනි චිත්රපටි ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩයිම් විදිහට සඳහන් කරන්න පුළුවන්.
2. රොබින් ප්රනාන්දු
රොබින් ප්රනාන්දුගේ රංගන පෞරුෂයට සාපේක්ෂව ඔහුට ලංකාවේ සිනමාව තුළ ලැබුණු චරිත ප්රමාණය සීමිතයි කියලා කිව්වත් වරදක් නැහැ. විශේෂයෙන්ම ක්රියාදාම නළුවෙක් විදිහට ලංකාවේ සිනමාව ඔහුට මදි වුණා කිව්වොත් වඩාත්ම නිවැරදියි. කොහොම වුණත් සුරදූතියෝ චිත්රපටයේ ඔහු තමන්ගේ උපරිමය ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කළා. පසු කලෙක පරිපාලකවරයෙක් විදිහටත් සිනමා කලාවට යම් සේවයක් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.
3. රවීන්ද්‍ර රන්දෙණිය
ඇතැම් අය රවීන්ද්‍ර රන්දෙණියගේ නම මේ ලයිස්තුවට දාපු එක ගැන යම් ප්රශ්නයක් ඇති කර ගන්න පුළුවන්. නමුත් අපි ඒ අයට ආරාධනා කරනවා රවීන්ද්‍ර රන්දෙණියගේ වයස පිළිබඳව හොයල බලන්න කියලා. එක අතකට ඒ ප්රශ්නය ඇති වෙන්නේ රවීන්ද්‍ර සදාකාලික තරුණයෙක් විදිහට අපේ හදවත්වල සදහටම රැඳී සිටීම නිසායි. මේ විදිහට තමන්ගෙ රසිකයන්ගේ සිත් තුළ සදාකාලික තරුණයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වීම හරිම අල්ප වූ නළුවන්ට හමුවන වාසනාවක්.
4. බුද්ධි වික්රම
රූපවාහිනී ආගමනය එක්ක බුද්ධි වික්රම ප්රේක්ෂකයාට වඩාත් සමීප වුණේ ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට. විශේෂයෙන්ම රූපවාහිනී මුල් කාලීන ටෙලි නාට්යයක් වන “තාරා දේවි” ටෙලි නාට්යයේ ඔහු සිදු කළ රඟපෑම ප්රේක්ෂකයන් අතර අතිශයින් ජනප්රිය වුණා. නමුත් ඔහු තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ වේදිකාව සහ සිනමාව හරහා. එහිදී “සාමා” චිත්රපටිය ගැන විශේෂයෙන්ම මතක් කළ යුතුයි
5. ජී.ආර් පෙරේරා
මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නේ රූපවාහිනිය හරහා අපට සමීප වෙච්ච සුවිශේෂී රැවුලක් හිමි නළුවෙක්. මේ උඩු රැවුල නිසාම ඔහුට ලැබුණේ ඔහුටම අනන්‍ය වුණු චරිත කීපයක්. ප්රධාන චරිතය නොලැබුණාට තමන්ට ලැබුණු චරිත හරහා ඔහු ප්රේක්ෂකයන්ව ඇද බැඳ ගන්න සමත් වුණා. තිස්ස අබේසේකරයන්ගේ කුඩා කාලයේ පටන් මිතුරෙකු වූ ඔහු සිය මිතුරා පිළිබඳව ඇතැම් අවස්ථාවල ආශ්වාදජනක මතක බෙදාගන්නවා.
6. ක්ලීටස් මෙන්ඩිස්
සිංහල සිනමාවේ ඇතැම් විටක පෙම්වතාගේ භූමිකාව මෙන්ම දුෂ්ටයාගේ භූමිකාව ද ඔහුට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. එවැනි වාසනා ගුණයක් සහිත නළුවන් ප්රමාණය අල්පයක් බව නොකියාම බැහැ. ඒ වගේම එක්තරා අවස්ථාවක මනමේ නාට්යයේ මනමේ කුමාරයා ගේ භූමිකාව රඟපෑමට ඔහුට හැකියාව ලැබීමත් ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
7. සොමී රත්නායක
අද වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වුණත් සොමී රත්නායක කියන නම ලංකාවේ ප්රේක්ෂකයන්ට නම් අමතක වෙලා නැහැ. ලංකාව හැර යන්නට පෙර ඔහුව වැඩිපුර අපිට දැකගන්නට ලැබුණේ ටෙලිනාට්යය හරහා. වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට රංගන ජීවිතය ආරම්භ කරපු ඔහු අනතුරුව සිංහල සිනමාවේ සුවිශේෂී චිත්රපටි රැසකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීමට සමත් වුණා. “හුලවාලි”, “සුරබි දෙන”, “බව දුක” සහ “බව කර්ම” ඒ අතරින් විශේෂයෙන් සඳහන් කළයුතු චිත්රපටි වෙනවා
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන්ම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply