පොම්පෙයි නගරයේ ලිංගික දර්ශන

පොම්පෙයි නගරය කියන්නේ වර්තමානයේ පවතින එකක් නෙමෙයි. අතීතයේ තිබුණ එකක්. ක්‍රිස්තු වර්ෂ 97 දී පුපුරා ගිය පොමේපෙයි නටබුන් සහ කලා නිර්මාණ පොඩි ළමයි එක්ක බලන්නට ටිකක් අමාරුයි. මොකද ඒවා බොහොමයක ලිංගික සුව ලබන රමණීය විධි නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒ පොම්පෙයි ලිංගික කලා ආදිය ගැන අපි ටිකක් සොයා බලමු. 

 

1. කොහෙද තියෙන්නේ? 

පොම්පෙයි නගරයේ එකල ගණිකා නිවාස තිබිලා තියෙනවා. ඒ ගණිකා නිවාස වල නම් ලිංගික දසුන් නිරූපණය කිරීම, චිත්‍ර මූර්ති හරහා ලිංගික ක්‍රියා නිරූපණය කිරීම ලොකු අවුලක් නෙමෙයි. ඒත් ඊට අමතරව එකල පුරාතන රෝමයේ නගර වල තිබුණු ස්නානාගාර හෙවත් නාන ස්ථාන වලත් මේ මූර්ති සහ චිත්‍ර නිරූපණය වෙනවා. ඊට අමතරව සාමාන්‍ය නිවාස වලත් ලිංගික ක්‍රියා ඇතුළත් චිත්‍ර ආදිය කදිමෙට නිරූපණය කරලා තියෙනවා. ඒ හරහා  ලිංගික ක්‍රියා පොදු අවකාශයේ පේන්නට තැබීම පිළිබඳ දැනටත් වඩා විවෘත ස්වභාවයකින් එකල රෝමයේ පොම්පෙයි නගරය ක්‍රියා කරලා තියෙනවා. 

 

2. ගණිකා නිවාස වල චිත්‍ර

 

මේ ගණිකා නිවාස කියා සැලකෙන ලුපනර් කියන ස්ථාන වල තියෙන්නේ කුඩා කාමර. දැන් අපි ඒවා නරඹන්නට ගියත් කුඩා අඳුරු කාමර ටිකක් තමයි බලන්නට තියෙන්නේ. ඒත් ගැලපෙන ආලෝකයක් අරගෙන ගියොත් ඒ කාමර වල බිත්ති වල ගැහැනු සහ පිරිමි නිරුවත් දසුන් දකින්නට පුළුවන් වෙනවා. එකල තිබුණු ගල් ඇඳට උඩින් මේ චිත්‍ර නිරූපණය කරලා තියෙන්නේ දැන් කාලේ කාමර වල විශාල රූපවාහිනී යන්ත්‍ර තිබෙනවාක් වැනි ආකාරයෙන්.

 

3. නිවාඩු නිකේතනයක් වූ පොම්පෙයි 

පොම්පෙයි සහ හර්කිලේනියම් පුරාණ නගර සැලකූ කල ඒවා ඒ කාලේ සංචාරක ස්ථාන විදිහටත් පැවතිලා තියෙනවා. මුහුද අද්දර මුහුදු හුලං විඳින්නට එන එකල රෝමන්වරු ස්ත්‍රී සුවයද සොයා ඇදී එන්නට ඇති. නූතන තායිලන්තය වැනි රටවල ලිංගික කර්මාන්තයත් සංචාරක කර්මාන්තය හා සමානව පතල වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් රෝමයේද  විනෝද කටයුතු සඳහා පතල නගරයක් වුණු පොම්පෙයි හි ලිංගික විනෝද කටයුතු බහුලව වෙන්නට ඇති බව ඉතිහාසඥයින් කියනවා. 

 

4. ලිංගික දැන්වීම් 

එකල සංචාරක ස්ථානයක් වු පොම්පෙයි හි පොදු ස්ථානවලත් මේ ලිංගික දර්ශන නිරූපණය කිරීම ඒ ගණිකා නිවාස සහ ලිංගික කර්මාන්තයන්හි ප්‍රචාරක වැඩපිළිවෙළේ කොටසක් වුණා. ඒ අනුව මේ මේ ආකාරයෙන් ද ලිංගිකව හැසිරිය හැකිය, ඒ ඒ ප්‍රමෝදය පාරිභෝගිකයාට ලබාගත හැකිය යන පණිවුඩය සෘජුවම ඒ චිත්‍ර නරඹන අයට ලබා දුන්නා. දැන් කාලයේ විවිධ නිෂ්පාදන අලෙවි කරගන්නට විශාල මිනිස් රූ යොදාගන්නා ආකාරයෙන් එකල ඒ නගරයේ ලිංගික ශ්‍රමිකයින්ගේ කුශලතා විදහා දක්වන්නටද මේ චිත්‍ර ප්‍රචාරණ ක්‍රමයක් වන්නට ඇති. 

 

5. ස්නානාගාර 

දැනට නම් ස්නානාගාර හෝ පොදු නාන තැන් තියෙන්නේ අඩුවෙන්. ස්විමින් පූල්, පොදු දිය ඇළි වගේ තැන් තිබුණත් ඒ වගේ තැන්වලට ගිහින් අනුන්ගේ සෙළුව බලමින් සිටීම දැඩි අසෝබන ක්‍රියාවක්, මානසික ව්‍යාධියක් ලෙසට තමයි අද කාලේ සංස්කෘතික වටපිටාව මගින් නිරූපණය වෙන්නේ. ඒත් එකල රෝමයේ නෑම සහ නාන අවස්ථාව වඩාත් ලිංගිකමය උද්දීපනය සහිත අවස්ථාවක් බවට ඔවුන් පත් කරගෙන තිබුණා. ඒ ස්නානාගාර වල ඇඳුම් අඳින කාමර, නාන කාමර ආදියේ ලිංගික දර්ශන ඇතුළත් චිත්‍ර වලින් ඒ බව පිළිබිඹු වෙනවා. 

 

 

6. හර්කියුලේනියම් නගරය 

හර්කියුලේනියම් කියන්නෙත් පොම්පෙයි වගේම විසූවියස් ගිනිකන්දට යට වුණු නගරයක්. ඒ හර්කියුලේනියම් නගරය පොම්පෙයි වගේ කෙලින්ම ලාවා වලින් යට වුණේ නැහැ. එහි කලින් පැමිණි රශ්මි ධාරාවන් නිසා නගරය කලින්ම දැවී ගොස් තිබුණා. මේ හර්කියුලේනියම් නගරයේ කැටයම් සහ චිත්‍ර ආදිය නේප්ල්ස් හි කෞතුකාගාරයෙන් නරඹන්නට හැකියි. රෝමයේ මෙම කාලයේ ලිංගික ක්‍රියා ප්‍රසිද්ධියේ දැක්වුවත් පසු කලෙක ඔවුන්ද ලිංගික ක්‍රියා නිරූපණය කිරීම එතරම් හොඳ දෙයක් විදිහට දැකලා නැහැ. 

 

7. වීර පිරිමින්ට තිබුණු ඉල්ලුම 

ග්ලැඩියේටර්වරුන්ට ශිල්ප පෙන්වීම පිණිස එකල විශාල ආගාර තිබුණු බවට සාධක තිබෙනවා. එසේම එකල ඒ සූර වීර ග්ලැඩියේටර්වරුන් තරඟ වලින් ජයගත් පසු හුදෙක් කුසලාන ත්‍යාග පමණක් නොව ඒ වීරවරුන් හා සයනයේ සුව විඳින්නට කැමති රෝමානු යොවුන් යුවතියන්ද සිටි බවට ඉතිහාසඥයින් මත පළ කරනවා. ඒ අනුව කාන්තාවන් පමණක් නොව පොම්පෙයි නගරයේ පුරුෂයින්ටද හොඳ ඉල්ලුමක් තිබුණු බවට සඳහන් වෙනවා. මේ ග්ලැඩියේටර්වරුන්ද ලිංගිකව හැසිරෙන දසුන් සහිත චිත්‍ර සහ කැටයම් ආදිය පොම්පෙයි වලින් සුලභව හමු වී තිබෙනවා. 

 

ලිංගික දසුන් ඇතුළත් මේ පුරාණ පොම්පෙයි දැන් කාලේ පියවි ඇසට ග්‍රහණය කරගන්න අමාරුයි. හැම කාලෙම වගේ පොම්පෙයි නටබුන් බලන්නට පෝලිම් තියෙනවා. ඇතැම් කලා නිර්මාණ ඉතාලි කෞතුකාගාර වල තිබුණත් ඒ සෑම නිර්මාණයක්ම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරලා නැහැ. ලිංගිකත්වය ගැන වඩාත් විවෘතව නිරූපණය කල එකල පොම්පෙයි නගරය අඩු වශයෙන් යූ ටියුබ් හරහා හෝ වරක් දැකබලාගන්නට වටින කලා නිර්මාණ ගොඩක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *